Sunday, June 28, 2015

සයිබර් අන්දරය



ඔබ සිහිනයක් ..... 
සයිබර් අවකාශේ පාවෙලා ආව .... 
සැහැල්ලු  උවමක් වගේ ......
නොනිත්..... ඇල්මක ..... උඩ බලන් ඉන්දවපු...
නුලකින් ගැට ගහපු ...... රතු පාට බැලුමක් වගේ.....

කොයි වෙලේ ඉගිලිලා යාද ..... නොදනිත්....

සුන්දර ඉසව් සොයනු රිසියෙන්.......

සයිබර් ප්‍රේමය....... මං දැකපු හීනය ....

තිරයට එහා ගිය... හීනියට පෙරුම් පුරපු 
පාට පාට ....සබන් බෝල උඩ ඇරල   
සතුටුව හිත හදා ගත්.... උන්මන්ත ප්‍රේමය 

ඔබ තවමත් හීනයක්......... 

අදහන්න බැරි හීනයක්.........
සයිබර් ඉමේ එහාට මෙහාට පාවුනු හීනයක්....

එන්නෙත් නැති..... යන්නෙත් නැති.....
ආපසු ගොසින් එන්නත් බැරි......
ආවත් ... ලං වෙන්නත් බැරි..... 
නාවත්.....දුකකුත් නැති.....

මගේ ..... හීනය .... ඔබම පමණි.....

ඒ ඔබම පමණි.......




12 comments:

  1. "එන්නෙත් නැති..... යන්නෙත් නැති.....
    ආපසු ගොසින් එන්නත් බැරි......
    ආවත් ... ලං වෙන්නත් බැරි..... නාවත්.....දුකකුත් නැති....."

    සිරා කතාව...

    ReplyDelete
    Replies
    1. මේකට කොමද සීරාව ගැවුනේ

      Delete
    2. බලන්න ඇත්තේ සිරා කෝණයකින් වෙන්න ඇති. ......රුපෙට අනුව.......

      මැලේ ...... ඔයාගේ සීරාව පැහැදිලි මදි.

      Delete
  2. අර රූපය කියල තියෙන කතාවත් මරු හැබැයි...
    හික්ස් නියම කවිය කවියක් නං මං කීවෙ

    ReplyDelete
  3. සයිබර් පෙම ගැන බැඳුනු විරහ ගීය

    ඉස්සර වාගේ එවන්න ලිපියක් අන්තර්ජාලිත රැහැන් දිගේ
    ඉස්සර වාගේ කරන්න දෙඩුමක් එම් එස් එන් සේවයෙන් අගේ
    ඉස්සර වාගේ ගයන්න ගීයක් සිත ගත හද මත් කරන මගේ
    ඉස්සර වාගේ ලබන්න සතුටක් අද මට කල පින් මදියි වගේ

    එදා වගේමත් පේරාදෙණියේ හඳ පායනවද කඳු මුදුනින්
    එදා වගේමත් මහවැලි නදියේ රැළි පෙරලෙනවද පෙණ නගමින්
    එදා වගේමත් ගලහ හන්දියේ මල් පෙති විසිරෙනවද සුළඟින්
    එදා වගේමත් මා සියුමැළියේ මා ගැන සිහිවෙනවද සුසුමින්

    පරිඝණකයෙ විද්‍යුත් ලිපි ගොණුවට වෛරස් ආසාදනයක් දෝ
    දුරකථනයෙ පිරිවැය සීමා බිඳ අන්තර්ජාලය ගොළුවුනි දෝ
    විශ්ව ගමේ නිතරම දුටු සැවුළිඳු කරමළ සුදු පැහැ ගැන්වුනි දෝ
    අන්තර්ජාලේ සයිබර් පෙම්දම අන්තර්ජාලෙ ම මියගියෙ දෝ

    ;-)

    ReplyDelete
  4. නියම උත්තරය මට ඔයාගෙන් ලැබුන...... සයිබර් පෙම ගැන , රසික අයියේ....

    ReplyDelete
  5. සයිබර් හීනය
    හිතන්න දෙයක් තියෙනවා...
    ජය!

    ReplyDelete
    Replies
    1. සයිබර් ලෝකයේ සැරිසරන විට ලැබෙන අත්දැකීම් මේ....

      Delete
  6. සයිබරේ ප්‍රේමය. ඒකත් මරු නේ :D.

    ReplyDelete