Friday, August 21, 2015

සිහින මන්දිරය


මලින් මල එකතු කරන් ........  
මල් අහුරක් දෝතට ගෙන ....
පැතුවේ පුංචි පැතුමක් විතරයි මං ............
ගලින් ගල එකතු කරන් හැදුවේ ... 
මං මගේ  සිහින මන්දිරේ 
ඔයත් එක්ක කුඩු වෙන්න නෙමේ.......
මට හිතට නිවනක් ඕන නිසා......
හතර වටින් .... වට කරන් .... 
කන්දක් වගේ උසට 
සිමා මායිම් තැනුවේ .....
මං මගේ පාඩුවේම ඉන්නයි......
පොකුරු පොකුරු ...... මල් පිපෙන්න .......
සමනල් හීනයක් ........ මගේ නෙතු අග රඳව ගන්න 
මගේ සිහින මන්දිරේ...... මං විතරයි තනියම ......
එන්න එපා කවුරුත් ..... 

26 comments:

  1. සිහිනෙන් නම් කමක් නෑ.. හැබැහින් නම් තනියෙන් ඉන්න හිතන්න එපා.. :)

    ReplyDelete
    Replies
    1. අන්තිමට කොහොම ඉන්න වෙයිද කියන්න බෑනේ..... මිතුර.....

      Delete
  2. බොහෝම කලකිරීමෙන් වගේ...

    ReplyDelete
    Replies
    1. කලකිරීමක් නෑ.... මනෝ..... යථාර්තයක් වෙන්න පුළුවන් සිතුවිල්ලක් ....

      Delete
  3. ටික කාලෙකට කමක් නැහැ. එතකොට ජීවිතාබෝධය පුළුල් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්.... තුමනි.... අපිට අනිත් අය ඉන්නවා කියල හිතුවට අපි තනියෙන් ඉදල තියෙන්නේ.

      Delete
  4. කාලෙකට ඔහොම වෙනවා...... හැබැයි ටික කාලෙකට විතරයි...

    ReplyDelete
    Replies
    1. කුරුටු අත්දැකීමෙන් වගේ කතා කරන්නේ නේ..... බලමු

      Delete
  5. ගලින් ගල එකතු කරන් හැදුවේ ... 
    මං මගේ  සිහින මන්දිරේ 
    ඔයත් එක්ක කුඩු වෙන්න නෙමේ.......


    ඔය විචාරකලා කියලා තියෙන්නෙ අත්දැකීමෙන්ම වෙන්න ඇතිනෙ. ඒනිසා මන් කට පියාගන්නම්. ඔය උඩ දැම්මේ මේ කවියෙ මගේ හිත ගිය තැනක්.

    ReplyDelete
    Replies
    1. ඔව්.... මිතුර ..... ඔයා ජීවිතය අනිත් පැත්තට දකින කෙනෙක් ..... ඒක හරි...... නැත්නම් ලියවෙන්න ඕන සම්මතය මේකනේ....

      ගලින් ගල එකතු කරන් හැදුවේ ...
      මං මගේ සිහින මන්දිරේ
      ඔයත් එක්ක කුඩු වෙන්න .....

      හරිනේ ....

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  6. හීනෙන්.. තනියෙන්...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. හීනෙන් නෙමේ අනේ හැබැහින් ..... සි.ජේ.

      Delete
  7. සිහින මන්දිරේට කොහොමත් අවසර නැතුව කාටත් එන්නත් බෑ අවොත් ඉතින් ඒත් හිත යටින් දුන්නු අවසරෙකට තමා :)
    නියමය් කවිය

    ReplyDelete
    Replies
    1. ශගියෝ හිත යටින් අවසර දුන කියල කොහොමද දැන ගන්නේ ?

      Delete
  8. තනියම ඉන්න එක තමයි සැනසීම..

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතුනා දිනේෂ් ....

      Delete
  9. තනිකම හුදකලාව හරිම සුන්දරයි මිහිරියි,

    ReplyDelete
    Replies
    1. මං ඒකට ආසයි නලින් අයියේ

      Delete
  10. අපේ ජීවිත වලට එක එක කාලෙට එක එක අය ඇවිත් යනවා. හොඳ සහ දුක්බර මතකයනුත් ඉතිරි කරල යනවා. හැබැයි ඔහොම කාලෙ ගිහිං ගිහිං කවුරු හරි නවතියි. එතකං ඔන්න ඔහෙ තනියෙන් ඉන්න නිහිංසා ;).

    ලස්සනයි
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මතකයන් විතරයි සිහින මන්දිරේ ඉතිරි වෙන්නේ මනා

      Delete
  11. අපේ සිහින මන්දිර තව කෙනෙක් නිසා කුඩු වෙන්න තියෙන ඉඩ වැඩියි නිහිංසෝ
    ඒ නිසා කවුරුවත් වැද්ද ගන්නෙ නැති එක හොඳයි සිහින මන්දිරේට
    ලස්සනයි ජයවේවා!

    ReplyDelete
    Replies
    1. වර්ණ ....... තුන්වෙනි පාර්ශව හැමදාම අහිත කරයි .....

      Delete