Friday, October 24, 2014

ඇදහිලි කල්ලි



ඇදහිලි කල්ලි යනු මොනවාද යන්න සමහර විට ඔබ දන්නවා ඇති..... සමාජයේ සැරිසරන අපට.....විවිධ වෙස් ගැන්වීම් වලින් යුතු ඇදහීම් කල්ලි මුණ ගැසේ. ඒත් .... මේ මොනවාද යන්න අප ගැඹුරින් සිතන්නේ නැත. මං කුඩා කාලයේ ඉදන් දන්නා එක් කල්ලියක් තමා මේ.... සායිබබා ඇදහීම .... මේ සදහා සංවිධානය වූ පිරිසක් එකල ලංකාවේ සිටියහ..... ඔවුන් සායිබබා වන්දනා මාන කරන්න බැතුමතුන් සේ ඉන්දියාවට ගිය අයුරුත් , ප්‍රසිද්ධ කරුණකි. වැඩිපුරම මේ වන්දනාවට යොමු උනේ , වෙළද ව්‍යාපාරිකයන්ය. දැන් සායිබබා නැත. එහෙත් තවමත් වන්දනාවේ අනුගාමිකයින් යනවා යයි මා වර්තමානයේ අසා නැත. 

එහෙත්, දැන්..... සෙන්ෂුයි කලාව නමින් මේ ව්‍යාපාරිකයන් පිරිස හසුරුවමින්, චීන වන්දනාවක් ප්‍රචලිතව ඇත. දීප ව්‍යාප්ත මට්ටමින් වැඩමුළු පවත්වා, සාමාජිකයින් බඳවා ගැනීමක් මෙමගින් සිදු කෙරේ. නමුත් එම වැඩමුළු සදහා මුදල් අය කරයි.....පත්‍රිකා මුද්‍රණය කරමින්, පිළිම වන්දනාවක් සිදු කරමින්.... යම් ව්‍යාපාර කටයුත්තකට අනුව, සිදුවන වන්දනාවක් දෝයි..... වරෙක මට සිතේ. 

සෙල්ල කතරගම අයිතිහාසික පුරවරය මුල් කර ගනිමින්, තවත්, ව්‍යාපාරිකයින් කොටසක් පුජා වට්ටි තබමින් ලක්ෂ්මි වන්දනාව සදහාද මෑතකදී හුරු වී ඇති ආකාරයක් තවත් මානයකින් මා හට පෙනේ..... මෙයට අමතරව වෙනත් වන්දනා හා ඇදහීම් ඇත. ඒවා ඔබ දන්නවා ඇත. මේ ..... මට මතක උදාහරණ කීපයක් පමණි.

මෙන්න මේ ආකාරයට කල්ලි ගැසී යම් නායකත්වයක් මුල් කර ගනිමින්, අපේ සාමාන්‍ය ජනතාව වන්දනාමාන කරන අයුරු හා නොවිදිමත් වැඩ පිළිවෙලකට ගැතිවී ඇති අයුරු මේ අනුව මා හට සිතිය හැක. 

ඇදහිලි කල්ලි යන්න මොනවාද යන්න විද්‍යාත්මකව නිර්වචනය කරන විට මේ සංකල්පය ආකාර දෙකක් ගනී.

1. බදවා ගනු ලැබුවන් හෝ සාමාජිකයන් සංවිධිත මනෝ විද්‍යාත්මක සහ සමාජමය පෙළඹවීම් ක්‍රියාවලින්ට ලක් කරන ඇදහිලි කල්ලි හා ඒ හා සමාන කණ්ඩායම්ය.

2. වානිජමය ලෙස අලෙවි කරනු ලබන විශාල කණ්ඩායම් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් වෙනත් 'ස්වයං අභිවුර්ධි' වැඩසටහන් හා මනෝ විද්‍යාව පදනම් කරගත් විවිධ සංවිධාන වේ. 

මොවුන්ගේ අරමුණ හා සම්බන්ධ  දීර්ඝ කාලින ගනුදෙනුවක් සිදු  නොවේ. ඔවුන් වඩා කැමති වන්නේ, තමන් විශ්වාශ කරන සාමාන්‍යයෙන් වසරක් හෝ දෙකක් සමීපව කටයුතු කිරීම හා තම පාඨමාලා මිලදී ගැනීමත්, නව සාමාජිකයින් බදවා ගැනීමත්ය. මේ දෙවර්ගයම කණ්ඩායම් සිතුවිලි ප්‍රති සැකසුම් ක්‍රියා මාර්ග අනුගමනය කරයි. 

මෙම ඇදහිලි කල්ලි බලහත්කාරී මානසික බලපෑම් හා චර්යාත්මක පාලන ක්‍රම සහිත සමෝධානිත වැඩසටහන් සකස් කරති. මෙය කරනු ලබන්නේ විවිධ දර්ශනයන්, න්‍යායන්, භාවිතයන් වටා ගොඩ නැගුනු පුද්ගල ආකල්ප වෙනස් කිරීමට ඉතා පැරණි පෙළඹීම් විධි භාවිතා කරමිනි. මේ සදහා උපායන් හා උපක්‍රම අවශ්‍ය බව මේ අති දක්ෂ මානසික හසුරුවන්නන් අත්දැකීමෙන් දනී. 

මා ඔබට ඉදිරිපත් කලේ ඇදහිලි කල්ලි පිළිබද මුලික කරුණු කීපයක් හා ඒවායේ ස්වභාවය ඉදිරිපත් කිරීමක් පමණි. මේ වන විට ඔබත් නොදැනුවත්ම මෙවැනි කල්ලියකට හසුව ඇත්දැයි හා සමීපතයන් ගොදුරුව ඇත්දැයි සැලකිලිමත් වන්න. මෙයත්, එක් සමාජ ව්‍යවසනයක් බව පෙනී යන්නේ, ජනතාව මුලාවීම් වලට ලක්වූ අවස්ථා, මා මාද්‍ය මගින් දැක ඇති නිසාය . මේ නිසා යම් යම් අපයෝජනයන් හා සමාජ විරෝධී ක්‍රියා සිදුව ඇත. දැඩි මානසික බලපෑම් වලට ලක්වීමෙන් පෞරුෂය බිද වැටි ඇත. මෙය තවත් අපරාධකාරී චර්යාවකට හේතු විය හැකි කරුණක් වන  බව ගැඹුරින් සිතීමේදී වැටහේ. 

මිනිසා වටා අවිද්‍යාව ගොඩ නැගෙන යුගයක...... සත්‍ය සොයා යාමට මග සලසා ගන්න නිවැරදි දැක්මෙන්.......

ඇදහිලි කල්ලි පිළිබද තවත් තොරතුරු ඉදිරි දිනක ඔබ වෙත නැවත ගෙන එන්නම්..... 

එතෙක් ...... ඔබ දන්නා උදාහරණ ආශ්‍රිතව අදහස් දක්වන්න....

36 comments:

  1. මිනිස්සුන්ගේ මානසික ව්‍යාධීන් දඩමීමා කරගෙන පවත්වාගෙන යනු ලබන මෙවන් ව්‍යාපාර හා ප්‍රදාන ප්‍රවාහයන්ගෙන් මදක් බැහැරට යමින් කෙටි කාලීන අරමුණු මුල් කරගත් ආගමික මතවාද කල්ලි ගැනත් මීට වඩා ලොකු විස්තරයක් කිරීමට ඔබට හැකියාව හා දැනුම ඇතැයි සිතමි. එවැන්නකට මේ ඇරඹුමක් කොට ගැනීමට සිත් යොමු වේවා! ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිතුතුමෝ ..... අද මා විග්‍රහ කාලේ මුලික කරුණු...... මා ඔබෙන් ප්‍රවේශය ලබා ගන්නවා, කෙටි කාලින අරමුණු තකා ..... එනම් බඩ ගෝස්තරවාදය පිණිස..... හා වෙනත් අවශ්‍යතා සදහා ගොඩ නගා ගත්..... ජංගම ඇදහිලි කල්ලි ගැන
      මේවට හොද පාඩමක් ඉගැන්නුවා කලින් බලුම්ගලින්......ඔබට මතක ඇති.

      Delete
  2. හැක හැක ඕක තමා කියන්නේ... ලෝකේ දියුණු වෙද්දී ලංකාවේ උන්දැල ගල් යුගෙට යනවා... වට් ටු ඩු...

    ReplyDelete
    Replies
    1. ලෝකේ දියුණු වෙද්දී, සිහින...... අපේ අයගේ ආකල්ප දියුණු වෙන්නේ මිත්‍යාවත් එක්ක නේ.... ඒ හින්ද ගල් යුගයට යන්නම වෙනවා.

      Delete
  3. දැන් නැගලම යන වැඩේ තමයි ෆෙන්ෂුයි , අන්තිමට සෙන්ශුයි කාරයා ගොඩ , අපේ උන් කබලෙන් ලිපට

    ReplyDelete
    Replies
    1. ඕක ඉවාන් මොළයක් නැති උන් ඉන්න රටකට නියමෙට යනවා... ඕන කුණුහරපයක් අත් දෙකින් ම භාර ගන්නවා... අර බඩතඩියා දැක්කා ම දවසම ඉවරයි. මොන සුභක්ද???

      Delete
    2. ඉවාන්...... , කුරුටු, ... ඒ බඩ තඩියට අපේ කට්ටිය මාර ආදරෙයි..... පඩුරු තියනවා.... දෝතින්ම.
      අනේ මන්ද ... මේවා කොහොම උනාද කියල.... මේක උනේ නම් සායිබබා ගෙන් පස්සේ.

      Delete
  4. මේ පැත්තේ තියෙනවා දැන් භාවනා කරනවා කියලා කට්ටි පිටින් ගිහින් එන සීන් එකක් . ඒකෙ කරන්නේ භාවනාවෙන් ලෙඩ සුවපත් කරනවා කියල එකක් . යෝග වගේ . ඒත් යෝග නෙවෙයි . අන්තිමට චීන කටු චිකිත්සාවත් කරලා කරන්ට් අල්ලනවලු . ගොඩක් ඇය තාවකාලික සුවයක් ලබලා පස්සේ කෙලවගෙන හොස්පිටල් යනවලු . එකට ගියපු ඇන්ටි කෙනෙක් කිව්වේ :p :p

    ReplyDelete
    Replies
    1. ඔව්..... වයලිනෝ...... මේකත් එක සිදුවීමක්, භාවනා කරලා චීන කටු චිකිත්සාව කරන්න මොන රටේද....? ලංකාවේ.....
      යෝග කරන මනුස්සයට මොන කටු චිකිත්සාවක්ද.....? මේ මිනිස්සු යෝග කියන එකේ තේරුමවත් දන්නේ නැතිව ඇති......
      මේ ඔක්කොම කවලම් කරගෙන ටික ටික මික්ස් කරලා, මේ ලංකා style එකක් හදල වගේ මට පේන්නේ.....
      තාවකාලික සුවය කියන්නේ හිත රැවටීම, ඒක ඉවර උනාම ආයේ එන්නේ හිටපු තනටමයි. ඊට පස්සේ ඉස්පිරිතාලේ යන්නේ ඔඩු දුවාගෙන, ගොඩ එන්න බැරි තරමට කල් ගිහින්,
      මෙත් ඇදහිලි කල්ලි තමයි වයලිනෝ....

      Delete
  5. නියම ලිපියක්.. මේවා ගැන කතා කරන්නට ඕනේ. යන්තම් හරි මිනිස්සු දැනුවත් කරන්න කරපු හොද වැඩක්... සුපිරියි.

    ReplyDelete
    Replies
    1. කුරුටු...... මිනිස්සු දැනුවත් කරන්න ඔන තමයි.... මේ ගැන කියල, මේ වැඩමුළු වලට යන මිනිස්සුන්ට නම් දෙයියන්ගේම පිහිට තමයි...... සල්ලි ගන්නවා, ඔළුව අතගාල.

      Delete
  6. මටත් හිතෙනවා ඇදහීම් කල්ලියක් හදාගන්න. ඔව්! :)

    ReplyDelete
    Replies
    1. මොකද්ද ඔයාට ලැබෙන වාසිය...... කියමු බලන්න..... ප්‍රියා.....

      Delete
  7. ඕවගේ ඇදහිලි විශ්වාස කරන සමහරක් අය ඇඟේ මහන්සියක් නැතිව ඉක්මනින් සල්ලි හොයන්න බලන අය.වාසනාව ගෙදරටම ඇවිල්ල සල්ලි ගෙනැල්ල තියල යයි කියල හිතන අය.තවත් සමහර අය ලෙඩ වෙලා අසරණ උනාමත් කරන්නේ මොනාද කියල හිතාගන්න බැරිඋනාමත් ඔය අන්ධ භක්තික විශ්වාස වලට පෙළඹෙනවා.ඔය ඇදහිලි ඉස්සර කාලේ ඉඳන්ම තියනවයි කියල තියනවනෙ ඒ නිසා අද වගේම අනාගතෙත් එක එක මුහුණුවරින් ඔය ඇදහිලි තියේවි.

    ReplyDelete
    Replies
    1. ඔව්.... හංසි...... මේක අතීතයේ ඉදන්ම පැවතුන දෙයක්..... දැන් මෝඩ් වෙලා.... අළුත් අංග එකතු කරලා මාර්කටින්ග් කරනවා.
      මිනිස්සු කුමන හෝ හේතුවකට අසරණ උනාම තමයි, මේ ඇදහිලි කල්ලි පස්සේ යන්නේ, ඉස්සර මේ දේවල් කරේ තනි තනියෙන් දැන් group තියනවා.

      Delete
  8. සමා වෙන්න ඕනා....නිහිංසා කියන්නේ අක්ක කෙනෙක්ද නංගි කෙනෙක්ද ඇන්ටි කෙනෙක්ද කියන්න දන්නේ නෑ මම..අලේ ඔයාගේ එක බ්ලොග් එකක් අයින් කරන්න..අපරාදේ ඒකට ගියා මම මම හිතුවේ බ්ලොග් නොලියා කියවන කෙනෙක් කියලා...ආයෙත් හිතිලා තමයි අනිකට ආවේ............

    ReplyDelete
    Replies
    1. ආ..... ඔන්න ඔයාව සාදරයෙන් පිළිගත්තා. ඔයා ඇහුවනේ මං කවුද කියල...... මං ඇන්ටි කෙනෙක් කියල හිතන්නකෝ...... මං හිතන්නේ ඔයා තාම පුංචියි.... කියල, දරුවෝ.....

      Delete
  9. නිහිංසා ඔය දෘෂ්ටි මතවාද වලට එල්බගෙන අවිද්‍යාවේ ඉන්න මිනිස්සු එදා ඉදන්ම හිටියා.. නොදැනුවත් කම වගේම බිය තමයි ගස් ගල් පර්වත අදහන්නත් හේතු වෙන්නේ කියලා බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියනවනේ.. ඉතින් ඔය ඇදහීම් කල්ලි ප්‍රයෝජනයට ගන්නේ මිනිස්සුන්ගේ තියන ඔන්න ඔය බය තමා..

    ReplyDelete
    Replies
    1. ඔව්..... ඇදහිලි කල්ලි ඉටු කරන්නේ...... අහිංසක මිනිස්සුන්ගේ ඉල්ලීම්..... shagiyo.... ගස්,ගල්,පර්වත දේව වන්දනා වගේම..... මිනිස්සුත් අදහන්න ගත්තා..... සායිබබා වගේ පුද්ගලයින්....පේන්නේ නැද්ද.... අල්ලා දෙවියන්ගේ නාමෙන් කරන විනාශ..... අන්තවාදී සිරිත් විරිත්..... මේවා කොයි තරම් භයානකද...?
      ඉතින් මෙතන තියෙන්නේ shagiyo...... අවිද්‍යාව විතරයි.....තාර්කික පදනමක් නැනේ...

      Delete
  10. මෙව්වා ගැන කථා කරල වැඩක් තියෙයියැ..
    අපේ අල්ලපු ගෙදරත් තියනවා ජෝරේ සෙන්ටර් එකක්..
    ඒ ගෙදර පොඩිම එකාට දැං මාසයක් වගේ..
    අම්මට කිරි නැතිව පොඩි එකා බෑගිරි තලනවා..
    අම්මයි ආච්චියි සීයයි.. ඇඳේ තුන් පැත්තකට වෙලා ජෝරේ කරනවා..

    ---

    ජ ය !!

    ReplyDelete
    Replies
    1. සිජේ...... මේ ජෝරේ මට තේරුනේ නැනේ.....මේ මොකද්ද ජෝරේ සෙන්ටර් එක කියල දෙන්නකෝ......එතකොට කොහොමද පොඩි එකාට කිරි නැති වෙන්නේ...?

      Delete
    2. චැහ්, මගේ කමෙන්ටෙක දාල ඉවරවෙලා අනිත් ඒව කියවන එකේ කරුමේ. උඹත් ඒකම කියලා. කිව්ව වගේම මේ දරුවට ඒ ගැන කියල දීපන්කො මොලේ මංඥං නොකර.

      Delete
    3. අනේ... මේ ජෝරේ කල්ලිය මට මීටර් නැ..... මනොෂ්......මොලේ මංඥං වෙලා තියෙන්නේ...... තේරුම දන්නේ නැතුව, සිජේ,..... නිහඩයි....

      Delete
    4. පරක්කුඋනාට සොරි නිහිංසා..

      ජෝරේ කරනවා කියන්නේ එක්තරා භාවනා විදියක් තමයි.. (අන්තර්ගතය හරියටම දන්නෑ) ඒත් ඒ විදියට ප්‍රාර්ථනාවක් හිතේ තියන් ජෝරේ කරාම ඒ ප්‍රාර්ථනාව ඉෂ්ඨවෙනවා කියලා කියලා තමයි කියන්නේ.. ඔවුන් විසින් ලෙඩ සුවකරන්නත් මේ ක්‍රමය භාවිතා කරනවා..

      අතනදි උනේ පොඩි එකාගේ අම්මයි, ආච්චියි, සීයයි තුන්දෙනාම එකතුවෙලා කිරි නැතුව අඬන පොඩි එකා නලවන්න ප්‍රාර්ථනා කරගෙන ජොරේ කරන එකයි.. අඬලා අඬලා මහන්සිවෙලා පොඩි එකාට නින්ද යනවා.. මහ එවුන් හිතනවා ජෝරේ නිසා පොඩි එකාට හොඳයි කියලා.. හැබැයි ඒක නෙවෙයි ඇත්ත.. දවස් තුනකට පස්සේ පුංචි එකාට ගොඩක් අමාරු වෙනවා.. අම්මගේ තනේ කිරි නැතිව ඌ බොන්නෙ හුලං විතරයි.. දොස්තර ගාවට අරං ගියාම කිරිපිටි පැකට් එකක් ලියල දීල.. යන්තං ඒක පොවන කොට.. ගමේ හිටපු තවත් කිරිදෙන අම්මකෙනෙක් දවසකට දෙසරයක් විතර ඇවිත් අර පොඩි එකාට කිරි දෙනවා.. අරුං තුන්දෙනා තාමත් ජෝරේ කරනවා_

      ඇඹිලිපිටිය 99 කණුව හරියේ ජෝරේ කරන සෙන්ටර් එකක් තියනවා. නිහිංසටත් පුළුවං ඕනනං ගිහිං වැඩිදුර විස්තර හොයන්න. මොකද ගෙවල්වලට ටිකක් කිට්ටුයිනේ.. හැක් හැක්..

      @ මනොෂ්..
      ඔන්න ඕකනේ උඹලත් එක්ක බැරි, මේකේ ජෝරේ කරන්න පුළුවන් මට විතරයි හරිය..

      Delete
    5. මේක නම් අදමයි ඇහුවේ..... සිජේ..... ඇඹිලිපිටියේ හින්ද හොයල බලන්න ඕන.. මේ පැත්තට ඕක ආරංචි උනේ නැ....... කාගේ කල්ලියක්ද මන්දා......ඔය ජෝරේ.....

      Delete
  11. ඔය ඇදහිලි කල්ලි මිනිස්සුන්ට් ලං කරන්නේ හරි වෙලාව බලල දුක් පීඩාවකට පත් උනාම. අපේ අම්ම මැරෙනකොට මම කැම්පස් එල පලවෙනි වසරේ නංගි අට වසරේ. ඔන්න නියම වෙලාව. මුලින්ම දුවගෙන ආවේ දුඹුරු පාට ලෝගුවක් ඇඳගත්තු ක්‍රිස්තියානි කල්ලියක්. නංගිට තෙල බෙදල සෙට් කරගන්න හැදුවේ. ඕකට අපේ අම්මව සෙට් කරගන්න කලින් ඇවිත් අම්මගෙන් හොඳට අහගෙන ගිය පිරිසක්. මලගේ වෙලාවේ හන්දා අපේ තාත්තා ඉවසගෙන හිටිය. පස්සේ ආවම එලවගත්තා.
    මේක ගැන හොයල බලනකොට අපේ කතෝලික පල්ලියේම කැඩිලා ගිය පිරිසක්.

    ReplyDelete
    Replies
    1. ඔව්.... ජිවන..... මාත් දැකල තියනවා, ඔය ක්‍රිස්තියානි ආගමේ කොටස් ගොඩක් තිනවා, කණ්ඩායම් වලට බෙදිලා...... මේ ගොල්ලෝ කිට්ටු කරන්නේ දුර්වල තැන් වලට..... මං දැක්ක බන්ධනාගාරයටත් මේ ගොල්ලන් රිංගනවා.
      එතන බුද්ධාගම්කරයන්ට මොනවා හරි දීලා , ආගමට බදවා ගන්නවා..... මං ඒ ගැන මේවගේ ලිපියකින් පසුව දැනුවත් කරන්නම්......

      Delete
  12. හෙක් හෙක් අක්කේ මක්කද මුන් මේ කොරන්නේ?

    මිනිස්සු කවදත් පිහිටක් සරණක් හොයාගෙන ගියා, අර කියන්න වයේ (සමහර විට මමම වෙන්නැති) නත්ති මේ සරණන් අඤ්ඤ් ගස් ගල් හරි සරණං වරං නේ?

    ගොඩක් මිනිස්සු තමන්ට පිහිට සරණ තමන්මය කියලා බුදු හාමුදුරුවෝ කියලා තියෙන බව දන දැනම විහාරේ පින් කැටේට රුපියලක් දෙකක් දාල දේවාලේ පුජා වට්ටිය උඩින් මොනරෙක් වඩම්මනවා, කපු දෙයි හාමුදුරුවන්ට.

    අර මිනිස්සු හැමෝගෙම මේ වීක් පොයින්ට් එකට බැහැලා ජෝතියෝද , අරුන්ද මුන්ද හැම එකාම හොඳට මල්ල පුරවා ගන්නවා.

    මම තාමත් මහා රෑ එළියක් නැතිව යන්න උනොත් බය වෙනවා ඒ කොහෙත්ම නොපෙනන හොල්මනට වැඩිය හැංගිලා ඉන්න සතා සර්පයාට. අපිට මේ ගැන දීර්ගව කතා කරන්න පුළුවන්. අක්ක ඒ දේ කරයි කියලා හිතනවා.

    අක්කගේ ලිපිය වටිනවා, ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. සොමියෝ..... කොටසක් මේක විධිමත් ලෙස කරනවා...... සමහරු අවිධිමත් ලෙස මේ කල්ලි හා ඇදහිලි හදා ගන්නවා. අපේ උවමනාව තමයි, ප්‍රබල සාධකය.
      මෙන්න මේ අවිධිමත් කොටස තමයි දේවාල වල ඉන්නේ......මේ ගොල්ලන්ගෙන් පිහිට ලබන්න නම් , උගත්, නුගත් පිරිස සියල්ලම යනවා. මේවයින් ලැබුවා වූ පිහිට තාවකාලිකයි.
      සොමියෝ...... දේවාලේ යන්නේ නැතුව.... බෝ ගහකට කතා කරලා දුක කිව්වම බෝ ගහ හරි අහන් ඉන්නවා. එක විද්‍යාත්මකයි. ඒත් දේවාලේ වෙන්නේ සිත රවට්ට ගැනීමක් විතරයි..... දෙයියෝ ඔක්කොම කරලා දෙනකන් අපට බලන් ඉන්න වෙනවා.
      අන්තිමට තියන දේත්.... නැති වෙලා ඉවරයි..... බලන් ඉන්නකොට.....

      Delete
  13. ජෝරේ ද, මොකද්ද කියල කාල්ලියකුත් තියෙනවා නෙද ලෙඩ හොඳ කරනවා කියන. මට මතක් උනේ එක්ස් ෆයිල්ස්..

    ReplyDelete
    Replies
    1. එක්ස් ෆයිල්ස් මං අහල තියනවා...... මගේ යාළුවොත්....... ඕවට ගියා.... ඒකාලේ මටත් කතාකලා..... කරුමෙට යන්න වෙලාවක් තිබුනේ නැ...... මොකද්ද කියල බලන්න. එතනත් මොළ සෝදනවලු...... ගියපු අය ටිකක් වෙනස් උනා....... සමහර ප්‍රසිද්ධ චරිත පවා, වෙනස් උනාලු එතෙන්ට යාමෙන්.....
      ඒක අර දීප්තිගේ එකක් නේද......? සගරවකුත් publish කරා.....'සුළං කපොල්ල' කියල ... දැන් ඒක නතර වෙලා...... කට්ටිය බනිනවා. අතරමං කරා කියල..... මන්ද..... මොකද්ද තේරුම...... දීප්ති ගැන ටිකක් දන්නවා.....

      Delete
  14. පොඩි කාලේ ඉඳලම මිථ්‍යා අදහස් ඔළු වලට පිරෙව්වම පස්සෙ කාලෙකදී ඕනම දෙයක් කියලා රවට්ටගන්න ලේසියි.. ඒකයි ප්‍රධානම ගැටළුව.. ශිෂ්‍යත්වෙ පාස් වෙන්න කියල ළමයට දේවාල කපුවො ලවා අමුවෙන් තලගොයි දිවවල් කවන්න පුළුවන් දෙමව්පියෝ ඉන්න රටක් මේ..

    ReplyDelete
    Replies
    1. මුලින් ආශාන්ව සාදරයෙන් මගේ අඩවියට පිලිගන්නවා. බොරු ඇදහිලි වලට දෙමාපින් දරුවන් මුලින් යොමු කරන්නේ...... පහේ ශිෂ්‍යත්වයේදී තමා.
      ප්‍රථමික අවස්ථාවෙන් පටන් ගෙන ..... සැලසුම් සහගත ලෙස අප මේවට අහු වෙන්නෙත් ඔය විදියට තමා.

      Delete
    2. ස්තූතියි.. :)
      ඇත්ත.. මුලදිම එහෙම දේවල් වලට පුරුදු කරල ගත්තම පස්සෙ කාලෙක වැඩිහිටියෝ වුණාමත් ඒ විශ්වාසවලින් මිදෙන්න අමාරුයි.. ඇස් පනාපිටම බොරු කියල ඔප්පු වුණත් යටිහිත පිළිගන්නේ නැහැ.. ඉතින් පරම්පරාවෙන් පරම්පරාවට බෝ වෙනවා..

      Delete
  15. මේ ඊයෙ පෙරේදාත් ඔය සැනසුමට මග කියන මොරටුවේ තියන අන්තවාදී ඇදහිලි කල්ලිය දවස් 3ක ලොකු වැඩසටහනක් කරා. ලොකු පාදිලියා කියාගාන්න එකා සල්ලි දීල ලැහැස්ති කරපු මිනිස්සු පෝලිමට ස්ටේ්ජ් එකට ඇවිල්ලා දෙවියන්ගේ ගුණ කිව්වා. තව එතැනම සුව කරාත් එක්ක.

    ReplyDelete
    Replies
    1. කතෝලික ආගමේ මේ ඇදහිලි කල්ලි වල ප්‍රවනතාව වැඩියි....පේදුරු....මේවා ඉතාම සියුම් ආකාරයෙන් සංවිධානය කරලා , පටන් ගන්නේ, සැම විටම තියෙන්නේ ඇස්බැන්දුම්.....
      මිනිස්සු මේවට අහුවෙන්නේ අසරණ අවස්ථා වල.
      අන්තිමට මොනවාද ලැබෙන්නේ කලකිරීම විතරයි...... බොරුව.... අපටම වැටහෙනවා.... පසුකලදී..... ඒත්..... ලජ්ජාවට ඉන්නවා. කියා ගන්න බැරුව.

      Delete