Tuesday, October 7, 2014

වර්තමාන ශ්‍රිලංකාවේ මලල ක්‍රීඩාව හා ක්‍රීඩිකාවන්ට අත්වූ ඉරණම





          ක්‍රීඩාවට  එදා අප සැලකුවේ මහත්වූ දේවත්වයෙනි. ක්‍රීඩා භුමිය , හරියට පුජා භුමියක් තරම් ගරු සැලකිල්ලක් හා ගාම්භීරත්වයක් දැරූ තැනක් බවට පත් උනා . අපි ක්‍රීඩාවකට අවතීර්ණ උනේ භූමියට වැදලා , ආශීර්වාද අරගෙන . ක්‍රීඩා ගුරුවරුන්ට අදත් අපි සලකන්නේ මහත්වූ භක්තියෙන් . 
          ක්‍රීඩාව අපේ ජිවිතයට දුන් දේ බොහෝයි . පොළොවේ පය ගහල අද අපි ඉන්නේ , ඒ  ආනිසන්සෙන් , අද අපි ස්ථාවරව ඉන්නවා , එත් වර්තමාන මලල ක්‍රීඩාව දිහා බලපුවම ,එදාට වඩා අද බොහෝ වෙනස් තැනකයි තියෙන්නේ . ක්‍රීඩාව ලෝකය සමග ඉදිරියට ගියාට , අපේ මලල ක්‍රීඩාව නම් පසුගාමී තත්වයකයි තියෙන්නේ කියල , ඕනෑම කෙනෙක් දන්නනවා . එදා වගේ සුපිරි තරු අද නැ . තරු පැයුවත් ,ඉක්මනින්ම කඩන් වැටිලා  . මෙයට හේතුව කුමක්ද කියා නම් ක්‍රීඩා විචාරකයෝ හා දිනපතා ක්‍රීඩා භුමි වල සැරිසරන්නන් නම් දන්නනවා ඇත . 

         මලල ක්‍රීඩා සදහා සුදුසුකම් ලබා ගමෙන් කොළඹට පැමිණෙන ගමේ ළමුන් රට තොට ,මනුස්ස සත්වයා ගැන නොදනී. ක්‍රීඩාව තුල පෙන්නන දක්ෂකම් නිසා , වල්මත් වීමට පටන් ගන්නේ දකින්නට ලැබෙන අරුමෝසම් ලෝකය නිසාය.  මේ කිසිවක අවබෝධයක් නැති.... සමාජයේ කුහක කම් නොදන්නා ළමුන් වටේ ,කැරකෙන අනුග්‍රාහකයෝ නිසා , මේ තත්වය උදාවී ඇති බව තතු දන්නෝ හා අත්දැකීම් ලබා ඇති ඇතැමුන්  පවසති . අනුග්‍රාහකයින්  මේ ක්‍රීඩිකාවන් හට හදුන්වා දෙන්නේ ඔවුන්ගේ පුහුණුකරුවන් විසින්මයි . 
            සපත්තු දෙකේ ඉදල , කෑමබීම වියදම් පවා දරමින් එක , එක ක්‍රීඩිකාව සදහා අනුග්‍රාහකත්වය සපයයි . පසුව ජංගම දුරකථන හරහා ඔවුන්ගේ දුකසැප විමසයි . වඩාත් හිතවත්වූ විට ,තම රථයෙන් හවසට ගමන් පහසුකම් සලසයි . මේ සියල්ල ක්‍රීඩිකාවන්ට කරන උදව් වේ . 
            ඉන්පසු මේ හිතවත්කම් වඩාත් දුර ගොස් , අනුග්‍රාහකයෝ ක්‍රීඩිකාවන් තම ඇද වෙතට නිකන්ම ගෙන්වා ගැනීමේ කුමන්ත්‍රණය කර අවසන්ය . මේ ළමුන්ට ඇදුම් පැළදුම් අරන්දී යහමින් මුදල් හදල් ලබා දී ,අවශ්‍ය නම් ගෙවල් දොරවල්ද සදා දෙන තරමට ඔවුන් කාරුණික  හා ආදරණිය වන්නේය . ඉතින් , ක්‍රීඩාවේ අරමුණු පසෙකලා , සැප සම්පත් පසුපස යන මේ නොදරුවෝ , කවදා ශ්‍රීලංකා වාර්තා පිහිටවන්නද ?

       මෙම ක්‍රියාවලිය සදහා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහල පුටු වලින්ද දායකත්වය ලැබේ  , අවශ්‍ය වූ විට ඔවුන්ද , මේ විවෘත ලිංගික සුරකැම සදහා දායක වීමට අවස්ථාව සලසා ගනී . ක්‍රීඩිකාවන්ට විදේශ සංචාර ලැබෙන්නේ , මේ දක්ෂකමට වඩා මේ ක්‍රමයට බැව් සමහරු පවසති . මේවට  අකමැති වූ ක්‍රීඩිකාවන්ට නිලධාරීන්ගෙන්  කුඩම්මාගේ සැලකිලි ලැබෙයි . 
       මෙලෙස වැඩි කලක් නොදුවා පස්ස බිම ඇන ගන්නා ක්‍රීඩිකාවෝ , ඉක්මනින්ම ගෙදර නවතිති . නැත්නම් , දවල්ට දුවා ..... රැට , ගණිකාවන් සේ සේවයේ යෙදෙති  . උතුම් ලෙස රැකදුන් ක්‍රීඩාව මෙලෙස කරනම් ගසන ආකාරය තතු දන්නෝ දනිති . ඇගිල්ල දිගු වන්නේ දෙපාර්ශවයටමය .       
           මේ සමාජ ක්‍රමය යටතේ , වැරදිකරුවන් කවුරු වුවත්  සත්‍ය වටහාගෙන , මලල ක්‍රීඩාව ගොඩ ගන්නේ නම්, ශ්‍රිලාංකිය මළල ක්‍රීඩාව සදහා  කරන ගව්රවයකි . නැතිනම් , තව දුරටත් මලල ක්‍රීඩාවක් අපට  ඉතිරි වන්නේ නැත . තවත් ආසියාතික රන් පදක්කම් හිමි වන්නේද නැත. 
     දැන්වත් ඉදිරියට එන මේ ලාබාල ක්‍රීඩිකාවන් රැකගැනීමට කටයුතු කරන්නේ නම්, මළල ක්‍රීඩාවට ප්‍රගතියක් අත්වනු ඇත. පෞද්ගලික අනුග්‍රාහකත්වයන් පිළිබද.... රජය දැනුවත් වන්නේ නම්....හා මැදිහත් වන්නේ නම් ක්‍රීඩාව මෙයට වඩා ප්‍රතිපලදායකය. පදක්කම් තව දුරටත් නොගිලිහෙනු ඇත. 

24 comments:

  1. ලංකාවේ අලුත්ම ක්‍රීඩාවනේ ලිංගික ක්‍රීඩා, අක්කා දන්නේ නැද්ද? අනුග්‍රහයකයෝ ගොඩායි, ක්‍රීඩිකාවන්ට විශේෂයි, ඕනනම් මන්ඩලෙන්ම අනුග්‍රහයක් ගන්න පුළුවන්, පදක්කන් සිහිනය දිගේ දුවගෙන ඇවිත් අතරමන් කරලා හා කැමැත්තෙන්ම අතරමන් වෙන දෙකොට්ටසයම හමුවේ ලංකාවේ පදක්කන් සිහිනය බොඳ වෙලා යන හැටි මතක් වෙනවා.

    මතකද ලංකා කොඩියත් එක්ක මාංචු කුට්ටමකුත් ලෙල දුන්නු කාලයක්? ඉතින් එහෙම කාල වකවානුත් පහු කරගෙන මලල ක්‍රීඩාව යන ගමනේ ලංකාවේ පදක්කම් සිහිනය සිහිනයක්ම විතරයි, මම නම් කියන්නේ පරිපාලනය තියෙන්නේ කොතනද එතන හොරා කෑම හා දුෂණයන් තියෙනවා, ඒ නිසා ක්‍රීඩාව පරිපාලනයෙන් ස්වාධීන විය යුතුයි, ක්‍රීඩිකන් අනුග්‍රහයින්ගෙන් ස්වාධීන විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ප්‍රසිද්ධ මළල ක්‍රීඩකයින් කීප දෙනෙකුට මාංචු වැටුනා.... කීප වරකදී..... මං හිතන්නේ තාමත් ඒ නඩු විභාග වෙමින් පවතිනවා.
      ක්‍රීඩිකාවන් දෙදෙනෙක් විසා වංචා මත අත්අඩංගුවට පත් උනා.... වෙනත් නිලධාරීන්ගේ රැවටිලි බස් මත .... එදා ඔවුන් බේරා ගන්න කවුරුවත් ආවේ නැ. හේතුව.... සොමි කියන අළුත් ක්‍රීඩාවට අකමැති වීම. ඒත්.... කාලයාගේ ඇවෑමෙන් ඔවුන් චෝදනාවෙන් නිදහස් උනා. ඒත් ක්‍රීඩා පසුගාමිත්වයට ඔවුන් ලක් වුණා. හේතුව අනුග්‍රහය දැක් වූ රැකියා ස්ථානයෙන් විනය හේතු මත නෙරපුව. නිදහස් උනත්..... නැවත රැකියාව හෝ වන්දිය ලැබුනේ නැ.ඒකටත්.... අර පාර්ශවයන් බලපෑම් කලා....සොමියෝ....

      Delete
  2. අතීතයේ ඉදන්ම බැලුවොත් ලංකාව තුල නිසි දැක්මකින් යුතුව ක්‍රීඩාව ව්‍යාප්ත උනේ නෑ... එහෙම කරන්න කිසිම පාලකයෙකුට ඕන කමක් තිබුනෙත් නෑ... ඕන කමක් තිබුණත් එහෙම කලේ නෑ.. ක්‍රීඩකයන්ගේ තිබුනු ඒක පුද්ගල දක්ෂතා නිසා පදක්කම් කිහිපයක් ලැබුණා..

    දැන්වත් ක්‍රීඩාව සඳහා රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් විය යුතුයි.. පාසැලෙන් බිහිවන ක්‍රීඩකයා/ක්‍රීඩිකාව ජාත්‍යන්තර තලයට රැගෙන යාහැකි මට්ටමේ ක්‍රියාවලියක් සැකසිය යුතුයි..
    පදක්කම් හිගයට හේතුව එසේ නිසි වැඩ පිලිවලක් නොතමැතිකමයි..
    පෞද්ගලික අනුග්‍රාහකන් සිටියාට වරදක් නෑ.. එය ක්‍රිඩාවට බලපෑමක් නොවන වටපිටාවක් සැකසිය යුතුයි.. මේ සියල්ල අයාලේ යන පරිපාලනයකින් සිදුවිය නොහැකියි.
    මුලින්ම පරිපාලනය යහමගට ගතයුතුයි..


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අති දක්ෂ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් පෙර අපට හිටිය. ඔවුන්.... සියළු අඩන්තේට්ටන් විද ගත්තා..... අරමුණ ජයග්‍රහණය පමණක් නිසා, එයට විරුද්ධව නැගී සිටි එක් අවස්ථාවක් සුසන්තිකා .... ඇය සටන් කලා...... ඇයට බොහෝ..... චෝදනා එල්ල කලා..... කට හොද නැතත්..... ඇය , ක්‍රීඩාවට යමක් කලා.
      මේවට මුහුණ දෙන්න අමාරු උණු සමහර සුපිරි තරු ක්‍රීඩාවෙන් සමුගත්තා. සි.ජේ.

      Delete
  3. කිසිම දේකට ජාතික ප්‍රතිපත්තිඅක් නැති රටේ ක්‍රීඩාව ගැන විතරක් එහෙම දෙයක් හැදෙන එකක් නෑ, කොහොමත් ක්‍රීඩිකාවන් කියූ සැනින් සියල්ලන් අමුතුම කෝණයකින් බලන්නට පටන් ගෙන අවසන්, මලල ක්‍රීඩාව පමණක් නොවේ ,අනෙකුත් කණ්ඩායම් ක්‍රීඩා වලද තත්වය ඉතාම ජුගුබ්සාජනකයි

    ReplyDelete
    Replies
    1. ක්‍රීඩිකාවක් කිව්වම..... අද සමහරු බලන්නේ , අර නිලියක් දිහා බලන ආකාරයට.... හේතුව.... ඉවාන්..... ඇයව සුරන් කන්නේ කොයි වේලාවේද කියන හැගීමෙන් මිනිස්සු ඉන්නේ. ක්‍රීඩිකාවන්ගේ ,ජව සම්පන්න බවට මිනිස්සු කෙල හලන්නේ. මස් කුට්ටියක් දැක්ක බල්ලෝ වගේ...... ක්‍රීඩිකාවක් උනාම.... නිළියකට වඩා පරිස්සම් වෙන්න ඕන එතැනදී..... මේවා ගමෙන් එන ළමයි දන්නේ නැ.

      Delete
  4. හරි ක්‍රීඩිකාවන්ට එහෙම උනාය කියමුකෝ.. කෝ එතකොට ක්‍රීඩකයෝ.. උන්ට මොකෑ උනේ.. ඒසියන් කප් එකට ගිහින් මෙඩල් දෙකයි ගෙනාවේ.. දෙකම ක්‍රිකට්..

    ඒකත් තව ටික කාළෙකින් ඉවර වෙයි..

    අනිත් ක්‍රීඩාවල ඉන්නේ කොලු කාරයෝයි, බඩු කාරයොයි, හොරුයි, ගොන්නුයි.. ඇමතිගේ ඉඳලම එහෙමයි.. ක්‍රීඩා අමාත්‍යශයේ කැසිනෝ ක්‍රීඩාව කලා නම් ඔයිට වඩා සේවයක් වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔව්.... මාතලන් අයියේ...... ක්‍රිකට් විතරයි..... මෙඩ්ල් ගෙනාවේ....ඒ කියන්නේ අද මළල ක්‍රීඩාව ඉතුරු වෙලා නැ. කියන ඒකනේ මේකෙන් අදහස් වෙන්නේ..... දක්ෂතා තිබුන අය හිටිය, ඒත්... ඔවුන්ගේ .... තිබුණු දක්ෂතා වත් පෙන්නලා නැ..... හේතුව....?
      ක්‍රීඩකයින්ටත් ඔය වගේ තමා. හැබැයි ඒ ගොල්ලන්ට අනුග්‍රාහකයෝ නම් නැ... හොයන්නත් අමාරුයි..... ලැබෙන පොදු දීමනාවක් විතරයි ලැබෙන්නේ..... අද වෘත්තීය මළල ක්‍රීඩකයෙක් වෙලා ජිවත් වෙන්න බැ. ඔවුන් ක්‍රීඩාව හැර යනවා.

      Delete
  5. එල ද බ්‍රා ලිපිය..අනිවා පිලිගන්නවා ලියලා තියන එක

    ReplyDelete
    Replies
    1. ඔයා ඇත්ත දන්නවා..... මටත් වඩා සංජිව..... කියන්න ඕන ටික ලියවුනා....

      Delete
  6. ඉස්සරවෙලාම දැන් ඉන්න ලෝක හොරාගේ පුකට පයින් ගහලා එලවන්න ඕනෙ. ක්‍රීඩා හැකියාව, උනන්දුව, දැණුම සහ සුදුසුකම් තියන, තරුණ ජවය තියන මෙතෙක් දේශපාලනයට අවේ නැති, නමුත් පරිපාලන හැකියාව ඇති, කෙනෙකුට ක්‍රීඩා ඇමැතිකම දෙන්න ඕනෙ. පාසල්වල ක්‍රීඩා ඉගැන්වීමේ පහසුකම් වැඩි දියුණු කර, සෑම දරුවකුම කුමක් හෝ ක්‍රීඩාවක යෙදීම (විශේෂයෙන් ජවන හා පිටිය ඉසව්) අනිවාර්ය කරන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ජවන හා පිටිය ඉසව් තුල...... ළමයා ගොඩනැගීමේ පෞරුෂිය ලක්ෂණ ගැබ් වෙලා තියනවා. විචාරකතුමා.....ඒත් දැන් දෙමාපියන් ළමුන් ක්‍රීඩා වලට යවන්නේ නැතුව..... ටියුෂන්ම දෙනවා....මෙය අනිවාර්ය කරන්න ගන්න උත්සාහයට සමහරු කැමති නැ..... මතකනේ නායකත්ව පුහුණුවට අකමැති වීම.
      කුමන හෝ ශාරීරික පුහුණුවක් ..... ළමුන්ට..... මිනිසාට අවශ්‍යයි..... ඔවුන්ගේ යහ පැවැත්මට මේ පුහුණු හුදෙක්, බලපානවා,... මේ පිළිබද දේශපාලන මතයේ නොව... මා ප්‍රායෝගිකත්වය තුල , පුහුණු අවශ්‍යයි කියන මතයේ ඉන්නවා.... විචාරකතුමනි......

      Delete
  7. වයසක මෝඩ චූන් ඇමතිලා.. ගෙදර යවන්නෝනි. උන්ට කෙල්ලෙක් දැක්කත් ඇති..

    ක්‍රීඩාවක් කරල අමාරුවෙන් ගොඩ ආපු එකෙක් උඩ පුටුවට ආව නම් වැඩක් කර ගන්න පුලුවන් වෙයි..

    ReplyDelete
    Replies
    1. ඔව්.... sam ගැලපෙන තැන් වල නියම සුදුස්සෝ නැ...... ඒකයි මේකට හේතුව. දුක දන්නේ කට්ට කාපු අය විතරයි.....

      Delete
  8. /////////// මෙම ක්‍රියාවලිය සදහා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහල පුටු වලින්ද දායකත්වය ලැබේ , අවශ්‍ය වූ විට ඔවුන්ද , මේ විවෘත ලිංගික සුරකැම සදහා දායක වීමට අවස්ථාව සලසා ගනී . ක්‍රීඩිකාවන්ට විදේශ සංචාර ලැබෙන්නේ , මේ දක්ෂකමට වඩා මේ ක්‍රමයට බැව් සමහරු පවසති . මේවට අකමැති වූ ක්‍රීඩිකාවන්ට නිලධාරීන්ගෙන් කුඩම්මාගේ සැලකිලි ලැබෙයි . ////////////////////////

    ඇත්තටම නිහිංසා මේ මාතෘකාව ගැන එක කාලයක් මාධ්‍යයේ සාකච්ඡාවට ගැනුනා. මතකද අර ප්‍රසිද්ධ් ඇමතියෙක් අර සරමත් උස්සගෙන අපේ දක්ෂ ක්‍රීඩිකාවක් පස්සෙන් දුවන කාටුන් එහෙම. ඇත්තටම මේ දේවල් ජාතික මාධ්‍ය තුල නිර්දය විවේචනයට සහ සාකච්ඡාවට එක් විය යුතු කාලය දැන් වත් ආරම්භ විය යුතුයි. මේ ලිපිය නිශ්මං රණසිංහගේ බ්ලොග් එකට ඇහැ ගැටුනොත් බොහෝ දේ එකතු කරයි. ඔහු අප සතු අති දක්ෂ ක්‍රීඩා මාධ්‍යවේදියෙක්.

    ඉන්ද්‍රජිත් කුරේ නම්වූ ඒ දක්ෂ මැරතන් ක්‍රීඩකය මේ රටේ බේකරියක වැඩ කරමින් ජීවිතය ගෙනියනවා. ඒත් ඔහු තවමත් ශ්‍රීලංකාව නියෝජනය කරමින් සාර්ථක ලෙස තරඟ වදිනවා. මේ වගේ අය ගැන රජය දක්වන උනන්දුව කුමක්ද යන්න ගැටළුවක්.

    ReplyDelete
    Replies
    1. ඔව්.... එදා ඒ අති දක්ෂ ක්‍රීඩිකාවට වෙච්ච දේ දැක්කනේ...... මුත්‍ර පරීක්ෂණයේ ඉදල..... ප්‍රශ්න. අන්තිමට ටික දවසක් හැන්ගිලත් හිටියා...... ඒ වෙලාවේ ඇයව ඒ කරදරයෙන් බේරා ගත්තේ දැන් ඉන්න ජනාධිපතිතුමා..... මට මතක විදියට පත් වෙන්න කලින්..... අර්යාවත් මේකට මැදිහත් වෙලා, උදව් කරා..... නැත්නම්...... ඇය ජිවතුන් අතරත් නැති වෙන්න තිබුන...... විරුද්ධ මත එළිපිටම ප්‍රකාශ කරන නිසා.....අරු අයියේ.....

      Delete
  9. හැමදේම දේශපාලනීයකරණය වෙලා......නීතිය ඩොගියට ගිය රටක කුමන කතාද.....නිහිංසා.....

    ReplyDelete
    Replies
    1. ඔව්..... තමන්ගේ දක්ෂතාවයට වත් ....නැගිටින්න බැරි කමක් දැන් තියෙන්නේ කෙන්ජි.....

      Delete
  10. ඇමතිකම කවුරු කළත් එකයි. ඔය ටිකනම් නවත්තන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේකට හේතුව..... මොකක් විය හැකිද...... මිතුර....?

      Delete
  11. මා මෙය දුටුවේ නිහිසංම පැවසූ පසුවයි.මා ගැන මෙහි සටහන් කළ ආදරණිය මිත්‍රයා අරූටත් ස්තූතියි.නිහිංසා ද දක්ෂ ක්‍රීඩිකාවක්.ක්‍රීඩා කරන අය මේ තරම් හැඩට ලිවිය හැකිව තිබියදී ක්‍රීඩාව ගැන නොලියා සිටීම අවුලක්.ඒ නිහිංසා ගැන මගේ අදහසයි.

    නිහිංසා සඳහන් කරන බොහෝ දේ ට අමතරව ලංකාවේ කොදෙව් ජීවිතයේ කාන්තාවගේ ඉරණම පිරිමියාගේ අතවැසියා වීමයි.එය එසේ සිදුනොවන්නේ අහම්බයකින් මෙන් පමණයි.දක්ෂ ක්‍රීඩිකාවන් වුවත් මේ ඉරණමට අයත් වෙනවා.පසුව ක්‍රීඩිකාව යට ගොස් සැමියාගේ හැසිරවීම සහ අවශ්‍යයතාවයන් මුලට එන හැටි සම්බන්ධයෙන් අත්දැකීම් විශාල ප්‍රමාණයක් තියෙනවා.

    නිහිංසා සදහන් කරන රිමාන්ඩ්ගත මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ඔවුන් ඒ සඳහා මෙහෙයවන සහ ඔවුන්ගේ හැකියාවන්ට නිසි ඇගයීම නොලැබෙන අන්දමේ ඛේදණිය යාන්ත්‍රනය සම්බන්ධයෙන් විවේචනයක ඉදිමින් තමා මම මාධ්‍ය භාවිතාවේ යෙදුණේ.ඒ කණ්ඩායමම ඒ දේ දන්නවා.

    මේ තියෙන ව්‍යහුය ඇතුළෙ ක්‍රිඩාවේදී වැඩිම වටිනාකමක් හිමි විය යුතු ක්‍රීඩකයාට මාධ්‍යෙයන් පවා බොහෝ විට සැළකුම් කැබෙන්නේ එහි අඩුම පුරවැසියා ලෙස සළකා වීම කණගාටුවට කරුණක්.

    දෙවන කරුණ නිහිංසා පවසන ක්‍රීඩිකාවන්ගේ ඉරණම.බොහෝ අරැමෝසම් පෙන්වා කොළඹට කැන්දන ඔවුන්ගේ ජීවිතවලින් මානව ගුණ ධර්ම ඈත් කිරිම කමයි කොළම කේන්ද්‍රීය බොහෝ දෙනාගේ පළමු කාර්යය වන්නේ.ඉන් පසුව පැරණි පුහුණුකරුවන්,උපකාර කළ පුද්ගලයන් ඇතුළු සහෘදයන්ගෙන් උෑත්කර මනෝරාජික ලෝක තුළ ඔවුන් අතරමං කරනවා.මෙය එක්තරා අන්දමක මොළ හේදීමක්.

    මේ අතරින් පිරිසක් කුසලතා පෙන්වා කැපී පෙනෙන අතර තවත් පිරිසක් නන්නත්තාරවීමෙන් නොයෙක් අකටයුතුකම්වලින් ජීවිතය ජය ගන්නට පෙළඹෙනවා.ඒ සදහා සාකච්ඡා කරන්න ඔහුගේ මුල් ලෙස සිටි සහෘදයන් ඒ වන විට කිසිවෙක් නැහැ.

    මේ අසරණවන අය විවිධ අකටයුතුකම්වලට පෙළඹෙනවා.තවත් අය රට අතහැර ගොස් ජීවිතය නඩත්තු කරන්නට විවිධ රාජකාරිවල යෙදෙන්න ගන්නවා.මේ ඛේදවාචකයේ හොඳම නිදසුන අවසන් වරට පැවති දකුණු ආසියාතික තරඟාවලියේ මීටර් 100 සහය දිවීමේ කණ්ඩායමේ රන් පදක්කමට දායක වූ අශාන් හසරංග ගත හැකියි.ඔහු ජපානයේ රැකියවේ යෙදෙන අතරතුර සිඳුවූ අනතුරකින් මේ වන සිහිසුන්ව ජපානයේ රෝහලක ප්‍රතිකාර ලබනවා.

    මේ ටික ලියන්නට ප්‍රමාදවීම සහ මෙය නොදිටීම ගැන කණගාටුවෙනවා.

    අවසන්වරට කිවයුතු දෙයක් තිබෙනවා.ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදියා තමන් ලියන දේ සහ කතා කරන දේ වෙනුවෙන් පෙනී සිටිමින් එම ක්‍රීඩකයන් රැක ගැනීමේ කාර්යය ලියන හෝ කියන වචනවලින් නොනවත්වා ඒවා සාක්ෂාත් කරදීම සඳහා නොනැවතී සටන් කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිෂ්මන් අයියා .... මං දැක්ක දේට ඔයා යමක් එකතු කළා ... දැන් සම්පුර්ණයි.... article ඒක ටිකක් පරණ උනාට තවමත් සිදුවීම් නම් වෙනස් වෙලා නෑ.... ඒ කියන්නේ .මේ සුරාකෑම එලෙසමයි ....

      Delete
    2. වැදගත් ඔයා කොතැනක හෝ ක්‍රීඩාව ගැන දිගට ලිවීමයි.සමහර විට මට ඒ සඳහා ඊළඟට ඇරෙන දොර කුමක් වුව මම ඔබටත් ඒ සඳහා ඇරයුම් කරනවා

      Delete
    3. ස්තුතියි .... නිස්මන් අයියා ... මට පුවන් උපරිම එය සේවයක් නම් .... අභියෝගය බාර ගන්නවා ...

      Delete