Thursday, December 3, 2015

ඉකි ගසන හැන්දව ....


තෙත බරිත, හරිත නිම්නයේ .....
ගහ කොළ හෙලවෙන වියරු සුළං මැද 
අනෝරා වැහි පොද එකිනෙක ගැටෙමින් 
හඬා වැටෙන මුසල හෝරාවේ .....

ජනෙල් පියන් අතරින් එබී බලන කල 
පෙනී නොපෙනී යන නුඹේ චායාව ....

මලපුඩු පැහැයෙන් ..... ඇතින් ඇතට ....
ශෝක බරිත ම, දෑස් මත උමතුව 
අගි,සන කදුළු බිඳු අස්සෙන්  .....
බොදව යන මළ හිරු කුමරුනේ .... 

ඉකි ගසන හැන්දෑවේ .....
දෙදන මත හිස හොවා ..... හඬා වැටුනේ ....
සමුගෙන නොගිය ....ම,කුමරු ....
ආයෙත් ....නො, ඒ දැයි ....සිතමින්ද ....?







13 comments:

  1. නිර්මාණය නම් සුපිරියි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුටු ...

      Delete
  2. අනර්ඝ නිර්මාණයක්. මරන කේස් ගැන තාම හිතනවා නේද? යෑස් අපිත් එහෙමම තමයි.

    ReplyDelete
    Replies
    1. පරණ කේස් එකක් නෙමේ ඉයන් ..... එකෙක වෙලාවට හිතට එන ඒවා තමයි මේ.....

      Delete
  3. විරහව, වේදනා ගේන සුන්දර මතකය...

    ReplyDelete
  4. මතකය නැවතත් වර්තමානයම වන විට ..... ?

    ReplyDelete
  5. ඉකි ගසන හැන්දෑවේ .....
    දෙදන මත හිස හොවා ..... හඬා වැටුනේ ....
    සමුගෙන නොගිය ....ම,කුමරු ....
    ආයෙත් ....නො, ඒ දැයි ....සිතමින්ද ....?//

    සංවේදී පද පෙලක්. හැඟුම් බරයි.

    නෙතු අගින් කඳුළු නොගැලුවත් නිරතුරු
    සිත හඬයි මතකයන් ලඟ සොඳුරු....

    - සුජීවා-


    ReplyDelete
    Replies
    1. සුජීවා ..... ඇත්තෙන්ම ආදරය ලග සිත හඩනවා . ....

      Delete