Thursday, May 28, 2015

අඟුණුකොළපැලැස්ස ප්‍රජා විශෝධන කාර්යාලයේ ඵක් සමාජ සත්කාරයක්



           ශ්‍රී ලංකාවේ විවිධ සුළු වැරදි සඳහා අධිකරණය ඉදිරියේ චෝදනා ලබන වරදකරුවන් විශෝධනය කිරීම සඳහා පිහිටුවා ඇති ප්‍රජා පාදක විශෝධන දෙපාර්තුමේන්තුවේ කාර්ය භාරය. දිවයින පුරා පිහිටි සියලු අධිරකණ බල ප්‍රදේශ මුල්කර ගෙන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

             මෙම සුළු වරදකරුවන් විශෝධනය කිරීම සඳහා විවිධ වැඩසහන් ක්‍රියාත්මක වන අතර. එහි එක් වැඩසටහනක් ලෙස මෙම භාවනාමය වැඩසටහන අඟුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රජා විශෝධන ආඥාලාභින් සඳහා 2015.05.26 දින අගුනුකොලපැලැස්ස. අලුත්වැව පුරාණ රජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි.

           මහේස්ත්‍රාත්තුමාගේ උපදෙස් පරිදි අඟුණුකොළපැලැස්ස ප්‍රජා විශෝධන කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන. අඟුණුකොළපැලැස්ස ප්‍රජා විශෝධන නිලධාරි ආර්.එන්.රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් සංවිධානය කරන ලදි.

  වලස්මුල්ල හා තංගල්ල ප්‍රජා විශෝධන නිලධාරි අනුර රෝහණ මහතා, හම්බන්තොට ප්‍රජා විශෝධන නිලධාරිනි ශෂිකලා දුලාෂිනි මෙනවිය. අඟුණුකොළපැලැස්ස ප්‍රජා විශෝධන කාර්යාලයේ වැඩ පරික්ෂක කේ.එස්. සමන්න කුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු අධිකරණ කාර්ය මණ්ඞලයේ නිලධාරින් පිරිසක් ද සහභාගි විය. 

 
      අලුත්වැව පුරාණ රජමහා විහාරස්ථානාධිපති ස්වාමින් වහන්සේගේ අනුශාසනා ඇතුළුව. අඟුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් මහතා ඇතුළු එම කාර්ය මණ්ඩලයේ  මහත්ම මහත්මීන්ගේ සහයෝගයෙන් වැඞසටහන සාර්ථක කර ගත් අතර.  ප්‍රදේශයේ රාජ්‍ය ආයතන කිහිපයක් ද මිට දායකත්වය දක්වන ලදි.

වරදින් මිදුනු යහපත් පුරවැසියෙක් බිහි කිරීම ප්‍රජා විශෝධන දෙපාර්තුමේන්තුවේ දැක්ම වන අතර . මෙම වැඞසටහන ඵ් සදහා ඵක් සමාජ සත්කාරයකි.

 

8 comments:

  1. ඇත්තටම ඒක හොඳ වැඩක්. මම දැක්කා මේ වගේ තවත් වැඩසටහන් තියෙනව. නිහිංසා එතකොට මට ප්‍රශ්නයක් තියෙනවා. මේ විදිහෙ වැඩසටහන් බරපතල අපරාධ කරපු අයට තියන්නේ නැද්ද. අනික මේ වැඩසටහන් තියන්නේ එක පාරක් විතරද(ඒ කියන්නෙ මේ පෝස්ට් එක මගින් සඳහන් කරපු අයට නැවත මේ වගේ වැඩසටහනක් තියන එකක් නැද්ද). පොඩ්ඩක් ඒ ගැන පැහැදිළි කරන්නකො.

    නිහිංසා සතියක් දෙකකින් විතර දැක්කෙ :).
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මනා .... සමාවෙන්න .... ලැප් එකේ display ගියා අද තමයි හදාගෙන ආවේ. මෙන්න ඔයාගේ ප්‍රශ්නෙට උත්තර..... මනා..... මේ වගේ වැඩසටහන් බරපතල අපරාධකරුවන්ට බන්ධනාගාරය තුල ක්‍රියාත්මක වෙනවා. මේ ගොල්ලෝ සභාගි වෙනවා ඒවට. නිදහස් වෙලා ආවම , ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුවෙන් මේ අයව අධීක්ෂණය කරන ගමන් මේ වැඩසටහන් වලට යොමු කරනවා. ඒත් එලියට ගියාම එනවා අඩුයි.
      මේ වැඩසටහන් එකක් නෙමේ විවිධ වැඩසටහන් ..... ලේස්ති කරනවා මේ අය වෙනුවෙන්. ගැටළුව මේ සදහා ප්‍රතිපාදන ලැබෙන්නේ නැ. වියදම පියවන්නේ හරි අමාරුවෙන්.
      දෙපාර්තමේන්තුව ලෙස්තියි..... මේ අය වෙනුවෙන් මෙහෙවරක් කරන්න . සැලසුම් හදල තියෙන්නේ.

      Delete
  2. එක අදවසින් පැය කිහිපයකින් හිතක් වෙනස් පිරිසිදු කරන්න බෑ... හැබැයි පියවර ගනනකින් දවස් ගනනාවකින් උත්සහ කළොත් නම් එත් සමහරවිට පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. දවසින් බැ, දිනේෂ්..... මේක plan එකකට දවසින් දවස කරන වැඩක්. විශෝධනය දිගින් දිගටම කරනවා, ඒ වගේම මේ නිලධාරීන් පසු විපරමත් කරගෙන යනවා.

      Delete
  3. දිළිඳුකම, නූගත්කම, සමාජානුයෝගයක් නැතිකම, නිසා, නිරපරාදේ හිරේ විලංගුවේ වැටෙන මිනිස්සු ගැන අනුකම්පාවෙන් සලකන්න ඕනේ. නමුත්, නීතියේ දෙවඟන, ඇස් වසා රෙදිකඩක් බැඳගෙන ඉන්නේ, සාධාරණත්වය වෙනුවෙන්. නීතියේ සාධාරණත්වය එහෙම වුණත්, මිනිස්කමේ සාධාරණත්වය තියෙන්නේවෙන තැනක.

    මේ වැඩපිළිවෙලට ජයවේවා!

    ReplyDelete
  4. ඔව්..... විචාරකතුමනි...... මිනිස්කමේ සාධාරණත්වයට තැනක් දෙන්න ඕන නිසයි ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව පිහිටවල තියෙන්නේ..... විශේෂයෙන් අහිංසකයින්ට.....

    ReplyDelete
  5. සමහර මිනිස්සු කොච්චර හොඳ වෙන්න හැදුවත් සමාජයෙන් එකට ඉඩ දෙන්නේ නෑ. ඔවුන් දිහා බලන්නේ වපර ඇසින්. මේ වගේ වෙලාවට සුළු වරදක් කර දඬුවම් ලබපු පුද්ගලයෙක් සමාජයට තියෙන වෛරය හේතුවෙන් ලොකු වරදක් උනත් කරන්න තියෙන ප්‍රවනතාව වැඩියි.

    මෙවන් කාර්යයන් දිගටම කරගෙන යනවනම් වැරදි කරන අයට පමණක් නෙමෙයි සමාජයේ අනික් අයගේ හිත වෙනස් කරන්නත් උපකාරයක් වේවි. :)

    ReplyDelete
    Replies
    1. ඇපල්...... සමාජය මිනිස්සු හදන්න ඉඩ දෙන්නේ නෑ. ඒක ඇත්ත. වරදකරු සමාජයට තියන තරහ පිට කරන්නේ තවත් වරදකින් .
      මේ ක්‍රමය වරදකාරී සිත් වෙනස් කරන්න එක ක්‍රමවේදයක් පමණයි.

      Delete