Friday, February 26, 2016

මාලෝ ..... මාළු ... මාලෝ .....


සුනිල් සුපුරුදු පරිදි ......... මුස්ලිම් විදිය හරහා සිය මාළු බයිසිකලය පැදගෙන ආවේය .  බයිසිකලය නතර කරනවාත් සමග පිටුපසින් ලුහුබැද ආ ට්‍රැෆික් බයිසිකලය ඉදිරියෙන් හරස් කර නතර කරවුයේ මහා මෙහෙයුමක් කරන විලාසෙනි. 
ඇස් කරකවල බලපුවම ... බොඳ මිදුම් අතරින් දුටුවේ, පොලිස් ඇදුමින් සැරසුණු මහත්තුරු දෙන්නෙක් ...

මාළු ගන්න ආවද මන්දා .....

අරිනවා පෙට්ටිය .... හ්ම්.... ඉක්මනට ....

බුදු අම්මෝ ....
මේ මාළු ගන්න නම් නෙමේ, මේ උන්දලා ....ඇවිල්ල ඉන්නේ  .... 

හ්ම්..... අරිනවා ඉකමනට ...
මේ මොනවද ..... ගන්නවා එලියට ....

අනේ බුදු මහත්තයෝ ..... ඇගේ අමාරුවට ගෙදර ගිහින් බොන්න ගත්ත අරක්කු කාල ඔය .....

බොරු කියන්න එපා මනුස්සයෝ .... තමුන් අරක්කු විකුනනවා නේද ....? 
අනේ බුදු මහත්තයෝ ..... මං විකුනන්නේ මාළු විතරයි ..... මේ බලන්න ඉතුරු කුරියෝ  .....
තෝර පැටියෙක් හා ලින්නෝ දෙතුන් දෙනෙක් ... පෙට්ටිය අතරින් එබිකම් පාන්නට විය. 
සර්ධා ... හෝටලයේ මුදලාලි එලියට පැන්නේ .... මේ පොලිස් ගෝරනාඩුව ඇහුනු හන්දා  ....

අනේ මහත්තයෝ ..... මේ අපිට  මාළු දෙන මනුස්සයා .... 

මං අරක්කු ටිකක් බිව්ව තමයි මහත්තයෝ .... අරක්කු  විකුනන්නේ නෑ.... බුදුම්පල්ල .....

කිව්වා .... කිව්ව ...... අහන්නේ නෑ..... 

එනවා ...... 
ගන්නවා බයිසිකලය පොලිසියට ... හ්ම් ..... පදිනවා දැන් .... 
හ්ම් ..... ඉක්මන් කරනවා .... 

මං කාට කියන්නද දෙයියෝ ...... මං  අරක්කු විකුනන්නේ නෑ කියල .....
බයිසිකලය පොලිසිය මිදුලේ තිබුන ගහට හේත්තු කරලා .... මං පඩි දෙකතුනයි නැග්ගේ ......
ඇදගෙන ගියේ ..... මගේ කමිස කරෙන් අල්ලගෙන ...

 යනවා ඇතුලට කියල .... මාව තල්ලු කරලා දැම්මේ .... මං ..... මහා මැරයෙක් ගානට දාලා ........ අනේ අහිංසක මට .... වෙච්ච දේ ... ඉතුරු මාළු ටිකත් අරන් ගෙදර එනකන් උන්දැ අරහේ බලං ඉන්නවා .... බත ලිපේ තියා ගන්න බැරුව ..... පොඩි උන් ඉස්කෝලේ ගිහින් ආපුවම කන්නේ මොනවයි දැන් ......
අර මාළු ටික අරහේ කුණු වෙනව  .... මට කියට යන්න දෙයිද දන්නේ නෑ.  ..... බඩගිනිත් එක්ක ... තාම උදේට කෑවෙත් නෑ.....
 දැන් පැය කියක් ගියාද .....
 අනේ මහත්තයෝ .... මට වතුර තිබහයි .... වතුර ටිකක් දෙන්න ...... තොල කට වේලිලා .....
මාව මොකට .....  මේ කුඩුවේ දැම්මද මන්දා ......

මෙතන ඉන්න බෑ හුජ්ජා ගදයි.....  මොකා චු දාලද  දන්නේ නැ. 
දැන් කිය උනාද මට කන්නත් නෑ.... බොන්නත්  නැ...... බඩගින්නේ ඉන්න බැරියෝ .....

මුන්ට ඇහෙනනවද මන්දා .... මං කියන දේවල් ...... අම්මපා .....

කළුවර වැටීගෙන එනකොට ..... ආයෙත් මාව කුඩුවෙන් එලියට ගත්තා .... මොන මොනවදෝ ..... පොත් වල කුරුටු ගෑවා .... 

අත්සන් කරපිය මෙතන ......

මං අකුරු දන්නේ නෑ මහත්තයෝ .....

උඹ .... වැස්සකටවත් ඉස්කෝලේ ගියේ නැද්ද ...? 

ගියා මහත්තයෝ .... දෙකටද කොහෙද ...? ඒත් අකුරු බෑ මට .....

ආ ..... ඇගිල්ල තියපිය මෙතන ..... හ්ම්.....

දම්පාට පෙට්ටියකින් ගත්තු , සායම් ටිකක් මගේ ඇගිල්ලේ උලලා . අර ලියපු කොලේ උඩින් තියල තද කරා .... මට තරු විසි උනා. 

හ්ම් .... නැගපන් ජීප් එකට තව ගමනක් යන්න තියනවා උඹත් එක්ක ....

ජීප් එකේ තව කොල්ලෝ දෙන්නෙකුත් හිටියා ..... කොට කලිසන් ඇදපු ... උන් දෙන්න දැකල පුරුදුයි මට ..... හරියට නිච්චියක් නෑ. 

බැහැපල්ලා .... බැහැපල්ලා .... 
හිටගනින් පේලියට ........

කාගේදෝ ගෙදරකට අර උස පොලිස්කාරය ... ගිහින් , .... එක පාරටම අඩියක් පොලවේ ගැහුවේ  නැතා .....  
මාව ගැස්සිලා ගියා සද්දෙට 

මරක්කලගේ සොමිපාල ........ 

පස්සෙන් හිටිය පොලිස්කාරය මාව තල්ලු කලා  ගේ අස්සට ..... වැටෙන්න ගිහින් අනු නවයෙන් මං බේරුනේ .... 

ඔලුව පහතට කරගෙන මොනවදෝ ලියනවා කළු කෝට්  ඇදගත්ත මහත්තයෙක් . 
රජයේ අනුමත අරක්කු මුදලට විකිණීම  ..... තමුන් වැරදිකරුද ..... නිවැරදිකරුද ......? කියනවා බලන්න 

මහත්තයෝ .... ඒ ....... මං  බොන්න ගත්ත අරක්කු කාල ... බුදුම්පා..... 

පෙර වැරදි තියනවද ....?
නැත ස්වාමිනි .....

රුපියල් දෙදාහක් දඩ ......

රුපියල් දෙදාහක්  ....? කොයින්ද මට ..... මාළු විකුණලා ගත්තෙත් රුපියල් අටසීයයි ..... ඒකත් මාව කුඩුවට තල්ලු කරද්දී අර උන්දා ගත්තා . 

ආයෙත් අර කොල්ලෝ දෙන්නත් එක්ක මාව ජීප් එකේ දා ගත්තා .... ගියා එක පිම්මට .... හිර ගෙදර මහ ගේට්ටුවෙන් ඇතුලට ....

මාව හිරේ  දාන්නයි හදන්නේ .......  සල්ලි නෑ කියල ..... අනේ මගේ දරු පවුල උන් බඩගින්නේ ....

ගලවනවා .... ඇදන් ආපු සුට් එක ..... ඇද ගන්නවා මේක  ..... හ්ම් ....

සිර දඩුවම .... මාසයයි .....

L- 3542  - මරක්කලගේ සොමිපාල 

මාළු විකුනන්න ගියපු මට නොම්මරයක් හම්බ උනේ ඔහොමයි .....



දවස් 23 කට විතර පස්සේ මං ගෙදර ආවා ..... බයිසිකලේ නම් පොලිසියේ ගැරේජ් එකේ තිබිල මං අරන් අවා..... ඒත් ....  මාළු කපන පිහි දෙක ..... ඒකට වෙච්ච දෙයක් නෑ.....

මං කොහොමද ආයෙත් රස්සාව කරන්නේ ....? 



















29 comments:

  1. ලංකාවේ පොලිසියනේ , ඔයින් ගියා ඇති .

    ReplyDelete
    Replies
    1. අනේ ගොනෝ ගොං හරකෝ...
      අජන්තගෙන් කාපුව අමතකද?

      Delete
    2. ඒ මොකද්ද විදානේ ..... ඉවාන්ගේ ඒ හරුපේ ....?

      Delete
  2. ඇත්තට වෙච්ච දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් .... ඉයන් .... සත්‍ය හා නිතර සිදුවන සිදුවීම් මේ ...

      Delete
  3. කොහෙද බං ඇඹිලිපිටියෙද??????

    ReplyDelete
    Replies
    1. ඇඹිලිපිටියේ න‍ෙවෙයි..
      තංගල්ලෙන් මාලු අරගෙන..
      රන්න අඝූණකොල පැලැස්ස හරහා මිද්දෙනියට එන මෑන් කෙනෙක්..
      මට ගිය සතියේ හම්බුනා..

      Delete
    2. ඔව් .... විදානේ .... මාළු අරන් බයිසිකල් වල විකුණන අයගේ කතන්දරය තමයි මේ .... මේ ගොල්ලන් ගැන පොලිසිය ඇහැ ගහන ඉන්නේ .... නඩු අඩු දවසට එකතු කරන් යන්න

      කුරුටු ... මේවා වෙන්නේ ධිවර කර්මාන්තය සමග ගැටෙන මත් ද්‍රව්‍ය ව්‍යාපාරය නිසා . හාල් මැස්සෝ තමයි අහු වෙන්නේ ...

      Delete
  4. මල මුගුලයි..

    මාලු කපන පිහිය පාවිච්චියට ගන්න තිබ්බේ

    ජ ය වෙ ්ව ෘ @!!1

    ReplyDelete
    Replies
    1. පිහියක් අද කාලේ කොච්චර වටිනවද ...? විදානේ .... වටිනාකම දන්න නිසා පරිස්සමට තියා ගන්න ඇති.

      Delete
  5. දඩ ගෙවාගන්න බැරුව හිරේ යන දුප්පතුන්ගෙන් බහුතරයක් එලියට එන්නේ, අපරාධ කිරීම සඳහා ටියුෂන් ලබාගෙනයි.

    ReplyDelete
    Replies
    1. ඔව් .... විච්ච්රක තුමෝ ... මේ ආරම්භ කරන්නේ පලවෙනි පියවර ...
      ඊළගට.... වරදක් කිරීමට .. බිය නැති වෙනවා .
      මේ සුළු වරදකරුවෙක් ....
      සිරදඩුවම් නොවිද විකල්ප දඩුවම තමයි .... ප්‍රජා විශෝධනයට බාර දෙන ඒක .
      එතැනදී වරදකරුගේ මුලික වැරැද්ද .... මත් නිවාරණය සදහා සුදුසු ක්‍රම වේද යොදවලා ... වරදකරු සමාජගත කරනවා. බන්ධනාගාරයට නොයවාම .

      Delete
  6. මේ ලගදි එඩරු කොල කඩන්ඩ ගිය එකෙක් පැකට් එකකට දාල තිබුනා

    ReplyDelete
    Replies
    1. ගෙදර හිටියත් ඇති අටම් ... නඩුවක් වැටෙන්න.... හරියට කොටදෙනියාවේ පොලිසිය වගේ .

      Delete
  7. අත්තටම කතාවට දුකයි. මත්ද්‍රව්‍ය පාවිච්චි නොකර හිටියනම් මේ සිද්දියටත් මේ මනුස්සයා මුහුන දෙන්නේ නෑනේ....

    ReplyDelete
    Replies
    1. ඔව්... සිංහ .. හේතුව ... ධිවර කාර්මිකයෝ .... මොනවා හරි මත්ද්‍රව්‍යක් පාවිච්චි කරන එක.... මෙයාල හිතන් ඉන්නේ මහන්සිය නිවෙන්න හොද ඖෂධයක් මත් ද්‍රව්‍ය කියල ....

      Delete
  8. අරක්කු විතරක් නෙවෙයි, කුඩු ගංජා පවා විකුණනවා .

    ReplyDelete
    Replies
    1. සමහර ධිවර කාර්මිකයින්ගේ තත්වය ඒක තමා ලලිත් .... මත උවදුර ඔවුන් ගිලගෙන ඉවරයි ....

      Delete
  9. පොලිසියෙන් මේ විදියට නිකරුනේ උසාවියට ඉදිරිපත් කරලා සිර දඩුවම් ලබපු අය මට බන්ධනාගාරයේදි මුන ගැහිලා තියනවා. ඔවුන් පොලිසිය ගැන හරි වෛරයකින් ජීවත් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් .... මනෝ ...මත් ද්‍රවය පාවිච්චි නොකරන වෙලාවටත් .... සන්තකයේ තිබී යයි අත්අඩංගුවට ගන්නවා .... ඔවුන් බන්ධනාගාරය තුල ඉන්නවා ...
      ලග තිබුනේ නෑ.... මහත්තයෝ .... අතින් දාලා තමයි මං ඇතුලට යැව්වේ ...
      මං හරිද මනෝ.....

      Delete
    2. ඔව් සමහරු නොකරපු වරදි වලට බරපතල චෝදනා ගොනු කරලා අත්අඩංගුවට ගන්නවා.

      Delete
  10. මම අහලා තියෙනවා මාසයකට මෙපමණ නඩු ප්‍රමාණයක් ගෙන්න ඕනේ කියලා පොලිසි වලට කියලා තියෙනවා වගේ කතාවක්.එක එහෙම නම් එකෙන් කියවෙන්නේ රටේ මිනිස්සු වැරදිකාරයෝ කරවන්න බලාගෙනමයි පොලිසිය කටයුතු කරන්නේ.එකට හොඳම උදාහරණය තමයි රථවාහන පොලිසිය.උන් ඉන්නේ වැරදි නවත්වන්න නෙමේ වැරදි කරනකම් උසාවි දාන්න,පගාව ගන්න බලාගෙන.

    ReplyDelete
    Replies
    1. නඩු අඩු වෙන තරමට අධිකරණ වලට හොදයි .... ඒත්.... නඩු මෙපමණ ප්‍රමාණයක් ගෙන්න ඕන කියන එක .... නිත්‍යානුකුල කතාවක් නෙමේ ... ඒවා තරු ගනින්න වාසියට හදා ගත්තු කතාවක් .... වීරයෙක් වෙන්න නඩු ඕන නෑ.... තමන් කරන රාජකාරිය හරියට කරාම ඇති.

      Delete
    2. වීරයෙක් නොවී සල්ලි හම්බකරන්න, ප්‍රොමෝශන් ගන්න, ට්‍රාන්ස්ෆර් එකක් හදාගන්නනම්?

      Delete
  11. මේ තමා අපේ රටේ සැබෑ නීතිය රැකීමේ ක්‍රමවේදය... අසාධාරණය දකින්න ඇහැක් සහ ලියන්න කොන්දක් ලැබෙන්නේ පෙර පිනට...

    ReplyDelete
  12. කිලෝ සීයේ යකඩ ගොඩක් පපුව උඩින් තිබ්බා වගේ පපුව හිර උනා...!

    ReplyDelete