Monday, October 6, 2014

පියාඹන කාර් ඇවිත්







         ඉගිලෙන කාර් යනු පියාඹන පිරිසි නොවේ . ඒවා විද්‍යා ප්‍රබන්ධත් නොවේ . සත්‍ය වශයෙන්ම ඉගිලෙන්නටත් පාරේ රෝද උඩ යාමටත් හැකි, ද්විත්ව හැකියාවක් සහිත  කාර් විශේෂයකි . ඇමෙරිකාවේ මැසේව්සේට්ස් ජනපදයේ පිහිටි ටෙරාෆුජිය සමාගම මෙම නිපැයුම ඉදිරිපත් කොට ඇත . 

         මාද්‍ය පවසන්නේ මෙම රථය වෙළද පොලට ආ පසු නව මාර්ග නීති සදන්නට සිදුවන බවයි . මෙම රථයට ඉතා වේගයෙන් ගොඩ් බිමේත් අහසේත් යා හැක . රථයට ඇත්තේ ආසන දෙකකි , රෝද හතරකි , හකුලන පියාපත් යුගලකි . අත්හදා බලන අවස්ථාවේදී එය මිනිත්තු 8 කදී , අඩි 1400 ක් උඩින් පියාසර කරඇත . 

            මෙම රථයක් නිපදවීමට යන මුදල ඇමරිකානු ඩොලර් 279,000 . දැනට මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් , ගැනුම් කරුවන් 100ක් පමණ ඩොලර් 10,000ක් පමණ තැන්පත් කරඇති බව වාර්තා  වේ. ටෙරාෆුජිය සමාගම පමණක් නොව මේවන විට ඕලන්ද සමාගමකුත් 'පැල් ' නමින් පියාඹන මෝටර් රථයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ .

22 comments:

  1. අනේ හොඳයි.. වාසනාවන්

    ReplyDelete
  2. එක තැන උස්සන්න පුලුවන්නම් ට්‍රැෆික් වලදි මරු. පාක් කරන්නත්, ආපහු ගන්නත් ගේමක්ම නෑනෙ.

    ReplyDelete
    Replies
    1. හ්ම්..... මනොෂ්...... ලංකාවටම ගැලපෙනවා. බොරුවට ට්‍රැෆික් අල්ලනකොට....

      Delete
  3. උඩ හැප්පුනොත්.. මල මගුලයි.

    ReplyDelete
    Replies
    1. කාර් වැඩි උනොත්..... උඩත් ට්‍රැෆික් ..... දාවි.....සිහින.....

      Delete
  4. ලංකාවට ආවොත් එකක් කොහොම හරි ගන්න ඕන . අයියෝ සල්ලි ...

    ReplyDelete
    Replies
    1. ඔයාට ලම්බෝගිනියක් නැද්ද.... ඉවාන් තවම......? සල්ලි බලන්න එපා....

      Delete
  5. ට්‍රැෆික් අඩු වෙයි..

    එක්කෝ අප පහලින්ම යන්නම්.. ඇමති මන්ඩලේට දෙමු මේවා..

    ReplyDelete
  6. ඉගිලෙන කාර් ඔය තියෙන්නේ හයි වේ එකේ ඇති පදම්. ආය අමුතුවෙන් ඕනෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ මෙව්වද....? විචාරකතුමෝ.......

      Delete
  7. මේ ගැනම පකිස් පෙට්ටි කොලුවත් ලියලා තියෙනවා දැක්කා... අගෙයි ලිපිය

    ReplyDelete
    Replies
    1. ඔව්..... කුරුටු...... පකිස් පෙට්ටියේ දැකල තමයි..... මේ මං ලග තිබ්බ post එක දැම්මේ.....

      Delete
  8. ඇඩ්වාන්ස් දීපු 100 අතර ලංකාවෙ දෙතුන් දෙනෙකුත් ඇති සුවර් එකට.....
    හැබැයි උන් නම් ....මුලින්ම පුල් කෑෂ් ගෙවන්න ඇති.......
    අම්ම අප්ප දීපු මුදල් නෙමේ........දුක් මහන්න්සියෙන් ......හෙක්...හෙක්......ගසා කාපුව නොවැ ...

    ReplyDelete
    Replies
    1. list එක ලැබුනේ නැ කෙන්ජි....... මෙහේ අය නැති වෙන්නත් බැ.... අපේ අයට හොදට සල්ලි තියනවා....

      Delete
  9. ආහ්. මාත් කොහේදි හරි ඔය ගැන කියෙව්වා. තැන්කුයි..

    ReplyDelete
    Replies
    1. පකිස් පෙට්ටියෙන් වෙන්නැති...... දේශක.... නැත්නම් මේ ගැන නවතම තොරතුරු..... net එකේ තියනවා.

      Delete
  10. ඔන්න බලන්න අක්කේ රනිල් ගොයියා මසචුට්ටේ ගිහින් ලෙක්චර් එකක් දීල ආව ඕක හදන හැටි රාවනා බලයෙන් උපදෙස් අරගෙන, දැක්කනේ මාමිට ඕවා වැඩක් නැති උනාට හදන එකාට හරි කියල දෙන්න එපැයි, ඔය රාවණාගේ ටෙක්නික්නේ, අපෝ අපි හින්ගලයෝ අපිට ඕවා මහා කජු නෙවයි :D

    ReplyDelete
    Replies
    1. ඔව්..... සොමියෝ..... මාත් දන්නා තරමින්, තාක්ෂනය තිබිල තියෙන්නේ රාවණ ලගලු. ඒත්..... එයා අපේද....?

      Delete
  11. නිහිංසා....බිමින් යන ප්ලේන් නැද්ද ළමයෝ...

    ReplyDelete
  12. තියනවනේ......... අරූ අයියේ....... කොහොමත් උඩට නග්ගන්න කලින් හැතැප්ම තුන හතරක් බිමින් නේ යන්නේ ...... ඕන නම් පාරෙත් යන්න පුවන් නේ...... නගන්නේ නැතුව...... ඉන්ධන ඉතුරුයි.... ඕන නම් highway දාල බලමු.....

    ReplyDelete