Tuesday, August 16, 2016

ධිවර කර්මාන්තය ආශ්‍රිත මත් ද්‍රව්‍ය භාවිතය


මත් ද්‍රව්‍ය සම්බන්ධ ගැටළු රාශියක් ධිවර කර්මාන්තය ආශ්‍රිතව පැන නැගී ඇති බව මේ වන විට සමීක්ෂණ වලින් හෙළිව ඇත. පහුගිය දිනක හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක් ... ධිවර වරායක සංචාරය කිරීමට . මා හට අවස්ථාව ලැබුණි . වරාය පරිශ්‍රයෙන් ඇතුළු වූ විගස එක යායට රළ මත  පෙළ ගැසී ඇති , බෝට්ටු දුටු විට අමුතු චමත්කාරයක් මා අත්වින්දද . බෙහෙවින් සුන්දර දසුනක් මගේ නෙතට ඇතුළු වුවද ... විගසම දැනුනු දුක නම් , පළමු පියවර මා තබා ඇත්තේ ... දැවී ගිය සිගරට් කොටයක් මතට නිසාය.  ... ඉබේම , බිම බැලීමි. එහෙත්..... ඒ සමග ඉබාගාතේ විසිරි ගිය තවත් සිගරට් කොට හා සිගරට් පැකට්ටු , හිස් ලයිටර් දුටු විට සිගරට් දුමින් පිරි ගිය හෝරාවන් මෙහි ඇති බව , සිතට දැනුනි.  අවස්ථාව නම් වරාය  ජන ශුන්‍ය වූ වේලාවකි. එබැවින් කලබලකාරී වාතාවරණයක් දක්නට නොවිය . උදැසනම දවසේ බෝට්ටු සමග  , වෙරළට විත්, සිය කාරිය අවසන්ව , බොහෝ ධිවරයින් නික්ම ගොස් තිබුණි .




මා සමග  ආ පිරිස සමග තව ටිකක් ඉදිරියට ඇදුනි . ගොඩට ඇද දා තිබු බෝට්ටු අස්සෙන් අප සක්මන් කළෙමු. අව් රශ්මිය ඒ වන විට තදින් වැටි ඇත. වැල්ල ගිනියම්ව ... රත්ව ඇත. තැනින් තැන බෝට්ටු අස්සේ සෙවනට පත්ව, වැල්ල මත  වැතිර සිටින උන් කිහිප දෙනෙකි. උන් ඔහේ නීදති. තව තැනක ගසකට මැදිව ඇද ඇති බෝට්ටුවක දැල් ලිහන හතර පස් දෙනෙකි. මුවගේ සිගරට් දල්වා  මහන්සිය නිවා ගන්නා සෙයක් ඔවුන් දක්වති. තව තැනක බිම පැදුරක් එලාගෙන ඕම්බි බලන පිරිසක් හා ඔවුන්ට අත්වැල් සපයන දෙතුන් දෙනෙකි.ඔවුන් අතරද දුම්වැටි හා කාලේ බෝතල් කීපයකි . නිදහසේ තම සතුට භුක්ති විදිති ...


මේ සියල්ල දහවල් දහය පහු වන විට , දැක බලා ගත හැක. බෝට්ටු අස්සේ නිදා උන් කිහිප දෙනා පුරුද්දෙන් අදුනාගත හැක. පෙර හෙරොයින් සම්බන්ධ වැරදි ඇත්තවුන්ය. 
සිතා ගත හැක. වැල්ලේ සිටින හෙරොයින් බොන බොහෝ අය පොලිස් අත්අඩංගුවට පත්වන්නේ , මෙහෙම සිටින විටදී බැව් මා  දැන  උනෙමි. ලග නැතත්... ලග තිබුනා වැනිය .හේතුව. හෙරොයින්  සදහා වැල්ලේ ඔවුන් නම් දරා ඇත්තේ කුඩ්ඩෝ  ලෙසය . මෙවැනි කුඩ්ඩන්ට නින්ද ගොස් ඇත්ද  ... නැතහොත් පියවි සිහිය අත හැර ඇත්තේදැයි ... මෙවන් මොහොතක සිතාගත නොහැක.



වැල්ල දිගේ තව  ටිකක් ඇවිද්දෙමි. මුහුද අද්දරට වන්නට බියර් බෝතල්, අරක්කු බෝතල් හා සෝඩා  බෝතල් ගෝනියකට එකතු කල හැකි තරම්ය .  හවසට වැල්ල නන්නත්තාර වන්නට විචිත්‍රව ඇතැයි සිතිය හැක. හිරු බැස ගියද ... සඳ නැගුනද සමහරු  ගෙදර නොයති ... දැනගත් පරිදි හවසට වැල්ලද්දර ධීවරයන්ගේ විවෘත වූ  විනෝද සමාජයකි . 

වෙරළ දිගේ අවුත් , වරායට පිවිසුනෙමු. නැංගුරම් දාගත් බෝට්ටු අස්සෙන් ඇදුනෙමු. නානා නම් ගත් හා පින්තුර සහිත බෝට්ටු අලංකාරව පින්තාරු කර ඇත. එක් වරම දුටුවේ ලෝක ප්‍රසිද්ධ ගායකයකුගේ රුවකි. ඔහු බොබ් මාලේ නම් වේ. ඔහුගේ පින්තුරයට ධීවරයෝ කැමැත්තක් දක්වති යයි දුටු විට සිතේ. නමුත් එය එසේ විය හැකිද ...? ඔහුට ධිවර කර්මාන්තය හා සම්බන්ධ කමක් ඇතැයිද  සිතිය නොහැක. බොබ් මාලේ ප්‍රසිද්ධ ... සුද්දන්ට එරෙහි කළු ජාතික ව්‍යාපාරයට සහය දැක වූ ගායකයකු වුවද අසා ඇති පරිදී මත් ද්‍රව්‍ය එනම් ..... ගංජා භාවිතය සදහා නම් දැරූවෙකි.  මම හරිද මන්දා ....

මතකයි වරක් . මත්ද්‍රව්‍ය භාවිතා කරණ ධිවර කාර්මිකයකු කි.....  කතාවක් ...... මුහුදට යනකොට අපි සිගරට් බන්ඩල් එකයි. ගංජා මිටි හත අටකුයි. හෙරොයින් ටිකකුයි අරන් යනවා . දවස් ගණන් අපට නිකන් ඉන්න බෑ. හිතලයි.... පාලුවයි වෙලාවකට දරා ගන්න බෑ. මාළු රස්සාවේ හැටි ඔහොම තමා . 

බහුදින යාත්‍රා වල යන ධිවර කාර්මිකයින්ට පමණක් මෙය අදාල වේ.


හැම ධිවර  කර්මිකයෙක්ම මෙලෙස නැතැයිද කිව හැක. පාන්දරට මුහුදට ගොස් දවාලට අත් දිගට ඇද ..... රජයේ රස්සාවට යන ධිවර කර්මිකයන්ද අප දැක ඇත. ඔවුන් සාමාන්‍ය පරිදි ජිවත් වේ. අරක්කු  පමණක් ඉද හිට පානය කරති.  නුවන ඇත්තෝද ....? නුවන නැත්තොද ධිවර කාර්මිකයින්  අතර සිටින බව මේ අනුව හිතා ගත හැක.  ....

ධිවර කර්මාන්තය හා  මත් උවදුර අතර ඇති සම්බන්ධතාවය අප මෙලෙස දුටිමු . සාක්ෂාත් කර ගතිමු. 

වරෙක අපි ඔවුන් ගෙන් මෙලෙස ඇසුවෙමු ... මේක නතර කරන්න බැරිද ...?  පොලිසියෙන් ඔයගොල්ලෝ නිතර අල්ලනවනේ. 

 එහෙනම් ආණ්ඩුවට කියල  .. අපට බොන්න පුවන් නිදහස් තැනක් හදල දෙන්නකෝ .... 

පෙම් කරන්න .. පෙම් උද්‍යාන සංකල්පයත් ආ  .... අප රටේ අරක්කු උද්‍යාන සංකල්පයත් ඒදෝයි  සැක සිතේ. 

ධිවර කර්මාන්තය පාරම්පරික එකකි ... එහෙත්.... මෙවන් ව්‍යවසනයක් එදා තිබුනිදෝයි.... කොහේවත් ලියල තිබුනා මතක නැත....බොහෝ වෙහෙසකාරී රස්සාවක් බව දැන හිටියා වගේම ජිවිත අනතුරු  වැඩියි ..... බුදු දහමට අනුව මාළු මරණ එක පව්කාර රස්සාවක්ලු . ඒත්...මාළු මුදලාලිලාගේ පොහොසත්කම මේ ඔක්කොටම වඩා වටිනවාලු ....

හොද නරක දෙකම ඇතැයි සමාජය මනින මේ රස්සාවට ඇයි මේ මත්ද්‍රව්‍ය භාවිතය ... ධිවර ජනතාව නැමති ..ඒ උප සංස්කෘතියේ අද වන විට අනිවාර්ය අංගයක් වී ඇති මත් ද්‍රව්‍ය භාවිතය හන්දා .... මේ රස්සාවත් හෙට වන විට අනතුරේ ඇත.

අප ධිවර කර්මාන්තය  දන්නා කාලය එන විට .. බිලා ඇවිත් ... කුණුහරුප කියන .. ගෙදර ගැනිට ගහන .... සිද්දීන් සිනමාවේ තිබුනා මතකය. 
  • අරක්කු කියන්නේ ජොලි පානයක්ද ...?
  • බිව්වම මහන්සිය අඩු වෙනවද ...?
  • තනිකම පාළුව නැති වෙනවද ...? 
හෙරොයින් බිව්වම .... ලස්සන හීන  පේනවද ...? පාවෙන්න පුළුවන්ද ...? සමහරු කියනවා ඇගට ශක්තිය ලැබෙනවලු වැඩ කරන්න . මේ ඔක්කොම ඇත්ත කියා කොහොමද අපි  පිලිගන්නේ ...?

මේ දේවල් ලියන්නේ යමක් කමක් තේරෙන අයට මිසක් ... පාසල් යන දරුවන්ට නොවේ....මාධ්‍ය භාවිතය ,  මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අප පරිස්සම් වෙන්න ඕනෑ. මත්ද්‍රවය නිවාරණ දැනුවත් කිරීම් හුදෙක්... මතින් ඈත් කිරීම පිණිස මිස ..... ලං කිරීමට කරන බන්ධනයක් නොවේ. 

කාලෙකට පස්සේ .... මාසයක් තිස්සේ කඩින් කඩ ලියුවක් .... පැවති .... අධික කාර්ය බහුලත්වය blog එකෙන් මාව ටිකක් ඈත් කළා..... 







9 comments:

  1. මත්‍ද්‍රව්‍ය භාවිතයෙන් මල් පිපෙනවය,සිහි කල්පනාව වැඩි වෙනවය,පට්ට සිතුවිලි පහලවෙනවය ,පාවෙනවය කියන එක මට නං උපන්තේකට වෙලා නැ..මගේ අවුලක්.වෙන්ටැ ඒකනං.. එහෙම පහල වෙන අයත් ඇති. මට නං අන්තිමට ඉතුරුවෙන්නෙ හෝන්දු මාන්දු ගතියක් විතරයි..

    ReplyDelete
    Replies
    1. මත් ද්‍රව්‍ය භාවිතයෙන් වෙන්නේ මිනිස්සු පිස්සෝ කරන එක විතරයි පත්තර මල්ලි...
      no positive .....

      Delete
    2. පත්තරයට අද හොදටම වැඩියි වගේ

      Delete
  2. ධීවර කර්මාන්තයේ විතරක් නෙවෙයි, සෑම ක්ෂේත්‍රයකම මත්පැන් සහ මත් ද්‍රව්‍ය භාවිත කරන අය ඉන්නවා. මමත් 100% ක් අමද්‍යප නෙවෙයි. නමුත්, ඇබ්බැහි නෑ. මුදල් සහ අවශ්‍ය වියදම් ගැන සලකා බලා තමයි ක්‍රියා කරන්නේ.

    ReplyDelete
    Replies
    1. විචාරක තුමනි ... මගේ නියැදිය උනේ මේ වෙලාවේ..... ධිවර කර්මාන්තය . මොකද එතන අපරාධ බහුල ස්ථානයක් . මෙතන ඉන්නේ වැඩිපුර ඇබ්බැහි උන අය ... හරියට නිදහස් කලාපය වගේ .... එයාලගේ නිදහස් ලෝකය වෙරල තිරය කියන්නේ .

      Delete
  3. නිහිංසා,
    ඕක ඉතින් ධීවර නෙමෙයි, හැමතැනම පැතිරිලා තියෙන දෙයක්.
    කොච්චර දුරට ගිහින් ද කියනවා නම් බෝතලේ අරන් ඉස්කෝලෙට ගුරුවරු, ප්‍රින්සිපල් ලා දැන් සමහර සමහර ඉස්කෝල වල ඉන්නවා. ඒ අස්සේ ළමයිනුත් කොච්චර නානාප්‍රකාර මත්ද්‍රව්‍ය වල පුරුදු වෙලා ද?

    ගන්න දෙයක් නැහැ. අනාගතයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව්.. විභී .... ලෝකයම මත්ද්‍රව්‍ය රකුසා ගිලගෙන ඉවරයි දැන්....

      Delete