Tuesday, May 30, 2017

පර්යේෂණයක න්‍යායික ප්‍රවේශය


ස්වභාවික විද්‍යාවන් මෙන්ම සමාජීය විද්‍යාවන් සදහාද ඥාන සම්පාදනය සාමාන්‍යයෙන් සිදු වෙන්නේ න්‍යායික පැරඩයිම තුලය. 
" න්‍යායික පැරඩයිම  වලින් කරන්නේ විද්‍යාඥයින්ට පර්යේෂණ ගැටළු , විධික්‍රම විග්‍රහාත්මක මෙවලම් න්‍යාය මෙන්ම සංවාද භාෂාවකුත් සැපයීමයි. " 

Thomas Kun  -  The Structure Of Scientific Revolutions -
                   ග්‍රන්ථයට අනුව වේ. 

විද්‍යාඥයින් ලෝකය දකින්නේ සහ ලෝකය අර්ථය හදුනා ගන්නේ න්‍යායික කාච තුලිනි. පර්යේෂණයට අදාල පටු අර්ථයකින් බලන විට  
  1.   පර්යේෂකය ගැටළුවක් සොයා ගැනීම
  2. ගැටළුව විභාග කරන විග්‍රහාත්මක රාමුව තීරණය කිරීම 
  3. ගැටළුව විභාග කිරීම 
 යන කාරනා විසදා ගන්නේපර්යේෂණයට අදාල යයි සැලකෙන න්‍යායක් මුල් කර ගෙනය. ශාස්ත්‍රීය තර්කනය බොහෝ විට සිදු වන්නේ න්‍යායික ප්‍රභේදයන් ආශ්‍රයෙනි. 
එමනිසා පර්යේෂණයක් යනු හුදෙක් , අර්ථකතන ඉලක්ක කරගත් ව්‍යායාමයක් වේ. 

සමාජීය විද්‍යා පර්යේෂණ වලට අදාල න්‍යායික ප්‍රවේශ තුන් ආකාරයකට ඇත. 
  1. විද්‍යාත්මක අධ්‍යන ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරන පුළුල් න්‍යායික පර්යාලෝකයන් හෝ ගුරුකුලයන්ය. ( මාක්ස්වාදය , ව්‍යුහවාදය ,පශ්චාත් ව්‍යුහවාදය , ස්ත්‍රීවාදය ආදී )
  2. විෂයට නිශ්චිත න්‍යායයි . ( වෙබෙරියානු න්‍යායික දැක්ම  , පර්සොනියානු න්‍යායික දැක්ම ව්‍යුහවාදය , පශ්චාත් නුතනවාදය , විවිධ ස්ත්‍රීවාදී හා මාක්ස්වාදී න්‍යායික ප්‍රවේශ )
  3. පර්යේෂණ ගැටළුවටම නැතහොත් නිශ්චිත න්‍යායික ප්‍රවෙශයන්ය. ( පර්යේෂණයට අදාල  න්‍යායික සාහිත්‍යයන් භාවිතය  
 පර්යේෂණ ක්‍රියාවේදී නිරවුල් කරගත් න්‍යායික ප්‍රවේශයක අවශ්‍යතාව , ප්‍රයෝජනවත්භාවය සදහා අවස්ථා  දෙකක් ඇත. 
  1. පර්යේෂණ ප්‍රශ්න හා පර්යේෂණ ගැටළුව සකස් කරන විට 
  2. නිබන්ධනය ලියන විට 
 නිබන්ධනයක් සකස් කරන විට න්‍යායික රාමුවක් තිබිය යුතුය. අප ඉදිරිපත් කරන සමහර සාමාන්‍ය කරුණු වල පවා න්‍යායික අනුරුපයක් ඇත. අනුභාවික දත්ත විග්‍රහ කිරීමේදී න්‍යායික රාමුව නිබන්ධනය මුලදීම ඉදිරිපත් කල යුතුය.  

න්‍යායික රාමුව ගැන අධ්‍යන කිරීමේදී ශිෂ්‍යන් , අදාල න්‍යායික සාහිත්‍ය  ගැන හා න්‍යායික වැඩ විවාද හැදෑරීමෙන් න්‍යායික රාමුව යනු කුමක්ද ? කෙසේ භාවිතා කල යුතුද යන්න අවබෝධ වේ. 

න්‍යායක් පර්යේෂණයට අවශ්‍ය ඇයිදැයි ? ප්‍රශ්න කළහොත් න්‍යාය යනු අප ලෝකය දකින ජනේලය යයි කීම නිවැරදි වේ. ලෝකය යනු පිළිවෙලක් නැති සංකීර්ණ ප්‍රස්තුථයකි. එම නිසා ලෝකය දැකීමට සුදුසු  රාමුවක් දමා ගැනීමෙන් ලෝකය දැකීම පහසු වේ. එක් එක් කවුළුවකින් ලෝකය දකින්නේ වෙනස් විදියටය. විද්‍යාවෙද එවැනි කවුළු බොහෝමයක්  ඇත. න්‍යායන් බොහෝ ගණනක් ඇත්තේ ඒ නිසාය. 
ලෝකය දකින්න අප ලගට එන්නයි න්‍යායික ජනෙල ලග සිටින ශාස්ත්‍රඥයෝ  කතා කරති. අප න්‍යායික තේරීමක්  සිදු කරන්නේ එවිටය. මේ අනුව න්‍යාය යනු ලෝක දෘෂ්ඨිය වේ .  

පර්යේෂණයේදී න්‍යාය අවශ්‍ය වන්නේන්‍යායේ ඇති සත්භාවවේදී ( ontological ) පදනම නිසාය . ලෝකය දැකීම යනු දර්ශනවාදයේ එක් සංකල්පයකි. 

න්‍යායික රාමුවක් ඇතිකර ගත්  විටදී 
  1. පර්යේෂණ ගැටළුව  
  2. පර්යේෂණ ප්‍රශ්න 
  3. උපන්‍යාස 
  4. පර්යේෂණ විධික්‍රම තීරණය කිරීම
 න්‍යායික මග පෙන්වීමකින් ගුණාත්මක මට්ටමේ ඉහල තලයක පර්යේෂණයක් සිදු කල හැක .  පර්යේෂණයේ න්‍යායික නිගමන තිබෙන විට ඒවා හුදෙක් අනුභාවික නිගමන වලට වඩා ප්‍රබලය. 

පර්යේෂණ යෝජනාවලියේදී න්‍යායික ප්‍රවේශය හා රාමුව පැහැදිලි කර ගැනීම කල යුත්තේ ආරම්භක පියවරක් ලෙසිනි. පර්යේෂණ යෝජනාවලිය මුලින් පර්යේෂකයකු සකස් කරන්නේ පොතපත ආශ්‍රිත දැනුමෙනි. දෙවනුව ක්ෂේත්‍රයට ගොස් පර්යේෂණ කර ලැබෙන දැනුම අළුත් වේ. න්‍යාය සහ පර්යේෂණය වනාහි එකිනෙකින් පෝෂණය වන සංකල්ප දෙකකි. 

 ( ජයදේව උයන්ගොඩ මහතාගේ සමාජීය විද්‍යා පර්යේෂණ යෝජනාවලියක් ලිවිම . න්‍යායික හා ප්‍රයෝගික මග පෙන්වීමක් , යන ග්‍රන්ථය ආශ්‍රයෙනි. )

1 comment: