Friday, January 29, 2016

ශුද්ධ භුමි.... බුද්ධ භුමි ....


     මට හිතුනා තව දුරටත් , පොකුනුගල , භුමිය    ගැන ලියන්න , හිතන්න හා පර්යේෂණ කරන්න .

 නැවතත් මා එහි ගියෙමි. හමු වූ බොහෝ අය  සමග කතා කලෙමි. එලෙස මම මගේ  මෙහෙයුම දියත් කරන  විට , JCB මැෂින් ඔපරේටර් තරංග හමු විය . ඔහු දින ගණනක් තමන් සේවය කල  JCB රථය රැගෙන විත් , ලදු කැලෑ මැදින් වැටුණු පාර එලි කර බැතිමතුන්ට,  සිද්ධස්ථානය වෙත ඒමේ අපහසුකම ඔහු විසින් දුරු කර ඇත .  ඇයි  එලෙස දුෂ්කර ක්‍රියාවක් කලේ, රථය , ඔහු වැඩ කල එක වුවද , බැතිමතුන්ද දායක වෙමින්, තෙල් ගසා දී, ඇති බව මා හට දන ගන්නට ලැබුණි. 

එහෙත් පාර එලෙස සෑදුවද .... වැස්සක් වැටුනු විට හෝදා  පාළුවී යාමේ අවදානමක් ඇති බව පෙනෙන්නට තිබේ. මේ පාර වල් රජයෙන් නම් හදා දෙන්නේ නැත. ඒ සදහා මැදිහත් වන්නට කෙනෙකුත්ද නැත. තරංගගේ උත්සාහය විශිෂ්ට උවද ... ප්‍රතිපලදායක වන්නේ පාරට තාර දැමීමෙනි.  
මෙම  චායාරුප සහිත නිර්මාණය,  තරංගගේ නිර්මාණයක් .... ඔහුගේ අරමුණ වෙනුවෙන් තැනුවක් ....
මේ යෝගශ්‍රමයට යන පාර, තාර දමා කාපට් කර ගන්නවාමයි .... කියා ඔහු දැඩිව කියයි. 


නැවතත් මා යෝගශ්‍රමය වෙත හැරුණි ....

"දැහැමි පුද්ගලයන්  වන අප, මුල සිට නිවැරදිව වැදුම් පිදුම්  ඉගෙන ගෙන, තිසරණ ගරුත්වයෙන් ජීවිතය සාර්ථක  කර ගැනීම නිවැරදි වන්දනාවකට පිටුවහලක්" වන බව කියමින් , පොකුනුගල යෝගාශ්‍රමයේ, එහි ආරම්භක හිමි නවදගල අනගාරික ධම්මික හිමියන් විසින් බැතිමතුන් සදහා වැදුම් පිදුම් පුරුදු පුහුණු කරති . 




" ඇති කල්හිත්  නැති කල්හිත් අපේ පරමාර්ථය නිවන් පිණිස පිළිවෙත් පිරීමය" මේ බැතිමතුන්ගේ සිතුවිලිය. 

මට පෙනෙන්නේ ඔවුන් සදහා ඇත්තේ බුදුන් කාලයේ ඇති ප්‍රර්ථනාවන්මය . මේ භුමිය වෙත ගොස් බැලුවොත්.... ඔබට එය වැටහේවි. මේ ..... මා සිතන දේවල් නොව දකින..... අත්විදින දේවල්ය. 

 ස්වාභාවික පරිසරය සහිත පුජා භුමිය ආරක්ෂා කර ගැනීම,  විශේෂ වගකීමක් හැටියට සැලකීමට  සැදැහැවතුන්  කැපවී ඇත. ඔවුන්, එම පරිසරය නිරතුරුව ආරක්ෂා කරයි.

 ලංකාවේ නොයෙක් මානයෙන් බෞද්ධයන් පැමිණෙති. අනුරාධපුර සිට සෑම මසකම පොහෝ දින සිල් සමාදන් වීමට පැමිණෙන, රණසිංහ වේද මහතා ඇතුළු පිරිසද , නුවර සිට එන මාලනි පෙරේරා  මව්තුමිය ඇතුළු පිරිසද, මහියංගනයේ සිට එන පොඩි මැනිකේ ඇතුළු පිරිසද , කොළඹ සිට එන ආතර්  පෙරේරා ඇතුළු පිරිසද , සුරියවැව ගමේ සැදැහැවත් පිරිසද,  මේ කාර්යට එක සිතින් කැපව ඇත.  



යෝගාශ්‍රම විවේකාගාරය වෙත මා ගියෙමි. 

දැනට නිත්‍යානුකුල අයිතියක් නැති, සිද්ධස්ථානයක් ලෙස කොහෙවත් ලියාපදිංචිව නැති , මේ භුමිය , බුද්ධ භුමි පුජා ඔප්පු සන්නස්  පත්‍රය මගින් හිමියන්ගේ භාරකාරත්වය, ප්‍රතිපත්තියක් වශයෙන් රැගෙන යාම සදහා ඔවුන් දැඩිව  අධිෂ්ට්ඨාන කර ඇති අතර මේ පුජා භුමියේ අයිතිය බැතිමතුන් වෙත පවරා ගැනීමට ඔවුන් කටයුතු කරති. 

මා පෙර ලිපියේ සදහන් කර ඇති, මේ පුජා භුමියේ අයිතිය  පිළිබද කරනාවේදී ඔවුන් මට කිවේ , මේ කටයුත්ත පුජා භුමි ඔප්පුවකින් කල හැකි බවයි, ලංකාවේ සමහර සිද්ධස්ථාන වෙතද මෙවැනි පැවරීම් කර ඇති බවයි. නිකායක් හෝ භික්ෂු හැදුනුම්පත් මේ සදහා නිත්‍යානුකුල කිරීමට අවශ්‍ය නොවන බවයි. මේ කාරණාව ,  හරිද කියා මේ කියවන ඔබ මට කියන්න 

ගුරු හාමුදුරුනමක් හෝ , නිකායක් නැතිව  අනගාරිකව පැවිදිවීම බෞද්ධාගමට තහනම්ද ...? එතකොට සිල්වත් නැත්ද ..... ශිලයේ අඩුවක් තියනවද ...? මාගේ පෙර ලිපියේ කමෙන්ටු එක්ක බැලුවම මටත් ගැටළුවක් ....? 
මේ කමෙන්ටු ගැනත්.... මා ඔවුන් සමග තර්ක කලෙමි.... 



මනෝ මන්දිර ...... මේ ගැන කරුණු ඔබ දන්නවද ...? මේ ගැන සොයා බලන්න මේ භුමිය වෙත යන්න හැකියාවක් ඔබට ඇත්ද ...? 

භුමිය, වැදුම් පිදුම්, වත් පිළිවෙත් ... මේ සියල්ල මා වෙත අමුතු හැගීම් දනවයි ....

මේ සියල්ල  මා මිට පෙර අසා ඇත්තේ ... බුද්ධ කාලයේ ඇති පොත් පත් වලිනි ....
මා දුටු .... සියලු දර්ශන පැරණි බෞද්ධ චිත්‍රපට වලට සමාන ....  දර්ශනයන්ය ....



මේ පෙර ලිපියේ ලින්ක් එක  http://nihinsa777.blogspot.com/2016/01/blog-post.html


13 comments:

  1. මේ වගේ ආරාමයක් තියෙනවා කියලා දැනගත්තේ ඔබගේ පෙර ලිපියෙන් මං වගේ කී දෙනෙක් ඇතිද ඔය ආරාමේ නොදන්න.
    ඔබගේ දැනුවත් කිරීම් වලට ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මහේෂ් ..... මේ පළාතේ අය ඇරුනම පිට පළාත් වල ප්‍රසිද්ධ නෑ . මේ ආරාමේ ගැන .... වෙනසක් දැක්ක නිසා ලියන්න හිතුනා.ස්තුතියි .... ඔබටත් ....

      Delete
  2. සුරියවැව ගිය වෙලාවක බලන්න යන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් යන්න සුදික අයියේ ... ඔයත් යමක් ලියාවි ගියෝතින් ....

      Delete
  3. නිහිංසා මේ ගැන මම ටිකක් හොයලා බලන්නම්. නිකාය, භික්ෂු හැදුනුම්පත වගේ අදලා ලියකියවිලි භික්ෂුවකට අනිවාර්ය වුනාට පස්සේ නිදහසේ පැවිදි ජීවිත ගත කරන භික්ෂුන් ඇත්තෙන්ම අපහසු තාවයට පත්වුනා. ඔවුන්ට අවශ්‍ය නිදහසේ පැවිද්දේ පරමාර්ථය සොයා යන්න මිස ආයතන වලට නිකායකට හිර වෙන්න නෙවෙයි. නමුත් අද පවතින තත්ත්වය අනුව එවැනි භික්ෂුන් වහන්සේලාට ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා.

    පූජා භූමි ඔප්පුවක් හදාගන්න පුලුවන් නම් මේ ගැටලුව විසඳෙනවා. ඒත් එහෙම ලේසියෙන් හදන්නේ නෑ. විශේසයෙන්ම පුරාවිද්‍යාවට අයිති භූමියක් ලේසියෙන් දෙන්නේ නෑ. මම මේ ගැන තව විස්තර ටිකක් හොයලා බලන්නම්. මට මේලක් දාන්න. විස්තර හොයලා එවන්නම්

    ReplyDelete
    Replies
    1. ඔව් ... මනෝ .... මේ හමුදුර්වන් කියන්නෙත් ඒ ටිකමයි ... ඔවැනි බැදීම් වලට කැමති නෑ. නිදහසේ වතාවත් කරන්න හා ධර්මය දෙන්නයි කැමති ... මේක අපේ අයට තේරෙන්නේ නෑ.
      තවම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවර ගෙන නෑ. පරීක්ෂණ කරලා තියනවා විතරයි....
      මේ භුමියේ පිහිටීම අමුතුයි .... මෙ ප්‍රදේශයේ සමහර තැන වල ඇවිද්දම .... පැරණි සංස්කෘතික ලක්ෂණ තියනවා ....
      සුරියවැව කියන්නේ අද ... නවීන ජනාවාසයක්..... පිටගැම් වල පදිංචිකරුවන් ඉන්නේ ගනිසම හා මහවැලි ව්‍යාපාර යටතේ පදිංචි වුවන් ....
      සොයා බලා කියන්න මනෝ .... මට , මේලක් දාන්නම් ...

      Delete
  4. බුද්ධ භූමියක් නම් බැතිමතුන් ඉන්නේ ඇයි..
    ඒක ගැටළුවක්..
    බුදු දහම අනුව යන්නෝ ශ්‍රදුධාවන්තයෝ වන්නාහ.
    අමතක වීද අමතක කරන ලදී ද..

    ඔබේ උත්සාහය ගරු කටයුතුයි..
    උදව්වක් කළ හැති මානයක නොයිදීම කණගාටුයි. එහෙත් හැකි යමක් තියේ නං උදව්වක් කරන්න උතසාහ කරන්නම්

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. බුද්ධ භුමි කියන්නේ බදුන් සරණ යන අය සිටින භුමිය විය හැකියි.... නැතිනම් ... බුදු බව පතන අය සිටිය හැකියි.... මහේෂ් ....
      කල හැකිදේ ඔබයි දන්නේ ... තරුණ අයත් මේ කර්තව්‍යයේ කොටස් කරුවන් වූ හැටි මා දුටුවා ...
      මා එය දුටුවේ වරදින් මිදුණු තාරුණ්‍යයක් ලෙසයි.... මහේෂ් ...

      Delete
  5. හුඟක්ම වෙනස් තැනක්.
    පින්තූර වලටයි විස්තරයටත් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .... දිනේෂ් ...

      Delete
  6. //භුමිය, වැදුම් පිදුම්, වත් පිළිවෙත් ... මේ සියල්ල මා වෙත අමුතු හැගීම් දනවයි // මේ ටිකෙනම් හුඟක් බිසී.. අප්‍රේල් මාසේ වගේ පුළුවන් උනොත් ගිහින් බලන්න ඕනි. අප්පච්චිලගේ ඒරියල් එක..පුදුමයි ඔහොම වැහිලා තිබුන ඒ කාලේ..

    ReplyDelete