Tuesday, February 17, 2015

දිනපොතක ආදරණිය සටහන්

     
             
         අයිතිකාරයෙක් නැති දිනපොතක් එක දිනකදී මට හමු උනා. නැවතත් අන්සතු ආදරණිය සටහන් පෙළගැස්මට මං ආයෙත් ආව......

...............දින 
පුංචිම පුංචි තිලනයක් මං නුඹට දුන්න. මුවපුරා ස්තුති කරා මට නුඹ. මං බලන් හිටිය දෑස් දෙස, කවදාවත් කියන්නේ නැති හුගක් දේ දරාගෙන නුඹ ආයෙත්, මදෙස බැලුව. මං අයිති නුඹට කියල නුඹ හිතනව ඇති. මාත් එහෙම හිතුව. ඒ...... කවදාවත් අයිති වෙන්නේ නැති හින්ද වෙන්න ඇති. 

............දින 
හිත කොහේදෝ පාවෙලා ගියා කියල දැනුන. ඉස්සර මතකය හෙමිහිට.... හෙමිහිට ....... හිතගාව පෙළ ගැහෙන කොට මං කෝම දරා ගන්නද....? නුඹ .... කතා කලා මට...... උදව්වක් ඉල්ලුව මගෙන් ඒත්....... ඒ උදව්ව කරන්න මට හැකි කමක් නැති බව නුඹ දන්නේ නැ. නුඹ මං ගැන දන්නේ නැති හුගක් දේ තියනවා කියල නුඹ දන්නේ නැ. ....... නුඹ දන්නේ මගේ හිත විතරයි. මට අයිතිත් මගේ හිත විතරයි කියල නුඹ දන්නේ නැ. නුඹ මං ගැන දැකපු ලෝකය හීනයක් විතරයි කියල ඇයි..... ? තේරුම් ගන්නේ නැත්තේ. හින ලෝකයත් ..... පියවි ලෝකයත් අතර ඇයි...? මම හැමදාම තනි වෙන්නේ. 


.............දින 
හිතට බරක් දැනෙන්නේ මහා මේරු පර්වතේ ඔළුව උද තියාන ඉන්නවා වගේ , මට මගේ ප්‍රශ්න වගේම අනුන්ගේ ප්‍රශ්නත් මගේ වගේ වෙලා. මං දන්නේ නැ ඇයි..... මං මේව හිතන්නේ කියල ....... මට තේරෙන්නේ නැ .... ඇයි .... මං විදවන්නේ කියල. ඇස් දෙක රිදෙනවා ගිනි අව්ව දිහා බලාන ඉදල . ඒත්...... අහම්බයෙන් වැටෙන පොද වැස්සට මගේ හිතේ ගින්දර නිවන්න බැ. 

...............දින 
මහිතට දැනෙන සංවේදී හැගීම තවත් කෙනෙක් කෙරේ ගලාන යන්නේ , පොදු මිනිස් වර්ගයා කෙරෙහිම උපන්න මානව දයාවෙන්. ඒත්...... ඒක වැරදි විදියට තේරුම් ගන්න මිනිස්සුත් ඉන්නව නම් මම ජිවත් වෙන්නේ කොහොමද කියල මමම හිතන්න ඕන. අන්තිමේදී හැමදෙයක්ම හිතට බරක් කරගෙන ජිවත් වනවාට වඩා සැහැල්ලුවෙන් ගතවෙන දවස් ...... හිතට ගෙනෙන්නේ ලොකු අස්වැසිල්ලක්. 

..............දින 
කවදාවත් මං බලාපොරොත්තු නොවන දේවල් මගේ පස්සෙන් එනකොට මං කෝම ජිවිතේ දිහා බලන්නද....? හැම තප්පරයක්ම මට අභියෝගයක් වෙලා ගලා යනකොට මං ඒ හැමදේටම මුහුණ දුන්න සාර්ථකවම . අභියෝගය හැමවිටම අත්දැකීමක් උනා මට , මගේ ජීවිතය හදා ගන්නට . හිතට බරක් කියල හිතුන  හැම දෙයක්ම ...... ජිවිත අවශ්‍යතාවයක් බවට පත් වෙන්නෙ කාලයට වඩා වේගයෙන්. දෑතට මැදි උන සිතල ගිනි අවියට හදවතක් නැති උනත්....... මට මගේ හදවතේ උණුහුම දැනුනා. 

මේ දිනපොත පුරාම සටහන් තිබුනේ මෙපමණයි. ඒ ඇයිද මන්දා...... ඉතාම කෙටියෙන් ආදරය...... දුක වේදනාව...... කදුලු විතරයි ...... ලියවෙලා තිබුනේ. වර්ෂය 2004 දිනපොතේ නමක් නෑ. ඉතිරි දින සටහන් නොලිවේ ඇයිද කියල හිතා ගන්න බැ.