Sunday, July 26, 2015

උක්කුං පුතේ......


උඹ වැල්ලේ වැටි වැටි.... දුවන කොට ..... 
මං උම ගැන කෝම හින දැක්කද ......
උම ගෙදර වීරයා...... දඟයා ...... හුරතලා......
මං උඹට ...... මොනවට ආදරය කලාද ...... මයෙ  පුතේ....

ඔය ඔක්කොටම කලින් මං උඹේ ලෝකය දැක්කා.....
උඹ ....නාහෙට අහන්නෙ නැති වෙනකොට .....
මං උඹට කිව්වා .... ඔය ටික වෙන බව......

උඹ  මං දාල යන බව ...... එක හීනෙක නෙමෙයි.....
දස දහස් වර මං දැක්කා......
අම්ම කෙනෙකුට මේවා දකින්න බෑ...... ඒත් ..... මං දැක්ක ....

මේවා උඹට මං කියල දීපුවා නෙමෙයි......
උඹම ඉගෙන ගත්තුවා .......

වෛරයෙන් වෛරයෙන් ...... නිවෙන්නේ නෑ......
අධර්මයෙන් ධර්මය දිනන්න බෑ......
මේවා මං උඹට කිව්වා .......

උඹ වීරයා උනේ මට නෙමෙයි පුතේ......
උඹේ ..... නරුම ලෝකයට ...... විතරයි...... උඹ වීරයා......

උඹ අර ..... මහ උළු ගෙදර ඉන්දෙද්දී විතරයි ..... 
මං ටිකක් සැනසීමෙන් හිටියේ .....

මං දන්නවා පුතේ..... මට වඩා උඹත් දන්නවා ....
උඹට .... මේ ලෝකේ  පය ගහල ජිවත් වෙන්න බැරි බව .....
මං උඹ හොදයි කියල කියන්නේ කොහොමද .....? 

අන්තිමට උඹව අරන් ගියෙත් උන්මයි.....
වෙඩි වරුසාවකින් උඹට ආශීර්වාද කලෙත් උන්මයි....

උඹ හරියි ..... කියල මං කියන්නේ නෑ පුතේ......
උඹ වීරයෙක් වෙන්න ඕන නෑ මට.....
දන්නවද ....? පුතේ ...... උඹ වැදු මට ...... 
මිනිස්සු ශාප කල බව .... උඹ ඒවා දන්නවා.....
ලෝකෙම මට බනිනවා .....

මේවට උත්තර දීපන් පුතේ .......
ඇයි...... උඹ මේ මුරුග රැලක් මැද අතරමං වුනේ ......?

ඇස් පියන් ඉන්න එපා පුතේ ...... නැගිටලා ඇවිත් 
මේවට උත්තර දීපන් මයෙ  පුතේ ......

උඹ මැරුණා කිව්වම  මං පුදුම උනේ  නෑ.......
ඒත් ...උඹ බලන්න ආව සෙනග කන්දරාව ......
මං උඹට බැන්නට...... උන් උඹට බනින්නේ නෑ....
උන්ට උඹ නැති පාඩුව දැනිලා.....

උඹේ හයියෙන් ජිවත් උනේ අපි නෙමේ ......
පිට උන් ...... නේද මයෙ පුතේ .....
උන් විතරයි....... උඹට තනි රකින්නේ ගෞරව කරන්නේ ......

උක්කුං පුතේ උඹ මට අර ඉස්සෙල්ල හිටපු ...... 
චුටි කොළුවා .... විතරයි පුතේ ...... 
උඹ මගේ ලෝකේ  හැමදාම විරයාමයි පුතේ .......









18 comments:

  1. අර හොරෙක් වෙච්චි පුතෙකුගෙයි අම්මාගෙයි කතාව මතක් වුනා!!

    ReplyDelete
    Replies
    1. ඒකත් මේ වගේද රූපේ ...... ?

      Delete
  2. මේක ප්‍රවෘත්තියක් විදියට අද උදේ අහම්බෙන් දැක්කේ.. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රවෘත්තියක් දැක්කට වඩා අමුතු තිගැස්මක් ඇති උනා එවලේම.. ඇයිද මං දා.. ඇවිත් බලනකොට නිහිංසා ඒ තිගැස්මම අකුරු කරලා..

    ReplyDelete
    Replies
    1. අහපු වෙලේ මේ නිවුස් එක මටත් තිගැස්මකට ලක් උනා. මොකද මේ මනුස්සයා ගාව හොද නරක දෙකම තිබුන.
      නමුත් නිතිය අතට අරන් තමයි වැඩ කරේ. මේ දේ වෙන බව එයා වගේම හැමෝම දැනගෙන උන්නා.

      Delete
  3. හොරෙකුගෙ තිරිසනෙකුගෙ කියලා නෑ මවු සෙනෙහස සේරටම එකයි
    ලස්සනයි
    ජයවේ නිහිංසා!

    ReplyDelete
    Replies
    1. ඔව්..... වර්ණ ..... අම්මලට ළමයින්ගේ හිතුවක්කාරකම් වලක්වන්න බෑ. මෙයා ඇරුනම පවුලේ අනෙත් අයගේ වරදක් නෑලු.

      Delete
  4. ප්ලොට් එක නම් නොදනිමි
    කතාවක් කවියක් කරපු අපූරු උත්සාහයක් නම් දුටිමි
    ජයවේවා

    ReplyDelete
  5. මේ ප්‍රවෘත්තය වෙනස්ම මානෙකින් දකින්න ඔබ අපිට පාර පෙන්නුවා නිහින්සා...

    අතිවිශිෂ්ඨයි!

    ReplyDelete
    Replies
    1. ඔව්,,,,, මනෝ...... හැමෝම වැරදි දකිද්දී ..... මං ඒ ... වැරැද්ද ගැන අම්මගේ දුක අකුරු කෙරුවා.

      Delete
  6. ඒ අම්මට තාමත් උක්කුං පුතා,
    හරි ලස්සනයි නිහිංසා

    ReplyDelete
    Replies
    1. ඔව්...... අම්ම ආදරෙට තියපු නම තමයි ..... ලෝකෙම ජනප්‍රිය උනේ ..... මිත්‍ර වර්ණ

      Delete
  7. මං හිතුවා අපේ දේශපාලකයෙක් ගැන කිව්වාය කියලා.. බැලින්නම්...... මේ.................. උක්කුංනේ

    ReplyDelete
    Replies
    1. උක්කුන්ටත් දේශපාලනයක් තිබුනා. ඒ අනුන්ගේ එකක්.... එක කාලෙක බලගතු දේශපාලන පෙරලියකුත් ඇති උනා මේ පළාතේ උක්කුං කිසා.....කුරුටු.....

      Delete
  8. අම්මට තමන්ගේ දරුවා හැමදාමත් පොඩි දරුවෙක්

    ReplyDelete
    Replies
    1. අම්මල ළමයි කවදාවත් අහක දමන්නේ නෑ. ඉවාන්....

      Delete
  9. හොඳ නිර්මාණයක් නිහිංසා. මවකට තම දරුවා තරම් වටිනා වස්තුවක් තවත් නැහැනෙ? ඌ මොනව කලත් ඒ අම්මගෙ රත්තරං පුතා.
    ජය වේවා!!!

    ReplyDelete
  10. කවුරු කොහොම කොයි විදිහට ජීවත්වුනත් සැකයක් බයක් නැතුව තුරුල්වෙලා නිදහසේ හුස්මගන්න පුළුවන් එකම තැන අම්මගේ තුරුල්ල විතරමයි.ඒ .සමාජෙට අපි කවුරුවුනත් අම්මට අපිව එයාගේ පොඩි එකා විතරක්ම නිසා.

    ReplyDelete