Thursday, December 17, 2015

කෝ මගේ සාලිය කුමරාණෝ ....


කප්පරක් ... පැතුම් පිරුවේ බුදු සාදු ළග ..
මං ..... නුඹ දුන්නු මල් පුදලා .....
දිගුහසක් .... බලං හිටියෙ දිය පාමුල ....
නුඹ .... එනකන් ..... සසර සැරිතරණට ..

බව ... සිය ගණන් සැරිසරා ... මං ... නුඹ ....
ජාති ජාතිත් මුණ ගැසුනා .... සංසාරේ පුරුද්දට 
මනෝමය පුරාවත .. දිනෙන් දින ලියවුනේ ....
ප්‍රේමනීය ... මතක සටහන් සුවහසක් ලියලමින්....

සුදු ඇතුරු සයනයක ... උඩ බැලිව ... හිස්ම හිස් සුසුමක 
පා කර හැරියේ .... මගේ සිනිදු උවමන් .... නුඹ සනසන්න 
පාවෙන  ... සුසුමින් දින ගණන් බලන් හිටියේ ....  
දෑස් ඉමට නුඹ වත දකින තුරු ..... පෙර පුරුදු විලස ....

කවුරුත් නෑ මං ලග .... රිසි සේ වදනක්  දොඩන්න ....
දිගු සිලින්ජර් .... පාට පාට පෙති .... මගේ සුව විමසන විට 
කෝ ... දැන් ...පෙර සේ ... බවෙන් බවේ .... මා  ළග උන්නු 
සුපෙම්වත් ... මාගේ පෙම්බර .... සාලිය කුමරාණෝ ........ ? 





23 comments:

  1. මේ තිත් පේලිත් එක්ක හරි අමාරුයි කවිය ගැට ගහගන්න.. මට නං කියවන එක එපා උනා..

    ReplyDelete
    Replies
    1. ඒ තිත් මොකද දන්නවද ...? brake කරලා කියවන්න දාල තියෙන්නේ ...

      Delete
  2. විරහව,බලාපොරොත්තුව,සුසුම

    ReplyDelete
    Replies
    1. උරුමය ....කරුමය හා බල්සපොරෝත්තුව ....

      Delete
  3. සංජීව මෙන්ඩිස් එල ද බ්‍රා මෙන්ඩා ආගියඅතක් නැත

    බොල්ණයක් ලෙස කපාහැරියානම් අංක 1ද
    නැවතමුදල් පියවාගත්තේනම් අංක 2ද
    ණයට නොදුන්නානම් අංක3ද
    තවමත් මුදල් නොලැබුනානම් අංක 4ද

    e l b හිස්තැනක් අදාල අංකය යොදා 1919 send කර වටිනා ජංගියක් දිනාගන්න

    ReplyDelete
  4. පෙරුම්පුරාලා ගත්තේ බුදු බව
    කියාල දෙන්නට සසර නිසරු බව
    මේ අය තාමත් බුදු පාමුල වැඳ
    සසරේ ලව් එක ඉල්ලන මේ කව

    ReplyDelete
    Replies
    1. බුදුන් වැදලා love එකට ආශීර්වාද ඉල්ලන එක ලාංකීය පුරුද්දනේ ඉයන් ...

      Delete
  5. සාලියලා අශෝකමාලලා හරි අඩුයි මේ කාලේ, ප්‍රේමය වෙනුවෙන් රජකම නෙමේ ඉතා සුළු කැපකිරීමක් කරන්නවත් කැමති නැහැ.නමුත් ඒ අතරෙ ඉතාම ලස්සනට ආදරය කරන ආදරවන්තයෝ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ආදරය නොදන්නා කම නිසා තමයි.... මේ ඉරණම .. මිතුරේ ...

      Delete
  6. ලස්සනයි නිහිංසෝ...
    තව පාරක් කියවලා ගී ආරට සාරාංශ කළා නම් ගීතයකට ගන්න තිබුණා..
    ජයවේ නිහිංසා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .... වර්ණ ... ගී ආර ලිව්වේ නෑ .... කතාවක් කියන්නයි ඕන උනේ .. සත්‍ය කතාවක්

      Delete
  7. ආදරය තවමත් තරුණයි ඔයාගේ

    ReplyDelete
    Replies
    1. මාත් තාම තරුනයිනේ චන්දන ...

      Delete
  8. හරිම ලස්සනයි නිහිංසා.............

    ReplyDelete

  9. කෝ මගේ සාලිය කුමරාණෝ ...

    මේ ඉන්නවෝ.....

    ReplyDelete
  10. අාදරය කියන්නේ බොහෝමත්ම වෙලාවට දැඩි ආත්මාර්ථකාමී හැඟීමක්. අපි පුදන තරම් ආදරයක් හෝ ඊට වඩා වැඩි ආදරයක් අපි අනෙකා වෙතින් බලාපොරොත්තු වෙනවා. ගැහැණියක් නම් නිරතුරුවම තමා ආදරය කරන පුද්ගලයාගෙන් අවධානය රැකවරණය ආදරය පතනවා. ඒ තරම් මුලාවක් තවත් තියේද නේද. හැමදාම ඔයාගේ නිර්මාණවල දකින හිස් බව, තනිකම මේ හැඟීම් තුල කැටවුන මායාව අදත් අපුරුවට ගැබ්වෙලා තියෙනවා. හරිම ලස්සනයි.

    -සුජීවා -

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ... සුජීව .... ආදරය තුල මේ සියලු සංකීර්ණ හැගීම් ගැබ්ව තිබෙනවා ..විදවන ආදරය අපට තාමත් ඕන ...

      Delete
  11. ඔන්න මමත් මේ පැත්තට ආවා.
    ගොඩක් ලස්සනයි නිහිංසා..

    ReplyDelete
  12. පෙම්බරියේ . . .

    කවුරුත් නෑ මං ලග .... රිසි සේ වදනක් දොඩන්න ....

    ReplyDelete