Wednesday, November 19, 2014

මගේ මල......



නොපෙනෙන දුරක පිපුණු .....
පිපී..... සුවද දෙන......
මට අහිමි ...... මගේ මල.....

අතපොවනු නොහැක මට 
නුඹ වෙතට......
අපි දුර ඈතයි......තවත් ....

වියලි බිමක පීදුණු....
ලතෙත්..... නුඹේ වත.....
සුන්දරව...... පෙනෙන විට.....      

මගේ මල ... මට අහිමි.....
බව දනිමි.......
අත්හැරලන්නට .....ලෝබ .....

නාදුනන සමනල්ලු  .....
නුඹ  වටා ..... සැරිසරන කල....
මගේ හිත රිදුම් දේ..... 

මට අහිමි ..... නුඹ  සුවද.....
දැනෙන විට .... මගේ හිතට 
මට අහිමි නුඹේ අත.....
එක වරක්වත්........
සිපගන්න ඇත්නම්........



14 comments:

  1. /එක වරක්වත්........
    සිපගන්න ඇත්නම්......../

    වැඩිය හිතන්න එපා ඔන්න ඔහේ සිපල දාන්න..

    ජ ය වේ වා!!

    ReplyDelete
  2. එහෙම හොදයිද,......? සිජේ.....

    ReplyDelete
  3. Replies
    1. ඒකනේ...... කියන්නේ ඉරිසියාව.....

      Delete
    2. එහෙමමත් නෙවෙයි බොලවු. ඕකට තව හරියට වචනයක් යුරේකා කරගෙන නෑ.

      Delete
    3. ඉරිසියාවත් සැරින් සැරේට පාට මාරු කරනවා...... මනෝෂ්.....

      Delete
  4. ඒක හිතට දරාගන්න බැරි තරම් හරිම කටුක වේදනාවක්..මට උනා වගේ දැනෙනවා. එයයි ඔබේ නිර්මාණයේ සාර්ථකත්වය.

    ReplyDelete
    Replies
    1. ජිවිතේ කටුක වේදනාවන් වැඩියි.......මනෝෂ්.....

      Delete
  5. //නාදුනන සමනල්ලු .....
    නුඹ වටා ..... සැරිසරන කල....
    මගේ හිත රිදුම් දේ..... //

    ඒක තමයි අාදරය..................... මොනවා වුණත් නිර්මාණය නම් නියමයි නිහිංසා...........

    ReplyDelete
  6. ස්තුතියි....... කුරුටු.... ආදරය හැම වෙලේම බලන්නේ අයිති කර ගැනීම් පමණයි......

    ReplyDelete
  7. මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න.. :D

    අගෙයි ලියවිල්ල නිහිංසා.. තව තව කවි ලියනවනම් මම නම් කැමතියි.. (නිහිංසා විතරක් නොවෙයි.. හැමෝම.. )

    ReplyDelete
    Replies
    1. නෙළු මල්........ සිඹින්න ලැබෙන්නේ කලාතුරකින්....... යාළු...... ස්තුතියි...... යාළු....

      Delete
  8. "ආලවන්ත යන තේරුම බෝසත්කම සකි" කියල තිබුනට මේ ආදරණීය ලෝබකමත් එක්ක එහෙම ලේසියෙන් ඇත්වෙලා යන්න දෙන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. කටුසු...... ආදරයට දැනෙන ලෝබ කම නම් .... නතර කර ගන්න අමරුයිනේ....

      Delete