Monday, December 12, 2016

දෙවන බස හා රාජ්‍ය සේවය


අපගේ දෙවන බස , දමිල බස බව මේ වනවිට ලොකු කුඩා හැමෝම දනිති. එහෙත් , කුමන බසක් හෝ තෝරා  ගැනීමේ අයිතිය අප සතු වේ. පළමු බස සිංහළ වීම ශ්‍රී ලාංකිකයින්ට උරුම වුවකි . එහෙත් දෙවන , නිත්‍යානුකුලව....  ශ්‍රී ලාංකිකයින්ට උරුම කර වුවකි. වරදක් නැත. එහෙත් නැත්තෙමත් නැති බව .... මට අනුව ... හැගී යන්නකි. ජාතිවාදී හැගීමක්එ නොව , එය  මගේ දෝෂයක්ද මන්දා . 

පාසල් අධ්‍යාපනය තුල , පළමු වසරේ සිට දමිළ බස, මේ වන විට විෂයක් ලෙස  උගන්වයි. එය සිංහළ මාධ්‍යයේ විෂය නිර්දේශයට  අනුකුල වුවකි. එයද කම් නැත. 

එහෙත් ගැටළුව .... උසස් පෙළ සමත්ව , විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් නිම කොට ඇති අයවලුන්ට, 2007 වර්ෂයෙන් පසු රාජ්‍ය සේවයට ඇතුලත් වීමේදී හෝ උසස් වීම් ලැබීමේදී , වසර පහක් ඇතුලත  සමත් වන්නට ඇති රාජ්‍ය භාෂා දමිළ විභාගයයි. 


දමිළ අකුරක් වත් නොදත් සිංහළුන්ට මෙය උගතෝකෝටික ගැටළුවකි. දමිළ  මුල සිට ඉගෙනීමට නැවතත් සිදුව ඇත.  මෙය වර්තමාන රාජ්‍ය සේවයට අනිවාර්ය වුවකි. 

දමිළ නොදත් සිංහළුන්ට අඩුම ගනනේ ඉංග්‍රීසි බසවත් කැමති අයට තෝරා ගැනීමේ අයිතිය දුන්නා නම් , බාසා දෙකක් දැන  ගැනීමේ දෝෂය දුරු වේ. එහෙත් ඇයි මේ දමිළ ... සියළු දෙනාටම අනිවාර්ය කර ඇත්තේ.

ටියුෂන් මාෆියාව ..... දමිළ විෂයද ගිලගෙන ඇති බව මේ අනුව බලන, ඔබට පෙනෙන්නට ඕනේ. ළමුන්ට පමණක් නොව ළමුන්ගේ අම්මා තාත්තාද දරුවන් එක්ක  දමිළ පන්ති වල උගනිමේ සංස්කෘතිය ලංකාව තුල මේ වන විට ආරම්භ කර ඇත. මෙවැනි ටියුෂන් පංතියක් ලගට ගොස් බැලුවහොත් , බඩ දරු අම්මලාද .... මේ රැල්ලේ පාවෙන, පීඩාකාරීම කොට්ඨාශය වී ඇති බව පෙනේ. මන්ද වසර පහක් ඇතුලත දමිළ අවශ්‍යතාවය සපුරාලුයේ නැතිනම් වැටුප් වර්ධකය අහිමි වන බැවිනි.

අවුරුද්දක් , මාස හයක් වැනි කාලයක ඉතාම ඉක්මනින් මේ විෂය හදාරන්නට පෙළඹෙන  හා උගන්වන දෙකොට්ඨාශයම යම් තරමක මායාවක දැවටී ඇතැයි මට සිතේ. මෙය පීඩාකාරී තත්වයක් බව බැලු බැල්මට පෙනේ. මෙතරම් කෙටි කලකින් පුළුවන්ද භාෂාවක් ඉගෙන ගන්න....?

රාජ්‍ය බාසා විභාගය හා සාමාන්‍ය පෙළ විභාගය මේ සදහා මාද්‍ය වෙමින් , විභාග අක්‍රමිකතා වලටද මග පෙන්වීමකටද  , මේ අනුව මග පෑදේ. මේ තුල නිවැරදි ප්‍රතිපත්තියක්වත්  නැති බව විමර්ශනයේදී දැක ගත හැකිය. 

මෙය වෙනත් හැගීමකින් ලියුවක් නොව , සිදුව ඇති පිඩාව හා බාහිර ගැටළු නිසා ලියුවක් බව කරුණාවෙන් සලකන්න. 

   

6 comments:

  1. සිංහල ඉංග්‍රීසි වගේම දෙමළ දැනගැනීමත් වැදගත් වේ. බහුල දෙමළ මුස්ලිම් වෙළඳ ප්‍රජාවක් තුළ අපි ගණුදෙණු කරද්දී ඔවුන්ගේ වෙළඳ රැවටීම් වලට හසු නොවීමට එතුළින් හැකි වීම එක වාසියකි.(අත්දැකීමෙනි)
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දෙමළ ඉගෙනීම අවශ්‍ය අය ඉගෙන ගත්තට කම් නැත. ඒක ප්‍රයෝජන වෙන්නේ අදාල , අපට අදාලම නැනේ. එකයි ගැටළුව

      Delete
  2. මොකද දරුවෝ? භාෂා විභාගය කරන්න ගිහින් එපා වුනාද? අපේ ලොකු දෝණියන්දෑ ඔය භාෂා පරීක්‍ෂණ පවත්වන අංශයේ තමයි වැඩ කරන්නේ. එයත් කියනවා සමහර අපේක්‍ෂකයන්ගේ දැනුම ගැන කණගාටුයි කියා.

    ReplyDelete
    Replies
    1. දැනුම ගැන කණගාටු වෙන්න ඕන. විචාරකතුමනි. මේක ක්ෂණික නුඩ්ල්ස් වගේ ඉගෙනීමක් . අවබෝධය අඩු ඒ නිසා.
      අනිවාර්ය විභාගයක් නිසා, ගොඩක් අය අපහසුතාවෙන් ඉන්නේ. ඉතින් විභාග වංචා වැඩියි.

      Delete
  3. දෙමළ ඉගන ගන්න ඕන කොහොමහරි

    ReplyDelete
    Replies
    1. ඉගෙන ගන්න ඕන තමයි , එකට කාලයක් වෙලාවක් තියෙන්න ඕන. හැමෝටම සාධාරණ වෙන්නත් ඕන . මේක කලබලේට කරන්න පුළුවන් දෙයක් නෙමේ අටම්.

      Delete