Wednesday, October 1, 2014

සීසර් කපිල

         
        මේක වෙලා නම් දැනට අවුරුදු දහතුනක් වත් ඇති.... මගේ මතකයේ විදියට , ත්‍රාසජනක අත්දැකීම් වලටත් අපට අහම්බෙන් මුණ දෙන්න වෙනවා කියන එක තමයි මම මේ සිද්දියෙන් තේරුම් ගත්තේ. සමහර අයගේ නොසැලකිල්ලෙන් හා වරදින් එදා අපි කට්ටියම මේ දේට  මුණ දෙන්න උනා. අපි ඉදහිට හමු උනාම තාමත් මේ සිද්දිය ගැන මතක් කරනවා. මොකද දැන් අපි විසිරිලා, සමහරු මිය ගිහින්, තවත් අය විශ්‍රාම ගිහින්. ඒ මොනවා උනත් මේක නම් මගේ මතකයේ හැමදාම තියේවි. 
         දවසක් අපි සහෝදර නිලධාරිනියකගේ පියාගේ අවමගුල් උත්සවයට යන්න ලේස්ති උනා. මල ගෙදර තිබුනේ බදුල්ලේ. උදේ ගිහින් හවස එන්න පුළුවන්. ඉතින්, අපේ ආයතනයේ මල ගෙදරට සභාගි වෙන්න කැමති උන අය ගමනට ලේස්ති උනා. මරණාධාර සංගමයෙන් අවශ්‍ය ප්‍රතිපාදන ලබා දුන්නා, යන්න වාහන ගාස්තු, ගෙනියන ද්‍රවය සදහා හොද ආධාරයක් ලැබුන. 
       මතක විදියට පහලවක් විස්සක් යන්න හිටියා.මාත් එක්ක කාන්තාවෝ දෙන්නයි. අනෙක් පිරිමි අය. උදව්වට වගේ අඩු මුදලට තවත් නිලධාරියෙක් එයාගේ හයියස් වාහනය දෙන්න කැමති උනා. හැබැයි එයත් ගමනට සභාගි උනා. මේ වාහනය නම් දවස් ගානක් තිස්සේ අපේ ආයතනයේම තමයි තිබිල තියෙන්නෙත්. යන්න ලේස්ති උන අනෙක් අය නම් ...... නම් දරාපු සමාජ සේවකයෝ, ඒ වගේම නම් තියාපු , වැඩකාරයෝ ටිකකුත් මෙතන හිටියා. වයසට ගිය අහින්සකයෝ දෙතුන් දෙනෙකුත් හිටියා. 
           ඔන්න ගමන ආරම්භ කරලා හම්බන්තොට හරහා වැල්ලවාය දක්වා වැන් රථය ගමන් කරා. රථය තුල බිස්කට්, සිනි තේකොල, ඉඩ මදි අයට සක්ක ගහන්න පොඩි බංකු  පුටු දෙකක් එහෙමත් තිබුන. යන්නේ මලගෙදරකට උනත් ගමන පටන් ගන්නේ අපි හොදටම හිනා වෙලා, එක එක්කෙනාට ඇනුම් පද කියල, උසුළු විසුළු කරලා එහෙමනේ. කාටවත් අඩන මුහුණු තිබුනේ නැ, ඒවා ඔක්කොම දාගන්නේ මල ගෙදරට බහින වෙලාවට. 
         ලුණුගම්වෙහෙර පහුවෙලා ..... තණමල්විල කඩපිලත් පහුකරලා වාහනය ඇතට ඉගිල්ලුනේ සතුටු සිතින් කියල කියන්න පුළුවන්, මොකද කාලෙකට පස්සෙනේ මේ වගේ ගමනක් හරි නිදහසේ යන්න මේ එකතු වෙලා තියෙන්නේ. නිදහසේ ගමන් ඇරඹු අපේ වාහනය පසු කරලා එක පාරටම යෝද  ටිපර් එකක් පාර හරස් කරලා නතර කලේ, විදුලි වේගෙන්, අපි ඔක්කොම අන්දුන් කුන්දුන් වෙලා හිටියේ, මොකද්ද මේ බාධාව කියල හිතා ගන්න බැරුව. 
          එක පාරටම ටිපර් එකෙන් බැහැල ආවේ. දෙකයි හතරේ දඩු පොලු රැගත් සද්ධන්ත පොරවල් හතරක්. ඉස්සෙල්ලම  ඩ්‍රයිවර් සිට් එකේ උන්නු අපේ සහෝදරයා ඇදලා , බිමට දැම්මා. යතුර වාහනයේ තිබිලම ගලව ගත්තා. අනිත් අය අර ගෙනාපු දඩු පොලු වලින් වැන් එකේ වීදුරුවලට පහර දුන්නේ අපිව මරන්න වගේ. බයෙන් බිරාන්ත වෙලා වටපිට බලද්දී දැක්කේ, අපේ අය අර කට්ටියත් එක්ක ගහ ගන්න හැටි. හරියට හින්දි ෆිල්ම් එකක් වගේ. මං මිට කලින් කවුරුවත් හැබැහින් ගහගන්නවා දැකල නැ. අනේ අපි දෙන්න පැහැර ගන්නද දන්නේ නැ , මේ අය ආවේ කියලත් හිතුන. මොකද ඒ කාලේ ඒ පැත්ත ...... ඒ දේවල් වලට නම් දැරුවනේ. කට ඇරන්, ඇස් ලොකු කරන් වැඩි වෙලා බලන් ඉන්න උනේ නැ. වැන් එක අයිනෙන් ආපු එක පොරක්....එකපාරටම කැ ගහන්න ගත්තා.
 ........ බැහැපල්ලා වාහනෙන් අපි උඹලට මොකුත් කරන්නේ නැ...... කියල ගුගුරන්න ගත්තා. 
        ඒ වෙනකොට විදුරු කටු අපේ ඇදුන් වලයි ඇගෙයි......  දඩබඩ   ගාල අපි දෙන්න වාහනයෙන් බැස්සා. බහින කොටත් තව ගහ ගන්නවා. ගුටිකන්න බැරුව සමහරු පදුරු වලට ඇදෙනවත් දැක්කා, වයසක අයගේ බඩටත් ගහනවා දැක්කා. බිම බලන කොට , නිකන් ඉදපු අපේ කකුල් වලත් ලේ.... විදුරු කටු වලට කැපිල තියෙන්නේ දන්නෙම නැතුව..... වටපිට බලන කොට අපි ආපු වැන් එක එක ආපු පාරේම ඉගිල්ලිලා ගියා. ඒ පස්සෙන් අර ටිපර් එකත්, පිඹල ගියා. 
          ඔක්කොම වෙලා ඉවරයි..... උන් ගියා අපි පාරේ ..... අන්දුන් කුන්දුන් වෙලා බලන් හිටිය. මේ මොකද උනේ කියල හිතා ගන්න බැරුව. කට්ටියම පදුරු අස්සෙන් මතුවෙලා එකතු උනා. ගහගත්තු අය දත් කුරු කෑවා. හොදට ගහ ගන්න බැරිඋන හින්ද.....

    යමු පොලිසි...... අපට ගහල වාහනේ පැහැර ගත්තා කියල කියන්න. 
    වැඩක් නැ......ඒ ෆිනෑන්ස් එකෙන් වාහනේ ඉස්සුවේ. 

          අයිතිකාරයා දැන් තමයි කතාව කියන්නේ. ෆිනෑන්ස් ගෙවන්න බැරි උන හින්ද වාහනේ ආයතනයේ හංගල  තිබුන බව එතකොටයි .... අපිත් දැනගත්තේ. මොන එහෙකට උස්සන්න තිබුන වාහනයක් අපට දුන්නද මන්දා ...... දැන් ඉතින් කාපු පරිප්පුව මදිනේ...... එක එක්කෙනා අර මනුස්සයට බනින්න ගත්තා. 
     වෙන මොනවා කරන්නද යන්න ආපු ගමන යන්නත් එපැයි. මළගෙදරට නොගිහින් බැනේ...... ඒ වුනාට අපට නම් යන්න තිබුන උනන්දුව අඩු උනා. මල ගෙදරට ගෙනියන්න ගෙනාපු සිනි , තේකොලත් අරුන් අරන් ගිහින්. 
         පාර මැද නතර වෙලා , ආයෙත් දෙතුන් පැත්තට බැන වදිමින්. ඔන්න ආපහු අපි බස් එකක නැගල, තණමල්විල ටවුන් එකට ආව. ආයෙත් වාහනයක් කතා කර ගත්තා , කුලියට.....මල ගෙදර යන්න. 
       යමින් ගමන කතා කලෙත් වෙච්ච ඇබැද්දිය ගැන. කවුද ඒ මිනිස්සු..... ඇයි අපි ගැන දන්නේ නැතුවද අපට ගැහුවේ. අපරාදේ අපි ගුටි කෑවෙ. වාහනේ ඉල්ලුවානම් අපි බැහැල දෙනවනේ. ඔහොම ගහන්න ඕනෑද...? 
           මල ගෙදර ලගින් බහින කොට ..... මිනියට පන්ශුකුලේ දෙනවා. ඒ ගොල්ලන්ටත් වැඩේ ආරංචි වෙලා. ආපු ගමන් හති ඇර ඇර අපි  දවාලට කෑම කෑවා . මිනියට අවසන් ගෞරව දක්වලා,රෑ වෙන හින්ද අපි ආපහු හැරුන. 

පසු සටහන 

      එහෙන් මෙහෙන් මතක්  කරලා ආපු සිසර්ලගෙන් , එක්කෙනෙක් දෙන්නෙක් අදුන ගත්තා. මේක ලීඩ් කරලා තියෙන්නේ සීසර් කපිල, අනෙක් තුන්දෙනා එයාගේ ගෝලයෝ. මළගෙදරට වාහනය යනවා කියල වෙලාවත් එක්ක ඔත්තුව දීල තියෙන්නේ , අපේම කෙනෙක්. මේකේ එන්නේ නිල ඇදුම් අදින කොටසක් නිසා තමයි ඒ ගොල්ලන් ගේමට ලේස්ති වෙලා තියෙන්නේ. වාහනය ගන්න අමාරු නිසා තමයි, බය කරලා ගත්තේ, ඉතින් අපි දන්න එකක්යැ, උස්සන්න තිබුන වාහනයක් බව. 
        ඉතින් ගුටි කාපු තරහ කට්ටියගේම හිතේ තිබුන. කොයි වෙලේ හරි මේ ගොල්ලොත් ගේමකට සෙට් වෙන්නයි ලේස්තිය. ඔහොම යද්දී සිසර්ල කියන්නෙත් හොද ක්‍රියා කලාපයක් ඇති උදවිය නෙමේනේ. ඒ ගොල්ලන්ටත් හතර වටේටම නඩු . වෙලාව බලලා අහුවෙච්ච එක එක්කෙනාට කට්ටිය රිටන් එකත් දුන්නා. දැන් ඔක්කොම හරි.
         තව අවුරුදු තුන හතරක් ගත වෙද්දී, සීසර් කපිල නම් වම්බොට්ටා කල්ලියේ සාමාජිකයෙක් නිසා. පාතාලයෙන්ම මැරුන් කෑවා. අනිත් දෙතුන් දෙනත් ජිවතුන් අතර දැන් නැතිළු. ඒ ගොල්ලන්ගෙම කට්ටියනේ. අර උස්සපු වාහනයේ අයිතිකාරයත් විශ්‍රාම ගොස්  අසනීපයෙන්ම මැරුණා. ඒ සිදුවීම් දාමයේ මතකයන් විතරක් තාම අපි ගාව තියනවා. 
      දැන් අපි සැලකිලිමත්, ගමනක් යනකොට රෙන්ට් එකට ගන්න වාහනයට ෆිනෑන්ස් ඇරියස් තියනවද කියල හොයා බලන්න. 

35 comments:

  1. අඩේ ඒකත් පට්ට වැඩේ නේ... අපරාදේ ඊට පස්සේ සෙට් එකම එකතු වෙලා අරුට ගේම දුන්නනම් තමයි වැඩේ... :D

    ReplyDelete
    Replies
    1. ගේම දුන්නා සිහින...... එක එක්කෙනාට ...... සැරින් සැරේ..... ඒත් ඔය ඔයා අහන්නේ වාහන අයිතිකාරයා ගැන නේ.....? කරන්න දෙයක් නැති කමට ඇහෙන්නේ නැති වෙන්න අපි බැන බැන හිටිය.

      Delete
    2. ගේම දුන්නා කියන්නෙ ඔයාල උන්ව මැරුවද

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. කවුරුවත් මරන්න අයිතියක් නෑනේ ..... ඇනෝ....

      Delete
  2. කථාව කියවගෙන යද්දි මුලින් බය හිතුනා, පස්සේ හිනා ගියා, අන්තිමට දුක හිතුනා...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද සි.ජේ. අපටත් වෙන දේවල්.....

      Delete
  3. අම්මෝ මාර සීන් එකක්නෙ ඒක!!

    ReplyDelete
    Replies
    1. මාරම මාරයි...... බස්සියෝ..... එතන ඉදලම බලන්න ඕන.

      Delete
  4. හ්ම්.............. මාර අත්දැකීමක්.......................

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම...... කුරුටු ඒ වෙලාවේ දැනුනේ මර බිය විතරයි......

      Delete
  5. මේකේ එන්නේ නිල ඇදුම් අදින කොටසක් නිසා තමයි ඒ ගොල්ලන් ගේමට ලේස්ති වෙලා තියෙන්නේ.
    වෙලාව බලලා අහුවෙච්ච එක එක්කෙනාට කට්ටිය රිටන් එකත් දුන්නා. දැන් ඔක්කොම හරි.//
    මේ වැඩේ හරිද නීතියට එකඟද
    ඔය වාහනේ යන අයත් ඉතාම දූෂිත පිරිසක් බව රටම දන්නව.ඒ වගේම අමානුෂික කෲර බවටත් කප්පිත්තො
    ඔබ ඔවුන්ගෙ පාදඩකම අප ඉස්සරහ රහ කරනව වගේ
    නිහිංසා කියන වචනෙ මුල් අකුර අයින් කළානම් නරකද

    ReplyDelete
    Replies
    1. මේ වැඩේ නීතියට එකග නැ... තමයි..... මේ සිද්දියේ කිසිම plan එකක් නැ. එක එක්කෙනා අහු උනේ එක එක වෙලාවට ..... ඒ හන්ද තරහ පිරිමහ ගන්න ඇති. ගැහුවම ගහන එක සාමාන්‍ය දෙයක්, එතෙන්දි කල්පනා කරන්නේ නැ. ඒක වැරද්දක් කියල දැනෙන්නෙත් නැ.
      මෙතැනදී උනේ දෙපිරිසේම වැරදි වැටහීමක්. නියම වැරැද්ද කාලේ වාහන අයිතිකාරයා. මම මේ සිද්දියට මුහුණ දුන්නේ , වාහනේ ගියා හින්ද.
      මේ දිහා මං බලන්නේ උපේක්ෂාවෙන්...... මොකද මේ වැඩෙන් හැම කෙනෙක්ම ලොකු අපහසුතාවයකට ලක් උනා.
      ඔබටත් , නොදනිම මේ දේ වෙන්න පුළුවන්...... වාහන වල රෙන්ට් එකට ගියාම. ඒ හන්ද සැලකිලිමත් වෙන්න කියන්නයි, මං කතාව ලිව්වේ.
      පාදඩ කම මිනිස්සු වශයෙන් හැමෝටම තියනවා. එලියට එන්නෙත් එවැනි අවස්ථා වල.... ඒ වගේ වේලාවන්හිදී මනුෂ්‍යා හැසිරෙන ආකාරය තමයි මේ....නිහිංසා ..... හිංසාවට අකමැතියි..... ඒත් අහඹු සිදුවීම් අපට වලක්වන්න බෑ. අවුරුදු දෙක තුනක් ගිහින් තමයි. මේ කතාවේ ඇත්ත..... මාත් හරියට දැන ගත්තේ.

      Delete
  6. ගේම දුන්න කියන්නෙ මේ අයව මරන්නත් ඔයාල සෙට් වුනාද

    ReplyDelete
    Replies
    1. ගේම ලැබුනේ කොයි ආකාරයෙන්ද කියන්න මං දන්නේ නැ...... ගේම විතරයි..... මට වාර්තා උනේ..... මේ ගොල්ලන් මරුනේ නම් වෙන පාතාල ක්‍රියාකාරකම් මත. ගැටුණු කල්ලි දෙකක .... සිද්දි දාමයන් ඔස්සේ.

      Delete
  7. රිටන් එකනං හම්බෙන්ඩ ඇති ආයේ මදි නොකියන්ඩ අතපය බැදල ගැහුවා වාගෙනේ

    සිසර්ල වාහනවලට ඩැමේජ් කරනව හරි අඩුයි

    ReplyDelete
    Replies
    1. අටම්..... රිටන් එක දකින්න. මං එතන නැ. ..... ඒත් පසු කාලේදී මේ ගොල්ලන් සමාව අරන් ඇත්ත කතාව කියල තිබුන. තවත් කාලයකදී, මේ දෙගොල්ලෝ නිතර හම්බ වෙන නිසා, තරහ මරහ ඉවර කරගෙන තිබුන. මේ තරහ තාවකාලිකයි.
      සිසර්ල වාහන damege කරන්නේ නැ. ඒත් එයාලත් හිතල තියෙන්නේ , උස්සන්න තියන වාහනයක් බව දැනගෙන, මොනවා හරි උනොත් ඇටැක් කරයි කියල බයට තමයි. මේ දේ කලේ. නැත්නම් මේ වාහනේ ගන්නත් අමාරුයි.

      Delete
  8. සීසර්ලා නීත්‍යානුකූලයි නේ? නඩු තියෙන්නේ උන්ට නෙවේ, වාහනේ අයිතිකාරයට නේ?

    ReplyDelete
    Replies
    1. ඔව්..... සිසර්ල තණමල්විල පොලිසියේ පැමිණිල්ලක් දාලයි එවිත් තිබුනේ. ඒ හින්ද තමයි, මේ පැත්තේ කවුරුවත් පොලිසි ගියේ නැත්තේ..... මොනවා උනත් ගහන්න අයිතියක් එයාලටත් නැ. අපේ කවුරුත් හොස්පිට්ල් ඇඩ්මිට් උනෙත් නැ. තේරුමක් නැති නිසා, මොකද පලවෙනි වරද අපේ එකාගේ...... ඒත් මේ සිසර්ලා දකුණේ පාතාල සාමාජිකයින්. රට වටේ නඩු තිබුනේ, වෙනත් ..... මංකොල්ල, සොරකම්, මිනීමැරුම් ආදියට.

      Delete
  9. නිහිංසා මැතිණිය මෙහිදී සීසර්ලා කර තිබෙන්නෙ නීත්‍යානුකූල ක්‍රියාවක්.ඔවුන් පසු පස්සෙ හඹා ගොස් පලිගන්න එක යි නීති විරෝධී ක්‍රියාව.සීසර්ල ලෙස බඳවාගන්නෙ මැරවරයන් තමයි.සමාගම්වලට වාහනය යළි අත්පත්කරගන්න වෙන ක්‍රමයක් නැහැ.මේක අත්පත්කරගන්නෙ අප්‍රසන්න ලෙස වුවත්.
    බන්ධනාගාරයට සිරකරුවෙක් ගෙන ආවම ඒ සිරකරුවට නීතියේ ආරක්ෂාවක් අවශ්‍යයි.
    සියළු නිළඇදුම් අදින්නන් නීතියට යටත් බවත් ඔබ මතක තබා ගන්න.
    රත්නපුරේ සිද්ධිය දැක්කනෙ.සමාජයේ බහුතරය ශිෂ්ට මිනිසුන්.ඔවුන් අශිෂ්ට ක්‍රියාවලට එරෙහිවෙනවා.
    බන්ධනාගාරෙ අය මොකක් හරි කේස් එකකට කෙළින්ම අහන්නෙ මොකද කරන්න ඕන කියලලු.මේක හරිම භයානකයි.දරුණු අපරාධකාරයො බන්ධනාගාරෙ ආරක්ෂා වෙන්නෙත් මේ දූෂිත තත්වය නිසා.
    තරහ ගන්න එපා.ඔබ තුමිය පෙන්වා දුන්නේ භයානක යථාර්ථයක්.
    නව කොමසාරිස් ජනරාල් තුමා යම් වෙනසක් කරන්න උත්සාහ ගත්තා.මාත් එතුමාව දන්නවා.එතුමා පරිපාලනයට දක්ෂයෙක් වගේම ඔය වගෙ තැනකට සුදුසුම කෙනෙක්.අපි බලා සිටිමු යහපත් වෙනසක් වේවිද කියා

    ReplyDelete
    Replies
    1. පසුපස හඹා ගොස් පලි අරන් නැ. සිවිල් සමාජය තුලදී . මේ දේ වුනේ. දැන් බන්ධනාගාර තුල මෙවැනි දේ වෙනවා අඩුයි. නිතිය දන්නා මේ අය , තමන් මුහුණ දුන් සිද්දියට වෙන වෙනම ක්‍රියාත්මක වී තිබෙනවා. මොකද තමන්ට් වෙච්ච අසාධාරණය හා ලැජ්ජාව නිසයි. මේ තත්වය ඇති උනේ.
      මේ භයානක යථාර්තය හරහා..... බොහෝ දේ වෙලා තිබෙන බව, සමාජය දැන ගැනීම හා එවැනි දේ නොවෙන්නයි මේ දේවල් ඉදිරිපත් කරන්නේ,
      දැන් පරිපාලනය හොදයි, කියල මාත් අහල තියනවා. බන්ධනාගාරය තුල වෙනසක් අවශ්‍යයි. මොකද තාමත් එලියට එන්නේ වෙලාවකට අතීත සෙවනැලි. එක පාරට මේවා වෙනස් කරන්න බැ. මොකද තාමත් ඉන්නේ..... පරණ කන්නාඩි දා ගත්තු අය. අළුත් අදහස් වලට ඉක්මන් ඉඩක් නැ.
      හැබැයි යකා අලුත් වෙනස්කම් දකින්න මං ඉන්නේ බන්ධනාගාරය තුල නම් නෙමේ. මටත් ලැබෙන්නේ පොදු සන්නිවේදනයක් විතරයි.

      Delete
    2. @යකා

      //සීසර්ල ලෙස බඳවාගන්නෙ මැරවරයන් තමයි//

      හැම එකාම එහෙම නැ බං කොච්චර ඉන්නවද නීතියෙන් වරදකාරයෙක් සැකකාරයෙක් නොවිච්ච පොරවල්

      Delete
  10. මේ සීසර්ලා සෙට් එකක් එකසැරයක් මැරුම් කෑවා නේද ගමක ලොරියක් උස්සන්න ගිහින්. හැබැයි නීතියෙන් සීසර්ලට අවුලක් නෑ නේද? බදුල්ලේ ගියානම් පොඩ්ඩක් කෝල් එකක් දෙන්න එපයි ,

    ReplyDelete
    Replies
    1. සිසර්ලගේ ජීවිතය අවදානම්. නිසයි එවැනි සිද්දියක් උනේ, හොදින් හරි, නරකින් හරි ගහල ගන්න එක ඒගොල්ලන් කරන්නේ. ඉවාන්...... මේකට එන්නේ බහුතරයක් මැරයින්..... නීතියෙන් ගැටළුවක් නැ. නිත්‍යානුකුල නියෝග ඔවුන් සතුව තියනවා. ඒත්... ගහන්න , මරන්න , වෙනත් හානි කරන්න බැ. එතැනදී නිතිය මේ ගොල්ලන්ට එරෙහි වෙනවා.
      මේ සිද්දිය නිසයි, අපිත් මේ සිසර්ලගේ විස්තර දැන ගත්තේ.

      Delete
    2. සිසර්ලට යන්න පුලුවන් වෙලාවල් සහ තැන් තිබෙනව ඊට පරිබාහිරව ගිහිල්ලා තමයි ඒ එක්කෙනෙක් මැරුම් කැවේ තවකෙකුට මරනීය තුවාල උනේ , වෙඩිතියපු කෙනා වැදල සමාව ගැනිමක් සමග ගෞරවනීයව උසාවෙියේන් නිදහස්කලා මතකයි

      Delete
  11. වාහනයේ යන මගීන්ට හෝ රියැදුරාට පහර දෙන්න සීසර්ලාට අයිතියක් නැහැ. එය හරියට ඔප්පු කරගන්න පුලුවන්නම් පොලීසියට යන්න තිබුනා.

    මම හිතන්නේ නැහැ ෆිනෑන්ස් ගෙවීම මගහැර සිටින කිසිම වාහන අයිතිකරුවෙක් ඒ බව වාහනය කුලියට ගන්න කෙනාට කියයි කියලා.

    ReplyDelete
    Replies
    1. ඔවු ඔබ ඒ ගැන මතක් කළ එක හොඳයි.මගීන්ට හෝ රියදුරාට පහර දෙන්න සීසර්ලට බෑ.මේ සමාගම් මේ වගෙ පාතාල ක්‍රම හොයන වෙලාවෙ පොලීසිය හරහා මෙය කරගන්න බැරිද
      මේ ක්‍රම අදට නොගැලපෙන දේවල් ලෙස මට හිතෙන්නෙ

      Delete
    2. විචාරකතුමනි....... අපි පොලිසි ගියේ නැත්තේ, මේදේට තවත් රස්තියාදු උනොත් අර මල ගෙදරට යන්න බැරි වෙනවා. අපිට තිබුනේ සාමාන්‍ය තුවාල, ඊළගට බැලුවම පැමිණිල්ලට අනුව, වැල්ලවාය උසාවියේ තමයි නඩුවට රස්තියාදු වෙන්නේ. නිතර... නිතර දුර යන්න වෙනවා, නඩුව ඉවර වෙනකන්,
      ඒ හන්ද කවුරුත් ඒකට කැමති උනේ නැ. අපෙත් වැරද්දක් තියන නිසා,මේක කෙටි ක්‍රම වලින් විසදා ගත්තා.
      විචාරකතුමනි, අපි නිතිය රකිනවා වගේම, ඒකෙ දුර්වලතාත් දකිනවා. ඒ හින්ද අපි උනත් සමහර වේලාවන්හිදී උපදෙස් දෙන්නේ, හානිය අවම නම්..... ගොඩින් බේරා ගන්නයි. නැත්නම් සමාදාන වෙන්න......නැත්නම් වින්දිත පාර්ශවය නඩු කියල නට්ටම් වෙනවා.
      යකා මේ සීසර් ක්‍රමවේදය භයානක කටයුත්තක්...... ඇත්තෙන්ම මේ ක්‍රමය නම් වෙනස් විය යුතුයි.....හානි වැඩියි...... මැරයන්ට මැරකම් කරන්න ලයිෂන් එක දුන්නා වගේ.

      Delete
  12. සීසර්ල කියන්නේ චන්ඩි තමා බං.. එක පාරක් අපේ මිත්තරයෙකුගේ වාහනයක් සීස් කරා මුන් ඌයි පවුලයි යන කොට ඔන්න දෙනියාය හරි කොහේ හරි ඈත ගමකදී. මිනිහා පදිංචිය කොළඹ. මේ හාදයා කීයටවත් හිතුවේ නෑ හද්ද මුකලානකදී මේක උස්සයි කියලා. කෝම හරි ඌටත් තඩි බාලා වාහනේ ඉස්සුවම.. මුන් ඒක අරන් කොළඹ යන්නේ හවස නේ.. එතකං කොහේ හරි ඉදගෙන අඩියක් පුඩියක් ගහල තමා යන්නේ. අපේ යාළුවා මේ කතාව කිව්වම සෙට් එකේ හිටියා සීසර්ලගේ වැඩ ගැන දන්න එකෙක්. ඌ කිව්වේ මුං යන්නේ රෑ දහයට විතර ගාලු පාර දිගේ තමා කියලා. එ් පාර අපි සෙට් වෙලා (විස්සක් විතර කොල්ලෝ) අළුත්ගම තිබ්බා නිරික්ෂකයෙක් ජංංගම රථයක ෆලෝ කරන්න. බඩු එනවා කියල දැනගන්න කොට රෑ 11.30 විතර ඇති. මග්ලොන නෝනිස් පහු කරා ම තියෙනවා බං පොඩි පාලං කෑල්ලක්. ඔතනදි අපි වාහන දෙකක් හරියට ටයිම් එකට හරස් කරා. එකක් ඉස්සරහට එකක් පස්සට..තව කස්ටියක් වටේම පොලු අරගෙන. පාලම කිට්ටු වෙන කොටම පාර අයිනේ තිබ්බ වාහන දෙක එක පාරට අපි දැම්මා පාර මැදට. මුන්ට හිතාගන්න බැරි උනා. වට කරා. උන් නන්නත්තාරයි. මොනාද ඉතිං ඇදල අරන් දුන්න පලු යන්න. වටේ පිටේ වාහන නවත්තල එක සීන් එකයි. විනාඩි 10 ක් යන්න කලින් අපි අරුන් ටිකට ගහල වාහනේ ගත්තා.. ඒක අරන් ගිහින් හැංගු්වේ උඩවලවේ....

    ReplyDelete
    Replies
    1. අම්මෝ බං උබල හෙන මැරයොනො..................හේහ හේහ හේහ

      Delete
    2. ඔව්....දේශකතුමනි........ ඔබ දන්නා හා මා අත්වින්ද සිද්දි කොයි තරම් බරපතලද කියල දන්නවනේ, තව කීදෙනෙක් මේ අත්දැකීම ලබන්න ඇත්ද....? ෆිනැන්ස් නොගෙවීම වරදක් තමයි. ඒත් ඒකට උත්තරය මේක නෙමේ. මිට වඩා මානුෂික වෙන්න ඕන.

      Delete
  13. බය හිතෙනවා බොල, අනේ අපිනම් හරි අහිංසක මිනිස්සු, ඔය ගේම් වලට අපි නැහැ.

    ReplyDelete
    Replies
    1. වෙන කම් දන්නේ නැනේ.... සොමි.......කොච්චර අහිංසක උනත් වැඩක් නැ....

      Delete
  14. /// මේකේ එන්නේ නිල ඇදුම් අදින කොටසක් නිසා// අම්බෝ.. නිහිංසත් ධර්මචක්කර කාරියෙක්ද? අදනෙ දන්නේ.. මං දන්න පමණින් සීසර් ල විදියට මැරයෝ බඳව ගන්න කොම්පැණියකට බෑ නේද? වරෙන්තු කාරයෝ, අයිආර්සී කාරයෝ කොහොමද පොලීසියක පැමිණිල්ලක් දාන්න යන්නේ කොච්චර රාජකාරී කටයුත්තකට උනත්? එතකොට වාහනයක් සීස් කරනකොට ඒකෙ ඉන්න මඟින්ට කිසිම හානියක් කරන්නත් සීසරයෙකුට බෑ. අනික ෆිනෑන්ස් පහසුකමක් ලීසිං එකක් කියන්නේ අදාළ සමාගම හා පාරිබෝගිකය අතර විශ්වාශනීය ගනුදෙනුවක්. එහෙම එකක් සමථයකට පත්කර ගන්න මීට වැඩිය සදාචාරාත්මක ක්‍රමේකට යන්න ඕනි කියලයි මටනම් හිතෙන්නේ. බැරිනම් ලීසිං නොදී ඉන්න ඕනි විශ්වාසයක් නැති උන්ට. කොහොම උනත් ධර්මචක්කරයොන්ටත් ගුටි කන එකේ අසාධාරණයට ලක් වෙන එකේ..මහ මග රස්තියාදු වෙන එකේ 'රහ' ටිකක් පෙන්නල දීපු සීසර් කපිල ඇතුළු පිරිස ගැන පොඩි කික් එකකුත් තියෙනව.. නිහිංසයි අර අනිත් ගෑනු උන්දැයි ගැන දුක උනත්.. හිහ් හිහ්..

    ReplyDelete
    Replies
    1. මං ධර්ම චක්‍රකාරියක් නොවේ...... කල්‍යාණ මිතුතොමෝ.....පොඩි සම්බන්ධයක් තියනවා, මං එකේ ගියා. සිසර්ලා කම්පනියට බදවා ගන්නේ නැ. ඒගොල්ලන්ට දෙන්නේ කොන්ත්‍රක් එක වාහනය අරන් දෙන කම් විතරයි...... මෙතැනදී සිසර්ලා බලහත්කාරය යොදවනවා. පොලිසියට පැමිණිල්ල දන්නේ, කම්පනියෙන්, අපි තමයි ... මේක කරන්නේ කියල. අන්තිමට කරන්නේ වෙන දෙයක් ඒකයි...... එතන වරද.
      ෆිනෑන්ස් ඕන කෙනෙකුට දෙනවා, ගැරන්ටි හොද නම්, මේක දීල තියෙන්නෙත් නැති මනුස්සයකුට නෙමේ, නොගෙවිමත් බැලූ වැඩක්.
      මේ දේවල් අපේ රටේ ඕනෑම පුරවැසියෙකුට වෙන්න පුළුවන්.....නේද....? මිතුතොමෝ..... තරා තිරම වැදගත් නැ. මං දැක්ක..... ලෝයර් කෙනෙකුත් උසාවිය පෙනී පෙනී..... කාරෙකෙන් අදල දාල වාහනේ ගෙනියනවා.
      පරක්ක්කු වෙලා හරි මේක බැලුවට තුති......

      Delete