Monday, March 27, 2017

මම මාව හෙව්වා ...


මං මාව හෙව්වා ... කළු පාට හෙවනැලි අතරින් 
මං මාව හෙව්වා ......
වැහි අඳුර ... හිතලෙන්   මාව වෙලන කොට 
මං මාව හෙව්වා .....
යථාර්තයට ඔබ්බෙන්
 නැංගුරම්ළු  ....  ආත්මයට 
පණ කෙන්ද තිබුනිදැයි .....
මං මගෙන් ඇහැව්වා .....
මටම මාව .... හදුනන්න බැරි වෙනකොට 
ඇස් ඇරලා ..... බලහං එපිටට ... යයි ....
කවුදෝ ..... මුමුණනවා   ... මට ඇහුනා ....
කණමැදිරි එලි .... මදි 
මට .... ආපහු යන්න 
පාර නොපෙනෙන තරම් අදුරුයි ....
මට මාව මග හැරෙයි....වාරු නැති තරම් ... 
තවත් බෑ ....  මට ..... මාව හොයන්න .....
අතරමංවූ  කතරක ..... මුමුණන්න  මුණිවතට
මට නැති වෙච්ච ..... මාව







 

4 comments:

  1. මාත් හොයනවා තාම මේ මාව

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ හම්බ උනේ නා තාම .... මම

      Delete
  2. මේ අපිත් හෙව්වා ඔයාව. කොහෙද ගිහින් හිටියෙ මෙච්චර කල්?

    ReplyDelete
    Replies
    1. කොහේවත්නෑ අනේ ... මෙහෙමයි හිටියේ ... ඉයන්

      Delete