Friday, September 12, 2014

ආදරයට ලද තිළිණය

        
    පැරා ඔලිම්පික් ධාවන ක්‍රීඩක ඔස්කා පිස්ටෝරියස් , මෙයට වසර දෙකකට උඩදී, අත්වැරදීමකින් තම පෙම්වතියට , පෙම්වතුන්ගේ දිනයේදී වෙඩි තබා මරා දමා ඇත. සිද්දිය සිදුවුයේ දකුණු අප්‍රිකාවේ සිල්වටු ප්‍රාන්තයේ , වික්ටෝරියා නගරයේ තම අධි සුඛෝපභෝගී නිවසේදීයි.


            තම පෙම්වතා පුදුම කිරීමට , ඇය පෙම්වතුන්ගේ දිනයේ උදේ පාන්දරම , අනවසරයෙන් ඔස්කාගේ නිවසට ඇතුළු වී ඇත. හදිසියේ කලබල වූ ඔස්කා , වහා  ක්‍රියාත්මක වී , පිට පිට වෙඩි ප්‍රහාර හතරක් තැබීමෙන්, ඇය එතනම මිය යන ලදී. පසුව , එසේ පැමිණ ඇත්තේ ,තම පෙම්වතිය බව හදුනා ගැනීමෙන් පසු ඔහු දැඩි ලෙස කම්පාවට පත්විය.



            අප තවකෙකු පුදුම කරන්නට කරන ලද යම් යම් ක්‍රියාකාරකම් වල අවදානමක් පවතින බව සිතිය යුතුය. එවැනි යමක් කරන්නට පෙර පවතින තත්වය සැලකිල්ලට ගත යුතුය. සිදුවන අත්වැරදීම් කවදාවත් නිවැරදි කල නොහැක. පුදුමයන් පසුපස සැමවිටම අවදානමක් ඇත.



       ඉහත සිද්දිය දෙස බැලීමේදී තේරුම් යන්නේ , හැගීම්බර වූ අවස්ථාවන් , අප බොහෝ විට දුකට පත් කරන්නට හේතුවක් වන බවය. ආදරය සමරන්න හා වැඩි ආදරයක් ලබන්න කැමති වූ ඇයට, වන්දි ගෙවන්න සිදුවුයේ ජීවිතය පිදිමෙනි.

      නොසිතු ලෙස තම පෙම්වතිය , තමන් අතින් මරා දමන්න තරම් ඔහුගේ ඉරණම සකස් වුයේ , ආදරය නොහදුනන අයකු නිසා නොව, අදෘශ්‍යමානව , සියල්ල විනාශ කිරීමට ඔහු පෙළඹු හේතුවක් උදා වූ  නිසාවෙනි . සියතින්  සිය ආදරය විනාශ කර දැමීමට  ඔහුට සිදු විය. .... ඔහු බොහෝ සෙයින් වැලපින. ඒත් සිදු වූ සියල්ල සිදු වී අවසානය. ඇය මිය ගොසින්ය.



        වසර දෙකකට අසන්න කාලයක් දකුණු අප්‍රිකානු උසාවියක. මේ මිනීමැරුම් නඩුව විභාග විය. සාක්කි සියල්ල ගැඹුරින් සලකා බැලින. අවසන , තීන්දු වුයේ මෙය සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් බවයි. ඇසින් දුටු සාක්ෂි කිසිත් නැත , ඝාතන සැලැස්මක් තිබු බවට කරුණු අනාවරණය වුයේද නැත. 

      එහෙත් දකුණු අප්‍රිකානු මාද්‍ය මගින් මෙම නඩුව සදහා දැඩි බලපෑම් එල්ල කල  බව විනිසුරුවරයා පවසන ලදී . ඔස්කා ප්‍රසිද්ධ පුද්ගලයකු බැවින්, මේ නඩුව වඩාත් තිවර හා ප්‍රසිද්ධ එකක් බවට පත්විය. ඔහුට දඩුවම් දෙන්නයි මාද්‍ය පුන පුනා පැවසුවද..... නිතිය සියල්ල විසදුවේය. 

     එහෙත් ඔහු සදාකල්හිම එම අත්වැරැද්ද සදහා වේදනා විදි , හදවත ඇයට අත් වූ ඉරණම සාධාරණිය කරන්නේ නැත. ඔහු පාද අහිමි වූ අබාධියෙකි. සිය ජීවිතය විර්යෙන් ජය ගත්තද , ස්වභාව ධර්මය ඔහුට නැවතත් අකාරුණික විය. හෙට දින ඔහුගේ ඉරණම කෙබදු වේද යන්නත්.... මේ ප්‍රබල වූ මාද්‍ය හරහා දැන ගැනීමට , අප පෙළ ගැසී සිටින්නෙමු ......

පසු සටහන

            මෙය ඔස්කා පිස්ටෝරියස්ගේ නඩු තීන්දුවට පෙර දින ගොනු කරනු ලැබූ සටහනක් බව සලකන්න. ඒ වන විට සම්පුර්ණ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර නැත. විනිසුරුවරයාගේ පැහැදිලි කිරීම් වලට අනුව, හා මාගේ මතයට අනුව ලියන ලදී.
           අද වන විට සම්පුර්ණ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත. එහිදී ඔහු වරදකරු වූ චෝදනා වලට පමණක් දඩුවම් නියම කර ඇත. තව දුරටත් ඔහු නිවැරදිභාවය ලබා ගැනීම සදහා ඇපැලක්  යොමු කර ඇත. 

14 comments:

  1. උසාවියක තීන්දු තීරණ වලට බලපෑම් කරන්න තරම් මාධ්‍ය ලොක්කොත් එක්ක මාධ්‍ය ජාල බලවත් වෙලා.

    ReplyDelete
    Replies
    1. ඔව්..... සොමි...... මෙහිදී සැකකරුවන්ගේ ආත්ම ගරුත්වය නැති කරන්නේ මේ මාද්‍ය.... ආයේ කවදාවත් නිවරදිකරුවෙක් විදියට සමාජයට එන්න ඉඩ දෙන්නේ නැ.

      Delete
  2. මාධ්‍ය මොන සෙද්ද කීවත් නීතියට පුලුවන්නං කොන්ද කෙලිං වැඩ කරන්න ආයෙ මොනවද..
    මට මතකයි මේක වෙච්ච දවස් වල පත්තර පිරිල තිබ්බ හැටි

    ReplyDelete
    Replies
    1. ඔව්...... මහේෂ්.....ඔස්කා සම්පුර්ණයෙන්ම මිනිමරුවෙක් කරලා තිබුනේ...... ඒත් ඒ කිසිවක් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නැ. මේක අත් වැරද්දක් බව නිතිය ඉදිරියේ ඔප්පු වී අවසානයි.

      Delete
  3. මේ රටවල හොර හතුරන් වැඩියි. එවැනි අපරාධත් වැඩියි. මිනීමරුම්, සන්නද්ධ කොල්ලකෑම්, වැඩියි. ඉතිං හැම මිනිහාම ගිනි අවි පාවිච්චි කරනවා. හැම වෙලාවේම ඉන්නේ බයෙන්. කොයි මොහොතේ තම ජීවිතයට හානියක් වෙයිද කියලා සැකයෙන් ඉන්නේ. ඒ නිසා තමයි මේ සිද්ධිය වුණේ.

    භය නැති කරන්නේ කොහොමද කියලා අපි අපිම තමයි ක්‍රියාකරන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්.... විචාරකතුමනි..... තුන්වන ලෝකයේ රටක සල්ලිකාරයෙක් හැම වෙලේම ඉන්නේ බයෙන්.... එකට විසදුමක් ලෙස රජය ගිනි අවි භාවිතය සදහා , සිමා සහිත ඉඩක් ලබාදී තිබෙනවා. මෙතන තිබුන එකම වරද ඔස්කාගේ දුර්වලකම .... අනතුරක් වලක්වා නොගැනීම. මේක අහඹු සිදුවීමක් නිසා, ඔහු තැති ගැනීමකට ලක්වෙලා......මේ අනතුර සිද්ද වෙලා.... .....

      Delete
  4. නිහිංසා මේ සිඳුවීම විස්තර කර තිබෙන ආකාරය සම්පූර්ණයෙන්ම වැරදියි. නිවැරදි තොරතුරු සොයාගෙන කියවන්න. මෙම නඩුව මුළු ළෝකයේම අවධානය දිණූ නඩුවක් වූයේ එය සජීවීව විකාෂනය කල හින්දා..

    ReplyDelete
    Replies
    1. මාතලන් අයියේ...... මාද්‍යට අනුව ඔය තොරතුරු ප්‍රචාරය උනා, මාත් ඒවා, දැන් අවුරුදු දෙකක් තිස්සේ දැක්ක. .... ඒත් විනිසුරුවරයා .... යමක් ප්‍රකාශ කලා නම් ඒ රටේ නීතියට අනුව අපි එය පිළිගන්න වෙනවා. නමුත් ඒ විනිසුරුවරයාගේ ප්‍රකාශයට අනුව. තමයි , මේ සටහන සකස් කලේ.
      තව දෙයක්, මේ සටහනේ මුල් කොටස , මා ලිව්වේ මරණය සිදු වූ දින වල, .... පසු කොටස විනිසුරුවරයාගේ ප්‍රකාශයෙන් පසුව. ලියන ලද්දක්......
      මුල ලිය වෙච්ච ආකාරය අනුව , ඔබට පැහැදිලි වෙයි..... මාත් සිතුවේ..... ඔහු මෙය කරන්න ඇතියි ... කියල. පසුව ඊයේ වන විට ... ඒ ප්‍රකාශය ඇසුවට පසු මගේ අදහස වෙනස් කලා.

      Delete
    2. ඒක නෙමෙයි, මෙයා රෑ ගෙදරට ඇවිත් නෑ. එදා දවසෙම එකට ඉඳලා එකට නිදාගෙන තියෙන්නේ. ඒ කොටස සම්පූර්ණයෙන්ම වැරදියි.

      Delete
  5. මටත් කියන්න තියෙන්නේ ඒකම තමයි , එලව එලවා වෙඩි තැබීමක් , ඉදිරියෙන් සහ පසු පසින් වැදුන වෙඩි පහර , ලේ තැවරුන බැට් , පොර බැදීම් , තැලිම් තුවාල , නානකාමරයට ඇතුලු වී දොර වසාගැනීම් එක්ක ................අදුරගන්න බැරුව වෙහතරක් තියපු එක විහිලුවක් .................දකුණු අප්‍රිකානුවන්ට මිල කල නොහැකි සම්පතක් ..................

    ReplyDelete
    Replies
    1. අටම්.....මං ඒ සිද්දියට අනුව චායාරුප දැක්ක. ඔබට අනුව එය හරි..... බලු බැල්මට ඇත්ත. ඒත්, නඩුව විශ්ලේෂණය කල ආකාරය අනුවයි..... සටහන අවසානය ලියවුනේ.....
      ඔයාට අනුව ඔස්කා අප්‍රිකාවට සම්පතක් වීමද..... මේ තීන්දුවට මුල..... මං හිතන්නේ නැ. ඔස්කට ආයෙත් දුවන්න බැ..... මං ඒකත් ලියල ඇති..... කුමන වරදක් ... නොදැන සිදු උනත් තම හදවතින් ගැලවෙන්න බැ.....ඔහුට දැන් දුවන්න හයිය නැ.....

      Delete
    2. අටම්..... මුල් සටහන ඔයාට බලන්න පුළුවන්.....තවමත්...... එය ඒ විදියටම තියනවා. එතකොට මං හිටියේ අද ඔයා ඉන්න තැන.

      Delete
    3. ඒක වැරදීමක් නෙමෙයි , තරහට කල වෙඩි තැබීමක් , කලින් දවසේ රැ දෙන්නා රංඩු වෙනව ඇහුනයි කියලත් සාක්කි තිබුනා මතකද ,

      ඒවා සියල්ල පැත්තකට දාල සැකකාරයාගේ ප්‍රකාශය මූලික කරගන දුන්න තීන්දුවක් මේක

      Delete
    4. මෙතැනදී...... කොහොමද අපි විශ්වාශ කරන්නේ ....?ඇත්තම සිද්දිය ....පළමු සටහන ලිව්වේ , මං සිද්දිය වාර්තා වූ වහාම ඒ ලැබිච්ච කරුණු වලට අනුව. ඒත් නඩුව විභාග වන අවස්ථාවේ ඔය කරුනුත් පන නැංගා..... ඒත්..... ඒවා ඔප්පු කල යුතුයි.... සත්‍ය බවට ...ඒ සදහා....
      පරිවෙෂණ සාක්ෂි
      නඩු භාණ්ඩ
      DNA පරීක්ෂණ
      වලට යා හැකියි....අවසන
      මානසික අංගය හා සමාජීය අංගය මරණය සදහා ඔප්පු කල යුතුයි....ඒවා ඉදිරිපත් කරන්න ඕන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් හා පොලිසියෙන්, සොයා ගන්න ලද කාරණා මත.
      මෙපමණ සාක්ෂි ඉදිරිපත් කල හැකිව තිබියදී, විනුසුරුවරයා කොහොමද .... ප්‍රබල සාක්ෂි නොසලකා හරින්නේ?
      මට ඇති ගැටලුව මේකයි.....
      අනෙක විනුසුරුවරයා ඇයි ප්‍රසිද්ධියේම ,,, මේ මරණයේ කාරණා පිළිබද මාද්‍යට දොස් කියන්නේ?
      මේ සියල්ල අවසන් වූ පසු , නැවතත් මේ තීන්දුවට විරුද්ධව ...පිඩිත පාර්ශවය වෙනුවෙන් ඇපිල් කල හැකියි . එතැනදී නැවතත්, නඩුව විමර්ශනයට ලක් වෙනවා.. අසාධාරණ නඩු තීන්දුවක් නම්, එතැනදී මෙය වෙනස් විය හැකියි.
      ලෝක ප්‍රසිද්ධ නඩුවකදී..... විශේෂයෙන් විනිසුරුවරයා සැලකිලිමත්.
      ඉතින්..... අපි ඉස්සරහට බලමු..... නැවතත්..... ඒ නඩුව යන ආකාරය..... මොකද මේක ලෝක ප්‍රසිද්ධ නඩු ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක්.....
      මේ ආකාරයේ නඩු තීන්දු දෙකක් මං ලංකාවෙත් දුටුවා, එකක් රමණි බර්තොලමියුස් නඩුව, අනික ඉතා මෑතකදී අවසන් වූ ආන්දෝලාත්මක නඩුවක්.

      මටත් මගේ දැනුම ගොඩ නගා ගත හැක්කේ.මෙවැනි තර්ක තුලින් හා ගැටළු සහගත තත්වයන් තුලින් බව මං කියනවා, මාතලන් අයියටත් අටම්ටත්.....
      තවත් වෙනස් වූ මත ඉදිරිපත් වනවා නම් මං කැමතියි.....මගේ අපරාධ විද්‍යාත්මක දැනුම පුළුල් කර ගන්න.

      Delete