Sunday, December 28, 2014

ලියන වග නම්....

           
        මේ අවුරුද්ද අවසන් වෙනකොට කවදාවත් නැති තරමට මට වැඩ වැඩි උනා. මන්ද...... ඒ මොකද කියල..... මාස දෙකක් විතර මං race එකක් දිව්වා, මටම හති. blog එකට එන්නත්, blog කියවන්නත් කාලය මදි උනා...... දැන් ටිකක් ඉස්පාසුවේ ඉන්නවා, ඒ වැඩ ඉවර වෙලා නෙමේ, මට ඇතියි කියල හිතුන හන්ද.....
         ආපහු හැරිලා බැලුව මා ආ ගමන් මග, ගොඩක් වැඩ එක්ක මං සාර්ථක වැඩ දෙක තුනකුත් කරලා කියල හිතට දැනෙනවා . රැකියාවට අනුව  මට යන්න තියෙන්නේ  හරිම අමාරු ගමන් මගක , විෂම චර්යා ඇත්තවුන්ට කතා කරලා මටම මහන්සියි. ඒත් සේවයක් වගේම පිනක් සිදු කර ගත්ත. 
       මිනිස් සන්තානය වෙනස් කරන්න ගොඩක් අමාරුයි. ඒක අභියෝගයක්. සිතක් එක  විචල්‍යක පවත්වා  ගන්න බැ. හොද දේ දුන්නත්, හොයන්නේ නරක දෙයක්. නිවනට පාර පෙන්නුවත්, යන්න හදන්නේ අපායේ දොරටුව වෙත. මේ කර්තව්‍ය  මගේ හිතට ව්‍යායාමයක් , 
         මේ ගමන යන්න එලි කර ගන්න තියන පාර ඊට වඩා හපන්. ලැබෙන දායකත්වය අවමයේ තියෙන්නේ, සම්පත් මදිකම, අරමුණ අපැහැදිලිවිම, නියෝග තුල වූ  ප්‍රාදේශීය නොගැලපීම්, මේ හැම එකකම අවසානයේ දැනෙන පිඩාව ..... පහුගිය මාස දෙකදිම මට දැනෙන්න ගත්තා. 
          මේ දේවල් එක්ක මට තරහ යන්නේ නැ. හිනාවෙලා ආපු හැම ගැටළුවකටම විසදුම් හෙව්වා, විකල්ප හෙව්වා. සමහරක් වෙලාවට පාඩු සිදුවෙන තරමේ ප්‍රශ්න  වලට මුහුණ දුන්නා. ඒත් මං මගේ ගමන ගියා. තාමත් යනවා. 
        වෙලාවකට නින්ද ආවේත්  නැ, පෞද්ගලික ගැටළු නිසා නෙමෙයි, ඒකට පැහැදිලි හේතුවක් ඔළුවේ තිබුනේ නැ. ඒ තුල කලකිරීමක් දැනුනෙත්  නැ. මටම ඒ තත්වය තේරුම් ගන්න බැ. දවසින් දවස අළුත් උනා මිසක්.
          අළුත් අවුරුද්දට මුහුණ දෙන්න ඕන, අළුත් විදියකට, මං දැන් ලේස්ති වෙන්නේ ඒකට. වසරින් වසර  ....... විෂම චර්යා ඇත්තවුන්  පිළිබද වූ මගේ , පර්යේෂණ වෙනස් කරමින්, සැලසුම් සකස් කරන්න පටන් ගන්න ඕන. මට දැනෙන දේ හා කලයුතු දේ,  ස්වභාවික නීතියට අනුගතව , පරිපාලන නිතිය ඉස්මතු කරමින්, නියමිත රාමුව ඔස්සේ, යායුතු දිශානතිය තීරණය කරාවි. 
ලබන වසරේත්, මං ඔබ හමුවට එනවා. blog එක යාවත්කාලින කරන්න ඕන. මොනවගේ දේවල් ලියවේද දන්නේ නැ. ඒක, වෙනස්ම සංකල්පයක්, මට හිතිච්ච දේ ඔහේ ලියාවි . වෙනදා වගේම. ඉතින් මේ වසර අග මට නැවත ඔබ හමුවන්නට එන්න බැරි උනොත්, මේ සටහන ..... මේ වසරට අනුගත වෙමින්, ඔබට සුභ අලුත් අවුරුද්දක් ප්‍රර්ථනා කරනවා. බ්ලොග්කරණය තුල පෙරළි දකින්න වෙනදා වගේම කැමතියි. 

7 comments:

  1. කරදර අඩුවේවා.. ලියන්න කියවන්න වෙලාව ලැබේවා..නව වසර සුභ වේවා!

    ReplyDelete
  2. සුභම සුභ නව වසරක් වේවා..!

    ReplyDelete
  3. සුභ නව වසරක් වේවා

    ReplyDelete
  4. ආව ගමන වගේ
    නැත්තං
    මීට වඩා සාර්තකව ඉදිරි ගමන යන්ට ලැබේවා
    ජයෙන් ජයම වේවා


    එළඹෙනා නව වසර සාමයෙන් සන්තෝසනේ පිරුණ කිරි පැණි වෑස්සෙන
    සුභම සුභ නව වසරක් වේවා....
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
  5. මගේ යාළුවනේ ඔබ හැමදෙනාටම මගේ හදපිරි ස්තුතිය..... අපි හමුවෙමු ආයෙත් ..... පෙර සේ.......අලුත් අවුරුද්දේ.... නවමු අදහසින්....

    ReplyDelete