Friday, January 20, 2017

සංවිධාන චර්යාවේ න්‍යායාත්මක ප්‍රවේශය




Theoretical Approaches of Organizational Behaviour.

Theories Of organization
1.      සම්භාව්‍ය න්‍යාය - Classical Theories Of Organization
2.      නව සම්භාව්‍ය න්‍යාය - Neo Classical Theories Of Organization
3.      නුතන  සංවිධාන න්‍යාය - Modern Organizational Theories

Classical Theories Of Organizations
·         පැරණි සමාජ සම්ප්‍රධායන් , විශ්වාශ හා වැඩ කරන ක්‍රමය
·         20 වන සියවසට පෙර සංවර්ධන අංග එකතු වූ ආකාරය
·          වැඩ පරීක්ෂකවරුන්ගේ අධිකාරී බලය ප්‍රධාන වශයෙන් වැඩි දියුණු කලේ   සංවිධානයේ අරමුණු නීති හා ආර්ථික ක්‍රියාකාරකම් සදහා වීම.
සම්භාව්‍ය න්‍යායේ ප්‍රධාන ලක්ෂණ තුනක් විය.
        I.            නිලබල ක්‍රමය - Theory of Bureaucracy
      II.            විද්‍යාත්මක කළමනාකරණ න්‍යාය - Scientific Management Theory
    III.            කළමනාකරණ ක්‍රියාවලි න්‍යාය - Process Management Theory

Theory of Bureaucracy
·         මෙම න්‍යායේ නිර්මාතෘ  ජර්මන් ජාතිකය සමාජ විද්වතෙක්  වූ   මැක්ස් වෙබර් වේ.
·         සුවෙශේෂී සංවිධානයක දක්නට ලැබෙන උපරිම කාර්යක්ෂමතාවය ගැන මෙම න්‍යායෙන් කියවේ.
·         එහෙත් මෙවැනි පරමාදර්ශී සංවිධාන වල ලක්ෂණ සැබෑ ලෝකයේ දක්නට නැත.

Characteristics Of Bureaucratic Ideal Types
        I.            ශ්‍රම විභජනය  - Division of labour
      II.            නිල ධුරාවලියක් තිබීම - Hierarchical Structure
    III.            ස්ථාපිත නීති රීති මාලාව - ව්‍යවස්ථාවක් තිබීම - Cordified Norms 
    IV.            අපක්ෂපාති බව - impartiality
      V.            තාක්ෂණික නිපුණත්වය හා කාර්යක්ෂමතාව - Efficiency

 Principles Of Bureaucratic Model
·         තර්කනුකුලව සිතීම හහැඩ  ගැසීම, මානව චර්යාව සංවර්ධනය කිරීම
·         නිලබල සංවිධාන වල ඇති වුනු ඔවුන්ගේ අවශ්‍යතා ඉතාම සාර්ථක ලෙස හා කාර්යක්ෂම ලෙස සපුරාලීම.

Assessment  Of Bureaucratic
·         සේවකයාගේ සතුට හා අවශ්‍යතාවය පිළිබද සොයා නොබැලීම.
·         සේවකයන්ට ලබන ප්‍රතිලාභ මෙමගින් විද්‍යමාන  නොවීම.
·         හමුදා හා රාජ්‍ය ආයතන වලට යෝග්‍ය උවත් සුභසාධක සංවිධාන වලට මෙය නොගැලපේ.

Scientific Management Theory
v  මෙම න්‍යාය ආයතන තුල පුළුල් ලෙස කතා කරන න්‍යායකි. මෙහි නිර්මාතෘ F.W. Tailor වේ.
v  මෙම න්‍යාය මගින් සේවකයාගේ වැඩ කිරීම විද්‍යාත්මක පදනමක් මත සිදු කිරීම සිදු වේ.
v  සේවකයින් වැඩ කරන්නේ කුමන අරමුණක් සදහාද යන්නත් පැහැදිලි වේ.
v  උපරිම කාර්යක්ෂමතාවයකින් සේවකයා වැඩ කරන්නේදැයි මෙම න්‍යාය මගින්  සෙවිය හැක. 

Hypothesis Scientific Management
v  සේවකයා වැඩ කරන්නේ ඔහුට ලැබෙන වැටුප් හා දීමනා නිසා බව මෙම න්‍යායෙන් පෙනේ.
v  සේවකයකුට වැඩ කිරීමේ ක්‍රමවේදය පෙන්වා දී  , ඒ සදහා මුල්‍යමය ප්‍රතිලාභ ලබා දීමෙන් පසු ඔහු පෙරට වඩා වැඩ කරන බව මෙමගින් හෙළි වේ.
v  එම නිසා කිසියම් සේවකයකු ලබන වැටුප , ඔහුගේ වැඩ අනුව තීරණය වන බව පෙනේ.
v  සේවකයාගේ හැගීම හා චර්යාව මෙමගින් හදුනා ගත හැක.  

Essential Features Of Scientific Management
v  කිසියම් ආයතනයක සේවකයන් බදවා ගැනීමේදී වඩා සුදුසු අය බදවා ගැනීම.
v  දිරි දීමනා ලබාදීම,සේවකයින් තාම වැඩ අසම්පුර්ණ කරනවා නම් ,වැටුපෙන් සියට පනහක දිරි දීමනාවක් ලබාදීම.
v  වැඩ පිළිබද සුවිශේෂිභාවය නිසා  වෘත්තිමය වැඩ පරික්ෂකත්වය ලබාදීම.

වදස්ලසුම් පිළිබද දක්ෂ අය ඒ සදහා යෙදවීම හා වැඩ වර්ගීකරණය .
v  විවිධ වැඩ වල නිරත වනය සම්බන්ධීකරණය කිරීම.
v  වැඩ සදහා ලැබෙන ආර්ථික ප්‍රතිලාභ නිසා මිනිසා ආර්ථික සත්වයකු බවට පත් කිරීම.
v  සංවිධානයේ වැඩ පිළිවෙල ක්‍රමවත් ආකාරයට සිදු කිරීම නිසා හා සේවකයන්ට අවශ්‍ය සේවා පහසුකම් සැලසීමෙන් සේවාව ක්‍රමවත් වේ.
v  මෙම කළමනාකරණ න්‍යාය නිසා කාලය හා වැඩ අතර සම්බන්ධත්වය ගොඩ නැගේ.
v  සේවකයා සදහා ගෙවන වැටුප මෙම න්‍යායෙන් අවදාරණය වේ.
v  විවිධ වැටුප් තිබීමෙන් සේවකයින් පසු බසින නිසා ස්ථාවර වැටුප් ක්‍රමයක් ඇතිකරන ලදී.
v  H . Emerson පවසා සිටියේ සේවකයා  පුහුණු කිරීම තුලින් ආයතනයට හා කළමණාකරනයට පහසුවක් හා සේවකයාට හැකියාවන් දියුණු කර ගැනීමට අවස්ථාවක් ලැබෙන බවයි.

Limitations Scientific  Management
සේවකයා යනු කවරෙක්ද ? ඔහු වැඩ කරන්නේ කොයි විදියටද යන්න අවබෝධ කර ගැනීමට ඇති ප්‍රාථමික උත්සහයක් ලෙස මෙම න්‍යාය හැදින්විය හැක.
v  සේවකයා යන්ත්‍රයක් නොව ආශාවන් සහිත පුද්ගලයෙක් ලෙස දැක්මක් මෙම න්‍යායෙන් ප්‍රකාශ වේ.
Process Management (ක්‍රියාවලි කළමණාකරන න්‍යාය )
v  සංවිධානයක වැදගත් පරිපාලන කාර්යභාරයක් මෙමගින් ඉටුවේ.
v  Tailor විසින් කියනු ලැබූ සංවිධානයේ සේවකයා තනි පුද්ගලයකු ලෙස විග්‍රහ කලත් Henry Fayol පවසන්නේ සමස්ත සංවිධානය ක්‍රියාවලියම අධ්‍යනය කල යුතු බව පෙන්වා දුනි.
v  Tailor පැහැදිලි කලේ සංවිධානයෙහි සේවකයා කෙසේ ක්‍රියාත්මක වන්නේද යන්න පැවසුවත් ඔහු සංවිධානයේ සමස්ත ක්‍රියාවලිය සිදු වන්නේ කෙසේදැයි සෙවිය යුතු බවයි.

Universal Principles of Management
v  වැඩ බෙදා ගැනීමක් තිබීම අවශ්‍ය වේ.
v  සමස්ත නිෂ්පාදන  ක්‍රියාවලිය උප කොටස් වලට බෙදා තිබීම.
v  ආධිපත්‍ය - සංවිධාන කළමනාකරණය විසින් සේවකයන්ට නියෝග නිකුත් කිරීම අවශ්‍ය බව
v  සික්ෂණයක් අවශ්‍ය බව - සංවිධානයේ පනවා ඇති නීති රීති වගකීම් වලට අනුව කටයුතු කිරීමට සිදුවීම.
v  මධ්‍යගතකරණය - වැඩ පිළිබද සම්බන්ධීකරණය
v  සංවිධාන රටාව - සංවිධානය සම්බන්ධ වැඩ පිළිවෙල රටාවක් ලෙස සැලසුම් කර තිබීම.
v  නියමිත ප්‍රතිලාභ බෙදීමේ රටාවක් තිබීම හා සුරා කෑමක් එමගින් නොසිදුවීම.
v  පුද්ගලයා සදහා සමානත්වයෙන් සැලකීම.
v  දිරිමත් කිරීම් තිබිය යුතුය
v  කණ්ඩායම් වැඩ යන හැගීම , සාමුහික හැගීම වර්ධනය කල යුතුය.

 Henry Fayol විසින් ඉහත කාරනා අනුව සේවකයාගේ ක්‍රියා කලාපය සංවිධානයක, සාර බෞමික මුලධර්ම 05 ක් ලෙස දක්වා ඇත.
1.      වැඩ සැලසුම්කරණය - Planning
2.      වැඩ සංවිධානය - Organizing
3.      නිසි පරිදි නියෝග ලබාදීම - Commanding
4.      සම්බන්ධීකරණයක් තිබීම - Coordinating
5.      පාලනයක් තිබීම - Controlling

Neo Classical Theories
v  ආයතනයක තිබෙන විනය හා ආර්ථික සුභ සිද්ධිය පිළිබද අවදානය යොමු කරන ලදී.
v  මානව සම්බන්ධතා හා චර්යාමය කරුණු පිළිබද මෙම න්‍යායෙන් අවදාරණය කරන ලදී.
1.      මානව සම්බන්ධතා ප්‍රවේශය - Human Relations Approach
2.      චර්යාත්මක විද්‍යා ප්‍රවේශය - Behavioural Science

Human Relations Approach
v  මෙම න්‍යාය වර්ධනය කලේ Elton Mayo හා ඔහුගේ අනුගාමිකයින් විසින් ඇමරිකා බටහිර විදුලි සමාගම සමග කරන ලද “ ඕසෝන්” අධ්‍යනය මගිනි.
v  සේවකයින් ප්‍රයෝගිකව අධ්‍යනය කිරීම මගින්
1.      විදුලි ආලෝකය වැඩ කිරීමට බලපාන ආකාරය
2.      දුරකථන වලට වයර් සවි කිරීම පිළිබදව
3.      සේවකයින් සම්මුඛ සාකච්චා වලට භාජනය කිරීම මගින්
4.      සේවකයින් බැංකුවක වයර් සවි කිරීම සම්බන්ධව
විදුලි ආලෝකය වැඩ කිරීමට බලපාන ආකාරය
·         දුරකථන සදහා වයර් සවි කරන අවස්ථාවේ සේවකයින්ට සපයන විදුලි ආලෝකය අඩු කිරීමෙන් නිෂ්පාදනය අඩු විය.
·         විදුලිය වැඩි කිරීමෙන් නිෂ්පාදන හැකියාවේ වැඩි වීමක්ද නොවිය.
මෙමගින් ආලෝකය හා වැඩ කිරීම අතර සම්බන්ධතාවයක් නැති බව තහවුරු විය.
දුරකථන වලට වයර් සවි කිරීමේ පරීක්ෂණය
·         නිෂ්පාදනය වැඩි වන තරමට වැඩි ගෙවීමක් කිරිම්ව්න් පරික්ෂා කරන ලදී.
·         මෙම පරීක්ෂණයෙන් එසේ වැඩි වීමක් පෙන්නුම් නොකරන ලදී.
·         සේවකයින් අතර විධිමත් සංවිධානය තුල අවිධිමත් සංවිධාන ගොඩ නැගෙන බව තහවුරු විය.

 Interviewing Science Approach (සම්මුඛ සාකච්චා ක්‍රමය )
·         බෞතික සම්බන්ධතා වලට වඩා මානව සම්පත් වැදගත් බව ( බැංකුවක වයර් සවි කිරීමේ පරීක්ෂණය )
·         මානසික සම්බන්ධතා හා සමාජ සම්බන්ධතා වැදගත් බව
·         අවිධිමත් සංවිධාන ගොඩනැගීම
Behavioural Science Approach
·         ආයතනික සේවකයාගේ ක්‍රියාකාරිත්වයට වඩා මානව සම්බන්ධතා වැඩි ප්‍රමුඛතාවයක් දක්වන බව පෙනේ.
·         වැඩ කිරීම පිළිබද පුද්ගලයාගේ වැදගත්කම

Needs Hierarchy Abraham Maslow
සමාජයේ සිටින සැම පුග්ලයෙක්ම තමන්ගේ උවමනාවන් සපුරා ගන්නට පෙළඹේ.
1.      දේහ විද්‍යාත්මක අවශ්‍යතා - Physiological Needs
2.      ආරක්ෂක අවශ්‍යතා - Safety Needs
3.      සමාජීය අවශ්‍යතා - Social Needs
4.      ස්වයන් ගරුත්වය අවශ්‍ය බව - Self Esteem Needs
5.      ස්වයං සාධනය වීම. – Self actualization Needs
පහල මට්ටමේ අවශ්‍යතා - දේහ විද්‍යාත්මක අවශ්‍යතා
                                       ආරක්ෂක අවශ්‍යතා
ඉහල මට්ටමේ අවශ්‍යතා - ස්වයං ගරුත්වය
                                       ස්වයං සාධනය වීම
Contribution Of Neo – Classical Theories
සේවකයා හුදෙක්ම ආර්ථික මිනිසෙකු පමණක් නොව ඔහු සමාජීය මිනිසකුද වේ.
ආයතනයක පුද්ගලයන්ගේ හැසිරීම.
v  සේවකයකුගේ හැසිරීම සදහා මිනිසාගේ හැගීම , සංජායනය , ඉගෙනීම , පෞරුෂත්වය , රැකියාව කෙරෙහි ඇති ආකල්ප , සමාජ සැකැස්ම ,තාක්ෂනය හා කළමනාකරණ දක්ෂතා වැදගත් වේ.
v  කණ්ඩායම් හැසිරීම - සංස්කෘතික හා සමාජීය පරිසරය සේවකයාගේ වැඩ කිරීම සදහා හොදින්ම බලපාන කරුණකි. අවිධිමත් සංවිධාන මගින් විධිමත් සංවිධාන සදහා විශාල බලපෑමක් ඇති කල හැක.

වැඩ හා කාර්යන් - සම්භාව්‍ය හා නව සම්භාව්‍ය යන න්‍යායන් දෙකේම වැඩ පිළිබද අන්තර්ගතයන් නිර්මාණය කලත් නව සම්භාව්‍ය න්‍යාය තුල වැඩ කරන ක්‍රමය වැඩි බලපෑමක් සිදු කරන බව මෙයින් පෙනේ.

Modern Theories Of Organizational  Behaviour
1.      ප්‍රමාණාත්මක න්‍යාය - Quantitative Theory
2.      පද්ධති න්‍යාය - System Theory
3.      අවස්ථානුගත න්‍යාය - Contingency / Situational Theory

Quantity Theory
·         ප්‍රයෝගික පරීක්ෂණ අනුසාරයෙන් ලබා ගන්නා ප්‍රමාණාත්මක තොරතුරු මත සේවකයාගේ වැඩ කරන ප්‍රමාණය තීරණය කිරීම
·         පරිඝනක ගත කිරීමෙන් කළමනාකරණ ගැටළු හදුනාගත හැක.
·         ගණිත ක්‍රම , සංඛ්‍යා ලේඛන ,ආර්ථිකමය දත්ත , සේවකයාගේ චර්යාව විද්‍යාත්මකව සොයා බැලීම.
උදා : කළමනාකරණය පිළිබද විවිධ ගැටළු විසදීමට මෙම ක්‍රමය භාවිතා කල හැක.

System Theory
සංවිධානයක වැඩ සාර්ථක ලෙස කිරීමට අවශ්‍ය මුලධර්ම
1.      පසුබිම සැකසීම - Arrangement
2.      අරමුණ - Objectives
3.      සැලැස්ම - Plan
Arrangement - සංවිධානයක අරමුණු ඉටුකර ගැනීම සකස් කර ගනු ලබන සැලැස්ම.
Objectives - සංවිධානයක තිබෙන මානව සම්පත් , ප්‍රාග්ධනය ඉතා කාර්යක්ෂම ලෙස අරමුනුගතව සැලසුම් කිරීම.
Plan - සංවිධානය නමැති පද්ධතිය , ක්‍රියාකාරිත්වය , විකුණුම් මුදල් යන විවිධ උප පද්ධතීන් එකට ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ආකාරය ප්‍රධාන කොටස් දෙකකි.
1.      ආවෘත පද්ධතිය - Close  System 
2.      විවෘත පද්ධතිය - Open System
පසු විපරමක්ද මේ තුල  ඇත.

 Use Of System Theory In An Organization
v  සංවිධානය ගතානුගතික පද්ධතියකි. පරිසරය සමග සංවිධානය ක්‍රියාත්මක වන බවත් හුවමාරුවක් සිදු වන බවත් හදුනා ගත හැක.
v  සමාජ පසුබිමේ සිදුවන වෙනස්කම් , අභියෝග සංවිධානයේ ක්‍රියාකාරිත්වය තුලට බලපා ඇත.
v  පද්ධතීන් පහත ආකාරයට කළමනාකරණය කල හැක.
1.      තාක්ෂණික පද්ධතිය - Technical Subsystem
2.      සමාජීය පද්ධතිය - Social Subsystem
3.      මනෝ විද්‍යාත්මක පද්ධතිය - Psychological Subsystem
4.      ව්‍යුහාත්මක උප පද්ධතිය - Structural  Subsystem

Technical Subsystem
v  සංවිධානයේ තිබෙන වැඩ වල ස්වරුපය , ඒ පිළිබද විස්තර ,  වැඩ වර්ගීකරණය කර ඇති ආකාරය
v  සංවිධානයේ වැඩ සාර්ථකව ඉටු කර ගැනීමට අවශ්‍ය තාක්ෂණික , විද්‍යාත්මක  ක්‍රමවේද සේවකයින් කළමනාකරණය කර ගැනීම මේ සමග අයත් වේ.

Social Subsystem Theory
v  සංවිධානයක  ඇති සමාජ පසුබිම සාර්ථක කර ගැනීමේ වැදගත්කම
v  සේවකයාගේ සමාජ පසුබිම මේ සදහා බලපායි.
v  මෙම නිසා සංවිධානය තුල ඇති අවිධිමත් සංවිධාන මෙම කාර්ය වැඩි දියුණු කිරීමට බලපෑම් කලහැක.

Psychological Subsystem Theory
v  සේවකයාගේ අවශ්‍යතා සම්පුර්ණ කිරීමට හැකි නම් එම සංවිධානය සාර්ථක  වේ.
v  සේවකයාගේ මනෝ විද්‍යාත්මක අවශ්‍යතා සම්පුර්ණ වීමෙන්  අනුව සතුටු වේ.

Structural Subsystem Theory
v  සේවකයාට වැඩ කිරීම සදහා සංවිධානය තුල ඇති පසුතලය
v  සංවිධානයක නිලතල ධුරාවලිය හා පරිපාලන පද්ධතිය වැදගත් වේ.
v  සංවිධානයේ ඇති විධිමත් හා අවිධිමත් තත්වයන් වැදගත් වේ.

Situational / Contingency Subsystem Theory
v  ඉහත කතා කරණ ලද්දේ  පද්ධති න්‍යායේ වර්ධනීය අවස්ථාවකි.
v  මෙම න්‍යායෙන් පෙන්වන්නේ කිසියම් සංවිධානයක් සමාජයේ වෙනස්වන උවමනාකම් වලට අනුරූපව සැසදිය යුතුද යන කාරණය
v  කිසියම් සාර්ථක සංවිධානයක කළමනාකරණ ක්‍රමය සුදුසු බව පැවසීම.

 සංවිධානයක සිටින කලමනාකරුට සමාජයේ නිසි පරිදි හදුනාගත් අවශ්‍යතා වලට අනුරූපව සුදුසු කළමනාකරණ රටාවක් යොදා ගැනීමට හැකි විය යුතුය.
v  පෙර තිබු න්‍යායන් වල ඇති අඩුපාඩු මග හරවන සුදුසු ක්‍රම මේ සදහා භාවිතා කල හැක.
v  සංවිධානයක ඇති වැඩ ක්‍රමානුකුලව සංවිධානය කිරීම.
v  සේවකයින් අභිප්‍රේරණය කිරීම මගින් ආයතනයක සාර්ථකත්වය ලගා කර ගත හැක.
v  වර්තමාන පරිසරය තුල සංවිධාන වෙනස්වන ගතික කටයුත්තක් නිසා මෙම ක්‍රමය සුදුසු වේ.




          




2 comments: