Friday, October 3, 2014

ආචාර්ය උපාධිය හා ජනපති බිරිද

        
   
        සිම්බාව්වේ පළමු කත වන ග්‍රේස් මුගාබේ, ලබා ගත් ආචාර්ය උපාධිය ආපසු ලබාදෙන ලෙස ලෝක ප්‍රකට ලේඛක වෙන්ජරායි හෝව් දැනුම් දී සිටි. පසුගිය මාසයේ සිම්බව්වේ සරසවියෙන් මුගාබේ මහත්මියට මෙම ආචාර්ය උපාධිය පිරිනමා ඇත. 
            ඇය .... සිම්බාව්වේ සරසවියේ ලියාපදිංචි වීම ගැනද, විවධ මත පලවී ඇත. ආරංචි අන්දමට මුගාබේ මහත්මිය විශ්ව විද්‍යාලයේ ලියාපදිංචි වී, මාස දෙකක්වත් නැති බව, වාර්තා වේ . 
           මේ ගැන පුළුල් පරික්ෂණයක් කරන ලෙස සිසුහු ඉල්ලා සිටිති. මෙයට විරෝධතා දැක්වූ, වෙන්ජරායි හෝව්, ප්‍රකට නවකතාකරුවකු , කවියකු හා සිම්බාව්වේ සරසවියේ උපාධිධාරියකු මෙන්ම ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක්ද වේ. මේ වන විට ඔහු නොර්වේ හි වාසය කරයි. 
           සිම්බාව්වේ තත්වය මෙසේ වුවද ලංකාවේ තත්වය නම්..... මෙයට හාත්පසින්ම වෙනස්ය. ලංකාවේ ආචාර්ය උපාධි කඩ ඇත. මුදල් ඇත්තන් හටද , උපාධි ලේසියෙන් ලබා ගත හැක. මෙහේ බැරි නම් විදේශයකින් හරි උපාධියක් සපයා ගත හැක. ඇත්තටම මේ විදියට ලබා ගන්න උපාධි.....  මොකටද....? ආත්ම තෘප්තියක් හා සේවයක් මේ තුල ඇත්ද....? 
         සිම්බාව්වේ මේ නාමික උපාධියට විරෝධතා දැක්වුවද , ලංකාවේ නම් , ලොකු බලපෑමක් කල නොහැක. ගත්ත උපාධි අවලංගු කලා යයි අරන්චියක්ද නැත. 
මට නොතේරෙන එකම දෙය මෙයයි....... අපට උපාධි මොකටද......?

21 comments:

  1. එහෙම බැලුවාම ලෝකයේ ඉහළම උද්ධමනයක් තිබ්බත් ඒ රටේ මිනිස්සු අපිට වඩා ඉස්සරහින් ඉන්නේ.අපෙත් කොයි තරම් ඉන්නවාද නිහිංසා ඔය වගේ ප්‍රශ්නකාරී උපධි තියෙන අය.එත් එක විශ්ව විද්‍යාලකින්වත් මේවාට විරුද්ධව කතා කරනවා අහලා නම් නැහැ.

    ReplyDelete
    Replies
    1. විශ්ව විද්‍යාල වලින් ප්‍රශ්න කරන්නේ නැ. ඒත් ... සිසුන් මේ ගැන ප්‍රශ්න කරද්දී බලය යොදා නතර කර තිබෙනවා. මනෝජ්.....

      Delete
  2. සුදු වැන් එකක් එවන්නද?
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. මට අළු පාට වැන් එකක් තියනවා. සංජිව.....

      Delete
  3. laන්කාවේ උන් ආචාර්ය උපාදියට ලියපු පරීක්ෂණ වාර්තාවල් මොනවාද? නිබන්දන තියෙනවද? එහෙම ඒවාවත් තියෙනවද? මේවා අචාර්ය උපාදි නෙවේ ඔය හොර මැර කුඩ්ඩන්ට දෙන ගෞරව නාම විතරයි අර මොකක් හරි කඩ වලින් අටවලා දෙන්නේ, ආචාර්ය කියලා ඩොක්ටර් රේට් එකක් ගහගෙන පිම්බෙනවා, අනේ අපිට මොකද, එකලාගේ අසාවල් හැබැයි දුක රටේ මහජනයාගේ සල්ලි. එස් බී උපාදි කඩ දාන්න අවසර දීලනේ තියෙන්නේ, ඔය මාලඹේ දාලා තියෙන්නේ, පොඩ්ඩක් අර edex ප්‍රදර්ෂණයකට ගියොත් පේනවා කඩ කොච්චර තියෙනවද කියලා ඔලුව අතගාල ටොකු අනින, අම්මේ පුදුම ආදරයක් තියෙන්නේ, ළමයින්ට හීන විකුනනවා පට්ටේටම.

    ReplyDelete
    Replies
    1. ආචාර්ය උපාධියට නිබන්ධන ඉල්ලන්නේ අපෙන්නේ..... ඒ නිබන්ධනය ලියන්නත් කොච්චර මැරෙනවද.....? ගෞරව නාම කොහොමද ආචාර්ය උපාධියකට සම කරන්නේ.
      යම්කිසි ක්ෂේත්‍රයකට සුවිශේෂී අයකුට නිබන්ධන නැතිව මෙය දුන්නට කම් නැත.සොමියෝ.....
      මේකේ තියන ආසාව මට තේරෙන්නේ නැ. මාලඹේ තියෙන්නේ ධනවත් පංතියට උගත්කම අටවා ගන්න ක්‍රමයක්. මේවායේ හින....... සහ ප්‍රායෝගිකත්වය මට තේරෙන්නේ නැ....

      Delete
  4. ඇත්තම අපිට උපාධි කුමටද????

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. උගත්කම යනු උපාධිය නොවේ..... සි.ජේ..... මාටින් වික්‍රමසිංහට මේ මොකුත් තිබුනේ නැනේ.....

      Delete
  5. සිරාවටම අහවල් දේටද උපාධි කඩේ ගියානම් හොඳටම ඇති...

    ReplyDelete
    Replies
    1. ඔව්.... සල්ලි ඇත්නම් ලාභයි...... වාසියි..... නම්බුකාරයි.....

      Delete
  6. උපාධි නෙවෙයි ඕන මිනිස්සුන්ට ජීවත් වෙන්න හොඳ නරක තේරෙන මොලයක්

    ReplyDelete
    Replies
    1. හොඳ නරක තේරෙන මොලයක් නැතිනිසා වෙන්නැති...බලෙන් හරි උපාධියක් ගත්තේ :D

      Delete
    2. මොලය සමාන වෙනව ඇති..... මේ ආචාර්ය උපාධියට ....ඉවාන්.....ඇරුට වැඩේ තේරුණා.....

      Delete
  7. ලැජ්ජා නැති පාලකයෝ වගේමනේ උන්ගේ අඹුවොත්. හෙට අනිද්දා අපිටත් ආදර්ශෙට ගන්නයි තියෙන්නේ. රට යන්නෙත් ඒ පැත්තටමනේ.

    ReplyDelete
    Replies
    1. පාලකයන්ගේ වරප්‍රසාද අනිවාර්යයෙන්ම වැඩිපුර පාවිච්චි කරන්නේ...... මේ අයනේ.... මට මතකයි....
      චෞර රැජින පොතෙත් මේ ආකාරයේ සටහනක්...... වික්ටර් අයිවන් විසින් තියල තිබුන.....law කරන්න ගිහින්..... සුදුසුකම් හොයද්දි. සහ තමා උගත්කම ප්‍රසිද්ධ කරද්දී.... සෝබෝන් පැත්තේ ගිහින් තිබුන.....

      Delete
  8. මෙහෙ දේසපාලුවන්ට ඒව ඕනේ..

    අහවල් තැන වහගන්න, උපාධිය තියලා..

    ReplyDelete
  9. හෙළුව වහන්න බැ sam උපාධියෙන්......

    ReplyDelete
  10. ඒ උනාට අපේ ආර්යා උත්තමාවියට, මූණ බාගෙට තැම්බිච්ච කේක් ගෙඩියක් වගේ තියාගෙන ඉඳීම ගැන, ආචාර්ය උපාධියක් නොදෙන එකට, මටනං හරිම දුකයි පුතේ.

    මාව හොයන්න සුදු වෑන් එකක් ආවොත් මම දෙනවා උඹේ ගෙදර ඇඩ්‍රස් එක.

    ReplyDelete
    Replies
    1. එයා ඒවා ඉල්ලන්නේ නැ......එයා දැන් අවුරුදු ගනනක ඉදන්.... පොඩි ළමයින්ට උගන්නනවා ...මං හිතන්නේ අවුරුදු 15 කැ වගේ ඉදන්...... ඒ පැත්තෙන් දුන්නත් කමක් නැ කියල හිතෙනවා..... භේදයකින් තොරව උගන්නන නිසා.....
      හැබැයි මං එක දෙයක් දන්නවා..... මොනවා උනත්, ආදර්ශමත් මවක්...... හොද බිරිදක්......

      Delete
  11. උපාදි ගන්න ඔච්චර මහන්සි වෙන්න ඕනද බන්,,,

    බේබි ගෙන් ලියුම් කෑල්ලක් ගත්ත නම් උපකුලපති ගෙදෙට්ටම ඇවිත් උපාදිය දීල යයි...

    ReplyDelete
    Replies
    1. බේබිගේ ලියුම් කෑල්ලට දුන්නේ නම්....... රස්සා.....මේකත් පුළුවන්ද දෙයියෝ...... ඒ ගැන නම් දන්නේ නෑ.

      Delete