Sunday, September 28, 2014

සුනෝ ..... ආයේ එන්නෙ නෑ

        

     
           මං පුංචි කාලේ ඉදන් හැදී වැඩුනේ සැප සම්පත් මැද , අපේ පවුලේ අටදෙනෙක් සිටියා. අක්කා, අයියා, නංගිලා, මල්ලිලා, අපි හැමෝටම අම්මයි,තාත්තයි කිසි අඩුවක් කලේ නැ. ජිවිතේ දුකක් කියල දෙයක් දන්නෙත් නැ. තාත්තා ලොකු ව්‍යාපාරිකයෙක්, අම්මා අපිව බලාගෙන ගෙදර හිටිය, මමයි, අක්කයි, ඉස්කෝලේ ගියේ, අගනුවර ප්‍රසිද්ධ පාසලක, හොස්ටල් එකේ නතර වෙලා , තමයි ඉගෙන ගත්තේ . 
අපේ ගම දකුණේ, ප්‍රසිද්ධ නගරයක්. විදේශිකයන් බැලූ, බැලූ අත සැරිසරනවා . හැම වෙලේම ඇස ගැටෙන්නේ, ඔවුන්ගේ  අපුරු දර්ශන .... 
          අපි හොද ඉස්කෝලෙක ගියාට අපි දෙන්නටම ඒ තරම් ඉගෙන ගන්න බැ. උනන්දුවක් තිබුනෙත් නැ. අම්මල අපි ඉගෙන ගන්නවද කියල බැලුවෙත් නැ. කොහොමින් හරි, සාමාන්‍ය පෙළ අසමත් වෙලා අපි ගෙදර නතර උනා. කවුරුවත් අපිට බැන්නෙත් නැ. ඒ කාලේ හැටියට අපේ පැත්තේ , සල්ලි තියන පවුල් වල ළමයි, ඉහලට ඉගෙන ගත්තේ නැ.කරුමෙටද මන්දා කාටවත් ඉගෙන ගන්න දක්ෂතාවයක් තිබුනෙත් නැ . මොනවා උනත් ඉංග්‍රීසි ටිකක් නම් අපිට ඉතුරු උනා. 
               අනෙක් නංගිලා පොඩියි. අයියයි, මල්ලිලාටයි උනෙත් ඒ ටිකමයි. ඒ ගොල්ලන්ටත් තාත්තා ඕන තරම් සල්ලි දුන්නා. ඒ හින්ද එයාලත් එතරම් අද්‍යපනයක් ලැබුවේ  නැ. අන්තිමට මල්ලිලා නම් තාත්තගේ වෙළද ව්‍යාපාරයට එකතු උනා. 
         සල්ලි අත ගාල පුරුදු  එයාල, හම්බ කරනවට වඩා කරේ වියදම් කරන එක. තාත්තත් කඩේ ඒ ගොල්ලන්ටම බාර දීල, ගෙදර නැවතුනේ විවේක ගන්න. පුතාල හොදින් ව්‍යාපාරේ කරනවා ඇතැයි සිතා, ඒ පැත්තවත් බැලුවේ නැ, අම්මටත් ගානක් උනේ නැ. හැමදේම අඩුවක් නැතිව ගෙදරටම ලැබුන, අම්මට කොහොමත් ඕව තේරෙන්නෙත් නැ. 
       අපි පාරට අවොත් හැම වෙලේම දකින්නේ විදේශිකයෝ කියල මං මුලින්ම ඔයාලට කිව්වනේ. ඔන්න අපේ නංගි සුද්දෙක් එක්ක යාළුවෙලා. ජර්මන් කාරයෙක්ලු , නංගි ලස්සනයි. වයස 22ක් විතර, ඒ මනුස්සය ගෙදරට ඇවිත් කතා බහ කරලා නංගිව කසාද බැන්ද. ටික දවසකින් ජර්මනියට එක්කන් ගියා. සුද්දෙක් බදින එක අපේ අපේ පැත්තේ සාමාන්‍ය සිදුවීමක් නිසා, කාටවත් ඒ ගැන ගානක් නැ. ඒ ගොල්ලන් නම් දැන් බොහොම හොදින් ඉන්නවා. ළමයි දෙන්නෙක් එක්ක , ළමයිනුත් දැන් ලොකුයි. 
       එන්න ... එන්නම අපේ ව්‍යාපාරේ වැටුනා. වියදම් මිසක් අදායමක් නැ. වරද මල්ලිලාගේ. තාත්තත් දැන් වයසයි. මේවට මහන්සි වෙන්නත් අමාරුයි. මල්ලිලා අන්තිමට ව්‍යාපාරය වහල දැම්මා. ව්‍යාපාරය කිව්වේ, අපට තිබුනේ හෝටලයක් සහ  වයින් ස්ටෝර්ස් එකක්, ඒකෙ බලපත්‍රයත් කැන්සල් උනා. අන්තිමට හැමෝම ගෙදර නතර උනා. ඉතුරු සල්ලි ටිකත් ටික ටික වියදම් උනා. ජර්මනියේ ඉන්න නංගි අපට ජිවත් වෙන්න සල්ලි එව්වා. ඒ හින්ද ලොකු මදි පාඩුවක් තිබුනෙත් නැ. 
        ඔහොම කල් යද්දී නංගිලා දෙන්නෙක්ගේ විවාහ කටයුතුත් සිදු උනා. මල්ලිලා දෙන්නත් බැන්ද, අනේ මමයි, අක්කයි, අයියයි , නංගියි , තමයි ගෙදර ඉතුරු උනේ.නංගි හොයන්නෙත් සුද්දෙක් බදින්න. එයා ලංකාවේ කෙනෙකුට කැමති නැ. ඒ උනාට තාම බැන්දෙත් නැ. අයියට බදින්න උවමනාවක් නැ. රස්සාවකුත් නැ. අක්කටයි, මටයි, කපුවො දම්මල හොයපු නැති දිහාවක් නැ. ඒත් ඉරනම්කාරය අහලකවත් නැ. 
      කාලෙත් එක්ක යන්තම් අවුරුදු පනහ පහුවෙද්දී අක්කා නම් බෙල්ජියම්කාරයෙක් බැන්ද, අක්කගේ වාසනාව. දැන් මං ගෙදර. අක්කත් යන්න ගියා. ඔය අතරේ අක්කා මට මනමාලයෙක් හෙව්වා. බෙල්ජියම් වලින්. මටත් දැන් පනහට ලගයි. තව හිටියොත් මාව අනාත  වෙනවා. තාත්තා ඒ වෙනකොටත් මිය ගිහින්, අම්මා එකතැන ආර්ථික ප්‍රශ්න වටේටම. ඉස්සර වගේ අපට සල්ලිත් නැ දැන්. කාටවත් රස්සා නැ. මොකද කරන්නේ ....... අක්කා හොයපු මනමාලයට කැමති වෙන එක විතරයි දැන් තියෙන්නේ . 
        මනමාලය ලංකාවට ආව.... මාව කසාද බැන්ද , එයා ආපහු ගියා. මාව ගෙන්න ගන්නවා කිව්ව. මාස තුනකින් මාත් බෙල්ජියමට ගියා. එයා  කලින් බැදලා දික්කසාද වෙච්ච්ච කෙනෙක්. රස්සාවෙනුත් විශ්‍රාම ගිහින්, එයා ඇත්තටම මට ආදරෙයි , ඒ වුනාට මාව ගෙන්නුවේ හැම අවුරුද්දටම මාස තුනයි, එයත් මාස තුනක් මෙහේ. මං කොච්චර කිව්වද මාව දිගටම එහේ තියා ගන්න කියල. විසා හදන්න එයාට සල්ලි නැ කිව්ව. මාව  ලංකාවේ ගෙයක් බද්දට අරන් ඉන්දුවා, ගෙට බඩු අරන් දුන්නා.එයා එනකන් මං තනියම හිටිය. අපි හැමදාම ස්කයිප් එකෙන් කතා කලා. මට මාසෙට හතලිස් දාහ ගානේ වියදමට එව්වා. 
     මං හිටියේ අවදානමක , එයාට අසනීප තිබුන. ප්‍රෙෂර් , කොලෙස්ටරෝල් තිබුන.  කොච්චර කිව්වද මට ගෙයක් අරන් දෙන්න කියල. මටම කියල , එයාට මොනවා හරි උනොත්, මට මොකද වෙන්නේ කියල හැම වෙලේම හිතුනා. ඔය විදියට අවුරුදු දොළහක්ම ගෙවුන. 
     දවසක් මං එයත් එක්ක ස්කයිප් එකේ කතා කර කර ඉන්න කොට එක පාරටම එයාගේ  , කැ ගැහිල්ලක් එක්ක ස්කයිප් එක නතර උනා. ඊට පස්සේ නම් එයා කවදාවත් මට කතා කලේ නැ. මං කීප සැරයක්ම එයාගේ ෆෝන් එකට ගත්තා, එයා කතා කරන්නේ නැ. අන්තිමට කලින් කසාදෙ පුතාට මං කතා කරලා කිව්ව, සුනෝ ගැන බලන්න කියල . .       සුනෝ මැරුන කියල. එයා මට කිව්ව. දවස් හතරකට පස්සේ ගෙදර තිබිල මිනිය හම්බ වෙලා තියෙන්නේ, පොලිසියට සැකයි කියල තාමත් පරික්ෂනලු. 
      මට සුනෝ බලන්න අන්තිම වතාවටවත් යන්න බැරි උනා. එයාගේ මරණයේ අවසන් කටයුතුත් කරලා. මට බිරිද විදියට කිසි දෙයක් කරන්න බැරි උනා. මං ඇඩුව. මගේ අසරණකම මතක් උනා. මට දැන් බෙල්ජියම් වලට යන්න සල්ලි නැ. සුනෝ එවපු හැම සතයක්ම මට වියදම් වෙලා. කීයක්වත් ඉතුරු කරල නැ. 
        එයා එවපු සල්ලි වලින් මං කලේ, කාපු බීපු එකයි , විසා හදා ගන්න දේවාල ගානේ ගිහින් බාර හාර වෙච්ච එකයි විතරයි .
         අක්කා මට සල්ලි එවන්නම් කිව්ව. මගේ උරුමයවත් ඉල්ලා ගන්න මට බෙල්ජියම් වලට යන්න වෙනවා. ඒවත් කොහොම ලැබේවිද දන්නේ නැ. 
           සුනෝ ආයේ එන්නේ නැ. මං තනි උනා. මට ආපහු ගෙදර යන්න බැ. ජිවත් වෙන්න ක්‍රමයකුත් නැ. සල්ලි ගොඩක් එක්ක , සැප සම්පත් පැතුව මට වෙච්ච දේ ...... 
        මට වෙච්ච දේ  ..... මේ ලංකාවේ කාටවත් වෙන්න එපා කියල මං කියන්නේ , මගේ කතාව ඔයාලට දැන ගන්නයි. 


අසුව දශකයේ සිට මේ දක්වා විකාශනය වූ සත්‍ය කතාවකි , ඇගේ අනාගතය  කෙබදු ලෙස ගත වේදැයි, අවිනිශ්චිතය. මේ.....  මා දුටු හා ඇ  පැවසු ඇගේම කතාවයි......


20 comments:

  1. Replies
    1. දුර දිග නොබලා ජීවිතේ එක්ක සෙල්ලම් කරන කොට ඔය වගේ විපාක ලබන්න ලෑස්ති වෙන්න ඕනා...

      සිද්දිය ශෝකාන්තයක් වුනත් හේතුව බොහොම පැහැදිලියි..

      Delete
    2. මෙවැනි විවාහ වෙරළබඩ ප්‍රදේශ වල සාමාන්‍ය දෙයක්. දෙයියෝ..... හැබැයි ශෝකාන්තයක් උන මං දන්නා පලවෙනි එක මේ..... මේ කාන්තාවට නරක චරිතයකුත් නැ.

      Delete
  2. විභීෂණ හරි... කවුරු වුණත් දුර දිග නොබලා වැඩ කරාම ඔහොම තමා.. වර්තමානය වගේම අනාගතේ ගැනත් අපි නිතරම බලන්න ඕනෑ...

    ReplyDelete
    Replies
    1. මේ ගොල්ලන් සල්ලි නිසා අනාගතය දිහා බලල නැ. වැරදුනාම ..... ආයේ ඇපත් නැතුවයි වරදින්නේ.

      Delete
  3. ඕකට තමයි ඉරණම කියන්නේ ...........
    මම බැළුවා අවුරුදු පනහටත් වැඩි කෙනෙක් ලියන බෝගක්ද අපිමේ බලන්නේ කියලා ....... අන්තිමටනේ දැක්කේ වෙන කෙනෙක්ගේ කතාවක් කියලා

    ReplyDelete
    Replies
    1. කතාව නම් වෙන කෙනෙක්ගේ තමයි...... ඒත්...... මැලේ රාල මං අවුරුදු පනහක් වෙනකොටත් මේ බොග ලියාවි ...... එතකොට බලන්නේ නැද්ද....?
      වයසයි.... ලියවිල්ලයි අතර තියන ඔයාල හොයන සම්බන්ධය මොකද්ද අනේ.....

      Delete
  4. ඒ පැත්තේ අයට ඕවා සාමාන්‍ය දේවල්.. කොහොම හරි බලන්න තියෙන්නේ උරුමයවත් ලබාගන්න..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඔව්..... උරුමය ලබන්න නැවත බෙල්ජියමට යන්න වෙනවා. තාම යා ගන්න බැරුව ඉන්නේ.....කොයි තරම් සාමාන්‍ය සිදුවීමක් උනත් මේ විවාහ..... මෙයා දැන් ඉන්නේ හොද මානසික තත්වයකින් නෙමේ.සි.ජේ,

      Delete
  5. මේක ඒ පැත්තේ සාමන්‍ය කතාවක්.. දෛවය කියන දේ කාටවත් වෙනස් කරන්න බෑ..

    ReplyDelete
    Replies
    1. ඔව්..... මාතලන් අයියේ.....මේ මොනදේ උනත් හෙටත්...... මේ පැත්තේ ගැහැණු ළමයි විදේශිකයන් හා විවාහ වෙනවා..

      Delete
  6. මාතා කිව්ව වගේ ඉතා සාමාන්‍ය කතාවක්. හැබැයි වීසා ගන්න දේවාල ගානේ ගියා කියන එක අප්‍රබංසයක්

    ReplyDelete
  7. හිටියට සිහියකින් හිටපු කෙනෙකුගේ කතාවක් නම් නෙවෙයි මේක, හොඳයි, තවත් කතන්දරයක්. මටත් දේශක අයියා කීවා වගේ අර කොටස අප්‍රබංසයක්

    ReplyDelete
    Replies
    1. දේශකතුමාටයි .... සොමියටයි.... මේ කියන්නේ දේවාල ගානේ විසා හදා ගන්න ගියේ ඇයිද දන්නවද...... මේ සුද්දගේ හිත වෙනස් කරන්න බාර හාර වෙන්න. පුජා තියන්න. මතුරලා දෙන්න ඒ වගේ දේවල් වලට ගියේ....
      නැත්නම් හැම අවුරුද්දටම මාස තුනයිනේ ඉන්න වෙන්නේ. මෙයාට ඕන උනා. එහේ සිටිසන් හදා ගන්න. සිටිසන් නැති නිසානේ දැන්..... උරුම දේවල් වලටත් ප්‍රශ්න උනේ.
      වෙලාවකට මටත් හිතුනා සිහිය පිළිබද ප්‍රශ්නයකුත් ඇති , කියල, මොකද..... වෙලාවකට වැඩ කරන විදියත් අසාමාන්‍යයි.
      මෙයාට දැන් ගෙදර අයත් එක්කත් තරහ යනවා.

      Delete
  8. සහජයෙන්ම විචාර බුද්ධියෙන් තොර කාන්තාවක් බව පෙනෙනවා. ලංකාවේ බටහිර වෙරළ තීරයේ සංචාරය සඳහා එන, විදේශීය සංචාරකයන් හා සම්බන්ධවන ව්‍යාපාරවල සිටින අය, මෙවැනි අවස්ථාවලට මැදිවූ මෙවැනිම කතා, තවත් කීපයක් මා අසා තිබෙනවා. ඉතාම කනගාටුදායක තත්වය වන්නේ, මේ කතා කිසිවකින් හෝ පාඩම නොඉගෙන, දිගටම මෙවැනි ක්‍රියාවල ගැලීමයි.

    ReplyDelete
    Replies
    1. ඔව්.....විචාරකතුම්නි...... විචාරක බුද්ධිය බින්දුවයි. මුල ඉදන්ම ඔහේ ජිවත් උනා පමණයි. හොද අද්‍යපනයක් නැ. හැබැයි , මෙයාට නරක චරිතයක් නොමැති එක ලොකු දෙයක්. , ඇය නැවතත් විවාහ වන්නත් කැමතියි. හැබැයි සුද්දෙක්.....

      Delete
  9. හොඳ සිහියෙන් නෙවේද කොහෙද ජීවත් වෙලා තියෙන්නෙ... ඉරණම තමා.

    ReplyDelete
    Replies
    1. මේ තත්වය මෙයාගේ පවුල් පසුබිම තුල තිබුන දෙයක්. සිහිය කෙසේ වෙතත් ... මේ ගෙදර අනිත් අයත් මේ විදියට තමයි...... සිතන්නේ, පතන්නේ. ගෙදර හැමෝම මේ ඉරණමට ක්‍රම ක්‍රමයෙන් ගොදුරු වෙනවා.

      Delete
  10. නොදන්නා දෙවියන්ට වඩා දන්නා යකා හොඳයි කියලා තේරුම් ගන්න හොඳ උදාහරණයක් මේක . එල එල . කතාව මරු . කතාව මැද හරියක් කියෝගෙන එනකොට මම කියන්න හිතාගෙන හිටියේ කවුරුත් නැත්නම් මම එයාව බෙල්ජියමට එක්ක යන්නම් කියලා . හඃ හඃ හඃ

    ReplyDelete
    Replies
    1. ඔයාට නම් එයා අකමැති වෙයි වයලිනෝ...... එයා හොයන්නේ තවත් සුද්දෙක්.

      Delete