Sunday, November 16, 2014

සැගවුණු අමුත්තා......



මෙයා මෙන්න මෙහෙමයි.....
කොන්ඩේ පස්සට පීරලා......
සුදු වතින් සැරසිලා......
ටිකක් විතර හිනාවෙලා...... ආඩම්බර පාටට....
මේ භුමියේ..... සැරිසරනවා......

හා....... කාටද කියන්න පුළුවන්......
කවුද මේ....... සැගවුණු අමුත්තා......

උදේ ඉදන්.... හොයනවා......
තාම හම්බ උනේ නැ....

මෙන්න දැන් ලගින් ගියා...... 
හැමෝම අදුනනවා......
පුළුවන් නම් හොයන්නකෝ.....
සැගවුණු අමුත්තා.......

ඔට්ටුයි... බැරුවට...... 
හෙව්වොත්..... තෑග්ග දෙගුනයි....
තව තව බෝනස්....

තරගය ඉවර වෙන්නත් ලගයි.....
දවසත් අවසානයි.......
ඒත්..... කෝ..... මේ සැගවුන අමුත්තා,.....

සැගවුණු අමුත්තා හොයන්න 
පටන් ගත්තට  
කෝ...... අවුරුදු උත්සවයක් නැනේ.....
කවුද කිව්වේ සැගවුණු අමුත්තා හොයන්න කියල......

කවුරුත් කිව්ව හින්ද......
අපිත් හෙව්වා.......

ඒත්...... එහෙම කෙනෙක් නැනේ.....
කි දෙනෙක්ගේ පිටට තට්ටු කලාද.....
මං නම් නෙමේ කියනවා......

එතකොට කවුද මේ සැගවුණු අමුත්තා.....
හා....... කියන්නකෝ බලන්න......

32 comments:

  1. හෙට නම් කියනවා අනිවාර්යයෙන්ම.. :D ඔය පිටට තට්ටු කරපු අයගෙන්ම එක්කෙනෙක් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට .. :P

    ReplyDelete
    Replies
    1. ඇත්තටම .... එහෙම කෙනෙක්...... ඉදිද...? මිතුරෝ.....

      Delete
  2. අවුරුදු උත්සවේ පටන් ගත්ත ගමන් කියනවා...

    ReplyDelete
    Replies
    1. තියනවයි...... කිව්වට තාම නැනේ...... මාතලන් අයියේ.....

      Delete
  3. ඔය පොදු අපේක්ෂකයා ගැනවත්ද කියන්නෙ ඇ...

    ReplyDelete
    Replies
    1. ඔව්මයි නේ......... ඒකත් හරියට මේ වගේනේ....... සංචාරක මිතුර.....

      Delete
  4. කවුරුත් නොදන්න - ඌත් නොදන්න කවුද බොලේ මේ සැගවුනු අමුත්තා

    ReplyDelete
    Replies
    1. අංජනමක් අරිමුද.......? යසිත්....... තමා හොයා ගන්න බැරි උනා.......

      Delete
  5. අවුරුදු උත්සවේ හෙට අනිද්දම පටන් ගන්නවයි කියනවා නේද..?

    අර අලස් දලහප්පෙරුම මයික් එකක් බදා ගෙන කියනවා ඇහුනේ...

    අපේ අලුත් මැකෝ සුමනදාස ගොය්ය අතේ තමයි දැන් වැඩේ තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. අළුත් මකෝත්....... ලස්සනට හිනාවෙලා....... කිසිම ප්‍රශ්නයක් නැ කිව්වොත්...... සැගවුණු අමුත්තෙක් නැති උනොත්, කඹ ඇදීමේ තරගයත් නැ....... දෙයියෝ......

      ජොලියක් නැතිවෙයි දෙයියෝ.... අයිටම් අඩු වෙනකොට.....

      ඇත්තටම අවුරුදු උත්සවය තියයිද....?

      Delete
  6. අමුත්තා කෙසේ වෙතත් අවුුරුදු කුමාරයානං රෙඩි..

    ReplyDelete
    Replies
    1. අවුරුදු කුමාරයට ගේමක් නැ..... ඔසාමා....... සැගවුණු අමුත්තා හොයා ගන්න බැරි උනොත්......

      Delete
  7. කාලෙකින් මේ පැත්තට ආවේ එක්සෑම් එකක් නිසා එපා වෙලා හිටියේ...
    පිටින් කෙනෙක්ව හොයන්න දෙයක් නෑ
    සැගවුන අමුත්තෝ තමන් ඇතුලෙත් ඉන්නවා.එයාව හොයා ගන්න කෙනා ඉතින් හැමදාම දිනුම්.. :)

    ReplyDelete
    Replies
    1. ඔව්...... සුසී........ අපි ජිවත් වෙන්නෙත්...... අපේ චරිතේ හංග ගේනනේ....... ඒත්.... මේ අපි අපිට වඩා සුපිරි තැනැත්තෙක් හොයනවා....

      Delete
  8. සැඟවුනු අමුත්තා තමන්මයි කියලයි අවුරුදු කුමාරයානම් කියන්නෙ.
    අවුරුදු උත්සවේ තියන දවස 19වැනිදට දැනගන්න පුළුවන්ලු.

    ReplyDelete
    Replies
    1. අනේ..... හෙනහුරානෙනි........ ඒකට 19 වෙනකන් ඉන්න ඕනෑද.....? අපි හොයන්නේ එයා නෙමෙයි වෙන කෙනෙක්.....

      Delete
  9. ඉවසපන් නිහිංසා...ඉවසපන්...:D

    අද උදේ ඉදන් මාතා එක්ක ඔය ගැනමයි පැටලි පැටලි හිටියේ.

    ReplyDelete
    Replies
    1. පටළුනාට........ මේක ලිහෙයිද...? අරූ අයියේ...... මාතා කියන්නේ...... වන්දිභට්ටයෙක්නේ ...

      Delete
    2. මේක ලිහෙනවා....මට 100% විශ්වාසයි. එහෙම නොවුනොත් මම ආපහු දේශපාලනය ගැන ලියන්නෙත් නැහැ. සුභවාදී ඇහැකින් බලන්න. තාම මැකෝ ඡන්දයක් ගැන නිල ප්‍රකාශයක් කරලා නැහැනේ. මැකෝව බල්ලට දාපු රටක මට අනිත් එවුන් මැක්කෝ.

      නිහිංසා....වටපිටාව සූක්ශමව නිරීක්ෂනය කරන්න. ඔබට බොහෝ දේ වටහා ගනු හැකිවේ. ඉවසන්න...ඉවසන්න...නැවතත් ඉවසන්න!!

      Delete
    3. අරූ අයියේ....... මෙහේ සීරුවෙන්......

      Delete
  10. ඊට කලින් සංගීත පුටු තරගේ ඉවර වෙන්නත් එපායැ.. අන්තිමට නේ අමුත්තා කියන්නේ..හැක්

    ReplyDelete
    Replies
    1. හහ්...... ඔවුමයි...... අමුත්තෝ රොත්තකින් නේ....... එක්කෙනාව තෝරන්නේ.... එයා කවුරු වෙයිද....? දේශකතුමනි........?

      Delete
  11. එහෙම එකෙක් තවම නැත...
    කනාට මුට්ටියෙන් ?ගසා පොල්ල කුඩු කර ගත් දවසක කියංනං ය

    ReplyDelete
    Replies
    1. ඔව්...... එදාට අර ඉස්සර වගේම....... ගහල හරි ගන්නවාමයි...... මහේෂ්......

      Delete
  12. ඇයි ඉතින් කලබලයක්. විපක්ෂෙටවත් නැති ඇම්මක් තියෙන්නෙ පත්තරකාරයන්ටයි බ්ලොග් කාරයන්ටයි.

    ReplyDelete
    Replies
    1. මනෝෂ්....... ඇම්ම කියන එක උපතින්ම එනවනේ........ ඒක උනක්නේ......

      Delete
  13. මෙහෙම දේකුත් තියෙනවා නිහිංසා.......

    ඔය සැගවුණ අමුත්තා උදේ ඉදන් ඔතන ඉන්නෑලු... හවස් වෙද්දිලු ඔය පැත්තට ඒන්නේ.... ඒතකල් කට්ටිය අම්බානක හොයනවානේ..... මේකත් ඒහෙම ඒකක් වෙන්ටෑ....................... සැගවුණු අමුත්තා සමහර විට අවුරුදු කුමාරයාම වෙන්ටත් බැරිනැහැ...........

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා...... කුරුටු...... මේ සැගවුණු අමුත්තා...... අවුරුදු කුමාරයම තමා........ මේකනේ.... හැංගි හැංගි වෙස් මුණු බැන්දට නටන්නේ එළියේ නේ......

      Delete
  14. මෙන්න මේ වගේ නේද ????

    අහසෙ ඉන්නවලු ගහේ ඉන්නවලු
    කුටියෙ ඉන්නවලු නොදැක වඳිනවලු

    ගින්නෙ නටනවලු බෙර හඬට නටනවලු
    නටල වඳිනවලු පව් පිහිට පතනවලු

    ඩෙන්න ඩෙනා ඩෙනෝ නා ඩෙන ඩෙන ඩෙනෝ
    මෝල් ගහේ දළු එනතුරු කලු කපුටා සුදුවන තුරු
    යදින යැදිලි වඳින වැඳිලි ගල් හදවත් උණුවන තුරු
    පොතක් පතක් ලීවෙත් නෑ ගහක් කොලක් හැදුවෙත් නෑ
    අසවල් හොඳ කරලත් නෑ අනේ අනිච්චං
    අහසෙ ඉන්නවලු...

    පෙරළි පෙරළි වඳින ගානේ දුක හිතෙනව මට
    බණ දහමක්වත් නෑ මම දෙසුවේ කිසි දින
    හේනක් කුඹුරක්වත් නෑ වගා කලේ මම
    අනේ එපා මට ලැජ්ජයි නටල වඳිනකොට
    අහසෙ ඉන්නවලු...

    ගායනය - ලයනල් රන්වල, සමන් ද සිල්වා
    සංගීතය - ලයනල් රන්වල

    ReplyDelete
    Replies
    1. නියම සින්දුව ඇනෝ....අපටම ගැලපෙනවා...... '' පෙරලි පෙරලි..... වදින ගානේ ...දුක හිතෙනවා මට.....''

      Delete
  15. ඉන්න ඉන්න ලගදිම දැන ගන්න පුළුවන් වේවි..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔයා කාලෙකින්..... ආපහු ඇවිත්......
      අද හෙටම .......? දිනේෂ්.....

      Delete