Friday, October 17, 2014

බන්ධනාගාර රැදවියන්ට දුරකථන පහසුකම්


          නොබෝද බන්ධනාගාර රැදවියන්ට දුරකථන පහසුකම් ලබාදීමේ පලවෙනි අදියර වැලිකඩ බන්ධනාගාරයෙන් ආරම්භ කෙරින. රුපියල් මිලියන හැත්තෑපහකට වැඩි මුදලක් වැය කරමින්, ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනය හා එක්ව, දුරකථන අටක් මේ වන විට සවිකොට ඇත. 
     රැදවියන් වෙනුවෙන් පෞද්ගලික ගිණුම් ආරම්භ කරමින්, ඇගිලි සලකුණු ලබා ඔවුන් ලියාපදිංචි කිරීම  පළමුවෙන්ම සිදු කෙරේ. එම ඇගිලි සලකුණු මගින්, ඔවුන්ගේ ගිණුමට සම්බන්ධව, තමාට නියමිත ඩේටා ප්‍රමාණයට ඇමතුම් ලබා ගත හැක. එම ඇමතුම් ස්වයංක්‍රියව පටිගත වන අතර , සතියකට විනාඩි දහයක් තුල දුරකථන අංක තුනකට කතා කිරීමේ හැකියාව ඇත. 
          මේ වනවිට ශ්‍රීලංකා ටෙලිකොම් වෙතින් සැම ශ්‍රීලංකා රැදවියකුටම රුපියල් විසිපහක මුදලකුත්, විදේශීය රැදවියකුට රුපියල් දාහක මුදලකුත් බැරකර ඇත. අනතුරුව, රැදවියන්ගේ ගිණුමට නැ හිත මිතුරන්ට ශ්‍රීලංකා ටෙලිකොම් හරහා මුදල් බැර කිරීමේ හැකියාව ලබා දී  ඇත. 
       රැදවියන්ගේ මානව හිමිකම් රැකිම සහ දුෂණ වංචා අවම කිරීමේ එක් ක්‍රමවේදයක් ලෙස මෙය හැදින්විය හැක.   මේ අනුව නීති විරෝධී ජංගම දුරකථන සංසරණය අවම කිරීමට හැකි වන අතර, රැදවියන්ගේ මානසික තත්වය නගා සිටුවීමටත්, දුර බැහැර සිටින, නැ හිත මිතුරන් තමන්  බැලීමට ගෙන්වා නොගෙන අවශ්‍ය කටයුතු සිදු කර ගැනීමටත් හැකියාව ඇත. 
       මෙම දුරකථන භාවිතය හරහා බන්ධනාගාරය තුල ..... බන්ධනාගාර සංස්කෘතියේ යම් වෙනස් වීමක් සිදුවෙන බව හා ඒ තුල වූ ක්‍රියාකාරිත්වය  නොබෝ කලකින් අපට දැනගත හැක. මෙය සුභවාදී දැක්මක් අනුව ආරම්භ කලද...... ඉදිරි තත්වය ..... පසුවට අප විමසීමක් කොට බලමු. 

22 comments:

  1. Knowing the local system in connection with underworld & prisons මම නම් හිතන්නේ නෑ මේ හරහා නීතිවිරෝධී ජංගම දුරකථන භාවිතයේ වෙනසක් වෙයි කියල. එහෙම හිතල බන්ධනාගාර නිළධාරීන් ඒ පිළිබඳව අවධානය අඩු කරොත් ඇත්තටම ඒකෙ අනිත් පැත්ත තමයි වෙන්නෙ. බන්ධනාගාර තුල නීති විරෝධී ජංගම දුරකතන භාවිතා කරන්නේ කවුද? ඔවුන්ගේ අවශ්‍යතාවය මොකක්ද? කියල හිතල බැලුවොත් සරලවම තෙරුම් ගත හැකියි. ඇත්තටම මේ හරහා සේවයක් වෙන්නේ අවාසනාවන්ත හේතූන් නිසා බන්ධනාගාර ගත වුණු එහෙත් සාමාන්‍ය සමාජයට නැවත් හැකි ඉක්මණින් එන්න බලාගෙන ඉන්න බන්ධනාගාරය තුල යමක් කමක් කරගන්න බැරි සිර කරුවන්ට පමණයි. ඔවුනට පුළුවන් තමන්ගේ ගෙවල් දොරවල් එක්ක පෙරට වඩා සම්භන්දයක් මේ හරහා ගොඩ නගා ගන්න. හැම දෙයක් දිහාම වැරදියට බලනවා නෙවෙයි. ඇත්දැකීම් හා අවබෝධය නිසා නොකියා බැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව්..... කල්‍යාණ මිතු තොමෝ.....ජංගම දුරකථන භාවිතය..... නැවතත්, බන්ධනාගාරය තුල නීති විරෝධී ලෙස කෙබදු ආකාරයට සිදුවේද කියල අපට දැන්ම නිගමනයකට එන්න අමාරුයි. ඇතුලේ ඉන්න මෝරුන්ට මෙය ප්‍රමාණවත් මදි, වගේම...... සියල්ල පටිගත වීම තුල, පාතාලයේ සැලසුම් ක්‍රියාත්මක කිරීම කලා නොහැක. ඉතින් ඒගොල්ලන්ට මේකට විසදුම...... නැවතත් ජංගම දුරකථන භාවිතයම තමයි.....
      මේක සේවයක් වන්නේ ඔබ කියනව වගේ අහිංසක, යමක්, කමක් කර ගන්න බැරි උදවියට විතරයි.
      ඔබගේ අවබෝධය හා අත්දැකීම නිවැරදියි......

      Delete
  2. අක්කා දාන ලිපි නියමයි අක්කා, මේ වගේ දේවල් හරහා සිරකරුවන් තුල ආකල්පමය සුබවාදී බවක් ඇතිවෙලා වෙනසක් වෙනවා නම් සිරගෙදරින් පිටවන්නන්ගේ ජ්ජීවිතේ ඉන් එහාට දිශානතිය යහපත් අතකට යොමු වේවි කියලා හිතෙනවා.

    මෙවැනි දේ තුලින් සිරකරුවන් හා පවුලේ උදවිය අතර දුරස්ථ භාවය අවම වෙනවා, අපි ඉදිරියට බලමු. වැලිකඩට මැගසින් එකට වනාතේ පැත්තෙන් වැටෙන ටෙනිස් බෝල අඩු වේවිද කියලා.

    අක්කගේ රැකියාවත් එක්ක අක්කට මනුස්ස ජීවිත ගැන කතන්දර ගොඩක් අහන්න දකින්න හම්බ වෙනවා නේද? ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. සොමියෝ....... සුළු පිරිසකගේ දිශානතිය වෙනස් වෙයි...... ඒත්..... බහුතරය කෙබදු ආකාරයකට හැඩ ගැසේද කියන්න බැ. අපි සුළු පිරිසක් වෙනුවෙන් හරි, මේ දේ අගය කරමු. මොකද සියල්ල එකවර විසදා ගත නොහැකි නිසා.

      වනාත පැත්තෙන් වැටෙන ටෙනිස් බෝල නම් කවදාවත් නතර කරන්න බැ.... සොමි..... වනාතෙ අනවසර ගෙවල් හදල තියෙන්නේ, හිර ගෙදර , තාප්පෙත් එක්ක.එක්කෝ වනාත මෙතනින් ගෙනියන්න ඕන..... නැත්නම් හිර ගෙදර යන්න ඕන...... ලගදි හිර ගෙදර නම් යනවා සොමියෝ......අගුනුකොලපලැස්ස වැලිකඩ ආකාරයේ ගම්මානයක්. හිර ගෙදර සමග ඉඩකඩ ඇතිව. දැන් ඉදිවෙනවා.

      සොමියෝ...... මං දැන් ඇතුලේ නැ......හැමදෙයක්ම ආරංචි මාර්ග පමණයි.වාර්තා වෙන්නේ, මගේ සටහන් වල. මං මෙතන හිටියත්....... දුක්ඛිත කතා අහන්න ලැබෙනවා.

      Delete
  3. සමාර විට හැම දේම කණපිට පෙරලන්නත් සමහර හොර වැඩ තවත් වර්ධනය කරන්නත් මේ සීන් එක උපකාරි වෙන්න බැරි කමක් නෑ... නිති විරෝධී අයිටම් හන්ද මේක කළා කීව නෙ ඒ හන්ද ඒ ගැන අවධානය අඩු කලොත් නං සොරිම වෙයි...
    අනික අපි හැම වෙලේම කියන විදියට ලංකාවෙ නොවෙන හො නොගැලපෙන ඕනම දෙයක් අපිට ඕන විදියට හැඩගස්සගන්න හැකියාවක් තියෙන අපේ රජ ඇම්ඩල මේකට මොකක් හරි උප්පරවැට්ටියක් නොකලොත් නං පුදුමයි..
    කොහොමත් තවම ආරම්භය පමණයි නෙව බලමු ටිකක් නැවතිල්ලෙ ඉදල...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔව්..... මහේෂ්..... කණපිට පෙරලෙන්න පුළුවන් වන්නේ ..... අවදානය වෙනස් වීම මත. ජංගම දුරකථන භාවිතය හොදින් සිදුවීම, නේද....? ඒත් මං දන්නා තරමින් ආවරණ කලාපය තුල සිග්නල් නතර කරලා තියෙන්නේ. ජංගම දුරකථන සදහා දැනටමත්.

      Delete
  4. මේකෙ සුබවාදී පැත්ත වගේම අසුබවාදී පැත්තකුත් තියෙනවා. බන්ධනාගාරය්ක් තුල සැබවින්ම පුනුරුත්ථාපනය වන රැඳවියෙකුට මේක මහඟු සේවාවක්. නමුත් ඒ තුල සිටින කුඩු කාරයන්ට, ගංජා කාරයන්ට, හිරේ ඉඳන් ප්ලෑන් අඳින මිනී මරුවන්ට මේක පනින රිලවුන්ට ඉණිමං බැඳීමක්.

    ReplyDelete
    Replies
    1. මනොෂ්...... මෙය වැරදි විදියට යොදවන්න අමාරුයි..... ස්වයංක්‍රිය පටිගත කිරීමක් වෙන නිසා.... මේවා කරන්න වෙන ක්‍රමයක් හොයා ගන්න වෙනවා, ඒ ගොල්ලන්ට දැනට සුභවාදී පියවරක්.

      Delete
  5. පාතාලයට අයිති නැති අහිංසක රැඳිවියන්ට නම් සහනයක්. නිහිංසා කිව්වා වගේ දැන්ම නිගමනයන්ට එන්න අමාරුයි. ඔවුන්ට තියෙන ඉතා අමානුෂික සහ අවම පහසුකම් හැටියට මේකත් යම් සහනයක්.

    ReplyDelete
    Replies
    1. ඔව්..... අරූ අයියේ,,,,, මේ මොහොතේ හොද පියවර ... අපි හොද විදියට දකිමු..... බන්ධනාගාර ප්‍රතිසංස්කරණ යටතේ......ප්‍රථිපල කුමන ආකාරයෙන්ද යන්න ඉදිරියට බලමු....

      Delete
  6. නියමයි අක්කේ, අහිංසක රැදවියන්ට හොද අවස්තාවක්

    ReplyDelete
    Replies
    1. ඔව්.... ඕමා...... අහිංසකයින්ට විතරක් ප්‍රයෝජනයක් වෙයි.....

      Delete
  7. ljqrq yrs fukak fua jf.a l:d lf,d;a fuflo lrkafka?????

    රේකෝඩින් වලින් වැඩක් නෑ නේද??

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඒක නම් තාම කියන්න බැ සිජේ.

      Delete
  8. හැබැයි මේ පහසුකම් නොදුන්නා කියලා අඩුවක් නෑ. දැනටත් බන්ධනාගාරය ඇතුලේ ඉනද පාතාලයන් පවා මෙහෙයවන්නේ , නොනිල විදිහට ඕනෑම දෙයක් කරන පුළුවන් රටක් මේක

    ReplyDelete
    Replies
    1. ඔව්...... ඉවාන්...... තාම මේ නව තත්වය තේරුම් ගන්න බැ. කලිනුත් මේ නොනිල පහසුකම තිබුනනේ....

      Delete
  9. හොද වැඩක් වගේ නේද එකනම්

    ReplyDelete
    Replies
    1. බලමු තරිදු...... ඉදිරිය.... හා එන කතාවන්....

      Delete
  10. මානව හිමිකම් ගැන වැඩි සැලකිල්ලක් දක්වන රටවල සිරකරුවකුට ලැබෙන පහසුකම් දැක්කම මෙව්වා බොහොම සරල දේවල්. නමුත් අපේ රටට ලොකු දෙයක්. නමුත් මා හිතන්නේ නැහැ හොර ජංගම දුරකථන සිරකරුවන්ගෙන් ඈත්වෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. විචාරකතුමනි..... ඇත්ත..... අපේ සිරකරුවන්ට ....තියෙන්නේ අවම පහසුකම්. ජංගම දුරකථන නොතිබ්බොත්..... පුදුමයක්, මං හිතන්නේ ඒකට උත්තරයක් විදියට නෙමේ , මේ පහසුකම.

      Delete
  11. අපේ අය්යල ඔකෙනුත් මොකක් හරි මගඩි වැඩක් සෙට් කර ගනී.. අනික ගොඩක් බන්ධනාගාර වල වැඩ සිද්ද වෙන්නේ ඇතුලේ අයත් දැනුවත්වනේ.. ආකල්පමය වෙනසක් අලුත් දෙයක් වෙයි කියල සුභාවදිව හිතමු.

    ReplyDelete
    Replies
    1. සමහර දේවල් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු වෙනවා, මේක නවත්තන්න අමාරුයි සිහින.... හේතුව මොකද්ද මන්දා...

      Delete