Tuesday, October 21, 2014

රූපලාවන්‍ය සදහා වියදම් කල ඇමතිනිය


            රූපලාවන්‍ය කටයුතු සදහා දේශපාලන මුදල් වැය කල ජපාන වෙළද හා කර්මාන්ත ඇමතිනිය වන යුකෝ ඔබෝචි හට අගමැති දෝෂාරෝපණය කිරීම හේතුවෙන් ඉල්ලා අස්වීමට සිදු  විය. පක්ෂයේ දේශපාලන අරමුදල් අත්තනෝමතිකව භාවිතා කිරීම ඇයට එල්ල වූ චෝදනාවය. 

        මෙම සිදුවීම නිසා වත්මන් අගමැති, ෂින් ෂෝ අබේ  වෙත දැඩි බලපෑමක් මාද්‍ය වෙතින් සිදු විය. පක්ෂයේ අරමුදල් දේශපාලන නොවන අරමුණු සදහා වියදම් කල නොහැක. 

           පසු ගියදා , එරට මාද්‍ය වාර්තා කරන ආකාරයට ඇය සහ ඇගේ කාර්ය මණ්ඩලය ඇමරිකානු ඩොලර් දහස් ගනනක් වැය කර රූපලාවන්‍ය උපකරණ මිලදී ගෙන ඇත. එසේම, ටෝකියෝ  නුවර සංචාරය කිරීම සදහා ඩොලර් දස දහස් ගානක් වියදම් කර ඇත. මෙය මාද්‍ය මගින් අනාවරණය වීමත් සමග ඇය ඉල්ලා අස්වෙන බව මාද්‍ය වෙත ප්‍රකාශ කර ඇත.     

        ජපානයේ දේශපාලන සභාගිත්වය සදහා වැඩි කාන්තා නියෝජනයක් ලබා දීම අගමැති විසින්  අරමුණු කරගැනීමේ ක්‍රියාදාමය මේ හේතුවෙන් පසුගාමී තත්වයට වැටෙන බව මාද්‍ය ප්‍රකාශ කරයි. 

          අගමැතිවරයා පසුගිය මාසයේ, සංශෝධනයට ලක් කරන ලද ජපාන කැබිනට් මණ්ඩලයට අළුතින් පත් කරන ලද කාන්තා නියෝජිතයින් පස්දෙනා අතර ඇයද සිටියාය. එසේම අනාගත අගමැතිවරියක වීමේ හැකියාවද ඇය වෙත වූ බව මාද්‍ය ප්‍රකාශ කරයි. 

        අගමැතිගේ ඉලක්ක සපුරා දීම තමන්ට නොහැකි වූ බැවින් ඉල්ලා අස්වෙන බව, සිය නිල ප්‍රකාශයේදී ඇය දන්වා සිටියාය. 

        එසේම .... ජපාන ආර්ථික සුරක්ෂිතතාව සහ කාන්තාවන් සදහා හොද තැනක් ලබා දීමද , අගමැතිවරයාගේ මුලික අදහස වී තිබුන බව ඉල්ලා අස්වූ යුකෝ ඔබෝචි තව දුරටත්  පවසා සිටියාය. 

ජපානය යනු වේගයෙන් දියුණු වූ රටකි. එරට ආර්ථික ප්‍රතිපත්ති දැඩි බවින් යුක්ත වීම හේතුවෙන්, හොද ආර්ථික ස්ථාවරයක් ගොඩ නගා ගෙන ඇත. අනවශ්‍ය වියදම් ජපන් වැසියන් කවදත් නුරුස්සති. මුදල් මිස සෝබන ක්‍රියාකාරකම් වලට ඉඩක් නැත. 

          හිටපු ඇමතිනියගේ  මෙම රුපලාවන්‍ය භාණ්ඩ මිලදී ගැනීම, කිසිවකු අනුමත නොකළ අතර ප්‍රශ්න  කිරීමට ලක්වීමේදී..... ඇය, නිහතමානිව , රටක ප්‍රබල අරමුණු වලට ඉඩදී ඉන් ඉවත් විය. 
      
      එහෙත්...... මේ ආදර්ශය අප රටේද පැවතියේ නම් , මෙලහකට ලංකාව සිංගප්පුරුවක් වත් වී ....... අවසානය.  

31 comments:

  1. //එහෙත්...... මේ ආදර්ශය අප රටේද පැවතියේ නම්..// විළි ලැජ්ජාව මුලිනුපුටා දමා හොරු සමග හෙළුවෙන් ඉන්න අපේ රාජ රාජ මහාමාත්‍යාදීන්ගෙන් එවැන්නක් කවදා බලාපොරොත්තු වෙමුද නිහිංසෝ?

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත..... කල්‍යාණ මිතුතුමෝ......අනවශ්‍ය වියදම් හා සෝභන වලට නම්.... අපි අංක එක....

      Delete
  2. ජපානේ කෙලි මෙහේ කොරයි !!

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. කරල බැලුවොත් මොක වේද සිජේ.....

      Delete
  3. //එහෙත්...... මේ ආදර්ශය අප රටේද පැවතියේ නම්// හීනෙන්වත් නෑනෙ අප්පා එහෙම වෙන්නෙ!

    ReplyDelete
    Replies
    1. අපි හිතනවා....... එහෙම වේවා..... කියල ප්‍රියා......

      Delete
  4. ජපන් රටේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ... ♩ ♪ ♫ ♬
    අපෙ කට්ටිය මේකප් දාන්නෑ...
    ජපනුන්ට එන්න කියමු..
    අපේ රට බලන්න කියමු..
    බලාල ඉගෙනගන්න කියමු අපි..
    ජපනුන්ට ටියුෂන් දෙමුකො අපි... ♩ ♪ ♫ ♬
    :3 :3

    ReplyDelete
  5. දීලා බලමුද. ටියුෂන් ......... මෙහේ එහෙම වෙන්නේ නෑ.........නම්..... සංචාරකයෝ.....

    ReplyDelete
  6. අපේ රටේ මේ ඉන්න දෙගොල්ල ඉන්නකල්ල අපිට කවමදාකවත් මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේම අපේ රටට කවදාවත් නැඟිටින්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. මේ දෙපැත්ත මාරු වෙනවා මිසක් අපට වෙන සෙත මොකද්ද මනොෂ්......

      Delete
  7. ඒ ජපානෙනේ .. මට මතක් වුනේ පිලිපීනෙ හිටපු මාකෝස් ගේ ක්‍රියා කලාපය ,මේක කියවනකොට

    ReplyDelete
    Replies
    1. මකෝස්ට යන්න උනේ මිට වඩා බැරෑරුම විදියට නේද ඉවාන්.... ඔහු වගේම බිරිදටත්....

      Delete
  8. ඕවගේ දෙයකට අපේ රටේ කවුරු හරි චෝදනා ලැබුනොත් ඉල්ලා අස්වෙන්න වෙන්නෙ ඇමිතිනියට නෙවෙයි චෝදනා කල පාර්ශවයට :)

    ReplyDelete
    Replies
    1. ඔව්.... හංසි කට උත්තරත් නැති වෙයි....... මෙහේ අය ඉල්ලා අස්වීමේ ලියුම පෙන්වනවා විතරයි. ඔප්පු උනොත් අස්වෙනවා කියල කියනවා විතරයි.... කරලා පෙන්නනේ නෑනේ .....

      Delete
  9. සිංගප්පුරුව හැදුනේ අපේ රට දැකලාය අහා අපි කෙතරම් දස්සයෝද අපි යන්නෙම පස්සටය.. අපේම වාසනාවට පහල වූ ජන නායක පිරිසක් සිටි සාදු සාදු

    ReplyDelete
    Replies
    1. ඔව්...... සිංගප්පුරුව නොදියුණු මට්ටමේ ඉදල ..... එදා ....අපේ රට දිහා බලලා දියුණුව කරා යන්න ආදර්ශ සපයා ගත්තා..... අද අපේ රට යන්නේ අප්‍රිකන් තත්වයට....... පසුගාමිත්වය කරා. shagiyo ....

      Delete
  10. //එහෙත්...... මේ ආදර්ශය අප රටේද පැවතියේ නම් , මෙලහකට ලංකාව සිංගප්පුරුවක් වත් වී ....... අවසානය. //

    හීනෙකින් වත් දකින්නේ නෑනේ.. මොනවා කරන්නද මේ කාලකන්නි එක්ක...

    ReplyDelete
    Replies
    1. ඔව්.... සිහින මෙහෙම ගියොත්, දකිනවා තියා හිතන්නවත් බැ.....

      Delete
  11. ජපනුන්ට අපේ එවුන් තරම් ලැජ්ජාවක් හිරිකිතයක් නැහැ...ඒකනේ ඔය හොරකම් කරන්නේ..

    මම මේ ඇත්තටම කල්පනා කරේ නිහිංසා...මේ නිව්ස් දකින කොට අපේ මේ හොරු රැළට ලැජ්ජාවක්, ගිල්ටි ෆීලින්ග් එකක් එන්නේ නැද්ද කියලා.

    ReplyDelete
    Replies
    1. වාක්‍ය වැරදුනාද...... අරූ අයියේ...?

      මේවා දෑක්කමවත් අපේ අයට මොකුත් හිතෙන්නේ නැ. අරූ අයියේ....ඔවුන්ගේ සැම හැසිරිමක්ම දැන් සාමාන්‍යයි. no feelings ...

      Delete
    2. උඩ වාක්‍යය නේද? උපහාසෙටමයි ලිව්වේ.

      Delete
  12. හිහි...
    මං හිතුවෙ තුන්වෙනි ලෝකෙ රටවල විතරයි හොරු ඉන්නෙකියල බැලින්නං ලේකෙ කොහෙත් එකයි නෙව...
    නිකං ඇස්සට දතනියෙව්වට

    ReplyDelete
    Replies
    1. ඔව්...... මහේෂ්....... වැරදි චේතනා කා තුලත් පහල වෙනවා..... ඒක මිනිස් ස්වභාවය ...එකට තියන විසදුම.... වැරද්ද පිළිගෙන සමාව භජනය කර ඉවත්ව යාම.....

      Delete
  13. අපේ මිනිස්සු ඒ අති ග්‍රේට් මට ඇඩෙනවා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම grade ...... මටත් හිතුන. දේශක....

      Delete
    2. මම හිතන්නේ great කියලා.

      Delete
    3. ඔයා හරි අරූ අයියේ....

      Delete
  14. හෙක් ඒ ඇන්ටි හරි ලස්සනයි නේ අක්කා, බලාගෙන ඉමු ලංකාවේ ඇන්ටිලා ටිකත් මොනවාද කරන්නේ කියලා, අපේ ඇන්ටිලා ඉතින් සාරි වලටයි රත්තරන් බදු වලටනෙ වැඩිපුරම තැන දෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇන්ටි ලස්සන වෙන්න කලින්..... මිනිස්සු ඔළුව කෙලින් තියන් කාල බිල... ඉන්න එපැයි සොමියෝ....

      Delete
  15. නිහිංසා......

    ජපානයේ නිතරම දකින්න තියෙන දෙයක් තමයි මේ... ඔවුන් තනතුරු බදාගෙන ඉන්නෙත් නැහැ. ඇත්තට ම ඒක එක අතකට රටට අහිතකරභාවයකුත් තියෙනවා. මොකද රට දේශපාලනික අතින් ස්ථාවර නැහැනේ.... නමුත් ඒකට අපේ රටවල්... මැරුවත් අතඅරින්නැහැ....

    ReplyDelete
    Replies
    1. කුරුටු...... තනතුරු කියන්නේ තාවකාලික දෙයක් කියල ඔවුන් දන්නවා, නොගැලපෙන දේ හරි..... වැරැද්ද හරි තේරුම් අරන් නිවැරදි වෙන්න දන්නවා. රට ප්‍රපාතයට වට්ටන්නේ නැ.
      නිතර.... නිතර දේශපාලන චරිත මාරු වෙන එක එහේ සාමාන්‍යයි. එතකොට ස්ථාවරභාවයක් නැ තමයි. ඒත්..... පවුල්වාදයට වඩා ඒක හොදයි.

      Delete