Thursday, July 16, 2015

දේශ - පාලන දෙවියනි......


රට පාලනය කරන දෙවියන් වහන්සේගෙන් මං අහන්න කැමතියි..... දේශයක් පාලනය කරන එකටද ...... දේශපාලනය කියන්නේ කියල.... දේශයක් පාලනය කරන්නේ ඇයි.....? අපිට ඔහේ ජිවත් වෙන්න පුළුවන්නේ. 
මං හිතන්නේ අපිව ඒකීය රටාවක් තුල ගොනු කරන්නයි, දේශයක් පාලනය කරන නායකයෙක් බිහි වෙන්නේ ...? අපි ඒ විදියට ඒකීය රටාවක් තුල හැඩ ගැහීම ඇත්තටම සාර්ථකද ...? 
ඒකීය රටාවක් තුල ගොනු වෙන්න නම් ...... අපේ නායකයා කවුරුන් වෙන්න ඕනද ...? කුමන  විදියේ .... බලයක් ඔහුට තියෙන්නේ ඕනද ...?
බලය කියන්නේ මොකද්ද ...? දේශයක් පාලනය කරන නායකයට බලයක් අවශ්‍ය ඇයි ....? ඔය විදියට එකම දේශයක් තුල නායකයන් කිහිප දෙනෙකු බිහි උනොත්, අර ......  පළමුවෙන් බිහි වෙච්ච නායකයට මොකද්ද වෙන්නේ ....? දේශය තුල වූ ඒකීය භාවයට මොකද වෙන්නේ ...? දෙවියන් වහන්සේ ඒකට දෙන උත්තරේ මොකක් වෙයිද .....?
අතීතයේ මිනිස්සු අහිංසකයි..... ලැබුන දෙයක් බාර ගත්ත උතුම් වූ කොටසක්..... සරල සමාජය තුල ගැටුමක් හෝ අන් අය අභිබවා යමක් දක්නට ලැබුනේ නෑ. දෙවියන් තමයි මේ උත්තරීතර දේශය සාමකාමිව පාලනය කලේ. මේක වෙන්න ඇති දෙවියන්ගේ යහ පාලනය 
මෙකි දෙවියන්ගේ අඩවිය තුල එක් රැයකින් බිහි වූ ප්‍රාදේශීය දෙවිවරු..... ගංභාර  දෙවිවරු කිහිප දෙනෙක් ,මහ බ්‍රහ්මයාගේ අණ නොතකා ක්‍රියා කරද්දී .... අපා ගත උණු හැටි ......  ආයෙත් නම් මේ දෙවිවරු දේව මණ්ඩලයට ගන්නේ නැතිළු. 
දෙවිවරු යයි කියා ගත්ත උන්ගේ  බලය ක්ෂය වෙද්දී , ප්‍රවිෂ්ඨ වන යක්ෂාවේශය ..... නැවතත් මේ පුජනිය වූ භුමිය තුල කරක් ගහද්දි, අනේ ආයෙත් ගද ගහන්න පටන් අරන්. ගැත්තන්ට නම් දෙවියන්ගේම පිට තමා . 
දෙවියන්, යක්ෂයින්  කවුරුන්දැයි ...... මේ වන විට හදුනා ගත නොහැකි තත්වයට පත්ව ඇත්තේ. සියළු දෙනාම  සුදු වතින්  සැරසී සැරිසරන නිසාවෙනි. 
මෙවැනි වෙස් ගෙන සසරේ සැරිසරන දනන් .... පිං රැස් කිරීමට යයි සිතා මේ දිනවල කරන මහා පුණ්‍ය කර්මය මොකද්ද කියල මං අහන්න කැමතියි දෙවියන්ගෙන්..... 
පෙරදා ඇති වෙන්න මතක බන කියල  .... මේ වන විට පාංශුකුලයත් දීල අවසන් කරපු ,  ඒ කුණු වෙච්ච මලකුනට ආයෙත් කවුද මේ පන දෙන්න හදන්නේ ? නැතිනම් කුම්භාන්ඩයෙක් වෙලා තාමත් මේ සසර දනව්වේ සැරි සරනවද ඒ භූත ආත්මය ......  මගේ දෙවියනේ .....? 
දේශයක් පාලනය කරන්න ....... එකම අනක්  යට දෙවියෙක් එනකන් අපි බලන් ඉන්නවා, දෙවියනේ. 
මිට පස්සේ ..... අපි පිහිට පතන්නේ ...... දුක් ගැනවිලි කියන්නේ ..... ඒවා ඉටු කර ගන්න පුජා වට්ටි තියන්නේ මොන දෙවියටද .....? දෙවියනේ ...... 





7 comments:

  1. දෙයියෝ දැන් හැංගිලා ඉන්නේ , බයේම

    ReplyDelete
    Replies
    1. කොහොමද අපි දෙවියන්ව එලියට ගන්නේ ඉවාන්....

      Delete
  2. දෙය්යන්නෙ ඔළුවටත නිහිංසගෙ ඔළුවට වගෙම පොල් ගෙඩියක් වැටුණලු. දැං පැතතකට වෙලා කම්මුලේ අත තියං ලංකාව දිහ බලං ඉන්නවලු.
    ඔය පොල් ගෙඩිය වැටුනෙ පහුගිය ආණ්ඩු කාලෙලුනෙ. ඒ හන්දලු රජය පෙරලන්න සුමනදාසයට කොන්තරත් එක දුන්නෙ.
    කොහෙද ඉතිං පොල් ගෙඩිය වැටිල අබ්ලික් වුණ ඔළුවෙන් හදාපු ප්ලෑන් එකනෙ. දැං මංඥං ලු
    හිහි

    ReplyDelete
    Replies
    1. දෙයියන්ට නේන්නම් පොල් ගහන්නේ අපි..... මහේෂ්..... එතකොට ඒ පොළ දෙයියන්ගේ ඔලුවටද වැදුනේ ......?

      Delete
  3. දෙයියෝ සාක්කි

    අම්මපා අගෝස්තු 17 වෙනිදට දෙයියෝ සාක්කි.

    අගෝස්තු 18 උදේ? අනේ දෙයියනේ මෙච්චර පන්සල් ගානේ ගිය මට සාක්කි කිව්වේ නැත්තේ ඇයි? බූ.........හෑ................

    ReplyDelete
    Replies
    1. අගෝස්තු 17 වෙනිදට ..... දෙයියෝ හැමදේටම සාක්කි කියාවි නේද ....? තුමනි....

      Delete
  4. වෙන්න යන දේ වලක්වන්නත් බැරිය, නොවෙන දේ කරවන්නත් බැරිය​......එනිසා 17 වෙනිදාට වෙන දේ වෙනවාමය​, නොවෙන දේ නොවෙනවාමය​....​

    ReplyDelete