Monday, November 30, 2015

මට කවුරුත් නෑ .....


දන්නවද මට කවුරුත් නෑ කියල .....?
අනේ මං දන්නේ නෑ......

බලන් ඉන්න අය කිව්වේ .....
එයාට හරි පව් කියල ......

සමහරු නම් ...... හිනා වුනා 
හොද වැඩේ කියල .......

මං තාමත් මගෙන් අහනවා ...
මට කවුද ඉන්නේ .......?

බලන් ගියපුවාම ......
හෙවනැල්ල විතරයි .......

ලක්සෙට කොඩි දාපු අය 
පළාතකවත් නෑ .....

ඕක තමයි .......
තිත්ත ඇත්ත ......

18 comments:

  1. කාටවත් කවුරුවත් නැහැ. සංසාරේ තනියම යන කට්ටියක් අපි. සමහර අය අපට ඉන්නවා කියලා මුලාවක ඉන්න බව නම ඇත්ත. තනිවයි උපන්නේ - තනිවයි මැරෙන්නේ ඒ ඩිංගෙදී ඇයි බ්ලොග්වල ලියන්නේ ?

    ReplyDelete
    Replies
    1. සිතුවිල්ලක් ලියන්න හිතුනා ..... ඉයන් ..... මේ ඇත්ත දැනගත්තට කවුරුත් යථාර්තයට බයයි..... හේතුව තනිකම

      Delete
  2. මටත් කවුරුත් නෑ සුදූ....

    ජ ය වේ වා ර්‍ර්‍

    ReplyDelete
    Replies
    1. //ජ ය වේ වා ර්‍ර්‍//‍‍‍

      මෙහෙම විෂ් කරන්නේ අැයි බං.........

      Delete
    2. අන්න විදානේ හාමිනා මග බලාගෙනලු

      Delete
    3. @ සි.ජේ. .... ඔයාටත් ඒක දැනිලද ...?
      කුරුටු ..... හැමදාම විදානේ ..... කටත් මෙහෙම wish කරනවනේ
      ඇනෝ..... හමිනා බලාගෙනද ...? විදානේගේ ..... එහෙනම් විදානේට තනියක් නෑනේ.

      Delete
  3. නැති බැරි මොහොතක පිහිටට එන්නේ මවුණි පියානණි ඔබ පමණයි
    බුදුන් ලඟට අපගේ දුක දන්නේ මවුණි පියානණි ඔබ දෙපළයි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව්..... මනෝ .... එච්චර තමයි ඉතුරු වෙන්නේ අපට ....

      Delete
  4. ජීවිතේ හැටි................ අපි අාවෙත් තනියමනේ....... යන්නෙත් තනියම.....

    නිවුන්නුන්ට සහ මරාගෙන මැරෙන අයට අදාළ නොවන බව කරුණාවෙන් සලකන්න...

    ReplyDelete
    Replies
    1. ''නිවුන්නුන්ට සහ මරාගෙන මැරෙන අයට අදාළ නොවන බව කරුණාවෙන් සලකන්න.....'' වටිනා අළුත් අදහසක් . මේක කලින් මතක් උනේ නෑනේ.කුරුටු .....

      Delete
  5. සබරෙට නම් කවුරුවත්ම එපා...නිහිංසෝ

    ReplyDelete
    Replies
    1. ඔව් ... ඇනෝ... සයිබරෙන් නම් තනිකම මැකෙන්නේ නෑ, නේද ...? නැත්නම් අර විභිෂනට වෙච්ච දේ වෙන්නේ

      Delete
    2. ඔවු බන්...අහුවෙන්න නම් එපා...

      Delete
  6. අන්තිමේදී හෙවනල්ලයි, අම්මයි තාත්තයි විතරයි...

    ReplyDelete
    Replies
    1. හෙවනැල්ලත් ඉන්නේ එලිය තියෙනකම් විතරයි...

      Delete
    2. ඇත්තටම ඔව් .... විභී .... අපි තනියෙන්ම තමයි

      Delete
  7. අදමයි අහම්බෙන් ආවේ. යාළු මිතුරු ඇසුරෙදි අපිට දැනෙනවා අපි තනිවෙලා නෑ කියලා. ඒත් ඒක මොහොතකට විතරයි. කවුරුත් තනිවෙලා වෙන වෙනම යන ගමනක් ජීවත්වීම කියන්නේ. ඇත්ත ඒකයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ..... මිතුර ගොඩ වැදුනට මගේ අඩවියට .... ඔයා කියන කතාව සම්පුර්ණ ඇත්ත. අපි තනි තනියෙන් ...

      Delete