Thursday, March 3, 2016

බන්ධනාගාරය තුල මාද්‍ය භාවිතය



බන්ධනාගාරය තුල මාද්‍ය භාවිතා වනවා කිව්වම ඔබ පුදුම වෙන්න ඇති නේද ...? ඔබ නොදන්නවාට මාද්‍ය භාවිතය බොහොම හොදින් තියන තැනක් බන්ධනාගාරය කියන්නේ . 

එක් වරම සිහියට එන්නේ ඔබට ජංගම දුරකථන භාවිතය නේද ...? එය නීති විරෝධී පරිහරණයක්. එසේ නොවන මාද්‍ය භාවිතය කුමක් නම් වේද ...? ලිපි ලිවිම ....? මෙයත් සිමා සහිත අවසරයක් තියන කටයුත්තක්.   ලිපි ලැබීම හා යැවීම ....පරීක්ෂාවක් මතයි සිදු කරන්නේ  

බන්ධනාගාරය තුල ලබා දෙන සැම පහසුකමකටම සිමා තියෙනවා කියල ඔබ දන්නවද ....? ඔව්.... සමහර පහසුකම් තීරණය වෙන්නේ .... වරදකරුගේ ක්‍රියා කලාපය මත. මේවා වරප්‍රසාද ..... ඔහු ලබන 

අතීතයේ සිටම බන්ධනාගාර තුල .... මේ ක්‍රම තිබුනා , 


පොත්පත් හා පත්තර කියවීම තවත් ප්‍රබල මාද්‍ය භාවිතයක් ....  බන්ධනාගාර සුභසාධන අංශය  මගින් මේ කටයුත්ත පාලනය කෙරුනා .

බන්ධනාගාර තුල පුස්තකාල තියනවා කියල ඔබ දන්නවද ...? කියවීමේ ශාලා නැතත් , සිර කුටිය තුලට රැගෙන ගොස් බැලීමේ හැකියාව , පොත් කියවන්න කැමති ඕනෑම රැදවියකුට තියනවා. 

මට කියන්න ඕන උනේ ......  බන්ධනාගාරය තුල තුල සිදුවන පොත්පත් පරිශිලනයයි. 
හිරකාරයින්ට මොන පොත්ද කියල ඔබට සිතෙන්න පුළුවන්.....


සිරකරුවන් යනු ... සියුම් බුද්ධි මහිමයක් ඇති පුද්ගලයින් බව ඔබ දන්නවද ...? මට නම් ඔවුන් විශේෂයි. 

Add caption


සිරකරුවන්ගේ දක්ෂතා මා කොතෙකුත් දැක තිබෙනවා. මේ ශක්තිය සදහා මං හිතන්නේ ... ඔවුන්ගේ උගත්කම, සමාජ වටපිටාව, ලබා ඇති වෙනත් පුහුණු (අනියම් හෝ නියම් ) හෝ පෙර ආත්ම වලදී ලබා ඇති හැකියාවන් මේ සදහා බලපාන්න ඇත කියායි. 

යම් හැකියාවක් ඇති සිරකරුවකු ගොඩ නැංවීමට අපට බොහෝ දේ කල හැකියි. එයින් එක කටයුත්තක් තමයි ..... පොත්පත් පරිශීලනයට ඔහුව යොමු කිරීම . 

බන්ධනාගාරය තුල පුස්තකාල වල තියන පොත් හෝ පිටතින් ගෙන්වගෙන දියහැකි පොත් හෝ සිරකරුවන්ට පරිශීලනයට දිය හැකි නම් ඔවුන් යම් තරමකට වෙනස් කිරීමට හැකියාවක් ඇති බව මා දනී. 

බන්ධනාගාර පුස්තකාල වලට පොත් ලැබෙන්නේ පරිත්‍යාගශීලීන්ගෙන් , රාජ්‍ය නොවන සංවිධාන මගින් හෝ යම් ප්‍රමාණයක් රජය මගිනි . 


පෙරදී නම් මොනවා හෝ පොතක් ලැබුණි. එහෙත් මේ වන විට වැදගත් යයි හැගෙන අද්යාත්මික සංවර්ධනයක් ලැබිය හැකි පොත් හා ධනාත්මක චින්තනය ලබා දිය හැකි වර්ගයේ පොත් වැඩිමනක් ලබා දී ඇත. මෙයට අමතරව තාරුණ්‍යයේ ... සිරකරුවන් හට කියවිය හැකි ආදර කතා ආදියද බන්ධනාගාරය තුල බහුලව භාවිතා වේ ...

අද්යාත්මික සංවර්ධනය සදහා නොයෙක් ආගම් පොත්ද .... කුරානය , බයිබලය ඇතුළු.... බුද්ධාගම් පොත්ද .... භික්ෂුන් වහන්සේලා විසින් රචිත , ඒ වගේම , දයා රෝහණ ගේ ධනාත්මක සංකල්ප ඇතුලත් පොත්ද ...... තාරුණ්‍යයේ  ගත්කරු යයි හදුන්වන .... සුජීව ප්‍රසන්නආරච්චි , චන්දී කොඩිකාරගේ පොත්ද ..... බන්ධනාගාරය තුල ජනප්‍රිය වේ. 

මෙයට අමතරව පෞද්ගලිකව ලග තබා ගෙන ඇති බෝධි පුජා පොත්, බයිබලය , වෙනත් වන්දනා පොත් ... බහුලව පරිහරණය කරන බවක් පෙනේ. 

තවද .... හැගීම් අවුස්සන සුළු ... කාම රචනා අඩංගු පොත් කියවීම, බැලීම බන්ධනාගාරය තුල තහනම් වුවද .... කෙසේ හෝ ඒවා ද පරිශීලනය වන බව ... යම් යම් අවස්ථා වල වාට්ටු පර්ක්ෂාවේදී හෙළිවී ඇත. මේවා අමුත්තන් බැලීමේ අවස්ථාවේදී කෙසේ හෝ හොරෙන් ගත් බවක් තමයි දැන  ගන්න ලැබුනේ. 

ඉහත කාරනා සියල්ල ගෙන බැලීමේදී පෙනී යන්නේ සිරකරුවන් මාද්‍ය භාවිතයට ඉතා කැමැත්තක් දක්වන බවයි... එසේ නම් පොත්පත් පරිශීලනය සදහා වැඩි ඉඩක් හා අවස්ථා ලබා දෙන්නේ නම් ...සිරකරුවා සැබවින්ම වෙනස් කල හැක. 

රජය හා අනෙකුත් සමාජ සුභ සාධක  ආයතන මේ සදහා මැදිහත් විය යුතුය . ඒ සදහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කල යුතුය . 


  1. .ලබා දිය යුත්තේ කුමන පොත්ද ....?
  2. ලබා දියයුතු ආදර්ශමත් චරිතාපදන මොනවද ...?
  3. අන්තර්ජාතික අත්දැකීම් ලැබිය හැක්කේ කෙසේද ...?
  4. රස වින්දන හා සාහිත්‍ය රසාස්වාදය ලබා ගත්ත හැක්කේ කුමන පොත් වලින්ද ...?                    
 යන්න වර්ග කරගෙන ලබා ගත හැකි පොත් සංඛ්‍යාව වැඩි කර ගත යුතුය. 

බන්ධනාගාරය තුල පොත්පත් පරිශීලනය කරමින් .... පොත් ලියු කතුවරයෝද සිටියහ . තවමත් ... මා දන්නා තරමින් එක් ඇමතිවරයෙක් පොත් ගණනාවක් ලියන්න ..... කාලය ලබා ගත්තේ සිය .... සිර දඩුවම් විදි කාලයෙනි.

තවත් එක්තරා ප්‍රසිද්ධ නඩුවක චුදිතයෙක් කේන්දර බලන්න ඉගන ගත්තේ .... බන්ධනාගාරය තුලට ගෙන්වා ගත් සාත්තර පොත්, ජෝතිෂය පොත් හා යන්ත්‍ර මන්ත්‍ර කිරීමේ මුලාශ්‍ර වලිනි. මේ වන විට   ඔහුගේ  ජීවනෝපාය කේන්ද්‍ර බැලීම හා යන්ත්‍ර දැමීමයි. 

සිරකරුවත් මනුෂ්‍යයෙකි කියන සංකල්පය වඩාත් කුළු ගැන්වීමට නම්, මෙවැනි විකල්ප ක්‍රම භාවිත කිරීම සුදුසු යයි මට හැගේ. සිරකරුවා සමාජගත වීමේදී ....  පොත්පත් භාවිතය ඔහුගේ ඉදිරි ගමන සකස් කිරීමට පිටුවහලක් වන බව මේ අනුව පෙනේ. 

දියුණු රට වල පවා , පොත්පත් පරිශීලනය සිරකරුවාට අනිවාර්ය කර ඇත්තේ ... සිරකරු මනස පුනුරුත්තාපනය කල හැකි ප්‍රබල මාධ්‍යක් වන බැවිනි. 

27 comments:

  1. ලන්කාවේ පමනක් නොවේ...
    ඉන්ගලැන්ඩ් එකේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ Peer කෙනෙකු වූJeffrey Archer ද හිරේ හිටන් පොත් ලීවා...

    https://www.goodreads.com/series/60789-a-prison-diary

    ReplyDelete
    Replies
    1. ෂුවර් ද හිටගෙනමයි ලිව්වේ කියලා?

      Delete
    2. හොර දත් දොස්තරයෙක් ඉදිරි කාලයේදී හිරගෙදර හිටං පොත් ලියන්න යන්න සූදානමින් ඉන්නවා.

      Delete
    3. හිර ගෙදර සිඅට පොත් ලියපු .....සා රස ..... විභී ....
      ලෝකයේ කොතෙකුත් දේශපාලන නායකයින් ඇති....අපි නොදන්නවට

      Delete
    4. @ Anonymous
      ඌට පොත් ලියන්න බැහැ බන්. හිටගෙන පච කෙලින්න නම් පුළුවන්

      Delete
  2. ඔය පිටරටවල වගේ නෙමෙයි මෙහෙ හිරගෙවල් හරි වෙනස්...

    බොහොමයක් පාතාල වැඩ රන් කරන්නේ හිරගෙවල් ඇතුලේ ඉඳන් ය...
    ලොක්කයියා හිරේ ගියා නම් උගේ වටේ ඉන්න සොක්කයියා ල ටිකත් ඉක්මනටම හිරේට යන්න ලොක්කයියා ගේ සපෝර්ට් එකට ය..

    ලොක්කෝ හිරේ ගිය ගමන් හිරගෙදර වාට්ටුවට නොව ඉස්පිරිතාලේ වාට්ටුව ට ගාල් කෙරෙන්නේය...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත විභී .... ඒ සංස්කෘතිය වෙනස් කිරීමේ එක් ක්‍රමයක් තමයි පොත් පත් පරිශීලනය .... අනෙක් අකටයුතුකමුත් ... වෙනස් කිරීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සිදු කරන්න තමයි.... මේ ආකාරයෙන් දැනුවත් කරන්නේ

      Delete
  3. අපේ කට්ටිය ලියපු පොත් තමා පොත්.........

    ReplyDelete
    Replies
    1. කවුද කුරුටු අපේ කට්ටිය ...?

      Delete
  4. මුලින්ම පොඩි පොඩි නිවරදිකිරීම් ටිකක් කරන්න කියලා කාරුණිකව ඉල්ලනවා. මාද්‍ය නෙවෙයි නිවැරදි වචනය මාධ්‍ය. මම දැක්කා කොතන හෝ වෙනත් අඩවියක මද්‍ය මහා විද්‍යාලය කියා ලියා තිබෙනවා. ඒ කියන්නේ මත්වන දේවල්වලට සම්බන්ධ පාසල කියන තේරුම.

    ආදර්ශමත් නෙවෙයි ආදර්ශවත්. සිංහලයේ තිබෙනවා වත් සහ මත් යනුවෙන් ප්‍රත්‍ය දෙකක්. වත් යෙදෙන්නේ, අ ස්වරයෙන් අවසන් වන පද වලට. උදාහරණය:- ආදර්ශ+වත්=ආදර්ශවත්. මත් ප්‍රත්‍යය යෙදෙන්නේ, ඉ ස්වරයෙන් අවසන්වන පද වලට. උදාහරණය ප්‍රීති+මත්=ප්‍රීතිමත්.

    අද්යාත්මික නෙවෙයි අධ්‍යාත්මික. ඔබ ගූගල් ඉන්පුට් ටූල්ස් පාවිච්චි කරනවා නම්, අධ්‍යාත්මික කියා ටයිප් කරන්නේ මෙහෙමයි. adhyaathmika

    පුනුරුත්තාපනය නෙවෙයි පුනරුත්ථාපනය = punaruththaapanaya

    අනියම් හෝ නියම් කියා ඔබ ලියා තිබෙනවා. අනියම් කියන වචනය හරි. නියම් කියා වචනයක් නැත.

    //සිරකරුවන් යනු ... සියුම් බුද්ධි මහිමයක් ඇති පුද්ගලයින් බව ඔබ දන්නවද ...? මට නම් ඔවුන් විශේෂයි//

    කිසිසේත් එකඟ නැත. සිරකරුවෝ අපේ සමාජයේම කොටසකි. එකම වෙනස ඔවුන් විශෝධනයට ලක්වී සිටීමයි. විශෝධනයට ලක්කරන්නට හේතුව, ඔවුන් සාමාන්‍ය සමාජ සම්මතයට පටහැනිව කටයුතු කිරීමයි. වඩාත් සියුම්, වඩාත් දක්ෂ බුද්ධිමතුන් වන්නේ, ඔවුන් විශෝධනයට ලක්කිරීම සඳහා, ඉතා කල්පනාකාරීව වැඩසටහන් සකස් කරන අයයි.

    සිරගෙදරදී, ඉතා හික්මීමෙන් යුක්තව කටයුතු කරන සිරකරුවන්ගෙන් සමහරු, සමාජයට පැමිණි පසු, නැවතත් වැරදි කරනවා. බන්ධනාගාර වාර්තාවල, ඒ බව සඳහන් වෙනවා.

    ReplyDelete
    Replies
    1. විචාරකතුමනි ,
      මේ දිනවල google වල අවුල් තියනවා . type කරන්න බෑ. නිවැරදි අකුර ... මට විතරක් නෙමේ අනේක් අයටත් ඔය විදියම තමයි. .... ඒ ගැන සැලකිලිමත් වෙන්න බා. අදහස විතරක් ප්‍රකාශ කරනවා . කරන්න දෙයක් නෑ.
      මේ වැඩේට ලොකු කාලයක් වැය කරන්න බෑ. ඒ හින්ද සමව භාජනය කරමි.

      විශෝධනය වෙන්න කලින් දැකපු අය තමා මං විශේෂයි කියන්නේ . ඔබේ අදහසට මන් එකග නෑ. මේ දස්කම් ඔවුන්ට එන්නේ සහජෙන් .... භාවිතයේ වැරැද්ද නිසා තමයි වරදකරුවන් වෙලා තියෙන්නේ .
      ඉතාම හොදින් සිර ගෙදර ඉදපු අය .... එලියට ගියාම ... අපේ සමාජයේ ඒ අයව පිළිගන්න සුදානම් නෑ. ඒ කරණය නිසයි... ඔවුන් නැවතත් මේ වැරදි කිරීමේ චක්‍රයට එකතු වෙන්නේ. වාර්තා වල කොහොමත් මේ දේවල් roport කරනවා. සිරකරුවන්ගේ පසු අධික්ෂනයත් මේ වන විට ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුවට බාර දීලා තියෙන්නේ .

      Delete
    2. ගූගල් ක්‍රෝම් ප්‍රශ්නේ අපි විසඳගත්තා.

      මෙන්න මේකේ කමෙන්ට්වල, නිමෝ කියලා තියන දේ කරන්න

      ඔබේ තර්කය පදනම් කරගෙන මම මෙහෙම කියනවා. හමුදාවේ සාමාන්‍ය සොල්දාදුවන් ලෙස, ඈත ගම්වල දුප්පත් දරුවන් අතරේ, ඉන්නවා සහජ කුසලතා ඇති අය. ඒ නිසා හිරගතවන ය විශේෂ කොට දැක්වීම සාධාරණ නැහැ. හිරකාරයකුට විශේෂත්වයක් දෙන්න අවශ්‍ය නැහැ.

      Delete
    3. විචාරකතුමනි .... මගේ ක්ෂේත්‍රය හිර ගෙදර නම් ... මගේ subject එක උපදේශනය නම්.... මගේ සේවාදායකයින් වන්නේ සිරකරුවන් ... මේක මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක්. අපරාධ විධ්‍යනුකුල විවරණයක් ... බහුතරය සාමාන්‍ය අයට වඩා සුවිශේෂයි මට දැනෙන දේ මන් ලිව්වේ.
      සිරකරුවන් විශේෂයි කියන්නේ ඔවුන්ට වටිනාකමක් දෙන්න නෙමේ. ඔවුන් තුල වූ සහජ හැකියාවන් විමර්ශනය කිරීමෙන් ලත් ප්‍රතිපල මත පමණයි. මේ සුවිශේශිභාවය මං තීරණය කරන්නේ . ,

      Delete
  5. මට මතක් උනේ The Reader සිනමාපටය.

    ReplyDelete
    Replies
    1. ඒක බලල නෑ උපේක්ෂා

      Delete
    2. අම්මෝ..........අතිශයින් වැඩිහිටියන්ට පමණයි.

      https://en.wikipedia.org/wiki/The_Reader_(2008_film)

      https://www.youtube.com/watch?v=pU6mU1EAQVc

      Delete
    3. thanks dear .... line එක දුන්නට

      Delete
    4. https://en.wikipedia.org/wiki/The_Shawshank_Redemption

      Delete
  6. මෙරට සෑම බන්ධනාගරයකම පුස්තකාලයක් තිබෙනවා. නමුත් පොත් කියවන්නේ සිරකරුවන් අතරින් සුළු පිරිසක් පමනයි. සමහරු ඉතා කැමැත්තෙන් පොත් පත් කියවනවා. සමහර පොත් ගෙනත් දෙන්න කියලා අපිටත් කියලා තියනවා. සමහර රැඳවියන් තමන්ම පොත් ගෙන්වා ගන්නවා. ආගමික ග්‍රන්ථ වලට නම් බොහෝ අය කැමතියි.

    ReplyDelete
    Replies
    1. බන්ධනාගාරය තුල පොත් කියවන්නේ සුළු පිරිසක් නිසා තමයි.... මේ පුරුද්ද ඇති කරන්න ඕන. මනෝ ....
      මං එහෙම කරලා තියනවා. මං කියවනකොට මගේ වටපිටාවේ ඉන්න අයත් කියවන්න ගත්ත ඉබේම .... මං ලොකු වෙනසක් කරා එතුලින්. ඔයත් උත්සහ කරන්න. මේක කරන්න පුළුවන් දෙයක් පෙළඹීමක් පමණයි අවශ්‍ය . බලහත්කාරය නොවේ.

      Delete
  7. වැදගත් ලිපියක්.. මට කියනවද හිර ගෙදරට පොත් ටිකක් දෙන්න කැමති කෙනෙක් ඒක කරන්න ඕන කොහොමද කියලා...

    ReplyDelete
    Replies
    1. බන්ධනාගාර අධිකරවරයා හරහා හෝ බන්ධනාගාර මුලස්ථානය හරහ , එහි තියනවා සුභසාධන අංශයක් ඒ හරහා ඉල්ලීම් ලිපියක් යවන්න. ඔබට අවසර ලැබෙයි.කොයි ආකාරයෙන්ද ..../ කුමන බන්ධනාගාරයටද ..... පොත් දෙන්න ඕන කියලා.
      පුණ්‍ය ක්‍රියාවක්.... මිතුර .....

      Delete
  8. බන්ධනාගාර රැඳවියන්ගේ පොත පතට ඇති ලැදියාව වර්ධනය කරන්න පුළුවන් නම් ඔවුන් පිටට සමාජයට එනවිට ඇත්තෙන්ම මේ ලොවට ආදරය කරන්නම්ව සිටීවි.

    ReplyDelete
    Replies
    1. ඔව් ..... මනෝජ් .... අපි උත්සහ කරන්න ඕන .... ඒ තත්වය ඇති කරන්න.

      Delete
  9. 1 බන්ධනාගාරයේ පොත් පත් හිරකරුවන්ට වඩා භාවිතාකරන්නේ නිලධාරින්

    2 සිරකරුවන් සියුම් බුද්ධි මහිමයක් ඇති පිරිසක් කියන එකනං හරිම තමයි සමහරක් අපරාධවලට ඔවුන් යොදාගන්නා තාක්ෂණය සාමාන්‍ය මිනිස්සුන්ට හිතන්නවත් බැ , අනික තමයි දරුනු ගණයේ අපරාධකාරයෝ මොනයම් හරි විෂයක් හොදින් ඉගනගත් සහ හොදින් ක්‍රීයාවට නගපු සහ නගන අය , නිදහසේ ඔවුන් එක්ක කතාකරන්න ලැබුන අයට තමයි ඔවුන් සුවීශේසයි කියල දැනෙන්නේ

    3 ඔවුන් දැන් දැන් පොත් පත් විතරක් නෙමෙයි අන්තර්ජාලයත් භාවිතාකරනවා

    4 අසීමිත නිදහසක් භුක්ති විදින අයත් ඉන්නවා , ඉස්සරත් හිටියා ( මම දන්න කෙනෙක් හිටියා , සිරදඩුවම් විදිනගමන් කසාද ජීවිතයකුත් ගතකලා , පොරට ඕන වෙලාවක ලී ගේට්ටුව සහ යකඩ ගේට්ටුව එලියට හෝ ඇතුලට පනින්න පුලුවන් කම තිබුනා ) සල්ලි කාරයෙකුත් නෙමෙයි , මිනි මරුවෙක් , මංකොල්ලකාරයෙක්

    ReplyDelete
    Replies
    1. 1 . ඒ කරණය සියයට සීයක්ම හරි. ඒ තුලින් තමයි මං දැක්කේ අටම්.... මම මේ තත්වය අනිත් පැත්ත පෙරලුනා නම් හරි කියල ... කියවන ටික දෙනයි ඉන්නේ . ඒ අයත් වැඩිමනක් කියෙව්වේ මල් පොත්...
      නිලධාරිනුත් මේ පොත් කියවන්න ඕන....
      2 . මේ කාරණාවත් මට නුව හරි.... ඔබ යථාර්තය දන්නා නිසා....
      3 . අන්තර්ජාලය භාවිතා කරනවා ඇත්තේ ජංගම දුරකථන හරහා වෙන්න ඕන. ඒ දවස් වල නම් මේ ප්‍රවනතාව තිබුනේ නෑ. අටම්....
      4 . මේ කෙනා ගැන මං දැනන් හිටියේ නෑ. අටම් ... ඒත් .... මිසිස්සු කියන සමහර දේවල් කට කතා පමණයි ....

      Delete
    2. //4 . මේ කෙනා ගැන මං දැනන් හිටියේ නෑ. අටම් ... ඒත් .... මිසිස්සු කියන සමහර දේවල් කට කතා පමණයි ....//

      මේක කටකතාවක් නෙමෙයි ...හොයල බලන්න ....අනුගනන් වල මහර හිටපු sd නිමල් ගැන

      Delete