Monday, November 24, 2014

රැඩිකල්වාදියාගේ පෙම්වතිය



නුඹ මට ආදරේට දුන්න පොපි මල 
මගේ මල් බදුනේ......
තනියම හිනැහෙනවා....... 

රතු පාටින් ගෙට ගහපු පීත්ත පටිය......
හුළගට ලෙළදෙන වාරයක් පාසා.....
මට නුඹව සිහි ගන්වනවා......

මතකද අපි ආදරේ කරපු විදිය .....
මගේ පෙම්බරයාණෙනි.......
නුඹ දැක ගන්න බැරුව ගෙවී ගිය වකවානු....

මන් ඇඩුවේ නෑ.. දවසක්වත් .....
කවදා හරි නුඹ ... මං  ලගට එන බව 
දැනන් හිටිය....... 

නිවහල් වූ ලෝකයක් ...... ගොඩ නගා ගන්න බැරිව 
අපේ ලෝකේ ගොඩ නගන්න බැරි බව 
නුඹ මට කිව්ව......

මං  බලන් හිටිය .... නුඹ ආ පසු.......
අපේ ලෝකේ තුරුළු වන්න......
නුඹ ආව.......

තනියම නුඹ ආව.......මාව සනසන්න.......
නුඹ ආව...... එක් අදුරු දවසක....
අපේ ලෝකය ගොඩ නගන්න......

ඒ අදුරු රාත්‍රියේ ...... බියකරු සීනයක් ලෙස
නුඹව කුදලගෙන ගිය ඒ යකඩ සපත්තු 
අඩි සලකුණු.......    

මගේ සිහිනෙ තාමත් සැරිසරනව......
අදුරු මතකයන් අතර පළමුව .......
අවසන් රාත්‍රියක් වූ .... අපේ සැමරුම්.....

අල්මාරියේ ගුලි ගැසී අභිමානව  
නුඹ සුවද ...... මවෙත පවරා.....
ආදරය මේ යයි ...... කියා දුන්න.....

තනි වූ පෙම්වතිය මං.....
නුඹ වෙනුවෙන් පෙළගැසුණු.....
ලෝකය වෙනුවෙන් ..... ජිවත්වෙමි......


[ ඉස්සරදි කියවූ චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතාගේ නම මතක නැති නව කතාවක් ඇසුරෙනි ]






31 comments:

  1. හ්ම්ම්... එකක් ලබා ගන්නකොට තව එකක් නැති වෙනවා..ඒත් සමහර වෙලාවට එකක් ලබා ගන්න යනකොට අනිත හැමදේම නැති වෙනවා.. ජීවිතේ හැටි... :)

    ReplyDelete
    Replies
    1. ආදරය බලාපොරොත්තු වෙනකොට ....... එය උපරිමය ලැබෙන කොට......පෞද්ගලිකව නැතිවෙන දේ බොහෝයි...... සුසී.....

      Delete
  2. හ්ම්ම්ම්... රැඩිකල් කවියක්. එල!

    ReplyDelete
    Replies
    1. බස්සි....... පෙම්වතා විතරයි රැඩිකල්.......

      Delete
  3. Replies
    1. ඊයේ රෑ කියෙව්ව.. 4න් එකෙන් කොමෙන්ට් කොටන්න කම්මැලි කමට නිකා හිටිය.. දැන් බැලින්නම් ඇත්තටම කියන්න දේකුත් නෑ.. ජීවිතේම කවියක්.. හ්ම්ම්.. :(

      Delete
    2. ඔව්..... මිතුර..... ජීවිතය කවියක්...... ඒත් සුන්දර නෑ.....

      Delete
  4. රැඩිකල් වාදියාටත් වඩා රැඩිකල් වූ පෙම්වතිය ඊටත් වඩා රැඩිකල් වූ පෙම් කව අපුරුයි

    ReplyDelete
    Replies
    1. රැඩිකල් පෙමකට ..... සුන්දරව පවතින්න බෑනේ... shagiyo......

      Delete
  5. රැඩිකල් පෙම් කව අපූරුයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..... දිනේෂ්.....

      Delete
  6. පට්ට කවිය
    ඒත් දුක කවිය...
    කී දාහක් කෙල්ලො අඩන්න ඇත්ද ඇත්තටම

    ReplyDelete
    Replies
    1. ඔව්... මහේෂ්..... ඒ අතීතේ නටඹුන් ...... තාමත් හොල්මන් කරනවා.....

      Delete
  7. කව්ද දැං රැඩිකල් වාදියා

    ReplyDelete
    Replies
    1. පෙම්වතානේ...... දේශක....

      Delete
  8. විපලවවාදියෙකුගේ පෙම්වතියක්... හරිම ලස්සනයි නිහිංසා.. මට නුයෙන් වැන් ටෝයි නවකතාව මතක් උනා. හැකිනම් හොයාගෙන කියවන්න. හරිම සංවේදී කතාවක්.

    ReplyDelete
    Replies
    1. මනොෂ්.... මං ඒක කියවල නෑ...... කවුද පොත ලිව්වේ?

      Delete
  9. \\රතු පාටින් ගෙට ගහපු පීත්ත පටිය//

    අඩුවක් පාඩුවක් මොකටැයි..ඔන්න ඕක හදල දාන්න.

    ReplyDelete
    Replies
    1. කොහොම හදන්නද මනොෂ්....

      Delete
    2. අයියෝ බං. "ගෙට ගැහුවා" නෙවෙයි නේද, "ගැට ගැහුවා" නේද වෙන්න ඕනි? ඒක මං කිව්වේ.

      Delete
    3. අයියෝ..... මං කියන්නේ මේකට ගෙට ගහනවා කියල, අපේ පැත්තේ උච්චාරණය ඔහොමයි......හරි වචනය දන්නේ නැ.....මනෝෂ්......

      Delete
  10. අන්න එහෙම කියවපු ඒවා අපිටත් දෙනවනම් අපිට පුළුවන්නේ ඒවා නොබලාම දැන ගන්න පුළුවන්නේ අන්තර්ගතය...නේද?
    ස්තූතියි නිහින්සා.....

    ReplyDelete
  11. ඔව්..... උමා..... අවුරුදු දහයකටත් වැඩි ඇති , මං කියවල මේ පොත, .......ඒත්.... මේ නිමිත්ත හැමදාම මගේ හිතේ තිබුන. ඒ හන්ද ලියන්න හිතුන....

    ReplyDelete
  12. ඔබ කියන මේ කතාව මම කියෝලා තියෙනවා. ඒකෙ සමහර දෙබස් මට එකපාරින්ම පාඩම් උනා. 'පුණ්ණා' තමයි කෙල්ලගේ නම. 'නිරුධක' තමයි විප්ලවවාදියා. කතාවේ නම මතක නැහැ...

    චන්දො ලියන දේවල් හරිම මිහිරියි...

    ReplyDelete
    Replies
    1. උපේක්ෂ...... මතක විදියට නම දුන්යා වෙන්න ඕන..... කොල්ලගේ නම මතක නැ. පොතේ නමත් මතක නැ. මේක ඉස්සෙල්ල ඉරිදා දිවයිනේ කොටස් වශයෙන් ගියා. පස්සේ පොතක් ගැහුවා.

      Delete
    2. අන්න හරි... 'දුන්යා' තමයි. කොල්ලා 'නිරුදක'. ඇත්තෙන්ම ඔහු රැඩිකල් නෙවෙයි, විප්ලවවාදියෙක්. තමුන්ගේ විප්ලවයෙන් තමුන්ට තියෙන අනතුර නිසා, දුන්යාට පාරිශුද්ධව ආදරේ කරන නියම පෙම්වතෙක්. නියම කියන්නත් බැහැ, ඔහු ප්‍රේමයේදී විප්ලවවාදියෙක් නොවෙන හින්ද....

      දුන්යා කියන්නේ සාමාන්‍ය ගැහැනියක්. හැබැයි, බොහොම දුර්වලයි. ( ඔව්... සාමාන්‍ය ගැහැණු කොහොමත් දුර්වලයි) ඒකෙන් ප්‍රයෝජන ගන්නා තවත් තරුණයක් ඉන්නවා. මට ඔහුගේ නම මතක නැහැ. නමුත් මොඩර්න් නමක් තිබ්බේ. ඔහුගේ රාගික ආදරයෙන් දුන්යා වෙහෙසට පත්වෙනවා. මතකද පද්මිණි??

      මේ කතාවේ නම 'සඳ අමාවකයි' ද?

      Delete
    3. උපේක්ෂ ...... දුන්යට තිබුනේ ඒක ප්‍රේමයයි...... දුන්යගේ සයිට් එකේ යාළුවා සරෝජිට තමයි ඔය දේ උනේ..... ඔය කියන විදියට....නම තාම මතකයට එන්නේ නැ.
      සද අමාවකයි කියන්නේ අන්ධ ගැහැණු ළමයකුගේ කතාවක්, මට මතක විදියට, චන්දෝගේ.....
      අවුරුදු විස්සකට කලින්, අපට බලන්න තිබුනේ පත්තර කතා තමයි.....නේද උපේක්ෂා....

      Delete
    4. නැහැ. දුන්යට තමයි. දුන්යාගේ ප්‍රේමය පතාගෙන ඒ කොල්ල පිස්සු නටනවා. ( බොළඳ ප්‍රේමවන්තයෙක් වගේ ) අවසානෙදි නිරුදක අහිමිවන ශෝකයට ඇය මේ කොල්ලට කැමති උනත් ඔහුගේ රාගික ආදරයෙන් වෙහෙසට පත් වෙලා, දවසක් බනිනවා.

      මෙයාගේ බෝඩිමේ යාළුවා, ලස්සන කෙල්ලෙක්. දුන්යාව එක දවසක් එයාගේ ගෙදර එක්කගෙන ගියාම තමයි දුන්යා දැනගන්නේ ඇය දරුවෙක් ඉන්න අවිවාහක මවක් කියලා.

      නිරුදක හමුදාවෙන් කුදලන් යන්නේ දුන්යා බලන්න ආපු මොහොතක. එතැනදී මෙය වැලපෙනකොට දුන්යාට කෑදරකමට සොල්දාදුවෝ ඇයවත් ගෙනියනවා. අවසානෙදි නිරුදකවත් බේරගන්න තමන්ගේ සරිරෙත් පුදලා , නිරුදක නැතුව හිස් අතින් එන්න දුන්යට සිදුවෙනවා...

      අපි දෙන්නම කතාකරන්නේ එකම කතාවක් ගැන නේද?

      Delete
    5. ඔව්.... උපේක්ෂා....... මේ ඒ කතාවම තමයි....... ඔය හරි..... ඒත් .... නම මතකයට එන්නේ නැනේ....

      Delete
  13. //මගේ සිහිනෙ තාමත් සැරිසරනව......
    අදුරු මතකයන් අතර පළමුව .......
    අවසන් රාත්‍රියක් වූ .... අපේ සැමරුම්.....//

    මතකයන් විතරයි අන්තිමට අපිට ඉතුරු නිහිංසා................... ලස්සන අකුරු කිරීමක්................

    ReplyDelete
    Replies
    1. කුරුටු..... මතකයන් හැමදාම හිතේ සැරිසරනවා.....

      Delete