Wednesday, July 1, 2015

අනන්තය .....


මගේ ඇස් දෙස බලාන , ඔබ මට බොහෝ දේ කිව්වා. ඒ තුල වූ විස්වාශය අපිරිමිතයි කියල මා දුටුවා. මේක තමා සත්‍ය ප්‍රේමයේ නියම ඇත්ත .......

දින , සති , මාස ගණන් ගෙවෙන කොට ,........ ඔබ කියූ ....... බොහෝ දේ ...... හොයන්න ..... මට අනන්තයට යන්න උනා...... යන්න මං පාර දන්නෙත් නෑ. ......

කවුරුත් එන් නැති....... 
කවුරුත් යන් නැති.....
මල් පෙති විසුරුණු මල්පාරේ.....
දිනයක හමුවෙමු ........ 
හමු වී හිනැහෙමු ..... 
හිනැහී ......වැලපෙමු .......
අපි ආයේ ....

මට මතක් උනේ ගුණදාස කපුගේ කියපු මේ සින්දුව ..... මතක විදියට ලියවුනා...... හරිද මන්දා....... 

අනන්තයට යන්න පාර හොයා ගන්න බැරි උනු  මට  ..... ආපහු යන්න පාර කියන්නේ කවුද  ...? 

ඔබ දන්නවද ...... අනන්තයට යන පාර ......?

26 comments:

  1. මමත් හොයන්නෙ ඒ අනන්තයමයි....

    ReplyDelete
    Replies
    1. ආදරය = අනන්තය = මිරිගුව

      Delete
  2. මංමුලාවී පාර අසාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මංමුලාවූ සමනලියකගෙනි පාර අසා තිබුනේ....

    ReplyDelete
    Replies
    1. මේ සින්දුව ලියද්දි මට ඔය සින්දුවත් මතක් උනා උපේක්ෂා ......

      Delete
  3. කවුරුත් එන්නැති.. කවුරුත් දන්නැති..
    මල් පෙති ඉහිරුණු මල් පාරේ..
    දවසක හමුවෙමු.. හමුවී හිනැහෙමු..
    හිනැහී වැලපෙමු අපි ආයේ...

    **********

    ඔබට යන්නම ඕනෑනම් ඔබ යන්න ඉතින් නික්මී..
    මේ කාමරයේ පුරා රැඳුනු සුවඳත් අරගෙන..
    ඒ සුවඳ ඇවිත් මගේ හිත පාරයි..
    ඔබට යන්නම ඕනෑනම්.. ඔබ යන්න ඉතින් නික්මී..

    ReplyDelete
    Replies
    1. යන්නම් කිව්වට ..... යන්නත් පුළුවන්ද....... ඒකත් එහෙම වෙන්නේ නෑ....

      Delete
  4. පොඩ්ඩක් හිටිය නං
    බොන්න වෙන පුස්නයක්
    හික්ස්.
    උත්තර නැති පස්න අය්යෝ

    ReplyDelete
    Replies
    1. බිව්වම උත්තරයක් ලැබෙනවද ...?

      Delete
  5. ෂුවර් එකට ගූගල් මැප් වල ඇති....නරකද ගූගල් දෙයියන්ගෙන් ඇහුවොත්??

    ReplyDelete
    Replies
    1. ගුගල් දෙවියන්නටවත් බෑ ..... මේ පාර හොයන්න නම්......

      Delete
  6. මං මුලාවී පාර අසාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලාවූ සමනලියකගෙනි
    පාර අසා තිබුනේ..

    ඇයත් නොදන්නිය ඇය යන මානය
    උන්හිටි තැන් මතකයෙ අඩමානය
    පාර කියන්නේ කෙලෙසද මා හට
    ඇයටද පාරක් ඇති නැති ගානය...

    අප හමුවූයේ මන්දැයි නොදනිමි
    පාර ඇසූයේ ඇයි දැයි නොදනිමි
    අපේ ගමන අද නවතිනු හැකි නම්
    අප යන ගමනද අද මෙතනින් නිමි

    https://www.youtube.com/watch?v=0Bxl4nu8a6g

    ReplyDelete
    Replies
    1. අඩේ මේ සිංදුව අමතක වෙලා තිබ්බේ. කවර් එකක් ගහල දාන්න ඕනෙ.

      Delete
    2. අන්තිමට අපි කවුරුවත් දන්නේ නෑ..... යන්න ඕන පාර ..... ඔක්කොම මං මුලා වෙලා...... ඉවාන්.....

      Delete
  7. මොකක්ද මන්දා අර කියන්නේ ගුරු ගීතයේ ඒත් වසන්තය එනවා සත්තයි කියලා . අපිත් වසන්තයා එනකල් බලා ඉඳලා බලමු මමනම් කියන්නේ . කාලෙකින් බ්ලොග් කියවන්න ආවේ . බ්ලොග් එක අලුත් වෙලා . ලස්සනයි :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...... වයලිනෝ......
      වසන්තය එනවා..... කියල අපි හිත හදාගමු....... මරාගෙන මැරෙන්නේ නැතුව නේද......?

      Delete
  8. Replies
    1. එහෙම එකක් ..... නැත්ද අනේ.....

      Delete
  9. ආදරයයි අනන්තයි කියන්නේ කවදාවත් හැරීමක් නොලැබෙන අන්ත දෙකක් නිහන්සා,,

    ReplyDelete
    Replies
    1. ගියොත් ආපහු හැරෙන්න බෑ..... මොනරි .... ආදරයටවත් ..... අනන්තයටවත් .....ඉමක් කොනක් නෑ.

      Delete
  10. අනන්තයට යන පාර දිගේ......................

    ReplyDelete
  11. http://nelumyaya.com/?p=3434
    අනන්තය කවදත් හොඳ මාතෘකාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි........ අජිත්......

      Delete
  12. "අපි ඈතට ඈතට පා නගලා
    ගන වනන්තරේ
    අතර මං වෙමු
    වසන්ත මල් ගොමුවේ


    කාත් කවුරුවත් නෑ එන්නේ
    ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
    අපේ ම පුංචි ලෝකයේ අප ඉන්නේ
    බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ


    කෙසේ ද අත් බැඳ ඇවිදින්නේ
    වෙරළේ උයනේ තුරුළු වෙමින්
    නෑ හිත මිතුරන් මගතොට හමුවන්නේ
    උකුසු ඇසින් අප කෙළෙස ද ගැලවෙන්නේ.."

    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදෙනවා .... මනෝ.....

      Delete
  13. අනන්තයට යන පාර දිගේ...........කසුන් කල්හාර ගියා.....ඇයත් ගියා කියලයි ඔහු කිව්වේ....ඒත්, නිමක් හම්බ උනු බවක් නම් කිව්වේ නෑ.....හොයන්න අරගෙන දැන් කාලයක් වෙලා නිසා, පස්සේ වත් හොයා ගත්තද දන්නෑ....නරකද ඔහුගෙන්වත් අහල බැලුවනම්.

    ReplyDelete