Saturday, June 20, 2015

සොදුර ......


සොදුර ..... නුඹ ලග නැති මට දැනෙන දුක  ........
කටු අග රැදුන ....... තුඩු'ගිස්සක් 
ඇනුන විටක මෙන් ........ රිදුම් දෙන  
 හදවතේ උණුසුම්ම තැනින් වැක්කෙරෙන 
වෙඩරු මෙන් දියාරු ..... උකටලී වූ ප්‍රේමය 
සිත් මඩලේ කැලතී ..... කැලතී .......
පින් බිමක් දකිනු  රිසියෙන් මෙන් .....
 දික් වූ බෙලි ඇතිව ....
ඇදවූ ...... මුවග'ට ..... රිසි නොවූ සිනාවන්.....
කළු වූ මුහුණු ඇතිව ...... ගිලුණු දෑස'ගින්  
වැටෙන  කදුළු බිඳු ..... ගිනියම්ව දැනෙන කල 
නුඹම පමණි ....... මා තවම දකින්නේ......
අද ..... ? හෙට ...... ? එනු එතැයි .....
මං ...... තවමත් බලන් ඉන්නවා......
තප්පරෙන් ..... තප්පරේ ...... 
හිත් කොනින් එබෙන විට .....
කල්පෙකින් නොදැක්ක ..... නුඹ 
එනු ඇතැයි ........ 
මං ආයෙත්ම සිතනවා........    

20 comments:

  1. ඉක්මණට එයි. එතකං දෙය්යනේ කියල ජිරාෆ් වගේ බෙල්ල දික් කොරන්ට නොයා හිටිං.
    හිහි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. දික් කොරලම ....... බෙල්ලත් උළුක් වෙලා මහේෂ්.....

      Delete
  2. අහල තියෙනවද "සොඳුර නුඹ ලිහිනියක" සින්දුව

    ReplyDelete
    Replies
    1. ඔව්...... ඉවාන් ...... ඔක්කොම සොදුරලා ඒකයි වගේ ....
      ඒ සින්දුව නම් ලස්සනයි.... මගේ ලියවිල්ලට වඩා ...

      Delete
    2. සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන
      මමද ලිහිණියෙකු වෙමි කැඩුනු තටු පිරි මදින

      අහිංසක අප දෙදෙනෙ තටු කඩා මේ ලෙසින
      සිදීගිය ගඟ දෑල හැර දැ‍මූවේ කව්ද
      සඳට ‍දොස් නොකියන්න සඳ කුමක් කරන්නද
      බාල වයසින් මැරුණ ප්‍රේමයකි තරු එළිය


      කටුක දුක් විරහ මැද අතරමං වී ගියද
      අපි තවම පෙම් කරමු අපේ ජීවිත වලට
      කියාදෙමු පියඹන්ට අපි අපේ පැටවුන්ට
      නිදහසේ තටු ලැබුණ කුරුල්ලන් වී දිනෙක


      ගායනය : ගුණදාස කපුගේ
      පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
      සංගීතය : ගුණදාස කපුගේ

      Delete
  3. ලස්සනයි :). ආයෙත් එයි. පොඩ්ඩක් බලන් ඉන්න.
    නිහිංසා කාලෙකින් දැක්කෙ.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. එයි කියල දන්නවා.... ඒත්... එන්න තමයි පරක්කු .....
      අධික වැඩ හා lap එක මාසයක් නැතිව හිටියින් එන්න බැරි උනේ .... දැන් හරි මනා..... මං ආයෙත් ආවා....

      Delete
  4. අනිවා එයා ආයෙත් ඒවි
    ලස්සන වදන් ටික
    ජයවේ නිහිංසා!

    ReplyDelete
    Replies
    1. එයා එන්නම ඕන... වර්ණ .... ස්තුතියි....

      Delete
  5. සොඳුර මේ අප පැතුම්.. සුපිපෙනා..
    හිතමිතුරු වූ..
    වසත් කාලයයි..
    බලාපොරොත්තුවෙන් ඉමු..
    (හැඟීම් අකුරු කිරීමෙන් ඒවා තීව්‍ර වෙනවා.. ලස්සනයි.)

    ReplyDelete
    Replies
    1. එයා මේවා බලන්නේ නැ..... ඒත් ... මං කොහේ හරි කුරුටු ගානවා.
      කලණ......
      හැගීම්..... අතිශයින්ම තිව්රයි...... ලියවෙන තරමට

      Delete
  6. හ්ම්......................අවුරුදු 34 ක් හිරේ ඉඳලත්, මටත් ඔය ලෙඩේ තියනවා. කොහේ හරි ගියොත් එක දවසකටවත්, ගෙදර ඉන්න එක මරනවා වගේ. බැරිම වෙලාවට බාගයක් ගහලා බුදියගන්නවා. ඇවිත් මම බීලා ඉන්නවා දැකලා අඬනකම්.

    උඹ ලියන්නේ ගූගල් ඉන්පුට් ටූල්ස් වලින්ද? සමහර වචන හරියට ලියවෙලා නැහැ. මම මෙතන පෙන්නනවා වචන කීපයක්, ගූගල් ඉන්පුට් ටූල්ස් වලින් ලියන හැටි.

    sondura = සොඳුර, langa = ළඟ , wendaru = වෙඬරු,

    ReplyDelete
  7. ඒක තමා විචාරක තුමෝ...... දෙන්නට දෙන්න නැතිව බෑ කියන්නේ ඕකට තමා. .... මේ සංසර බැදීම් වල හැටි වෙන්නෑ .....
    ඔබතුමා හරි මන්ලියන්නේ ගුගල් ඉන්පුට් ටුල් වල තමා. වචනේ දැන දැනත් , ලියන්නේ ඔහොම තමා , මතක් උනාම හරි ගස්සනවා. තියන කම්මැලි කමනේ මාගේ .... අනේ දම වෙන්න

    ReplyDelete
  8. බලාගෙන ඉන්න කවදාහරි එවි අනිවාර්යෙන්ම.

    ReplyDelete
  9. සොදුර කිනිස්සක් අරන් එනතුරු හිටිං..

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් බැරි නෑ..... එනකොට වෙනස් වෙලා තිබ්බොත් හෙම....

      Delete