Friday, November 27, 2015

කුල ගෙය



මල්දහසක් ගන්වා .....

සුදු පිරුවට මත
නුඹ මා කැන්දා ....ගිය
කුලගෙට  .....

නුඹ මව් .... සිඹ මා උවනත ....
පිළිගත් ..... මනමාලි මං....

සුදු සේද යහනත ... මා සතපා ....
පිරිමැද .... හිස'ග  .... තෙපළු....වදන්....
නුදුරු ... රුදුරු .... වූ අරුම කීම ...

දොර,ගිස්සෙන් .... එබිකම් පාන ...
අවශේෂ දෙනෙත ...... මග හරින
මා දෙනෙත් .....
නිසල සේයාවකි ....

මා වැඩි ... කුලගෙය ... ගිනිගෙය වූ බව ....
නොපවසා බැරිය මට .....
මුනිවත රකින .... නුඹ මව්ට  ....


14 comments:

  1. අලුත් කෝණයක්.. කතාවකට මරු.. හොදයි නිහිංසා... ඉදිිරියට යමු

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ...... දේශකතුමනි .....

      Delete
  2. මුගේ මව යටත්කොට
    ගන්න හැකිනම් මා හට
    වෙන්න පුලුවන් නැවතත්
    ගිනිගෙය කුලගෙයක්

    ReplyDelete
    Replies
    1. ඉයන් ..... මෙතන මව අහිංසකයි ..... වෙන ප්‍රශ්නයක් තියෙන්නේ ..

      Delete
  3. ගෙයි ගිනි පිටතට නොදී, පිටත ගිනි ගෙදරට නොගෙන, ඉන්න පුළුවන් වෙයිද?

    ReplyDelete
    Replies
    1. මේ ගින්න ගෙයි ඇතුලෙම විතරයි ..... ඒකයි විදවිල්ල .....

      Delete
  4. අනේ මන්දා ඉතින්....

    ආවේ ගිනිගෙයක ඉන්න නෙමේ නේ. ඉතින් ආපහු එක කුල්ගෙයක් කරගනීවා කියලා පතමු නේද...??

    -------
    වචන ටික නියමයි.

    ReplyDelete
    Replies
    1. සම්ප්‍රධායික නිවෙස් වල මෙවැනි කුල ගෙවල් තාමත් තියනවා .... දෙයියෝ ....කුලගෙයි රකිනවා ... අමාරුවෙන් වගේ .... නම්බුවට

      Delete
  5. නිහිංසා .............

    බොහොමයක් මනමාලියන්ගේ අත්දැකීමක් වගේම දුක්කතාවක්..... වැඩි පුර කතා නොවෙන සමාජ දුක්ඛාන්තයක්..... හරිම අගෙයි නිර්මාණය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුටු ......
      කවුරුත් තමන් ලබන මේ අත්දැකීම කියන්න කැමති නෑ . කිව්වොත් යන්නම වෙනවා ආපහු...

      Delete
  6. මට දෙවෙනි ගමන ෆිල්ම් එක මතක් උනා . හැබෑටම මේ ඒ වගේ සීන් එකක්ද තියෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. නෑ... වයලිනෝ .... මේ වෙලා තියෙන්නේ තුන්වන පර්ශයවයක් විදියට ගෙදර මෙහෙකාරි ... එක්සතු වෙලා ...

      Delete