අයිතිකාරයෙක් නැති දිනපොතක් එක දිනකදී මට හමු උනා. නැවතත් අන්සතු ආදරණිය සටහන් පෙළගැස්මට මං ආයෙත් ආව......
...............දින
පුංචිම පුංචි තිලනයක් මං නුඹට දුන්න. මුවපුරා ස්තුති කරා මට නුඹ. මං බලන් හිටිය දෑස් දෙස, කවදාවත් කියන්නේ නැති හුගක් දේ දරාගෙන නුඹ ආයෙත්, මදෙස බැලුව. මං අයිති නුඹට කියල නුඹ හිතනව ඇති. මාත් එහෙම හිතුව. ඒ...... කවදාවත් අයිති වෙන්නේ නැති හින්ද වෙන්න ඇති.
............දින
හිත කොහේදෝ පාවෙලා ගියා කියල දැනුන. ඉස්සර මතකය හෙමිහිට.... හෙමිහිට ....... හිතගාව පෙළ ගැහෙන කොට මං කෝම දරා ගන්නද....? නුඹ .... කතා කලා මට...... උදව්වක් ඉල්ලුව මගෙන් ඒත්....... ඒ උදව්ව කරන්න මට හැකි කමක් නැති බව නුඹ දන්නේ නැ. නුඹ මං ගැන දන්නේ නැති හුගක් දේ තියනවා කියල නුඹ දන්නේ නැ. ....... නුඹ දන්නේ මගේ හිත විතරයි. මට අයිතිත් මගේ හිත විතරයි කියල නුඹ දන්නේ නැ. නුඹ මං ගැන දැකපු ලෝකය හීනයක් විතරයි කියල ඇයි..... ? තේරුම් ගන්නේ නැත්තේ. හින ලෝකයත් ..... පියවි ලෝකයත් අතර ඇයි...? මම හැමදාම තනි වෙන්නේ.
.............දින
හිතට බරක් දැනෙන්නේ මහා මේරු පර්වතේ ඔළුව උද තියාන ඉන්නවා වගේ , මට මගේ ප්‍රශ්න වගේම අනුන්ගේ ප්‍රශ්නත් මගේ වගේ වෙලා. මං දන්නේ නැ ඇයි..... මං මේව හිතන්නේ කියල ....... මට තේරෙන්නේ නැ .... ඇයි .... මං විදවන්නේ කියල. ඇස් දෙක රිදෙනවා ගිනි අව්ව දිහා බලාන ඉදල . ඒත්...... අහම්බයෙන් වැටෙන පොද වැස්සට මගේ හිතේ ගින්දර නිවන්න බැ.
...............දින
මහිතට දැනෙන සංවේදී හැගීම තවත් කෙනෙක් කෙරේ ගලාන යන්නේ , පොදු මිනිස් වර්ගයා කෙරෙහිම උපන්න මානව දයාවෙන්. ඒත්...... ඒක වැරදි විදියට තේරුම් ගන්න මිනිස්සුත් ඉන්නව නම් මම ජිවත් වෙන්නේ කොහොමද කියල මමම හිතන්න ඕන. අන්තිමේදී හැමදෙයක්ම හිතට බරක් කරගෙන ජිවත් වනවාට වඩා සැහැල්ලුවෙන් ගතවෙන දවස් ...... හිතට ගෙනෙන්නේ ලොකු අස්වැසිල්ලක්.
..............දින
කවදාවත් මං බලාපොරොත්තු නොවන දේවල් මගේ පස්සෙන් එනකොට මං කෝම ජිවිතේ දිහා බලන්නද....? හැම තප්පරයක්ම මට අභියෝගයක් වෙලා ගලා යනකොට මං ඒ හැමදේටම මුහුණ දුන්න සාර්ථකවම . අභියෝගය හැමවිටම අත්දැකීමක් උනා මට , මගේ ජීවිතය හදා ගන්නට . හිතට බරක් කියල හිතුන හැම දෙයක්ම ...... ජිවිත අවශ්‍යතාවයක් බවට පත් වෙන්නෙ කාලයට වඩා වේගයෙන්. දෑතට මැදි උන සිතල ගිනි අවියට හදවතක් නැති උනත්....... මට මගේ හදවතේ උණුහුම දැනුනා.
මේ දිනපොත පුරාම සටහන් තිබුනේ මෙපමණයි. ඒ ඇයිද මන්දා...... ඉතාම කෙටියෙන් ආදරය...... දුක වේදනාව...... කදුලු විතරයි ...... ලියවෙලා තිබුනේ. වර්ෂය 2004 දිනපොතේ නමක් නෑ. ඉතිරි දින සටහන් නොලිවේ ඇයිද කියල හිතා ගන්න බැ.
ගජිනි එකේ කාගේ හරිද දන්නෑ.. හැක්
ReplyDeleteMaathalan - Priyantha HewageFebruary 17, 2015 at 1:05 AM
Deleteඅනගාරික ධර්මපාල කියන්නේ පිස්සෙක්.. ඒ පිස්සා කියපුවා අහපු හරක්ට වඩා.. ඒ යකා පිස්සෙක් බව දැන ගන්න අපේ උන්ට මොළේ තිබුනා..
එකනේ අන්තීමට ලංකාවත් එපා උනේ.. දැන් ඉන්න අනගාරික ධර්මපාලලාටත් භාගෙට පිස්සු.. ඊළඟ ඉලෙක්සොන් එකෙන් කෙලින්ම අංගොඩ..
පිස්සෝ කවදත් උන්ට පිස්සු කියලා කියන්නේ නෑ.. පිස්සුද ඕයි කියලා අහනවා මිසක්..
තේරුනේ නේ........ දේශකතුමනි......
Deleteමිනිස්සුන්ට තියෙන බලාපොරොත්තු කවදාවත් සීයට සීයක් හරියන්නෙ නෑ ඒත් මිනිස්සු කවදාවත් බලාපොරොත්තු අත්හරින්නෙත් නෑ.
ReplyDeleteබලාපොරොත්තු නොවන දේවල් පස්සෙන් එනව කියන්නෙ අපි කරපු හොද නරක පස්සෙන් එනව වගේ වැඩක් නෙමෙයිද
ඔව්..... වැව්..... ඒක එහෙම වෙන්නත් පුළුවන්...... නැත්නම්....... නොහිතන මරාල වෙන්නත් පුලුවන් .... ඒත්...... කවුරුවත් බලාපොරොත්තු අතාරින්නෙ නැනේ.....
Deleteසමහර දේවල් අදුරු හෙවණැලි වලටත් වඩා අපය බය කරනව සමහර ඒව තිගස්සනව ඒත් අපි ඒ පස්සෙම එල්ලිල ඉන්නව.... අනේ මංද කියන්ට හරි අමාරු යි
ReplyDeleteසිතක සංකල්පනා හරිම සංකීර්ණයි තේරුම් ගන්න බැ. ජීවිතේම හොල්මන් කරත් ...... ඒවා වෙනස් වෙන්නේ නැ මහේෂ්.....
Deleteබංකරයක ඉන්න ගමන් බඩියෙක් කුරුටු ගාපු දෙයක් වෙන්ටෑ කියලා හිතෙනවා..........
ReplyDeleteසමහර විටන ......නේ .......කුරුටු....... දුක දැනෙන්නේ තනිව ඉන්න විට.....
Deleteගොඩක් අයගේ හිත්වල පැසෙමින් තියෙන සිතිවිලි කීපයක් වෙන්න ඕන . මටත් කීප දෙනෙක්ගේම දිනපොත් ලැබිලා තියෙනවා . ඒවායේත් සමහර තැන්වල මේ වගේම දේවල් ලියවිලා තිබුණා .
ReplyDeleteවයලිනෝ...... දිනපොත් ලියන එක හොදයි..... මිනිස්සුන්ට මුණ දෙන්න වෙන්නේ සමහර විට එකම අත්දැකීම්......ඒකයි අපි සමාන තැන දකින්නේ.....
Deleteහිතේ තියෙන දේවල් තැනක ලීවාම හිත සැහැල්ලු වෙනවා
ReplyDeleteදින පොතක් ඒකට උචිතයි
මාත් නිහිංසාවට ආවා
ස්තුතියි..... වර්ණ..... ගොඩවැදුනට.......හිත සැහැල්ලු කරන්න ලියන ඒක දිනපොතේ හරි..... මිනිස්සුන්ට තියන පීඩනය අඩු වෙනවා.
Deleteඇත්තම කියන්නම්. ඉස්සර හැම දෙයක්ම දිනපොතේ ලිව්වා. 1992 දි සිදුවූ ඉතා අමිහිරි සිදුවීමක් නිසා, දිනපොත් ලියන එක සදහටම නැවැත්තුවා. ඇත්තටම අද ඒ ගැන දුක්වෙනවා. නමුත් මම මටම කරගත්ත දඬුවමක් ඒක.
ReplyDeleteඔව්.....විචාරකතුමනි ..... හැමදේම දිනපොතේ ලියන ඒක භයානක දෙයක්..... ඔවැනි.... අමිහිරි සිදුවීම් බොහෝ අයට වෙලා තියනවා. ඒ ඇත්තම දේ බොක්කෙන් ලිව්වා නිසා,,,,, එහින්ද පරිස්සම් වෙන්නත් ඕන. ඒ සටහම් කවුරු හරි කියෙව්වොත්..... ලෝක ලෙඩක්...
Deleteඒත්..... මේ අහිංසක සටහන් මං දැම්මේ කාටවත් හානියක් නොවන පොදු අත්දැකීම් කීපයක් තිබෙන නිසා. ඒ වගේම නිර්මාණාත්මක හැගීම් කියල මට හිතුන.
ෂුවර් ගජිනි එකේ එක නෙවෙයි නේද???
ReplyDeleteජ ය වේ වා !!
නැ සි.ජේ...... බරපතල නැ මේ case එක .....
Deleteදිනපොත් වල හැම දේම ලියන එක භයානක වැඩක්, මේ වගේ එක ලැබුණු කෙනක් වෙන අරමුණකින් මේක පාවිච්චි කලොත් මොකෝ වෙන්නේ
ReplyDeleteඉවාන්....... මානසික ලෙඩ්ඩු තමයි මේ දින සටහන් වලින් පලිගන්න යොදවන්නේ.....ඒත්..... මේ සටහන් අයිතිකාරයට අවුලක් වෙන්නේ නැ. චරිත ඝාතන නැ. මම සංස්කරණය කරේ නැ. එහෙම්ම දැම්ම. මේ ලියපු විදියම තමා.
Deleteආදරෙද? ජීවිතේද? හමුදා සාමාජික්කයෙකුගේ (සමහරවිට සාමාජිකාවකගේ) අත්දැකීමක්.. දිගටම ලියල තිබුණ නම් නිගමනයකට එන්න තිබ්බ.. ඉතුරු කොටස් ලිය නොවුණේ යම් අවාසනාවන්ත සිද්ධියක් නිසා නොවෙයි කියල හිතනවා..
ReplyDeleteමිතුර...... ජීවිතය කියන්නෙත් ආදරයම තමයි......මෙයා දිගටම ලියල නැ. අවුරුද්දටම ඔච්චරයි තිබුනේ. මේක ලියල තිබුනෙත් ජනවාරි හා පෙබරවාරි. දවස් තැනින් තැන සටහන් කලේ. අවාසනාවන්ත සිද්දියක් නැතුව ඇති...
Deleteහිතේ තියෙන දේවල් පොත් වල ලියනවට වඩා හිතේම තියාගන්න එක වඩාත් සුදුසු නැද්ද?
ReplyDeleteපොත් වල ලියනවට වඩා හිතේ තියන් ඉන්න එක සුදුසුයි...... සේප්පුවේ දැම්ම වගේ ..... එත් මේකනේ..... රූපේ..... හිත කියන්නේ ගහක්.... ගලක් නෙමෙයිනේ...... එහෙම හිතක තියන් ඉන්න අමාරුයි..... ස්වභාව ධර්මය නම් ඒවා මොන ආකාරයකින් හරි පිටකර දැමීම තමා වඩා යෝග්‍ය.
ReplyDeleteමනෝ විද්වතුන් මේක පිලි අරන් ඉන්නවා. දිනපොත් ලිවිම මේ එක ක්‍රමයක් පමණයි..... සමහරුන්ට වෙනත් ආදේශක ක්‍රියා තියනවා.
ගොඩ වැදුනට ස්තුතියි ...... රූපේ.....
"දිනපොත් ලියන එක මහා ගොන් වැඩක්.කාගෙ හරි අතකට ගියොත් ඔක්කොම රහස් එලිවෙනවා"
ReplyDeleteමම නෙමෙ මෙහෙම කියන්නේ.,සමන් එදිරිමුණි එයාගෙ 'සුළග නුබ සහ මම' කතාවේ.
සුසී..... ඒක ඇත්ත....... දින පොතක රහස් ලියන්න හොද නැ. රහස් කියන්නේ තමන්ගේ වැරදි .... වැරදි නොවන අනෙකුත් දේ රහස් නෙමේ. මම හරිද.....? අමාරුවේ වැටෙන්නේ ඒකයි....
Delete