Friday, September 11, 2015

බොරුව


      මිනිස්සු බොරු කියන්නේ ඇයි කියල හිතුවොත් , ඔබට මොකද හිතෙන්නේ ? ඔබ එක දවසකවත්, එක බොරුවක්වත් කාටවත්ම කියල නැත්ද ....? 
එහෙම නැත්නම් ඔබ සැම විටම ඇත්ත කතා කරන පුද්ගලයෙක්ද ? 
      පුංචි කාලේ අම්මා අපිව නලවන්න කොච්චර නම් බොරු කියන්න ඇත්ද කියල මට මතක් උනා. අම්මා එහෙම කරේ කුමන චේතනාවෙන්ද කියල අපි දන්නවා . අම්මා බොරු කිව්වේ අහිංසක චේතනාවෙන් හා අප කෙරේ දැඩි ආදරයකින් .
       ඒත් .... මේ බොරුව අපේ ජාන වලට මුලින්ම එකතු වෙන්න ඇත්තේ එතනින් කියලයි මට හිතෙන්නේ .
ජිවත් වෙන නම් බොරුව අවශ්‍යද ...? ඇත්ත ඉස්සරහට  දාගෙන වැඩ කරන්න බැරි උන හැම වෙලාවකදීම බොරුව ඇදිල එන හැටි මං දැකල තියනවා. 
        බොරු කීමෙන් පවක් සිද්ධ වෙනවා කියල අපේ ආගම දහමේ කියල තියනවා . ඒ වගේම , බොරුව නිසා තව කෙනෙකුට හානි වෙන අවස්ථා වගේම එම බොරුවම හේතු කාරණා කොටගෙන තමන්ටම හානි වෙන අවස්ථාත් මං දැකල තියනවා . 
       බොරුව කියන්නේ අපේ පැවැත්මද කියලත් වරෙක හිතෙනවා , මොකද අපි ඇදුම් අදාල ඉන්නෙත් , ඇත්ත හංගගෙන නේ . ඇත්තට වඩා බොරුව ජනප්‍රියයි . 
මට ඇත්ත දකින්න ඕන කියල හිතුවට කෝ ඇත්ත ...? ඇත්ත කොහෙද තියෙන්නේ ...? 
ආදරය කරද්දී දහසක් බොරු පොරොන්දු ලැබෙනවා . ඒවා කොයි තරම් සුන්දරද ...? බොරුව අපිව ආත්ම  ගානක කතාවක කාල පරිච්චේදයක් ඉතාම සුන්දරව ලියල දෙනවා. 
       බලය පතා අපේ වැඩ කාරයෝ කොච්චර නම් බොරු කියල ඇත්ද ...? ඒවා හරිම රැඩිකල් සහ හිත දිනන කතා . ලෝකය ඉස්සරහට යන්නේ මේ ගල් පැලෙන ලෝක බොරු වලින්. 
        බොරුව නිසා ලැබුණු දෙයක් සහ ලබා ගත්  දෙයක් අපට තිබුනද ...? මේ සියල්ල තාවකාලිකයි කියල , බුදු බනේ  කියල තියනවා . ඇත්ත තිත්තයි කියලා දවසක් අම්මා කිව්වා . ඒ කියන්නේ බොරුව කොයි තරම් පැණි රසද ...?  
        මට මේ ඇත්ත බොරුව තේරෙන්නේ නැ . දන්නා කෙනෙක් ඉන්නවා නම් කියල දෙන්න . ඇත්ත බොරුව හදුනා ගන්න අමාරු තරමටම සංකීර්ණ වෙලා. 
ඒත් ..... මට ඇත්ත දකින්න ඕන .....
      බොරුවට වැඩි ආයුෂ නෑ කියලත් සමහරු කියනවා . ඒ කියන්නේ  ඇත්ත කියන අයට  දීර්ඝ ආයුෂ තියනවා කියන එකද ...? 
       ඇත්ත බොරුව හදුනා ගන්න බැරි මං මුලාවක හිරවෙච්ච මට වගේම ඔබටත් මේ දේවල් මේ විදියටම  දැනිල ඇති .



23 comments:

  1. ඔය ගැන බස්සිගේ නවැතැනේ ලිපියක් තිබුනා ටිකක් වෙනස් විදියේ එකක්..බොරැවක් උනත් කාලයක් ජනසමාජයේ පැවතුනොත් ඒක ඇත්තක් වශයෙන් පිලි ගැනෙනවා.සමහර ජනප්‍රවාද දිගින් දිගටම එන්නේ එහෙමයි.මම බස්සිගේ ලිපියට දාපුකමෙන්ටි එකෙමුත් පුංචි කොටසක් උපුටාගෙන දාන්නමි එතන වැදගත් කරැනක් තියන නිසා.

    ..වාසියට ජොලියට ඉදලා හිටලා බොරැ කීම නෙවෙයි සමහරැ ඉන්නවනේ බොරැ කිවෙ නැත්නමි කෑවෙ නැ වගේ උදවිය.කොහොම උනත් කිසිදු පදනමක් නැතිව බොරු කීම මානසික ආබාධයක් ලෙසට හදුනාගෙන තියනවා..මෙය ව්‍යාධික මුසාවාදය හෙවත් Pathological lying වශයෙන් මනෝ වෛද්‍ය විද්‍යාවෙහි දක්වන අතර Pseudologia fantastica, Mythomania යන නම්වලින් ද එය හඳුන්වනවා. මෙම රෝගය පිළිබඳව මුලින්ම අනාවරණය කර ගනු ලැබුවේ 1891 වසරේදී ඇන්ටන් ඩෙල්බෘක් (Anton delbruck) නම් මනෝ වෛද්‍යවරයෙකි.මෙහිදී සිදු වන්නේ කිසිදු දේකට සම්බන්ධ නැති මනඃකල්පිත දේවල් සහ සිද්ධීන් පරිකල්පනය කර වෙනත් අයට ඒවා සත්‍ය ලෙසින් හැඟෙන පරිදි පවසන එක. මෙහිදී රෝගියා තමා කියන්නේ බොරුවක් බව හොඳින් දැන සිටිය හැකි සේම එසේ නොදැන හිඳින්නටත් පුළුවන. එසේ බොරුවක් බව නොදැනෙන්නේ ඔහු තමන් කියන්නේ ඇත්තක් බවට විශ්වාස කරන නිසා...

    ReplyDelete
    Replies
    1. මනෝ....බොරු කියන ඒක මානසික රෝගයක් තමයි එක අතකට බලපුවම, බස්සිගේ post ඒක බලන්න මට බැරි උනා. ඔයා කියන විදියට බොරුවක් උනත් ඇත්ත විදියට සමාජ ගත වෙන්නේ අපි දන්නේ නැතිවයි.
      බොරු කියන එක පුරුද්දක් උන වගේම, සාමාන්‍ය වුන පුද්ගලයන් අප අතර වැඩියි. මේ තත්වය සමාජ අහිතකර වගේම, විනාශකාරී සිද්දියක් බවයි මගේ හැගීම.

      Delete
    2. මගේ බිලොග් එකේ අලුත් පෝස්ටි එකක් දැමිමාගබලල එන්නකො අඩුපාඩුවක් එහෙම තියනවද කියලා.

      අමනුෂ්‍ය ආවෙෂ,හොර දේවාල සහ හොර දේවගැතිවරැ

      Delete
  2. ඇත්තම කිව්වොත් නිකං විකාර වෙලා වගේ ගියා..... බොරු නොකියපු කිසිම කෙනෙක් නැතුව ඇති මං හිතන්නේ........... වැඩි ආයුෂ නැතත් ඇත්තට වඩා බොරුව හොදයි වෙලාවකට............
    http://hudekalasithuwili.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ආර්යන්..... අපිට සාමාන්‍ය වූ බොරුව ඇත්තෙන් වෙන් කරන්න අමාරුයි නේ .....

      Delete
  3. බොරුව කියන්නෙ මේ ලිව තුල වලක්වන්න බැරි දහමක්. මේ ලෝකෙ හැදිල තියෙන්නෙ බොරුව කියන සිස්ටම් එකෙන්.නමුත් බොරුව පාවුච්චි වෙන්නෝනි ඒකෙන් කෙනෙක්ට හානි නොවන විදියටයි.

    ශිෂ්ටාචාරය,සංස්කෘතිය ජියන්නෙම බොරුව සහ මවා පෑම.

    ReplyDelete
    Replies
    1. අඩේ ජියන්නෙම බොරුව මොකක්ද බං??

      Delete
    2. ඔව්... මනෝ..... අපි වටා තියන මේ සියළු සංස්කෘතික කාරණා බොරු ප්‍රස්තුත විතරයි වෙලාවකට. ඒත් .. මේ දේවල් වලින් මිදුනම අපට මොකද වෙන්නේ ....?

      Delete
    3. සත්තු වගේ ජීවත් වෙයි, සොබාදහමට අනුකූලව..

      විදානයෝ ජියන්න කියන්නෙ g akurata.

      Delete
  4. බොරුවෙන් ම ජීවත් වෙන අයත් ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. ඒ තාවකාලික ලේසියට .... කුරුටු ....

      Delete
  5. මම බොරු නොකියමි..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මෙන්න ශුද්ධවන්තයෙක් අපට හමු වුනා. ඔයාට බුදු වෙන්න බැරිද ...? සි.ජේ.....?

      Delete
  6. නිහින්සා බොරුවක් ලියලා..... මේ නිහින්සෝ බස්සිගේ අන්තිම පෝස්ට් එක කියෙව්වනං ඔයාගේ ගැටලුවට විසදුමක් ලැබෙනවා. බොරුව හොයන ක්‍රෙම් එයා කියල දීල තියනවා

    ReplyDelete
    Replies
    1. අම්මෝ බලන්න ඕන නලින් අයියේ ... මං ඒක දැක්කේ නෑ.මේ ක්‍රම ටික හොයා ගන්න ඕන.

      Delete
  7. //බොරුව කියන්නේ අපේ පැවැත්මද කියලත් වරෙක හිතෙනවා , මොකද අපි ඇදුම් අදාල ඉන්නෙත් , ඇත්ත හංගගෙන නේ . මට ඇත්ත දකින්න ඕන කියල හිතුවට කෝ ඇත්ත ...? ඇත්ත කොහෙද තියෙන්නේ ...? // හැක් හැක්.
    (විහිලුවක් හරිය?)

    ඇත්ත නිහිම්සා. අපි හැම කෙනා ම මොන විදිහකින් හරි බොරුවක් කියලා තියෙනවා. අද එහෙම නොවන කෙනෙක් හොයාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත හෙව්වට කවදාවත් හම්බ වෙන්නේ නෑ. .... කසුන්....හොයන එකත් විහිලිවක්..... මං හිතන විදියට

      Delete
  8. බුද්ධ ධර්මයේ කියලා තියෙන්නේ චේතනාව ගැන. අම්මලා බත් කවා ගන්න කියන බොරු වල චේතනාව නරක නැහැ. ඇඳුම් ගැනත් ඒක එහෙමයි. අපිට මේ ලෝකේ වෙනස කරන්න පුළුවන් එකම පුද්ගලයා අප පමනක්ම වන නිසා, අපි හොඳ චේතනාවෙන් ජීවත් වෙන්න උත්සාහ කරමු. වෙලා ඇති විටක මගේ බ්ලොග් එක lankanian.blogspot.com පැත්තෙත් ඇවිත් යන්න.

    ReplyDelete
    Replies
    1. බොරුව අහිංසක උනත් නැතත් බොරුව, බොරුවමයිනේ ,,,,, පුංචි දේවල් වලින් තමයි ... අපේ අය ගල් පැලෙන බොරු කියන්න පටන් ගත්තේ. ලං ...

      Delete
  9. බොරු කිව්වම පව් සිද්දවෙනවා කියන එක පට්ටපල් බොරුවක්.. ඇත්ත කියනවට වඩා බොරු කිව්වම ගොඩක් යහපතක් වෙන වෙලාවල් තියනවා....................

    ReplyDelete
    Replies
    1. වෙනස් වෙච්ච එකම උත්තරේ....... බොරු කිව්වම පව් සිද්ධ වෙනවා කියල කිව්වට ... එහෙම වෙනවද කියල හරියටම දන්නේ නෑ, බන්ඩෝ..... වෙන යහපත නම් තාවකාලිකයි කියල දන්නවා......

      Delete
  10. අහා මේකනෙ නිහිංසගෙ බොරු පෝස්ට් එක. දැනුයි දැක්කේ!

    ReplyDelete