Saturday, October 11, 2014

රාණිගේ ලෝකය

රාණි.......
නෝනා.......


අහිංසක දෑස් දිගු  කරන්...... වරෙක ඇය බලන්නීය....... උදේ පාන්දරට විදියට බැස කියක් හරි හොයන්නෙ ....ඇය ජීවිතය ජිවත් කරන්නටය..... වැසිකිලි සංකීර්ණයේ නවාතැන් ගත්තේ ඇයට උන්හිටි තැනක්, නැති නිසාවෙනි..... 


පළමු සැමියා හා විවාහකය. , එහෙත් ඔහු ඇය හැර  ගොසින්ය. දෙවැන්නත් හැර ගොහින්ය. පුතෙක් සිටි..... ඔහු හිතුවක්කාරයෙකි. මවට ඌ ගැන කැක්කුමක් ඇතත්, ඌට එසේ නැත, වරෙක මවට ඔළුව පැලෙන්න පොල්ලකින් ගසා ඇත්තේය. තවත් වරෙක අත මිරිකා කඩා ඇත්තේය. මේ මොහුගේ හැටිය. ඉතින්....... රාණි. සියල්ල ඉවසා ඉස්පිරිතාලේ දවස් දෙක තුනක් ඉදල ...... ඉන්න බැ කියල හිතුනම ටිකට් බලෙන් කපා ගෙන නැවතත් පාරටම යන්නීය. කියක් හරි හොයා ගත්තම පුතාටත් මොනවා හරි ගොහින් දෙයි. ඒ ඇගේ හැටිය. පුතු සමග කවදාවත් තරහ නොගන්නිය.


වරෙක ඇය මට මෙසේ කීවාය.


නෝනා...... පුතා ගැනු ළමයෙක් එක්ක යාළුයි. ඒකි හොද නැ....වෙන කොල්ලොත් එක්කත් යනවා. 
මං ඕක .......කරන්න එපා කිව්ව, මු අහන්නේ නෑනේ. 
ඒකි පස්සෙන්ම යනවා ...... දැන් ඒකිත් එක්ක ඉන්නේ.


කිහිප දිනකින් ඇය මට නැවත මෙසේ කියන්නීය.

නෝනා...... මං කිව්ව .... ඌට .... කතරගම කාලෙන් පස්සේ අරකිව බන්දල දෙන්නම්...... එතකන් කීයක් හරි හොයා ගන්නකම් ඉන්න කියල ......


මාස දෙක, තුනක් .... ගියා.....



නෝනා....... අරකිට දැන් ළමයෙක්ද කොහෙද හම්බ වෙන්න ඇවිල්ල, මාස දෙකයිලු.....ඒකි පුතත් එක්ක රණ්ඩු වෙනවලු...... 



වෙන කොල්ලොත් එක්කත් යනවලු....... 



නෝනා...... අරකි......ඉස්පිරිතාලේ නතර කරගෙන , අර හම්බ වෙන්න ඉන්න ළමයට මොකද්ද වෙලාලු. 



ආයෙත් දවසක 

පුතා එක්ක තරහ වෙලා ඒකි වෙන එකෙක් එක්ක ගිහින්...... පුතා ගැහැව්වා කියල ආරන්චියි....



නෝනා ......... පුතා...... දැන් අරකිගේ නංගිත් එක්ක යාළු වෙලා..... හැබැයි..... ඒකි නම් අක්කට වඩා හොදයි...... මං කැමතියි.... ඒකිට නම්.....



 ඇගේ දුක.... සැප...... වරෙක  සියල්ල මා වෙත කියන්නීය........ 



කොන්ඩේ පීරා පාට පාට මල් ගසා, කොන්ඩ කටු ගසා, පාට පාට සාරි අදින්න රාණි හරිම කැමතියි....... හැබැයි...... තරහ ගිය දින වලට කොන්ඩෙත් නොපිරා..... අවදි උනා විගසින් පාරට බහින්නේ , කුණු හරුප දෙක තුනකුත් කියා ගෙනය. 



දින ගානකින් ඇය ආවේ නැ...... මං ඇහුව ඇයි......?



නෝනා .....මං ඉස්පිරිතාලේ ඉදල ඊයේ ආවේ....... පුතා මට ගහල. බෙහෙත් ගන්න ගියාම නතර වෙන්න කිව්ව. 



මං භූමිතෙල් බිව්වා..... නෝනා........ තවත් දිනක කියන්නීය.....



මේ ඇගේ හැටිය. ඈ.... ගැන ......නෑයෝ ගැන තවත් වරෙක කියන්නීය.



ඊයේ මල ගෙදරක ගියා .... නෝනා......මල්ලිගේ දුව කොල්ලෙක් එක්ක යාළු වෙලා..... අම්මට අහු උනා. කියල ..... ඒකි කදුරු ඇට කාල මැරිලා....



තවත් දිනක ඇය කියන්නේ..... 



අදත් මල ගෙදරක් නෝනා...... අපේ...... නැන්දගේ දුගේ දුව...... ළමයෙක් හම්බ වෙන්න ගිහින්...... මරුන. අපි එහේ ගියා......



මේ රානිගේ ලෝකයයි....... මේවා අසන්න කෙනෙක් නැත. එහෙත්, මේ සියල්ල ඇය මවෙත පවසයි...... 



දවස පුරාම ඇයට වැඩ නැත. කාගේ හරි කුලී වැඩක් කරදී සියක්, දෙසීයක්. කෑම පිගානක් හොයා ගත්තොත් ඇයට ඇති.....සමහරු වැඩ අරන්.... සල්ලි නොදෙන අවස්ථාත් ඇත. එදාටත් .... නඩුව මටය. 



කෑම ටිකක් හම්බ උනාම එකෙන් ටිකක් කා ඉතිරි ටික පුතාට හරි, ඒගොල්ලන්ගේ බබෙක් ලැබෙන්න ඉන්න කාට හරි ගෙනියන්න .....රාණි ඔතා ගනී. මේ ඇගේ සිරිතය. වරෙක ඇය ..... ඇයට වඩා ..... අනිත් අය ගැන සිතන්නිය.  දුක් ගන්නීය.



සවස් කාලය තමයි, ඇගේ විනෝදජනක කාලය මොකද ..... අර හම්බ කරපු සල්ලි වලින් කාලක් ගසා සුර් වී..... සින්දුවක් කියා නටන්නේ එවිටය.... මේකට වෙලාවකට ඇය බස් ස්ටෑන්ඩ් එක තෝරා ගනී...... ඇගේ නැටිල්ලට , එතන ඉන්න කොල්ලෝ කුරුට්ටන් .... කුමක් හෝ කියා ඇයව අවුස්සා ගනී....... අන්තිමට ඈ .....ශුද්ධ සිංහල ඉවර කර ..... ඇදිවත ද උනා දමා. ඔවුන් පසුපස දිව යයි...... 



ඇ ...... බෙහෙවින් කළුයි..... එනිසා  කොල්ලන් ඇයව හදුන්වන්නේ   කාක් .... යන අනවර්ථ නමෙන් . කාක්....... කි.... විගස ඇය ආවේස වේ. 



එවිට ඇය..... පොලිසියට කුදලාගෙන යයි....... ප්‍රසිද්ධ ස්ථානයක බිමත්ව අශෝභන ලෙස හැසිරීමේ වරදට , ඇයට උසාවි යන්නටත්.... හිර ගෙදර යන්නටත් සිදුවේ. මේ ඇගේ ජීවිතයයි.

රාණි හිත හොද එකියකි. ඇය කෙදිනකවත්, හොරකම් කරන්නේ වත්..... වෙනත් දුසිරිත් වල දෙන්නෙත් නැත. ඔවුන්ගේ.....ලෝකයේදී, ඇගේ වෙනස එයයි...... ඇය කරන එකම වරද, හවසට පොඩ්ඩක් ...... තොල ගා ගන්න එකය. 

දිනක්.... ඇගෙන් තව නඩුවකි.

නෝනා....... බලන්න නෝනා....... මං පෝන් එකක් ඉස්සුවා කියල , අරුන් මාව පොලිසියට අල්ලලා දෙන්න හදනවා......

එදින වැසිකිලි සංකීර්ණයේ කාල ගෝට්ටියකි. එතන නිදා හුන්..... වෙනත් නොදන්නා කෙනෙකුගේ පෝන් එකක් , ඔහු නිදි අතර නැති වී ඇත. ගත්  එකකු නැත. ඔවුන් රාණිව ඒකට අල්ලා ගෙන ඇත. ඒත්...... ඇය ගත් බවට සාක්ෂි කිසිත් නැති බැවින්, පැමිණිල්ලකුත් නැත.

මං ආයේ යන්නේ නැ නෝනා එතනට ....... උන් මගේ රෙදිත් විසි කරලා.....

දවස් දෙක තුනක් යනකොට නැවතත් රාණි වැසිකිලි සංකිර්නයේම ලැගුම් ගනී. තරහ උන් යාළුවී ඇත. 

රාණිගේ ලෝකය, අපේ ලෝකයට වඩා වෙනස්ය. ඔවුන්ට අනන්‍ය වූ උප සංස්කෘතියක් ඇත. ජිවන රටාවක්, හැසිරීම් රටාවක් ඇත. එකම දීපයක ජිවත් වන මොවුන් අපට වඩා වෙනස් වුනේ කෙසේද යන්න මං කල්පනා කලා. 

ඇය ද්‍රවිඩ එකියකි. ඇය හා අපි වෙන් උන සීමාව මේකද කියලත් හිතෙනවා, හේතුව නම් නොතේරේ. ඒත්..... ඇගේ අව්‍යාජත්වයට මං ඇළුම් කලෙමි. ඇය මට දක්වන බැදියාව , වරෙක සිත පාරවන්නකි. වරෙක ඇය සමහර ප්‍රශ්න වලට මුහුණ දුන් ආකාරය බලපුවම , දැඩි ප්‍රතිපත්ති මත කටයුතු කිරීම, අප තරමටම සාමාන්‍යය. 

එසේ නම් රාණි..... ඇයි අපට වඩා වෙනස්.......අපේ පරම්පරාව තරමට ඇයගේ පරම්පරාවද ගමන් කර ඇත. එකම සමාජ සාධක වලටම්  මුහුණ දී ඇත. ජාතින් අතින් වෙනස් වූ පලියට , ඇයි රාණි වෙනස්.....?  


24 comments:

  1. කාලයක් අපේ ගෙදර වැඩටත් හිටිය රාණි කියල දෙමල ගෑනු කෙනෙක්!! :O
    කාලක් නම් ගැහුවේ නෑ අම්බානෙට මල පනිනවා හැබැයි.

    ReplyDelete
    Replies
    1. මල පනින එක මේ රානිගේත් සිස්ටම් එක.... සිහින.....

      Delete
  2. රානිලා බොහෝ දෙනෙක් අපි අතරම මහ පොලව හා සටන් වදින්මින් ජීවත් වෙනවා.... ඔවුන්ටද සතුටින් ජීවත් වියහැකි රටත් නොමැතිවීම තමයි දුක...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඔවුන් දෙමල යයි කියා.... කොන් කිරීමක් කරලා නැ..... ඒත්..... මේ පැවැත්ම තුල, අඩු සැලකිල්ලට භාජනය වෙලා සි.ජේ. ඒක එයාගේ වරදද.... අපේ වරදින්ද මන්දා.....

      Delete
  3. මේ වගේ චරිත බොහොමයක් මුණගැහිලා තියෙනවා ,පුංචි කාලේ බදුල්ලේ ජීවිතේ ගෙවනකොට

    ReplyDelete
  4. තව ටිකෙන් අමතක වෙනවා , නිහිංසා ට සුබ පැතුම් ,සම්මානය වෙනුවෙන්, දිගටම හරවත් ලිපි ලියන්න වාසනාව ලැබේවා

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ... ඉවාන්...... වතුකරයේ ලක්ෂණද..... මොවුන් සතුව ඇත්තේ කියල මට හිතෙනවා....එහෙන් මෙහෙට සංක්‍රමණය වන්නේ ඒ සංස්කෘතියත් එක්ක වෙන්න ඇති.

      ඉවාන්...... මට හිතාගන්න බැ...... මේක..... මං කලඑළි බැහැල වැඩි කලක් නැ. ඒත් සම්මානයක් හිතාගන්න වත් බැ. ඔයාට ස්තුතියි....... ඉවාන්.....

      Delete
  5. Ape patheth eka eka gaatiye ranila inawa wathu ganawasa wala katha godai mepathe awoth bolg eka purawagana puluwan oyaa wage katha godakin

    ReplyDelete
    Replies
    1. Yes Buddhi..... , first , thanks for coming my blog. I wish come..... their . one day....
      for.... more .... stories .

      Delete
  6. ඇත්තටම ජාතින් ලෙස වෙන්වූ පමණින් මෙතරම් වෙනසක් ඇති වෙනවද?

    ලැබූ සම්මානයට සුබ පැතුම් නිහංසා.

    ReplyDelete
    Replies
    1. ප්‍රියා..... වතු දෙමල..... හා යාපනය දෙමලත්..... වර්ග දෙකක්ලු...... ඒ හින්ද....... මෙහෙම උනාද.....? මේ ගොල්ලන් අයිති දකුණු ඉන්දීය සම්භවයටද ...?
      ස්තුතියි...... ප්‍රියා...... සුභ පැතුම් වලට......

      Delete
  7. උන් දෙමළු. අපි සිංහලු. උන් පහත් අපි උසස්. මේ සිතුවිල්ල සිංහලයන්ගේ හිතේ තියනතාක් කල්, සිංහලයා පහත්.

    ReplyDelete
    Replies
    1. ඔව්...... තුමනි......බෙදීමක් තියන තාක් රටක සංවර්ධන අරමුණු ඉටු වෙන්නේ නැ..... සිංහලයා.... මෙහෙම නම් පහත්ම තමයි..... වැඩපිළිවෙල.....

      Delete
  8. //කොන්ඩේ පීරා පාට පාට මල් ගසා, කොන්ඩේ කටු ගසා, පාට පාට සාරි අදින්න රාණි හරිම කැමතියි....... හැබැයි...... තරහ ගිය දින වලට කොන්ඩෙත් නොපිරා..... අවදි උනා විගසින් පාරට බහින්නේ , කුණු හරුප දෙක තුනකුත් කියා ගෙනය.//

    රානිගේ මුළු කතාවම මෙතන තිබුනා නිහින්සා අක්කා, අක්කා ලියපු මුළු කතාවම මේ වචන ටික අස්සේ තිබුනා. මනුස්ස ජීවිත මොන තරම් අපූරුද? රනිලාත් අස ඇති රානි සඳුන් කෑල්ලක් ගාල නලා රානිලා වෙන්න, එත් මේ සමාජය නම් එකට කැමති නැහැ, රානිලා තවමත් වැඩවසම් යුගයේ වහල්ලු.

    ReplyDelete
    Replies
    1. අහා අමතක උනා සම්මානයට සුබ පැතුම්.!!!

      Delete
    2. ඔව්..... සොමියෝ...... රාණි ලස්සනට ඉන්න ආසයි...... අපිට වඩා මෝස්තර කරනවා. ඒ ඇගේ අවිහිංසකත්වය. සංවේදීත්වය...... හා ඇය දන්නා කලාව. ... ඒත්..... ඇය මේදෙ කලොත් මිනිස්සු හිනාවනවා.......
      රාණි හිනාවෙලා ඉන්න දවසට තමයි, ලස්සනට අදින්නේ. ඒකටත් මිනිස්සු කැමති නැ..... රාණි අවුස්ස වන්නේ මිනිස්සු..... පහත් සතුටක් ලබන්න.
      රාණිව ගොඩ ගන්න ක්‍රමයක් නැ..... ඒකට වැඩ පිළිවෙලක් නැ. මේ කට්ටියම සමාජගත කරන්න පුළුවන් නම්..... මේ තත්වය වෙනස් වෙයි...... සොමි....

      ස්තුතියි....... ඔයාට සුභ පැතුමට.....සොමි....

      Delete
  9. නිහිංසා මේ කතාව කියවපු මට හිතුනෙ අපි කොයි වගේ තැනක ඉන්නවද කියල...
    සමහර වෙලාවට අපි බොරු සොබ්බෙ දාන් ඉන්නවඒත් කවදාවත් නෑ හිතන්නෙ අනික් අය ගැන විසේසයෙන් මේ වගේ අය ගැන... මම ගැනම නෙවී අපි බහුතරයක්...
    හිතන්න සැහෙන කාරණා ඉතුරුකල සටහනක්...
    පිස්සු වගේ

    ReplyDelete
    Replies
    1. මහේෂ්...... අපි ඉන්න තැන වෙලාවකට අපිම දන්නේ නැ. මේ මිනිස්සු අපි නිසා වෙලාවකට පිඩාවන්ට ගොදුරු වෙනවා.
      අනිත් අයට බයිට් වෙනවා......
      මං දකින්න ආසම නැති දෙයක් මේ.....

      Delete
  10. රාණිලාද මා මෙන්ම මේ පොළවට විත් මා මෙන්ම යන එවුන්ය..

    නිහිංසා.. උඹ සම්මානයට පාත්‍ර උනා කියල දැක්කා.. ඒකට සන්තෝසයි..

    ReplyDelete
    Replies
    1. එසේය දේශක....... අපි ඇවිත් යනවා....... ඒත්...... මේ ඉන්න ටිකේ ඔවුන් අපට වඩා වෙනස්ය.... මේකද වෙන්න ඕන......
      මට සම්මානයකට නිර්දේශ වෙලා....... ඒත්..... ඒක තාම මට හීනයක්...... ස්තුතියි...... දේශක.....සුභ පැතුවට.

      Delete
  11. මේ වගේ චරිත කොළඹ අවට නාගරික පෙදෙස්වල දක්නට ලැබුණා. නිහිංසාගේ රාණී නිසා මට කොළොන්නාවේ 'වල්ලි' මතක්වුනා. පව්,පාරට අගුපිල්වලට සින්න වුනු ජීවිත,

    මොකක්ද මේ සම්මාන කේස් එක? මොක වුනත් ඔන්න සුබ පැතුවා!!

    ReplyDelete
    Replies
    1. ඔව්..... අරූ අයියේ...... රානිලා..... හැම තැනම විසිරිලා, මේක උනේ කොහොමද....? මේ හැමෝම ජිවිතයක් තියන අය....ඇයි අපි වගේ නොවුනේ......
      මං උත්සාහ ගත්තා, රාණිට ඉඩම් කැල්ලක් අරන් දෙන්න..... වැඩේ කරන්න ගියාම, උප්පැන්න නැ, අයිඩෙන්ටි නැ...... කිසිම ග්‍රාම සේවක ලැයිස්තුවක නැ.
      මේවා නැතුව මට මේක කරන්න බැරි උනා. නීතියේ ප්‍රතිපාදන නැතිළු, ඉඩම් කැල්ලක් වත් ගන්න.
      සම්මාන කේස් එක මමත් දන්නේ මට ලැබුන mail එකෙන්...... මෙය ඇත්තක්ද කියල මටම හිතා ගන්න බැ. ..... ස්තුතියි...... සුභ පැතුමට අරූ අයියේ....

      Delete
  12. නිහිංසා.. තවත් එක් අකුරු සිත්තමක් නොවේ.. කොමෙන්ට් වලින් දැකල තිබුනට අද තමයි නිහිංසා ගෙ බ්ලොග් එකට ගොඩ උනේ.. අපේ විචාරක තුමාගේ රෝලෙන් ඇවිත්. රාණී කියන්නේ රැජින.. හැම ගැහැණියක්ම රැජිනක්. අඩුම තරමින් තමන්ගේ රාජා ලඟදිවත්. එතකොට ඇයි කොටසක් රාණි ලාට ඒ වරම අහිමි වෙන්නේ? රාජා ලගේ වරදින්ද? එතකොට ඒ රාජා ලට වැරදුනේ කොතනද? කෙනෙකුට තවත් එක චරිතයක් විතරක් වෙන රාණී ව 'නිහිංසා' කොච්චර ලස්සනට ප්‍රශ්ණ කරල තියෙනවද? ඉතින් 'නිහිංසා' තවත් එක අකුරු සිත්තමක් පමණක් වෙන්නෙ කොහොමද? අගක් මුලක් දන්නෙ නැති උනත් මට හිතෙන්නෙ ඔබ සම්මානයකට පාත්‍ර වීම අරුමයක් නෙවෙයි.
    නිහිංසෝ, මම දකින විදියට මෙතන රාණි දෙමළ වීම නෙවෙයි ගැටළුව. මං දැකල තියෙන මේ වගේ රාණිල ගොඩක් දෙනෙක් ඉන්නව පුත්තලම, මදුරංකුලිය, හලාවත පැත්තෙ ඔවුන් බොහෝ දෙනෙක් දෙමළත් නොවන සිංහලත් නොවන මිශ්‍ර අය.. ඇත්තටම මේ අසමතුලිත සමාජ ක්‍රමය මඟින් ඔවුන්ව තල්ලු කරල තියෙන අඳුරු අහුමුල්ල නොවෙයිද මේ වෙනසට හේතුව? දිගටම ලියන්න ඔබට ජය ශ්‍රී!

    ReplyDelete
  13. කල්‍යාණ මිතු තුමෝ ......මුලින් තුති..... මගේ blog අඩවියට ගොඩවිම ගැන..... ඔබ මාව ඇගයීමට ලක් කලා, ඒකටත් තුති...... මට හමු වෙන චරිත සිද්ධි ගැන විග්‍රහ කරන්න මං ආසයි.... හැබැයි , වෙනස් කෝණයකින්.....
    ඉතින්...... රාණි ගැන හා ඇයගේ සමාජ වටපිටාව ගැන මං විග්‍රහ කලා....... පුදුමය ඇය, ද්‍රවිඩ උනත් කතා කරන්නේ සිංහල..... භාෂා ප්‍රශ්නය හා භාවිතය ගැටළුවක් නැ. හැගීම්.... දැනීම්..... අප වගේමයි.... ඒත්..... උත්පත්තියේ වරදට ඇය ඇතුළු නෑදෑයින් කොටස..... ජිවත් වන ක්‍රමය හා හැසිරීම් රටාව තමයි, මේ. මේ කොට්ටාශය තුල, සමාන ලක්ෂණ පෙන්නුම් කරනවා වගේම, අපිට කරන්න බැරි වැඩ සදහාත් දැනුම තියනවා, ඉතින්,.... මේ අයව යම් සංවර්ධන කටයුත්තකට යොදාගෙන, විශේෂ අධීක්ෂණයක් කරනවා ... නම්, තව පරම්පරාවකින් මේ අයව වෙනස් කල හැකියි..... එතෙන්ට යන්න අපටවත්, ඔවුන්ටවත් පාරක් නැ..... ආදිවාසීන් වගේම ..... මේ ගොල්ලනුත් සංරක්ෂණය කරනවද මන්ද.....
    මට ඒකයි... කියන්න ඕන වුනේ මිතුර.....මේ අතරතුර තමයි..... සම්මානයකුත් ලැබුනේ..... එකත්.... අහඹු සිදුවීමක් විදියටයි මං දකින්නේ.

    ReplyDelete