Saturday, September 20, 2014

අන්ධකාර තාරකාව .......


සුසුමක දියවුණ කදුළු බිඳුව.....
සුපසන්ව නොදිලුණු තරුවක රඳවන්න 
මං පැතුවා..... අදුරු ලොවකට සහන් එලියක්ව 
වෙතැයි ..... පහන් තාරකාවක්.......මං නුඹට 

උනා අත්වැටක් ජිවිත තරණයට....
කිසිවක් නොඉල්ලාම.......
නුඹ ලගින් සිටියා....හද බැතිව..... බැතිබරව......
පිළිවෙත්..... නිබඳ  නුඹ වෙනුවෙන් සිත දරා.....

දුක අබියස සතුට ..... තිලින කරමින්.....
ආදරය කප්පරක් ඇතිරුවා.......
ගිනියම්ව වියරු වැටෙන විට.......
සිසිලසක්ව...... සෙවන  මං නුඹට.....
නිරතුරුව.... සාදමින් ..... අඳ දෑස අබියස 
කන වැලද අල්ලමින්...... මං නුඹව සසර පුරා 
ඇවිද්දනවා ...... අනේ..... සත්තයි..... 

නුඹේ ලෝකයට මං පෙත් විවර කරන්න ....
මං මගේ ලෝකයම කැපකෙරුවා........
ඒත්...... මං ඉල්ලුවේ නුඹෙන්.....
මට මගේ ජීවිතය පමණයි........

නොපෙනෙන ඉමක නිවී නිවී දැල්වෙන 
ඈතයි.....කියල සිතෙන අපේ ලොව 
මන්දාකිණියෙනුත්......... එහායි තියෙන්නේ කියල.......
මට හැමෝම කිව්ව.......


16 comments:

  1. බොහොම හිතට සමීප අත්දැකීමක්..

    ලස්සන නිර්මානයක්...

    ReplyDelete
    Replies
    1. දෙයියෝ...... මං හිතුව ..... මේ දේවල් දැනෙන්නේ මට විතරද කියල......හැම අත්දැකීමක්ම මනුෂ්‍යත්වයට පොදුයි නේද......?

      Delete
  2. ම්ම්ම්ම්......පෙර සිතිවිල්ල වගේම ...මෙයත් උපරිම.........
    දෙදෙනෙක් එකට කෙසේ බැදී සිටියද.......සමහර විට සුළු අතපසු වීමක් වුවොත් ගොඩක් දුරට යනව.....සිතිවිලි.......
    නමුත්....අවබෝධ කරගත් දෙහදකට......නම් එය ...සුළු කාලයකට පමණි.......

    ReplyDelete
    Replies
    1. ඔව්....... කෙන්ජි...... සිතුවිලි ලියවෙන්නේ ....... ජිවිත සැහැල්ලුව සොයන්න.....දැන්..... මං දන්නවා...... මේවා ජිවත් වීමේදී ඇතිවන පොදු ගැටළු බව.....
      අවබෝධය සහ සැබෑ ආදරය ඇති තෙක්....... ගැටළු තාවකාලිකයි.....

      Delete
    2. නොදැනෙන.....නොහදුන ....අයට .....සරලව පණිවිඩයක් දෙන එක ගැන තුති'''''''''''!
      සිතිවිලි වලින්..........
      කුරුටු ගෑ ගී..... ලත් දෙනව .....ලෙසටම......
      ඉඩ ලැබෙන විදියට ...අත්දැකීම් ලිපිත් ලියන්න බලන්න.......නිහිංසා....

      Delete
    3. ඔව්....කෙන්ජි තව කෙනෙකුගේ අත්දැකීම් අපිට ජිවත් වෙන්න පාර කියා දෙනවා. මං බොහෝ දේ ඉගෙන ගත්තේ හැගීමට වඩා අනිත් අය දිහා බලලා. ජිවිත උපේක්ෂාව අපට ලැබෙන්නේ ..... ජීවිතය විදින්න තරම් රස වින්දනයක් අප තුල තිබුනොත් විතරයි.....

      Delete
  3. මටත් හරිම සමීප අත්දැකීමක් වගේ . දැනෙන්න ලියලා තියෙනවා .

    ReplyDelete
    Replies
    1. කොයි තරම් වෙනස් ජිවිත අපට තිබුනත්..... ජිවිත සංවේදනා වලට මුහුණ දෙන්නේ..... සත්‍ය කරනා සමගයි වයලිනෝ.....
      ඒ හන්ද , මේ අත්දැකීම් විශ්වවාපි වෙනවා.

      Delete
  4. මන්දාකිණි මිලියන ගානක් තියෙනවා නිහිංසා..

    ReplyDelete
    Replies
    1. ඔව්....... මං ඉන්න මන්දකිනියෙන් එහා...... ලොවක් ගැන කිව්වේ. ඒ ලෝකේ අයිති මොන මන්දාකිනියටද කියල දන්නේ නැති නිසා ....... මෙතනින් එහා මට අනන්තයක් විතරයි......

      Delete
  5. මන්දාකිනියෙනුත්......... එහායි තියෙන්නේ කියල.......
    මට හැමෝම කිව්ව.......
    බයවෙන්න එපා ගුගල් මැප්ස් වලට ගියානම් හොයා ගත්තාකි

    ReplyDelete
    Replies
    1. අපේ ලෝකේ google maps වලට අහු වෙයිද....? මැලේ රාල...... අල්ලන්නත් බැරි අහු වෙන්නෙත් නැති ඉමකයි ඒක තියෙන්නේ....... දකින්න අමාරුයි මට තාමත්..... අපේ ලෝකේ....

      Delete
  6. ඉන්න අහක ඉදං එනව මනුස්සයො ...
    අපිට කවියක් ලියල යන්න...

    ජයවේවා

    ReplyDelete
  7. දකින්න අමාරු ලෝක බලන එක කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් පරිස්සමින් නිහිංසා, අතරමගක හිර උනොත් ආපහු එන්නත් බැරිවෙයි

    ReplyDelete
    Replies
    1. මං හිර වෙන්නේ නැ..... තනුජා...... ඒ මගේ ජිවිතේ...... ඒ ලෝකේ ගැන මං දකින එක කෝණයක් විතරයි.

      Delete