Saturday, July 11, 2015

සඳ ..... නුඹ මට හිමි නෑ.....


නුඹ සඳක් ...... බැස යන......
සීතල හෝරාවට මගේ හිත කිති කවන.....

ගං දෑලේ.... නුරාවට රටා මවමින්.....
බට පඳුරු අස්සෙන් විනිවිදව  .....
සීරුවට එතෙන  ..... කෝල නුඹේ  රැස් .....

මං හිතුව  ......  නුඹ .... අයිති මට .... තමයි .......

සුමුදු ලතාවක ..... පිපුන මන්දස්මිතය ....
පුබුදු කල ...... නුඹ මුදු තොළඟ ......
හාදු දුන් ..... උවනතට ..... සිත කැළඹු ..... නුරාවේන් 
සත්තමයි ...... නුඹ මට දුන්නු පැතුම් පොදී ......

නුඹ සඳක්....... 
මට කෝම අයිති වෙන්නද ....?
මතක නැති උනා......
රැදෙන්න බැරි බව .....

සඳ .... නුඹ මට අයිති නෑ.......
නුඹ අයිති අහසට .....




14 comments:

  1. නිහිංසාගේ මේ සිතුවිල්ලත් එක්ක මට එක ගීතයක් මතක් වෙනවා . මේ ඒකදෝ කියලත් හිතෙනවා . අපි හම්බෙමුකෝ පෝස්ට් එකකින් දවසක :)
    බොහොම අගේ ඇති සිතිවිල්ලක් :)

    ReplyDelete
    Replies
    1. මේක ලියවෙද්දී මට ගීතයක් මතක් උනේ නෑ. වයලිනෝ..... ඇත්තටම මොකද්ද ඒ ගීතය ...?
      හැමදාම මම ලියන්න පටන් ගත්ත දේ නෙමෙයි, ලියවෙන්නේ. ඒ ඇයිද මන්දා ...?

      Delete
  2. අගෙයි නිහිංසා...................

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .... කුරුටු.....

      Delete
  3. සඳ නුඹ අයිති නොවුණත් මට
    නුඹට ඇති ආදරේ අයිති මට
    ඔව් සදහටම අයිති මට

    ලස්සනයි කවි පබැඳුම
    ජයවේ නිහිංසා!

    ReplyDelete
    Replies
    1. වර්ණ .... ඔයා පබදුමේ මා නොකී කොටස සම්පුර්ණ කලා......

      Delete
  4. ලස්සනයි අක්කේ,,, කාලෙකින් ආවේ මේ පැත්තේ,, ඔයාට කොහමද ? ඔයා දැන් කලින්ට වඩා ගොඩක් හොඳට ලියනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.... ඕමා....
      වෙනදා වගේම මං හොදින්.....

      Delete
  5. සඳකට අදරේ කරන පුංචිම තරුවක් මං....

    ලස්සනයි....
    සුභ පැතුම් තවත් අකුරු පදබදින්නට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.... දීප්ති .....
      සඳට ආදරේ කරේ .... මං තරුවක් කියන හැගීම වත් නැතිව.....

      Delete
    2. හ්ම්ම්ම්ම්....
      සඳ ලග ඉන්න වෙලාවේ මං තරුවක් කියන එකත් මටම අමතක උන එකයි තියෙන ලොකුම අවුල . . .

      Delete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete