Friday, November 21, 2014

චින්තන විප්ලවය.....

            

    මට දැනෙන දේ ඔබට නොදැනෙන්න පුළුවන්. ඇත්තටම ඒකට හේතුව කුමක්ද.....? අපේ රස වින්දනය පිළිබද ගැටළුවක්ද.....? එහෙම නැතිනම් අප ජිවත් වන සමාජ සංස්කෘතික වටපිටාවද එහෙමත් නැත්නම් මේ .... යටත් විජිත මානසිකත්වයද......?  මං ජිවත් වීමේ අරුත  සොයනවා. මගේ ඇස් දෙකෙන්. 
          මගේ අරමුණු ඔබට වඩා වෙනස්....... අඩු ගන්නේ අපේ ගෙදර පස් දෙනාගේම අරමුණු පහක් තියෙන්නේ...... ඒ ඇයි.....? මේවා  වරෙක ප්‍රජාතාන්ත්‍රිකයි  ,  නමුත් වරෙක රැඩිකල් . මේක එහෙම උනේ කොහොමද ....? 
            මං පොඩි කාලේ හිතපු විදියට නෙමෙයි දැන් හිතන්නේ, කාලෙන් කාලේ මගේ අදහස් වෙනස් උනා.....ටිකක් තේරෙන කාලේදී මං හිතුවේ කැම්පස් යන්න නෙමෙයි..... PTI කෙනෙක් වෙන්න. මොකද මට එදා ජිවිතයම උනේ ක්‍රීඩාව විතරයි.... අන්තිමේදී PTI කෙනෙක් වෙන්න බැරි උනාම  , මට යන්න ඉතුරු උනේ කැම්පස් එකට , මං මගේ දෙවෙනි කැමැත්තට ඉඩ දුන්නා . 
          ඒත් මගේ පලවෙනි රැකියා ස්ථානය  උනේ..... නිල දරුවන් සිටින තැනක්. එදා එතෙන්ට එද්දී, මං අද ඉන්න තැන දැකල තිබුනේ නැ. කාලයත් එක්ක මං මට ගැලපෙන තැනක රැකියාව නැවතත් ලැබුව .  මේ වෙද්දී මං කොයි තරම් අත්දැකීම් ලබල ඇත්ද කියල මටවත් හිතා  ගන්න බැරි උනා .  
         මේක තමා මගේ  ජිවිත පෙරලිය කියන්නේ. ජිවිතේ වරින් වර මුහුණ දුන් තත්වයන් මත, මගේ ජීවිතය ඉස්සරහට ගියා. මං හැමදාම කලේ මට හරියි කියල හිතෙන  දේ, ඒ තුල සම්ප්‍රධායන් වගේම,  වර්ධනීය අවස්ථාත් තිබුන. කොතනකටවත් සිමා වෙන්න මට අවශ්‍ය වුනේ නැ. වැදගත්ම දේ හිංසනය .......  , මා සැම තැනකදීම පිටු දැක්ක. 
                 මේ ආකාරයේ ජිවන රටාවක් මට තියෙද්දී, සමහරු මගේ කකුලෙන් ඇද්ද. වට්ටන්න උත්සාහ කලා. මං මගේ ගමන ගියා. මං ගියාට ඒ අය තාමත්   එතනමයි. හිමි කර ගන්න පුළුවන් බොහෝ දේ , මං  හිමි කර ගත්තා. 
          ජීවිතේට බොහෝ අවස්ථා ලැබීමෙන් මගේ අදහස් හා සිතුවිලි වෙනස් කියල තමයි අනෙක් අයට හිතුනේ. ඒත් .... මං දන්නවා, මේක තමයි සාමාන්‍ය කියල. 
           මේ තත්වයන්  මං වගේම සමහරක් විට ඔබත් අත්විදින්න ඇති. මට හිතෙන්නේ,   චින්තන විප්ලවය අප තුල ඇති වෙන්නේ, මේ ක්‍රියාදාමය ඔස්සේ වෙන්න ඕන. අප ලබන ජයග්‍රහණයන්, පරාජයන් .... අපව මෙහෙයවන බලවේග බවට පත්වෙලා. අපේ චර්යාවන් වෙනස් කම් වලට භාජනය කරනවා. 
             ඒ වගේමයි, සමාජ  බලපෑම්, ඒවාට අප වෙනස් වෙන්න ඕන ..... නිවැරදි නම් පමණයි. අහිතකර සැම ක්‍රියාවක්ම බලපාන්නේ, අපේ ඉදිරි ගමනටයි. හර්ද සාක්ෂියට අනුගත නොවන කිසිවක් , නොකරන්නේ නම්, පසුතැවිලි වීම් අඩුයි. 
   ස්ත්‍රී පුරුෂභාවය අනුව ..... මට දැනෙන්නේ.... ස්වභාව ධර්මය තුල ජිවින්ගේ අඛණ්ඩ පැවැත්ම සාක්ෂාත් කරන්න අවශ්‍ය නම්, ස්ත්‍රීන්, පුරුෂයන් තම තමන්ගේ පැවැත්ම තහවුරු කර ගත යුතුය. ස්ත්‍රිය ..... ස්ත්‍රීත්වය අභිබවා නොයා යුතුයි. ලෝකය තනන්න . දෙපාර්ශවයේම සහයෝගය ලැබිය යුතුය. 
          අප මේ සියල්ල කරන්නේ මනුෂ්‍ය පැවැත්ම උදෙසා නම්, ඒ සදහා භාවිතා කල යුතු ක්‍රමවේද අනුගමනය කල යුතුය. බලය, නීතියේ ආධිපත්‍ය හරහා ජන සංහාරය නොකළ යුතුය. බලය සැමදා අප හට ආකර්ෂණය නොවේ. බලය පතා. මනුෂ්‍ය වර්ගයා බලහත්කාරයෙන් එකරාශි නොකළ යුතුය. 
          චින්තන විප්ලවය ...... ජන විප්ලවයක් කරා ගෙන යාමේ අදුරදර්ශී ක්‍රියාදාමයන් හෙලා  දැකිය යුතු වේ.   
          මගෙන් පටන් අරන් මං මේ සටහන අවසන් කරන්න යන්නේ..... ජන විප්ලවයන් ඇති වන්නේ මන්ද කියන්නයි ..... එකිනෙක ගැටෙන මනස්  අභිබවා යන්න දරන ප්‍රයත්නය  නිසා තමයි. මේ ගැටුම උත්සන්න වෙලා තියෙන්නේ. 
එබැවින්....... චින්තන විප්ලවයකට මෙන්න ආරාධනා.......

14 comments:

  1. \\\චින්තන විප්ලවය ...... ජන විප්ලවයක් කරා ගෙන යාමේ අදුරදර්ශී ක්‍රියාදාමයන්\\\ එය හැම විටම එහෙමද? එහෙම නැත්නම් එතැනට තල්ලු කිරීමේ අදූරදර්ශී ක්‍රියා මර්ගයන් ද? මෙතැන පැහැදිලි මදි..

    වටින ලිපියක් වටින දවසක දැකීම නිසා හරියටම පැහැදිලි කර ගැනීමත් වටිනව නේ.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. කලණ මිතුර..... චින්තන විප්ලවය ඔස්සේ බොහෝ දේ ලැබිය හැකියි. ඒ තුල පීඩාකාරී තත්වයන් නැත. එහෙත් ජන විපලවයක් දක්වා උත්සන්න වූ විට , ලේ හැලීම්, වැගිරීම් දකින්න සිදු වෙනවා. ඒකයි මා එය අදුරදර්ශී යයි සදහන් කලේ.
      නමුත් ලෝකයේ බොහෝ රජයන් බිහිව ඇත්තේ, ජන විප්ලවයන් හරහා වූ , මිනිස් සංහාර වලින් පසුවයි,
      මෙය කාලයක් අපි අත්වින්දා, ආයෙත් දකින්න අකමැතියි. ම්

      අද සිදු වුනේ චින්තන විප්ලවයක ප්‍රථිපලයක්, එහෙත්, හෙට........? ගැන මට තාම ප්‍රශ්නයක්.හෙට දිහා මං සුභවාදිව බලන්නම්.

      සුභවාදී දිනක් උදා නොවුනොත්...... ඇති වෙන්නේ නැවතත් ජන විප්ලවයක්.

      Delete
  2. මහා සංවාදයක් ගොඩනැඟිය හැකි මාතෘකාවක් නිහිංසා.. කොහොමත් සන්නද්ධ විප්ලවයකට වඩා චින්තන විප්ලවයකින් ජයග්‍රහණය කිරීම තමයි වැදගත්. මං හිතන්නෙ නෑ අපේ රටේ ආයෙත් සන්නද්ධ අරගලයක් වෙයි කියල. එහෙම වෙන්නෙ නෑ. අනික ඒක යල් පැන ගිය ක්‍රමයක්.

    ReplyDelete
    Replies
    1. මනෝෂ්..... සන්නද්ධ අරගලයකට මිනිසුන් අකමැතියි. එහෙත් මෙය ඒක පාර්ශවිය විප්ලවයක් දක්වා යන්න පුළුවන්. මෙය චින්තන විප්ලවයකින් නතර වුවොත් හොදයි.
      සමහර මිනිසුන් තාමත් දඩයම් යුගයට යන්න කැමතියි.

      Delete
  3. This massage for make aware of my new blog I Suppos it may be help full for your business some time specielly i maitain this blog with updating prices of seafoofs that changing daily so invite to you come and discover freshness

    URL - http://negomboseafood.blogspot.com/2014/11/tuna-fresh.html

    thank you
    B.M FERNANDO
    (FRESH SEAFOOD SELLER IN LELLAMA ,PITIPANA ,NEGOMBO.)

    ReplyDelete
  4. මටනම් තේරෙන්නේ නා අප්පා ඕවා......අනේ මන්දා....

    ReplyDelete
    Replies
    1. ඔහොම යනකොට තේරුම් යයි........ උමා .....

      Delete
  5. තමා කවුරුදැයි සොයා යෑම නොව තමා තමාව ගොඩ නැගීමයි සිදු කලයුතේ කියලා මට හිතෙනවා

    ReplyDelete
    Replies
    1. අපි අපිම සොයලා ගොඩ නැගුනොත්, අඩුපාඩු පෙනෙයි..... එවිට ලෝකයම ගොඩනගන්න ශක්තිය ලැබෙයි කියල හිතෙනවා, shagiyo .....

      Delete
  6. එන පොට ඒතරම්ම ලේසි වෙන්නේ නැහැ. මේ පාලකයින් වෙනසකට ඉඩ තියයිද කියා බය හිතෙනවා. ජන කැළඹීමක් ඇති නොවෙන තරමට හොඳයි. ඒත් ඒකට පාර කපන වැඩ තමයි පේන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව්... අරු අයියේ...... වෙනස දකිනකම් බය හිතෙනවා, කොහෙන් පත්තු වෙයිද මන්දා.....දැන් කැළඹීම යම් තරමකට පටන් අරන්......

      Delete