Showing posts with label දේශපාලන. Show all posts
Showing posts with label දේශපාලන. Show all posts

Friday, July 26, 2019

රෑකියා විරහිත බාහිර උපාධිධාරින්ගේ ඉරණම හෙට කොතනටද ...?





මෙය,  මේ දිනවල දැඩි කථා බහට ලක් වු මාතෘකාවකි.උපාධිධාරි පත්වීම් ලබා දීමෙදී බාහිර උපාධිධාරින් හට කුමක් සිදුවේද ?
ඔබගේ අදහස් දක්වන්න .....

Monday, October 23, 2017

ගැටුම්වාදී න්‍යාය වර්ධනයෙහි “ කාල් මාක්ස් “ ගේ න්‍යායික දායකත්වය




ගැටුම්වාදී න්‍යාය මුලින් හදුනාගෙන ඇත්තේ එවකට පැවති බටහිර සංකල්ප මුල් කරගෙනය . යුරෝපයේ ඇති වුන විද්‍යා පුනරුධය හා සමාජ විප්ලවයන්හි ප්‍රතිපලයක් ලෙස හේගල්වාදී වූ මාක්ස්ගේ මැදිහත්වීම නව සමාජ සංස්කෘතියක් කරා වර්ධනය වීමට මාක්ස්වාදය  බලපාන ලදී. හේගල්ගේ අපෝහකවාදය තව දුරටත් අධ්‍යනය කිරීමට සහ එම දර්ශනය පුළුල් ලෙස සංවර්ධනය කරමින් , හේගල් මුලධර්ම හා අනුගත වූ ජර්මන් ජාතික , මාක්ස් හේගල්ගේ සමහර තර්ක ප්‍රතික්ෂේප කරමින් , පිළිගත හැකි සිද්ධාන්ත නැවත තහවුරු කර ගනිමින් තම න්‍යාය වර්ධනය කරන්නට විය එමගින් ගැටුම්වාදී න්‍යාය බිහි විය. මාක්ස් හෙගල්වාදියකු වීමට තීරණය කලේ , එම දර්ශනය සමාජ යථාර්ථ වෙනස් කිරීමට යම් දායකත්වයක් සපයන බැව් දුටු නිසාය .
කාල් මාක්ස් (1818-1883) යනු ජර්මානු ජාතික දාර්ශනිකයෙකු, සමාජ විද්‍යාඥයෙකු, ආර්ථික විද්‍යාඥයෙකු සහ සමාජ විප්ලවවාදියෙකු විය. සමාජ සම්බන්ධතා හා කොමියුනිස්ට්වාදී අදහස් කැටි වූ , ප්‍රකාශන  (1930) දී ආර්ථික හා දාර්ශනික අත් පිටපත් යන මාතෘකාව යටතේ මුද්‍රණය කරන ලදී. කම්කරුවා හා ධනය අතර ඇති සබඳතාවය පිළිබඳ නූතන දර්ශනය, ආර්ථික විද්‍යාව පිළිබඳ ඔහුගේ දර්ශනය මත මූලිකව පදනම් වී ඇත. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඔහු විසින් රචිත පොත් සහ ලිපි විශාල ප්‍රමාණයක් ඇත. ඒ අතරින් "කොමියුනිස්ට් ප්‍රකාශනය"(1848) සහ "දාස් කැපිටාල්" (1867–1894) ප්‍රධාන තැනක් ගනී. ඉන්ද දාස් කැපිටාල් කෘතිය මුල් තැනක් ගත් කෘතීන් වේ.
ධනවත් මධ්‍යම පාංතික පවුලකට දාව උපන් මාක්ස්, බොන් (Bonn) සහ බර්ලින් (Berlin) විශ්වවිද්‍යාල වලින් උසස් අධ්‍යාපනය ලැබීය. තම උසස් අධ්‍යාපනයෙන් පසුව ඔහු "Rheinische Zeitung" නම් විප්ලවවාදී ප්‍රාදේශීය පුවත්පතක මාධ්‍යවේදියෙකු ලෙස සේවය කල අතර, භෞතිකවාදී ඉතිහාස පිලිබඳ සිය සිද්ධාන්තය රචනා කිරීම එම කාලයේදී සිදු කලේය. 1843 දී ප්‍රංශයේ පැරීසියට සංක්‍රමනය වූ මාක්ස්, එහිදී තවත් විප්ලවවාදී පුවත්පතක සේවය කරමින් සිටින අතරතුරදී ඔහුට ෆෙඩ්‍රික් එංගල්ස් (Friedrich Engels) නම් දාර්ශනිකයා හදුනාගනීමට ඉඩ සැලසුනී . මෙම හඳුනාගැනීමෙන් පසුව එංගල්ස් ඔහුගේ දීර්ඝකාලීන මිතුරා සහ සගයා බවට පත්විය. මෙම හමුවද මාක්ස්ගේ ගැටුම් න්‍යාය වර්ධනය වීමට හේතු  වුවකි.
1849 දී විප්ලවවාදී ක්‍රියා කලාපය නිසා ප්‍රංශයෙන් නෙරපන ලද මාක්ස්, සිය බිරිඳ සහ දරුවන්ද සමඟ ලන්ඩනයේ පදිංචියට ගිය අතර, එහිදීද සිය ලේඛන කටයුතු දිගටම සිදුකරමින්, සමාජ සහ ආර්ථික ක්‍රියාකාරකම් පිලිබඳව නව සිද්ධාන්ත ඉදිරිපත් කලේය.
මාක්ස් ආර්ථික නියතිවාදියෙකි, ඔහු කතා කලේ  ආර්ථික කරුණු මුල් කරගෙනය. නිර්ධන පන්තිය හා ධනපති පන්තිය අතර පවතින ගැටුමට හෙතුව අවදාරණය කරමින් ධනපති පන්තිය නිර්ධන පන්තිය සුරා කෑම සිදු වන ආකාරය විග්‍රහ කළේය. එම අදහස් දැක්වීම් මත ගැටුම් න්‍යාය ඉදිරියට වර්ධනය වන්නට විය. එවකට යුරෝපයේ පැවති ආර්ථික පුනුරුධය තුල වූ මේ සුරාකෑම , ධනේශ්වරය තුල වූ ප්‍රධානම ලක්ෂණය බවට තහවුරු කළේය. සුළුතර වූ දේපල හිමි පන්තිය විසින්  බහුතරය වූ නිර්ධන පන්තිය තම උපකරණය කර ගනිමින්  සමාජය තුල නව ප්‍රමිතීන් ගොඩ නගමින් සිටි ධනේශ්වර ක්‍රමයට අතුල් පහරක් එල්ල කල මාක්ස් සමාජය සංශෝධනය කිරීමට සිය මානසික ශක්තිය යොදවන්නට විය. මේ අරගලය මාක්ස්වාදය වේ.
මාක්ස් විසින් රචිත , හේගල්ගේ අයිතිවාසිකම් පිළිබද දර්ශනය කෘතිය පළවුයේ 1927 වර්ෂයේදීය. මාක්ස් මිය ගියාටත් පසුවය. තවද , සමකාලින ලේකඛයන් විසින් රචා කරන ලද යුරෝපයේ ඇති වූ සමාජ ආර්ථික වෙනස්කම් මාක්ස්ගේ දර්ශනය අභාෂය ලැබූ ලේඛන විය. මාක්ස්ගේ ග්‍රන්ථ මුද්‍රණය වීමට ප්‍රථම , මාක්ස් පිළිබද ලියවුනු පොත්පත් වල සදහන් වුයේ මාක්ස්ගේ දේශපාලන අදහස් හා ආර්ථික විශ්ලේෂණයන් පිළිබද ආදහස් පමණි. මාක්ස්ගේ අදහස් හා න්‍යායන් පිලිබදව ඇති වූ නවෝදය දෙවන ලෝක සංග්‍රාමයේ අවසානය වන විට ඉතා ඉහල විය.
මාක්ස් කම්කරු පන්තියේ අරගලය ආරම්භ කලද , නිර්ධන පන්තිය තුල මාක්ස්වාදය එක්වරම තහවුරු කිරීමට නොහැකි විය . මාක්ස්වාදයේ පැවැත්ම ආරම්භ වුයේ  1840 වර්ෂයෙන් ඉදිරියටය. එවකට පැවති සමාජ න්‍යායන්ට එරෙහිව අරගල කිරීමට මුලින්ම මාක්ස්ට සිදු විය . මුලින්ම මාක්ස් දාර්ශනික විනවාදය පිළිගත් රැඩිකල් හේගල්වාදින් සමග අරගල කරමින් ඔවුන්ගේ අදහස් මර්ධනය කරන්නට විය . තවද , එම කාලයේදීම ආර්ථික ක්ෂේත්‍රයේ ප්රුදොන්වාදයට එරෙහිවද අරගල කරන්නට විය 1848 ගණන් වලදී, පැවති පක්ෂ හා මතවාදයන්ට එරෙහිව විවේචන එල්ල කරමින් මාක්ස් තම මතය තහවුරු කරමින් ඔවුන් පරාජය කරන්නට විය. 1860 දී පමණ දී මාක්ස්ගේ අරගලය පොදු න්‍යාය ක්ෂේත්‍රයෙන් සෘජුවම කම්කරු ව්‍යාපාරයට සමීප වෙමින් එය ජාත්‍යන්තර මට්ටමින් බකුනින්වාදය නෙරපීමේ අරගලය බවට පත් කරවිය.
මේ වනවිට මාක්ස්වාදය අන්‍ය දෘෂ්ඨින් සියල්ලම පරදවා කම්කරු ව්‍යාපාර තුල නිසැක ජයග්‍රහණයන් ලබා තිබුණි. පෘදෝන්වාදී සම්ප්‍රදායන් පැවති ලතින් රටවල කම්කරු පක්ෂ පවා ඒවායේ ව්‍යවස්ථාවන් හා උපක්‍රම මාක්ස්වාදී  අර්ථයෙන්, සිය පදනම් සකස් කර ගත්හ . කම්කරු සංවිධානයේ ජාත්‍යන්තර සංවිධානය තම වැදගත් තීරණ වලදී මාක්ස්වාදී ස්ථාවරය මත ක්‍රියාත්මක කරන්නට විය. එහෙත් මාක්ස්වාදයට සතුරු වූ වෙනත් ධර්මයන් මාක්ස්වාදය යටපත් කිරීමට විකල්ප න්‍යායන් සොයන්නට විය. ඒ අනුව 1890 ගණන් වලදී , මාක්ස්වාදයට එරෙහි වූ උපනිතින්ගේ අරගලය ආරම්භ වන්නට විය.
කලෙකදී මාක්ස්වාදියකු වූ බර්ස්ටයින්ස් විසින් මාක්ස්ගේ ධර්මයට සංශෝධන ගෙන එමින් අන්දෝලාත්මක ලෙස මෙම සංශෝධන සිදු කරන්නට විය. මාක්ස්වාදී නොවන සමාජවාදය අදහන පිරිසක් සිටි රුසියාවේදී මෙම සංශෝධන ආදේශ කිරීමට උත්සහ කලත් මාක්ස් පුර්ව සමාජ වාදය පරාජය කරමින් දිගටම අරගලය කරගෙන ගොස් ඇත.
සංශෝධනවාදීන් ඉදිරිපත් කල නිසරු කතා ස්ථාවරවාදිව විවේචනය කල එකම තැනැත්තා ප්ලේහානව් විය.බකුනිවාදීන් මාක්ස්වාදී න්‍යායටත් කම්කරුන් පන්ති මාක්ස්වාදී අරගල වලටත් විරුද්ධ වුහ. එම තර්ක මාක්ස්වාදී න්‍යායට හාත්පසින්ම පටහැනි ඒවා විය.  බකුනින්ගේ ප්‍රතිගාමී අදහස් වලට කාල් මාක්ස් තීරණාත්මක ලෙස සටන් කරන ලදී . මේ සදහා මාක්ස්ට එංගල්ස්ගේ සහයද ලැබිණ. කෙසේ නමුත්  මාක්ස්වාදී න්‍යාය පරාජය කිරීමට නොහැකි විය. රුසියාව තුල නිත්‍යානුකුල මාක්ස්වාදීහු අර්ථිකවාදීහු  , බුන්ද්වරු හා මෙන්ශේවික්වරු බර්න්ස්ටයින්වාදයට ආධාර කළහ. එහෙත් මාක්ස් සිය න්‍යාය වඩාත් තහවුරු කර්ටමින් මාක්ස්වාදය දියුණු කරන්නට විය.
ඉහත හේතු හා ඝට්ඨන හේතුකොටගෙන මාක්ස් ලෝක සමාජය තුල වැදගත් චරිතයක් ලෙස නම් දරන්නට විය . සම්භාව්‍ය සමාජ විද්‍යා චින්තනයේ එතරම් වැදගත් තැනක් නොදැරු එහෙත් පසුව සමාජ විද්‍යාඥයින්ට අමතක කිරීමට නොහැකී වු සමාජ දාර්ශනිකයෙකු හා සමාජ විද්‍යාඥයෙකු ලෙස කාල් මාක්ස් සැලකිය හැකිය.
මාක්ස් සිය මාක්ස්වාදී දර්ශනය ඉදිරිපත් කිරීම සදහා කෘතීන් රාශියක් සම්පාදනය කරන ලදී. 1876 දී මාක්ස්, “ප්‍රාග්ධනය” නාම් කෘතියේ පළමු කාණ්ඩය ප්‍රකාශයට පත්කලේය. කෙසේ නමුත් මාක්ස්ගේ දර්ශනයට පරිණාමවාදි මුහුණුවර දර්ශනයේ පදනම බවට පත් වන්නට විය .
මාක්ස් තම ආර්ථික විද්‍යාත්මක විශ්ලේශනයන්හි ප්‍රධාන ලෙස සාකච්චා කලේ පෞද්ගලික දේපල නොව “ වෙළද පොලේ බලය “ යන සංකල්පයයි.
මාක්ස්ට අනුව ඵෙතිහාසික ක්‍රියාවලියේ හරය සමාජ ඝට්ටනයයි. ප්‍රාථමික හා ද්විතික අවශ්‍යතා සපුරා ගැනීමේ උත්සහයේදී ප්‍රතිවිරෝධතා යුගය ආරම්භ වේ. මානව සමාජයේ ශ්‍රම විභජනය මතුවීමත් සමග ඵම ප්‍රතිවිරෝධ පංති වශයෙන්,‍ ඵෙතිහාසිකව ගොඩනැගුනක් බව  මාක්ස් සඳහන් කරයි. මානව ඉතිහාසයේ ඵ් ඵ් යුගවල පංති අරගලයක් තිබු අතර ඵ්වා අතර සුවිශේෂතා පැවතිණ. සමාජ ක්‍රමය දේශගුණය හා භූගෝලීය සාධක නොව ඵෙතිහාසික පරිවර්තනයන් අනුව, වෙනස් වන බව මාක්ස් පැවසුවේය. සමාජය පංතිවලට බෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් දේශපාලන, ආචාරමය, ආගමික හා දාර්ශනික අදහස් ගොඩනැගෙන අතර ප්‍රබල පංතියේ බලය හා ආධිපත්‍ය ආචාර එමගින් ස්ථාපිත වන්නේ යැයි මාක්ස් සඳහන් කරයි.
 නිෂ්පාදන මාර්ග වලට මිනිසුන් සම්බන්ධ වන ආකාරය අනුව පංති විෂමතා ඇතිවේ යයි මාක්ස් සඳහන් කරයි. ප්‍රධාන නුතන පංති වනුයේ ශ්‍රමික පංතිය, ප්‍රාග්ධන හිමි පංතිය, හා ඉඩම් හිමි පංතියයි. පිලිවෙලින් මේ අයගේ ආදායම් මාර්ග වනුයේ වැටුප්, ලාභය හා ඉඩම්ය.
මානව ඉතිහාසයේ අංශ දෙකක් ගැන මාක්ස් සඳහන් කරයි. ස්වභාව ධර්මය අභිබවා මිනිසා ජය ගැනීමේ ඉතිහාසය හා මිනිසා වේගයෙන් පරාරෝපනය වන ඉතිහාසයයි.
කාල් මාක්ස් තම පංති ගැටුම පිළිබදව මුලින්ම අදහස් දක්වන්නේ 1848 දී පළ කළ කොමියුනිස් ප්‍රකාශය නම් ග්‍රන්තය මගිනි.මෙම කෘතියේ දී ඔහු මෙතෙක් පැවති සියළු සමාජවල ඉතිහාසය පංති අරගලයේ ඉතිහාසය යැයි මාක්ස් සදහන් කරයි.මාක්ස් විසින් සෑම සමාජයකම පංති ස්ථර දෙකක් පෙන්වා දෙයි.ඒ පංති දෙක පොදුවේ පාලක හා පාලිත ලෙස දැක්විය හැක.මෙහිදී ඔහු පංතිය නිර්වචනය කරන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට දක්වන දායකත්වය මතය. සමාජ පරිණාමය සමග පංතීන් සංවර්ධනය වූ අයුරු මාක්ස් පෙන්වාදෙයි.මාක්ස් විසින් සමාජ සංවර්ධනය  අවධි 5 ක් මගින් පෙන්වා දී ඇත.
ප්‍රාථමික කොමියුනිස්ට් අවධිය පංති විරහිත සමාජයකි. එම අවධියේ මිනිසාට පෞද්ගලික දේපල පිළිබද අදහස් නැත. සියල්ලෝම පොදුවේ සම්පත් පරිහරණය කළහ. කිසිවකුට සම්පත් තනිව භුක්ති විදීමේ අවශ්‍යතාවයක් නැත. මෙම අවධිය දඩයම් හා එඩේර යුගයන්ට සමකල හැක. මෙම ප්‍රාථමික සමාජයන්හි මිනිසා කාලයක් යනවිට පෞද්ගලික දේපල පිළිබද හැගීම වර්ධනය වීමත් සමග ප්‍රාථමික සමාජ තත්වයෙන් මිදී වහල් සමාජය දක්වා පරිණාමය වෙයි. ලොව බිහිවන මුල්ම පංති සහිත සමාජය වහල් සමාජයයි. වහල් සමාජයෙහි වහල් හිමියන් ධනයෙන් හා බලයෙන් ඉදිරියෙන් සිටී. වහල් හිමියන් විසින් තම බලය යොදාගනිමින් වහලුන් දැඩි පීඩනයට පත් කරමින් තම අවශ්‍යතා ඉටුකරගනී. වහලාට සමජීය වශයෙන් දැඩි පීඩනයන්ට පත්වීමට සිදුවේ. ඔවුනට අයිතිවාසියම් සීමා විය. ඔහුගේ සියලු ක්‍රියාකාරකම් වහල් හිමියාගේ පාලනයට නතුවිය. මේ ආකාරයට වහලුන්ට සිදුවූ අසාධාරණයන් යමුවේ වහලුන් විසින් වහල් හිමියන්ට විරුද්ධව සිදුකළ අරගල හේතුවෙන් වහල් සමාජය බිදවැටී වැඩවසම් සමාජය දක්වා සමාජය පරිණාමය විය.
වැඩවසම් සමාජය තුල ප්‍රධාන වශයෙන් පංති දෙකක් දක්නට ලැබේ. ඒ රදළ ඉඩම් හිමියන් හා ප්‍රෙව්ණිදාසයන් වශයෙනි. මෙම සමාජ ක්‍රමයේ දී ඉඩම් අයිතිය රදළයන් සතුවූ අතර ඔවුන් සතු ඉඩම් භුක්තිය වෙනුවෙන් ප්‍රෙවණිදාසයන් විසින් රදළයාට යම් වන්දියක් ගෙවිය යුතුය. මෙහි ප්‍රධාන නිෂ්පාදන සාධකය ඉඩමයි. රදළයාට අයත් ඉඩමේ සම්පත් පරිහෝජනය හා ආයොජනයද ප්‍රෙව්ණිදාසයා විසින් සිදුකරයි. බොහෝවිට රදළයාට අයත් ඉඩමේ වගා කිරීමත් ඒයින් කොටසක් රදළයාට ලබාදීමත් සිදුවිය. මීට අමතරව රදළයා වෙනුවෙන් ශ්‍රමය සැපයීමද සිදුවිය. මෙහි දීද රදළයන් විසින් ප්‍රෙව්ණිදාසයන් පීඩනයට පත් කිරීම හමුවේ ප්‍රෙව්ණිදාසයන් තම සදාරණත්වය උදෙසා කළ සටනේ ප්‍රථිපලයක් ලෙස වැඩවසම් සමාජය බිදවැටී ධනවාදී ජමාජ ක්‍රමය බිහිවේ.
වහල් සමාජෙය් වහලාත් වැඩවසම් සමාජයේ ප්‍රෙවේණිදාසයාත් කුමන අයුරින් නිෂ්පාදන කටයුතු සදහා තම ශ්‍රමය අසීමිතව කැප කලද ඔහුට උපතින් උරුමවූ ආරෝපිත තත්වයෙන් මිදීමට නොහැකි වුවද ධනවාදී සමාජ ක්‍රමයතුල නිර්ධනයාට උස්සාහය මගින් ධනපතියකුවීමේ භාග්‍ය ඇත. වහලා වහල් හිමියා මෙන්ම රදළයා හා ප්‍රෙව්ණි දාසයා යන තත්වයන් ආරෝපිත තත්වයන් වන අතර ධනවාදී සමාජයේ ධනපතියා හා නිර්ධනයා සාධිත තත්වයන් දෙකකි. ධනවාදී සමාජයතුල ප්‍රධාන නිෂ්පාදන සාධකය ශ්‍රමයයි. නිර්ධනයා විසින් තම ශ්‍රමය ධනපතින්ට වැටුපට විකුණයි. මෙම ධනවාදී සමාජ බොහෝවිට කාර්මික සමාජවේ. කර්මාන්ත හිමිකාරීත්වය ධනපතියාට අයත්ය. ධනපතියා විසින් නිර්ධනයාගේ ශ්‍රමය නිර්දයලෙස සූරාකෑම නිසා ධනපතියා හා නිර්ධනයා අතර ගැටුම ඇතිවේ.එහි ප්‍රථිපලයක් ලෙස පංති වරහිත සමාජයක්වන සමාජවාදී සමාජය දක්වා පරිණාමය සිදුවේ.
මීලගට බිහිවන සමාජවාදී සමාජයේ ආර්ථිකය හසුරුවන ප්‍රධාන බලවේගය වන්නේ රජ්‍යයයි. සමාජවාදී සමාජයේදී කම්කරු පංතිය ජන්දදායකයන් ලෙස රාජ්‍ය හැසිරවීමේ බලය ලබාගනී. මෙහිදී ධනපතියාට බලය අහිමී ඇත. ජනතාව වෙනුවෙන් ජනතාව විසින්ම පත්කරනු ලැබූ පාලකයන් විසින් ආර්ථිකය හසුරුවන අතර සමාජ සේවා කටයුතු රජය විසින් සිදුකරයි. කෙසේ වෙතත් කිසිම සමාජයක සම්පූර්ණයෙන්ම සමාජවාදීවූ සමාජයක් හෝ ධනවාදී සමාජයක් ප්‍රායෝගිකව  දක්නට නැත. සමාජවාදී සමාජවල දක්නට ලැබෙන ප්‍රධාන කරුණක් ලෙස ආදායම් විෂමතාව අවමවීම දැක්විය හැක. මෙවන් සමාජවල ධනවාදි සමාජවල මෙන් නොව ලාභ අපේක්ෂාවකින් තොරව සමාජ සුභසාධනයේ යෙදෙනු දක්නට ලැබේ.
මාක්ස්ට සමාන්තරව යන මනෝ වීද්‍යාඥයකු වූ ප්‍රොයිඩ්ගේ මනෝ විද්‍යාත්මක අදහස් වලට පවා මාක්ස්ගේ යථාර්ථ බලපාන ලදී. එනම් , සමානාත්මතාව හා සාමුහික ප්‍රයත්න මිනිසාගේ නෛසර්ග ගුණාංග නොවන බවත් එම ගුණාංග මහත් ප්‍රවේශමෙන් හා සීරුවෙන් ගොඩනගා ගත යුතු ගුණාංග වන බවත්ය. ප්‍රොයිඩ්ගේ එම අදහස  අන්තර්ගත වෙන්නේ මාක්ස්ගේ ” ආදර්ශ රාජ්‍ය “ නම් න්‍යාය ආශ්‍රයෙනි.
මීලගට මාක්ස් දක්වන ආකාරයට සමාජයේ ඉහළම සමාජ පරිණාමීය අවධිය වන්නේ සුපර් කමියුනිස් සමාජයයි. මෙය ද පංති විරහිත සමාජයකි.මෙය පංති විරහිත සමාජයක් බැවින් ගැටුම් ඇති නොවේ. මෙය දේශපාලනමය නොවූ රජ්‍ය විරහිත සමාජයකි.මෙය කොමියුනිස්ට්වාදී ස්වංපාලනයක් ලෙස සංකල්පගත කෙරේ. කෙසේ වෙතත් මෙම සමාජය හුදෙක් මාක්ස් ගේ මනෝරාජිකයක් පමණක් පවත් එය කිසි විටෙක ප්‍රායෝගික නොවන හිතළුවක් පමණක් බවත් බොහෝ දේශපාලන විචාරකයන් සදහන් කරයි.
ධනවාදී සමාජය තුළ හතර ආකාරයක පරාරෝපනයක් මාක්ස් දකී. මාක්ස්ට අනුව පරාරෝපනය යනු යමක් තමා සතුව තිබී පසුව එය තමාගෙන් ඈත්වී තමාට එරෙහි ශක්තියක්වී තවදුරටත් වර්ධනය වෙම්න් තමාව පීඩාවට පත්කරන ශක්තියකි. මෙය තවදුරටත් සරළව කිවහොත් තමාගේ දෑ තමාගෙන් වෙන්වී කිසියම් ශක්තියත් ලෙස වර්ධනය වෙමින් තමාව පීඩාවට පත්කිරීමයි. මෙම සංකල්පය මාක්ස් ගේ සොයා ගැනීමක් නොව මීට පෙරසිටි දාර්ශනිකයන්ද මෙම සංකල්පය භාවිතා කර ඇත. එහෙත් අතීත දාර්ශනිකයන් මෙම සංකල්පය භාවිත කළේ ආගම පිළිබද අදහස් ප්‍රකාශ කිරීමටය. එනම් දෙවියන් යනු මිනිසාගේ නිර්මානයක් මිස මිනිසා යනු දෙවියන්ගේ නිර්මාණයක් නොවන බවයි. මිනිසා විසින් ස්වභාව ධර්මයේ තමාට වටහාගත නොහැකි සංසිද්දීන් අදෘශමාන දෙවියකුට බාරදී මිනිසා විසින්ම නිර්මානය කරගත් දෙවියන්ට යටත්වී ජීවත්වීම පරාරෝපනයට සම්භන්ධ කරමින් අදහස් දැක්වීය. පරාරෝපනය පිළිබද අදහස් මාක්ස් ඉදිරිපත් කලේ ආගම  ආශ්‍රයෙනි. 1844 මාක්ස් විසින්  රචිත “ ආර්ථික හා දාර්ශනික අත් පිටපත “  හි නොමග ගිය ශ්‍රමය නම් කාණ්ඩයෙහි මෙම පරාරෝපනය හොදින් විග්‍රහ කොට ඇත.
එහෙත් මාක්ස් මෙම සංකල්පය භාවිතා  කරන්නේ ආර්ථික හා දේශපාලන දෘෂ්ටි කෝණයකිනි. එනම් ධනවාදී අර්ථ ක්‍රමයේ දී නිර්ධනයා හෙවත් ශ්‍රමිකයා විසින් ධනපතියාට අයත් කර්මාන්ත ශාලාවල සේවය කිරීම මගින් තම ශ්‍රමය ද්‍රව්‍යකරණයට භාජනය කරමින් ආර්ථික භාණ්ඩ නිපදවයි. එමගින් කම්හල් හිමිකාරීත්වය දරණ ධනපතීන් ශ්‍රමියයන් විසින් නිපදවූ භාණ්ඩ වෙළදපොළේ විකිණිම මගින් ප්‍රාග්ධනය නිපදවයි. ධනපතියා සතුවන මෙම ප්‍රාග්ධනය පසුව නිර්ධනයා සූරාකෑමට යොදාගනී. නිර්ධනයාගේ ශ්‍රම ශක්තිය පසුව ධනපතියාගේ ප්‍රාග්ධනය බවට පත්වී ධනවාදී සමාජය  තුල බලවත්වී නැගී සිටින්කේ ධනපතියාය.
කාල් මාක්ස් විසින් සමාජයක ව්‍යුහය ප්‍රධාන කොටස් දෙකකට බෙදයි. ඒ අධෝ ව්‍යුහය හා උපරි ව්‍යුහය යනුවෙනි.මෙමගින් සමාජය දෙමහල් ගොඩනැගිල්ලකට සමාන කරයි.යම් ගොඩනැගිල්ලක ප්‍රධානම කොටස පදනමයි.  එසේත් නැතිනම් බිම් මහළයි.මෙය ශක්කිමත් වන තරමට ගොඩනැගිල්ලේ ආයුෂ රදාපවතී. එසේම යම් සමාජයක වඩාත් ශක්තිමත් වියයුත්තේ ආර්ථික සංස්ථාව බව මාක්ස් අවධාරණය කරයි. ආර්ථිකය හැර අනෙකුත් සියළුම සංස්ථා උපරි ව්‍යුහයට අයත්ය. එනම් ආගම නීතිය අධ්‍යාපනය කලාව සදාචාරය සියල්ල උපරි ව්‍යුහයට අයත්ය.
ආගම පිළිබද අදහස් දැක්වීමේදීද මාක්ස් පරාරෝපන සංකල්පය භාවිත කරයි.පරරෝපනය මගින් මිනිසා තම අවට පරිසරයේ තමාට තේරුම්ගත නොහැකි සිදුවීම් අදෘෂමාන බලවේගයන්ට පවරා ඊට යටත්ව ජීවත්වීමට පිනිසා පෙළඹේ.ප්‍රාථමික කමියුනිස්ට් අවධියේදී තමාට තේරුම්ගත නොහැකි දෑ විස්තර කිරීමට ආගමික හා අභිචාරාත්මක පදනමක පිහිටා දෙවියන් හා ආගමවෙත බලය පැවරුවද පංති සහිත සමාජයන් බිහිවීමත් සමග පාලක පංතිය විසින් පාලිතයන් කෙරේ තම බලය පතුරුවා හැරීමට දේව විශ්වාස හා ආගම භාවිත කළහ.මාක්ස් තවදුරටත් අගම පිළිබද දක්වන්නේ මෙවැනි අදහසකි˘මුළු මහත් ජීවිකාලයක් තිස්සේ වැඩකරමින් අග හිඟකම් වලින් මිරිකෙමින් මිහිපිට ජීවත් වනතුරු යටහත් පහත් කමින් හා ඉවසීමෙන් ජීවත්විය යුතු බවත් ඒ වෙනුවට මරණින්මතු ලැබෙන දිව්‍යමය සම්පත් බලාපොරොත්තුවෙන් සැනසුම ලැබිය යුතු බවත් ආගම උගන්වයි. එහෙත් අනුන්ගේ ශ්‍රමය සූරාකමින් ජීවත්වන අය මිහිපිට ජීවත්වන කාලය තුල පිනට දියයුතු බව ආගම උගන්වයි.˘
පරාරෝපනයෙන් තොර වීඥානවාදයක් මාක්ස්ගේ ග්‍රන්ථ වල සාකච්චා වේ. එහෙත් මෙම පරමාදර්ශය පියවි ලොවේ සාක්ෂාත් කරගත හැකිද යන්න විවේචන මාක්ස්ට එල්ල විය.එහෙත් එම දර්ශනය ආශ්‍රය කර ගනිමින් ප්‍රංශය , එංගලන්තයේ දේශපාලන දර්ශනය සදහාත් රුසියානු විප්ලවය හා චීන මහා විප්ලවය සදහාත් හේතු සාධක විය. විසිවන සියවසදී මහා පරිමාන සමාජ සංවර්ධන ව්‍යාපෘති සකස් කිරිමට හා “නිතිය ඉදිරියේ සමානත්වය “ නමැති ප්‍රධාන සංකල්පයන් වර්ධනය වීමටද බලපාන ලදී.
ඒ අනුව සූරා කන්නන් ගේ මුළු මහත් ජීවන පැවැත්මම සාධාරණ යැයි කියන ආගම දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත් භුක්ති විදීම සදහා පහසු මිලට බලපත්‍ර විකුණයි.එබැවින් ප්‍රාග්ධනයේ වහලුන් විසින් තම මිනිස් ප්‍රතිරූපය ගිල්වා දමන අඩු වැඩි වශයෙන් මිනිසකුට තරම්වන ජීවිතයක් සදහා ඔවුන්ගේ ඉල්ලීම් ගිල්වා දමන ආගම වූකලී එක්තරා අතකින් ආද්‍යාත්මික මත්වීමක් වැනිය. ආගම යනු පුද්ගලයා මත් කරන අබිං වලට සමානය යනුවෙන් තවදුරටත් මාක්ස් ප්‍රකාශ කරයි.මාක්ස් දක්වන ආකාරයට ආගම සැමවිටම පාලක පංතියටම සේවය කරයි. ඒ අනුව ධනපති පංතිය ආගම වගා කරන අතර ධනපති ජංතියේ අවංක සඟයා ලෙස ආගම ක්‍රියා කරයි.පාලක පංතිය ආගමට සෑම සහයෝගයක්ම ලබාදෙමින් මනස්කාරවාදී දර්ශනය දිගටම පවත්වා ගනිමින් එය තම පාලන බලය තහවුරු කරන අවියක් බවට පත්කරගනී. ධනපති පංතියේ අණ පිළිපදින පූජකයන් හා ප්‍රතිගාමී විද්‍යාඥයන් විධ්‍යාවේ ප්‍රහාරයෙන් ආගම බේරා ගැනීම සදහා එකට එකතුව ක්‍රියාකරයි. සූරා කන්නන්ගේ බලය තහවුරු කිරීම සදහා ආගම දැඩි මෙහෙයක් ඉටුකරයි..මාක්ස් අවසාන වශයෙන් දක්වන්නේ මිනිස් සංහතියමත පටවා ඇති ආගම නැමැති වියගස සමාජයේ ඇති ආර්ථික වධ බන්ධන නැමැති විය ගසේම ප්‍රතිබිම්බයක් බවයි.
කාල් මාක්ස් ප්‍රකාශ කරන ආකාරයට ආගම සැමවිටම පංති සහිත සමාජයක් නිර්මාණය කිරීමට හා එහි පාලක පංතිය ආරක්ෂා කිරීමට වෙහෙසෙයි. ආගම විසින් වහලා ප්‍රෙව්ණිදාසයා මෙන්ම නිර්ධනයා තමාට උපතින් හිමිවූ තත්වයේම රැදී සිටීමට උපදෙස් දෙයි. තමා එසේ ඉපදීමට හේතුව දේව කැමැත්ත හෝ කර්මය බව ආගම උගන්වයි. ආගම මගින් ධනාත්මක චින්තනයට වඩා ඍණාත්මක චින්තනය වපුරුවයි.මිනිසා විසින්ම නිර්මානය කළ ආගමට සියළු බලය ලබාදී ආගමේ වහලකුවී මිනිසා ජීවත්වීම නිසා මිනිසාගේ තාර්කිත චින්තනය නිර්මාණාත්මකභාවය මොටවීයයි.ආගම සැමවිටම පවත්නා තත්වය වෙනස් කිරීමට නොව ඒතුලම ගැලී සිටීමට උපදෙස් දෙයි.ඉදිරි ගමන වලක්වයි. එබැවින් මාක්ස් ප්‍රකාශ කරන්නේ මිනිසා ආගම නිර්මාණය කළද ආගම මිනිසාව නිර්මානය නොකරන බවයි. එබැවින් මක්ස්වාදය අනුගමනය කළ රටවල් වේගයෙන් දියුණුවූ බවත් ආගම හා සංස්කෘතිය තුල ඇලී ගැලී සිටි සමාජයන් සහිත රටවල් තවමත් දියුණු වෙමින් පවතින රටවල් ලෙසත් පවතින බව මාක්ස්වාදී විශ්ලේෂකයෝ අවධාරණය කරයි.
 “දාර්ශනිකයන් විසින් මෙතෙක්‌ කර තිබුණේ ලෝකය විස්‌තර කිරීමයි. එහෙත් කළ යුත්තේ ලෝකය වෙනස්‌ කිරීමයි” යමක්‌ විස්‌තර කිරීමෙන් පරිබාහිරව යමක්‌ පූර්ණ කාලීන දාර්ශනිකයන්ගෙන් වෙනස්‌ වීමට ගත් උත්සාහයක්‌ මාක්‌ස්‌ගේ මෙම ප්‍රකාශයන් තුළින් පැහැදිලි වේ. මාක්‌ස්‌ දාර්ශනික ගතානුගතිකත්වයෙන් ඉවත් වුණි. දර්ශනවාදයෙන් ඔබ්බට වූ මෙම වෙනස මාක්ස් විසින් සිදු කරන ලදී. එම හේතුවෙන් මාක්ස් විසින් ගැටුම් න්‍යාය වර්ධනය කිරීමට ඉහත සිය දර්ශනය උපයෝගී කරගත් බවත් , ප්‍රයෝගික පදනමක සිට ලෝකය දැකීමට නව ඇසක් නිර්මාණය කල බවත් මේ  අනුව් පෙනේ. මෙලෙස ඓතිහාසික භෞතිකවාදය මත විග්‍රහයක යෙදෙන මාක්‌ස්‌ මිනිසාට දැනෙන ප්‍රායෝගික වූ සංකල්පනාවක්‌ මේ තුළ ඇති බව විග්‍රහාත්මකව පෙන්වා දෙමින් එයින් මිදී මිනිසාගේ පොදු මුළු මහත් සමාජයක්‌ සුබ සිද්ධියට පත්කර ගන්නා අයුරු සහ ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගද දක්‌වා ඇත . මේ තුළ මාක්‌ස්‌ බලාපොරොත්තු වන ප්‍රධානම සාධකය වන්නේ පොදු මුළු මහත් සමාජයේම සුබ සිද්ධිය සාක්‍ෂාත් කර ගැනීමයි. එනම් සමාජයේ මිනිසා විඳි දුක්‌ඛ  තත්ත්වයෙන් මුදවා ගැනීමේ මුඛ්‍ය පරමාර්ථය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් සුවිශේෂී වූ දාර්ශනිකයකු බවට පත්වීමට උත්සාහ දැරීමයි. මාක්ස් මේ අනුව සමාජ ක්‍රමය හා සමාජ ව්‍යුහය අතර ඇති සම්බන්ධතාවය පැහැදිලි කළේය. මාක්ස් දාර්ශනික හෝ ආර්ථික හෝ න්‍යායන් ගොඩ නැගීමට වඩා දර්ශනය ආශ්‍රිතව ආර්ථික න්‍යායන් ගොඩ නැගීමට ගත් උත්සාහය ඉහත කාරනා අනුව සාධනය වේ.
ඉහත සදහන් සියලු සාකච්චා ආශ්‍රයෙන් තෙරුන් ගත හැක්කේ ගැටුම් න්‍යාය වර්ධනය කිරීමට මාක්ස් දක්වන ලද දායකත්වයයි. ඒ වගේම මාක්ස්ට විරුද්ධ මතධාරීන් වූ සංශෝධනවාදීන්  නිසාද මෙම ගැටුම් න්‍යාය වර්ධනය වූ ආකාරය ඉහතදී සකච්චා කරන ලදී. ඒ වගේම ගැටුම් න්‍යාය දියුණු කීරිම සදහා ප්‍රබල මෙහෙවරක් ඉටු කිරීමට මාක්ස්ට න්‍යායාත්මක හැකියාවක්  ලැබුණු බව මේ අනුව පෙනේ.

Thursday, July 16, 2015

දේශ - පාලන දෙවියනි......


රට පාලනය කරන දෙවියන් වහන්සේගෙන් මං අහන්න කැමතියි..... දේශයක් පාලනය කරන එකටද ...... දේශපාලනය කියන්නේ කියල.... දේශයක් පාලනය කරන්නේ ඇයි.....? අපිට ඔහේ ජිවත් වෙන්න පුළුවන්නේ. 
මං හිතන්නේ අපිව ඒකීය රටාවක් තුල ගොනු කරන්නයි, දේශයක් පාලනය කරන නායකයෙක් බිහි වෙන්නේ ...? අපි ඒ විදියට ඒකීය රටාවක් තුල හැඩ ගැහීම ඇත්තටම සාර්ථකද ...? 
ඒකීය රටාවක් තුල ගොනු වෙන්න නම් ...... අපේ නායකයා කවුරුන් වෙන්න ඕනද ...? කුමන  විදියේ .... බලයක් ඔහුට තියෙන්නේ ඕනද ...?
බලය කියන්නේ මොකද්ද ...? දේශයක් පාලනය කරන නායකයට බලයක් අවශ්‍ය ඇයි ....? ඔය විදියට එකම දේශයක් තුල නායකයන් කිහිප දෙනෙකු බිහි උනොත්, අර ......  පළමුවෙන් බිහි වෙච්ච නායකයට මොකද්ද වෙන්නේ ....? දේශය තුල වූ ඒකීය භාවයට මොකද වෙන්නේ ...? දෙවියන් වහන්සේ ඒකට දෙන උත්තරේ මොකක් වෙයිද .....?
අතීතයේ මිනිස්සු අහිංසකයි..... ලැබුන දෙයක් බාර ගත්ත උතුම් වූ කොටසක්..... සරල සමාජය තුල ගැටුමක් හෝ අන් අය අභිබවා යමක් දක්නට ලැබුනේ නෑ. දෙවියන් තමයි මේ උත්තරීතර දේශය සාමකාමිව පාලනය කලේ. මේක වෙන්න ඇති දෙවියන්ගේ යහ පාලනය 
මෙකි දෙවියන්ගේ අඩවිය තුල එක් රැයකින් බිහි වූ ප්‍රාදේශීය දෙවිවරු..... ගංභාර  දෙවිවරු කිහිප දෙනෙක් ,මහ බ්‍රහ්මයාගේ අණ නොතකා ක්‍රියා කරද්දී .... අපා ගත උණු හැටි ......  ආයෙත් නම් මේ දෙවිවරු දේව මණ්ඩලයට ගන්නේ නැතිළු. 
දෙවිවරු යයි කියා ගත්ත උන්ගේ  බලය ක්ෂය වෙද්දී , ප්‍රවිෂ්ඨ වන යක්ෂාවේශය ..... නැවතත් මේ පුජනිය වූ භුමිය තුල කරක් ගහද්දි, අනේ ආයෙත් ගද ගහන්න පටන් අරන්. ගැත්තන්ට නම් දෙවියන්ගේම පිට තමා . 
දෙවියන්, යක්ෂයින්  කවුරුන්දැයි ...... මේ වන විට හදුනා ගත නොහැකි තත්වයට පත්ව ඇත්තේ. සියළු දෙනාම  සුදු වතින්  සැරසී සැරිසරන නිසාවෙනි. 
මෙවැනි වෙස් ගෙන සසරේ සැරිසරන දනන් .... පිං රැස් කිරීමට යයි සිතා මේ දිනවල කරන මහා පුණ්‍ය කර්මය මොකද්ද කියල මං අහන්න කැමතියි දෙවියන්ගෙන්..... 
පෙරදා ඇති වෙන්න මතක බන කියල  .... මේ වන විට පාංශුකුලයත් දීල අවසන් කරපු ,  ඒ කුණු වෙච්ච මලකුනට ආයෙත් කවුද මේ පන දෙන්න හදන්නේ ? නැතිනම් කුම්භාන්ඩයෙක් වෙලා තාමත් මේ සසර දනව්වේ සැරි සරනවද ඒ භූත ආත්මය ......  මගේ දෙවියනේ .....? 
දේශයක් පාලනය කරන්න ....... එකම අනක්  යට දෙවියෙක් එනකන් අපි බලන් ඉන්නවා, දෙවියනේ. 
මිට පස්සේ ..... අපි පිහිට පතන්නේ ...... දුක් ගැනවිලි කියන්නේ ..... ඒවා ඉටු කර ගන්න පුජා වට්ටි තියන්නේ මොන දෙවියටද .....? දෙවියනේ ...... 





Monday, March 2, 2015

කතරක අතරමංව



             අපි යන්නේ කොයි පාරේ......මේ යන්නේ හරි පාරේ.....? දැන් අපි යන්නේ හරි පාරේද කියල මං  ආපහු හැරිලා බැලුව. ඔලුවේ තිබ්බ බර නම් ටිකක් අඩු උනා. සැහැල්ලුව ටිකකට දැනුනා. අමුතු නිදහසක් දැනෙන්න පටන් ගත්තා. මට දැනුනේ ඔන්න ඔය වගේ හැගීමක්. යාන්තමට හිනාවක් මුනේ තියන කොට ඒක නැතිවෙයි කියලත් බය හිතෙනවා. මොකද ඒ තරමටම අපි පහුගිය කාලේ මුණ එල්ලගෙන නේ හිටියේ. හරියට උතුරේ යුද්දෙ  ඉවර වෙලා ඒ මිනිස්සුන්ට දැනුන නිදහස් හැගීම වගේ........, අපට තිබුනේ සීතල යුද්ධයක්නේ.
           දාම් පෙතේ ඉත්තො වගේ එහාට මෙහාට මාරු උනා. සමහරු කැපිලම ගියා. අලුත් රජවරු ඔටුනු පැලැන්දා. මං  මේකට කැමතියි. අලුත් සංස්කෘතියක් අපට ලැබුනා. 
            මෙවැනි පෙරමුණු , සභාග රාජ්‍යන් ලෝකේ තිබුනා. ඒත් ..... සංකීර්ණ තත්වයන් මතුවුනේ නැ. අරමුණක්...... දැන් අපේ දේශපාලනයට තියනවා. ඒත්.... පේන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. අපි තව බලාන ඉමු. එක අතකට ඉක්මන් වෙන එකත් හොද නැනේ.රටකට අවශ්‍ය යහ පාලනයක්, ඒකට බහුතරය ඉඩ දෙයිද.....?
               මොකද දැන් දේශපාලනය කියන්නේ වෘත්තියක් නෙමෙයිනේ. සමහර විට පාඩු ලබන ව්‍යාපාරයක් වෙන්නත් පුළුවන්. ඉස්සර වගේ කොමිස්, පරිත්‍යාග, අනුග්‍රහ නැති වෙනකොට , කවුද ..... දේශපාලනය කරන්න කැමති...... අන්න එතැනදී අපි ආපු දිශානතිය වෙනස් වෙයි කියල මට හිතෙනවා. මිට පස්සේ අපිට කතා කරන්න වෙන්නේ වෙනස්ම කොට්ඨාශයකට . 
                ලැබිච්ච දේවල් නොලැබෙනකොට ඉන්න පුළුවන් කාටද....? මේ යන ක්‍රමයට මොකුත් නොකර ඉදි කියල හිතන්නත් අමාරුයි. තවමත් නිහඩ ප්‍රතිපත්ති එක්කයි අපි ඉන්නේ. පැහැදිලි අදහසක් ගන්න අමාරු තැනකයි, දැන් රට රැදිලා තියෙන්නේ. 
             ප්‍රශ්න ගොඩක් එකතු කරන් අපේ අය උත්තර හොයනවා. තාම උත්තර ලැබිල නෑ. ඒකට කෑ ගහනවා, අපේ අය වෙන මොනවා කරන්නද....? සාක්ෂි නැති මලගම් කොතෙකුත් තියනවා. ඒත් කෝ පශ්චාත් මරණ පරීක්ෂණ....? මිනිය කුණුවෙලා ගද ගහනකම් , අපට බලන් ඉන්න සිදු වෙයි.  නැතිනම් බල්ලන්ට කන්න විසි කරලා දමාවි. 
            එක පාරක් වෙච්ච දෙ..... ආයෙත් නොවෙන්නයි...... අපට ඕන..... සම්මුතීන් අතර දින සියය ඉක්මවා යයි......ඒක එහෙම වෙයි......එක් රැයකින් ලොවක් බිහි වෙන්නෙවත්, එලි වෙන්නෙවත් නෑ. මේක ප්‍රයෝගික නෑ කියල අපි දන්නවා. ඒත්...... ඒ රාමුව තිබිය යුතුයි...... වැඩ කරන්න පුළුවන් තරමට යම් දුරක් යයි. 
             ඒත්..... මහමැතිවරණයෙන් පසු..... මේ දිශානතිය කොයි පැත්තට යාද කියල දෙවියෝවත් දන්නේ නැති වෙයි....... තරග වදින, අලුත් මුහුණු ......පරණ මුහුණු..... බුද්ධිය එක්ක හැප්පිලා විසි වෙන්නේ කවුද කියල නම් තීරණය කරන්න ඕන අපිමයි, කරන්න ඕන මොකද්ද කියල තීරණය කරන්න ඕන අපිමයි. එදා ගත්තු වගේ තීන්දු තීරණ ගන්න තරම් අපි නිර්භීත වුනා නම්, යන්න ඕන ගමන වෙනස් කරන්න පුළුවන් අපට විතරමයි. 
          මේකට නම් කාටවත් බැනලා නම් වැඩක් නෑ. දැන් මේ හැම දෙයක්ම පසුපස අදිසි හස්ත නෑ. මිත්‍යාව නැ. ඔයාල හැමෝටම කියන්න අපි කරන්න ඕන මොකද්ද....? අපට ඕන මොනවද....? එතැනට අපේ සංස්කෘතිය හැඩ ගැසේවි. මේක නුතනද.....? සම්ප්‍රධායිකද කියල හිතන්න අවශ්‍ය නෑ.  
  

Saturday, November 8, 2014

විවාහය තුල දේශපාලනය

        

   විවාහය යනු කිළිටි නොකළ යුතු පුජා භූමියක් ලෙසයි , මා දකින්නේ..... එය එතරම් වැදගත් සංධිස්ථානයක්. දෙදෙනකු අතර හුවමාරු වන හැගීම් සහ දැනීම්.... විවාහය අර්ථ ගන්වන්න වැදගත් වනවා කියලයි මට නම් හිතෙන්නේ. 
         මෙය සංස්ථාවක්, සංකීර්ණ ගනුදෙනුවක්. එකාත්මිය විය යුතු කලාවක්..... ඒත් විවාහය එසේ පවතියිද.....? සමාජ වෙනස්වීම් හා ගෝලීයකරණයේ බලපෑම් විවාහය වෙත එල්ල වෙද්දී, මේ පුජනිය බව කෙලෙසීමට .... විවාහ සංස්ථාව දෙදරීමට බලපාන්නේද යන්න සොයා බැලිය යුතුය. 
         මා වෙත බලපාන්නා වූ සමාජ සංස්කෘතික තත්වයන් මත මා මේ සටහන විග්‍රහ කිරීමට පමණක් බලාපොරොත්තු වේ. නුතන මතවාදයන් හා වෙනත් වෙනස්කම් ඇත්නම් පැවසීම..... ඔබට බාරයි.
          විවාහය දෙදෙනකු අතර සිදුවන ගනුදෙනුවක් කියල මා වරෙක පැවසුවා. යම් විදියකින්, මෙය බල අරගලයක් ලෙස අර්ථ දැක්වීම සුදුසුද ..... මන්දා.....
       මා වර්තමානයේ දකින සමාජ තත්වය මත මෙය බලය බෙදීමේ විෂමතා මත අරගලයන් කරා යන තත්වයක් විවාහය තුල ඉස්මතු වෙලා කියල දැනෙනවා. වරෙක සල්පිලක තබා වෙන්දේසි වන භාණ්ඩයක් ලෙස විවාහය ලංසු තබන ආකාරයත්, කඹ ඇදිල්ලේ ක්‍රීඩාව සදහා වෙනත් මුහුණුවරක් ගන්නා ආකාරයත්, තවත් වරෙක විවාහය මාර්කට් වන සංකල්පයත්..... ඔබ මා හිදින මේ සමාජ තලය තුල විද්‍යමාන වේ. 
           මේවා විවාහය තුල නිලින ලක්ෂණ ලෙස පෙර සමාජ තත්වයන් තුල පැවතියත්.... අද වන විට, විවාහයේ අඩු පාඩු ප්‍රසිද්ධ කර මඩ ගැසීමේ කලාව දක්වා වර්ධනය වූ පහත් මට්ටමේ ඇගයීම්..... සමාජයට මුදා හැර ඇත. එම අදහස් සංසරනයත් සමග විවාහය යනු කුමක්ද....? සැබෑ අරමුණු මොනවාද යන්න අප ඇත්තෙන්ම සෙවිය යුතුද.......? 
          එයද පෞද්ගලික කාරණාවකි. තම විවාහය තිබිය යුතු ආකාරය මනෝ චින්තනය වන්නේ තමාටම බැවිනි. මෙම චින්තනය දෙදරා යාමේදී..... විවාහ ගැටළු ඉස්මතු වනවාද යන්නත් වරෙක සිතේ.හැමෝම දන්නා පරිදි , අපේ  ප්‍රසිද්ධ චරිත දික්කසාද කරා යාමට සිදු උනේ ..... මේ මනෝ රාජික විවාහයේ ප්‍රතිපලයන් භුක්ති නොවිදිම හේතුවෙන් වන්නට පුළුවන. 
         උදාහරණ ලංකා සමාජයෙන් ගත් කල ප්‍රසිද්ධ වූ කරනා කීපයක් මත පදනම්ව මා මෙසේ ලියමි. 
        ජනාදරී අද මෙසේ කියයි....... 'මාව මගේ ස්වාමිපුරුෂයා වෙළද භාණ්ඩයක් ලෙස යොදවා , මා හට සාධාරණය ඉෂ්ඨ කලේ නැ'....... ඔවුන් අද වෙන්ව වසයි..... හදගම නිහඩය. ඇය පමණක් කතා කරයි. දෙදෙනාම දක්ෂයින්ය. විවාහයේ අරමුණු වලට වඩා දෙදෙනාම ප්‍රබල වුයේ, වෙළද අරමුණු තකාය. විවාහයේ ප්‍රථිපල දරු දෙදෙනාය.ඔවුන් මේ ගැටුමේ ප්‍රථිපලයන් ..... භුක්ති විදින්නෝය. විවාහයේ යුධ ගිනි ඔවුන් වටා ඇවිලේ. 
       මට මතකයි..... සුදත්...... සත්‍යංගනීට මෙලෙස කිවා.... ' අපි දෙන්නා ගස් දෙකක් ..... ගහකට එතෙන්න ඕන වැලක්...' ඒ හන්ද වෙන්ව යමු..... ඒ ගෞරවාන්චිත වෙන්විමකි. ශක්තිමත් දෙදෙනකු  එකතු වූ කල විවාහය අර්ථ නොගැන්වෙන බව ඔවුන් නිහඩව වටහා ගන්න ඇති. ඔවුන් අද වෙන් වෙන්ව නව විවාහයන් භුක්ති විදිමින් සිටිති. 
        උදාහරණ දෙස බැලීමේදී, මේ විවාහයද.....කියල සිතන තරමට ගැටළු සංකීර්ණ බව පෙනේ. බල අරගලයන් කරා සටන් වැද ...... අවසානයේ ලැබෙන්නේ මොනවාද.....? කලකිරීම් පමණි. විවාහයේ නායකත්වය සැම විටම හිමි වන්නේ බිරිදටද, ස්වාමිපුරුෂයාටද.....? ස්ත්‍රී පුරුෂභාවය විවාහය තුල වැදගත්ද......? බලය බෙදීම විවාහයට වැදගත්ද....? මේ සියළු කාරණා එකතු වූ කල විවාහයද දේශපාලනීකරණය වී ඇති බව සිතා ගත හැක. 
         විවාහය තුල ක්‍රියාත්මක වන මේ නිලින දේශපාලනය, බල ලෝභය, ආර්ථික අරමුණු .... ඇති තාක් විවාහයේ උත්තරීතර පරමාර්ථ ඉටු වන්නේ නැත.  ශුද්ධ වූ විවාහය අපායක් වන්නේ, මේ දේශපාලනය විවාහ සංස්ථාව තුලට වැද්දා ගැනීම නිසා බව මට සිතේ. 



Sunday, June 1, 2014

ජෝන් එෆ් , කෙනඩි මියගියමුත් මතකයේ බැදුණු අතීතය







                 තරුණ ඇමරිකන් ජනාධිපතිවරයකු වූ ජෝන් කෙනඩි මියගොස් වසර 50ක් ගත වුවද ,ඇමරිකානුවන් ඔහුව සිහිකරන්නේ දැඩි කම්පාවෙන් යුක්තවයි . ප්‍රසිද්ධ පෙළපාලියකදී ඔහුව ඝාතනය විය . එදත් දේශපාලනය අද වගේම වෙන්න ඇතැයි සිතමි . ඒත් වෙඩි වැදී සිටියදී ප්‍රතිකාර ගත් පාර්ක්ලන්ඩ් රෝහල හා ඔහු සිටි හදිසි අනතුරු කාමරය නම් කාලයක් යනතුරු යම් ගවුරවනිය වටිනාකමකින් යුක්ත ස්ථානයක් බවට පත්විය . ඒ ඔහු ජනතාව පිළිගත් නායකයකු වූ නිසාවෙනි . 

        එහෙත් පාර්ක්ලන්ඩ් රෝහලේ හදිසි අනතුරු කාමරයට පසුගිය දිනවල සිදුවුයේ කුමක්දැයි ලොවට හෙළි කරන්නට සිදුවුණා . මේ වනවිට ඒ කාමරය කුඩා කැබලි වලට කඩා , පෙට්ටි වල අසුරා පොලව යට ගබඩාවක තැන්පත් කර ඇති බව දැනගන්නට ලැබුන .
පාර්ක්ලන්ඩ් රෝහලේ එම කාමරය 1972දී කඩා ඉවත් කරද , සමරු පලකයක් එදා හිදී නිලධාරීන් සාදවා තිබෙනවා . මෙම කාමරය කඩන අවස්ථාවේ රෝහලේ එක් සේවකයෙක් මෙය දැක චායාරුප ගතකොට ඇත . 

         මෙම තීරණය ගැනීමට පෙර අදාල බලධාරීන් රජය සමග බොහෝ සාකච්චා කලද , ඔවුන්ට උවමනාවී ඇත්තේ , නොසුදුසු දේවල් ඉවත් කිරීමයි . මේවා මුදලට විකිනීමට වලක්විමටත් , කෙනඩි පවුලේ අයගේ සිත් රිදවීම් වැලක්වීමටත් ඔවුන්ට අවශ්‍යවී තිබෙනවා . රජය රෝහලට උපදෙස් දී ඇත්තේ , මාද්‍යට පවසන ලෙස ,කෙනඩි පුස්තකාලයට ඒවා ලබාදුන් බව . 

       15 වසරක් , මේවා ෆොර්ට් වර්ත් ප්‍රදේශයේ ගබඩා කර තිබු අතර , දැනට මෙම කොටස් , වසර 19 කට පසු , කැන්සාස් ප්‍රාන්තයේ බිම් මහලක තැන්පත් කර තිබෙනවා . එහෙත් එහි තිබු ගිලන් ඇද , එක්ස් කිරණ උපකරණය අතුරුදන්ව ඇත . ලෝක නායකයකුගේ වටිනකමක අවසානය හා මතක සැමරුම් , මතු පපුරට අවශ්‍ය නොවන බව මෙමගින් ඇමෙරිකානුවන් ලෝකයට නොදැනුවත්වම පවසා ඇත .

Friday, May 30, 2014

කුණු නිසා නගරාධිපතිට ගෙදර යන්න වෙයි.

                 කුණු නිසා ගෙදර යන්න වුන නගරාධිපති කෙනෙක් ගැන කොලොම්බියාවේ බොගෝට අගනුවරින් වාර්තා වේ. සිද්ධිය මෙසේය.බොගෝට අග නගරයේ එකතුවන කුණු නිසි අයුරින් කළමනාකරණය නොකිරීම හේතුවෙන් ජනතා චෝදනා ලැබූ නගරාධිපති ගුස්ටවෝ පෙට්‍රෝ හට මෙලෙස සිය තනතුර අහිමි විය. එම හේතුවෙන් ඔහුට ඉදිරි වසර 15ක කාලයක් දේශපාලනය කිරීමද තහනම් විය. ලබන වසරේ කොලොම්බියාවේ පැවැත්වෙන ජනාධිපතිවරනයටද ඔහු සාභාගී වීමට තිබියදී, මෙලෙස කටයුතු සිදුවිය.
                කොලොම්බියාවේ තත්වය මෙසේය.ජනතා විරෝධයට එරට පාලකයන් හිස නමයි. තමන්ට කරන්න බැරි නම් ඒ බව තේරුම් ගනියි. එය අප අගය කල යුතු ක්‍රියාවකි.තනතුරක වගකීම් දරන්නට බැරිනම් , හැකි කෙනෙකුට එම තනතුර ලබාදීම රටට කරන සෙතකි. තුන්වන ලෝකයේ රටක් වන කොලොම්බියාව සිය ඉදිරි ගමන මෙලෙස හැඩ ගන්වා ගැනීම, සෙසු රටවල් වලටද ආදර්ශයකි. බල ලෝභය නොතකා, රටක් ලෙස ජනතා මතයට ගරු කිරීම ප්‍රශංසනීයය.

Monday, May 26, 2014

සෙබළ යථාර්තය

 
            
               කවර හෝ හමුදාවක සෙබළකූ වීම පුද්ගලයකූගේ අභිමානය වැඩි කරවන්නකි. නිල ඇදුමක් ඇදීම නිලයක් ලැබිම බලයක් ලැබීම සෙබළකූගේ පෞරුෂය තව දුරටත් ව්රධනය වන්නේ යයි හැගේ. සෙබළකූ වීමට සමහරකූ ආශා කරයි. සමහරක් වෘත්තියක් ලෙස පමණකින් සෙබලකූ වි සිටියි. මෙහීදී ඹවුහු සිය නිල ඇදුමට ආශා කරන තරමටම වෛර කරන්නටද පෙළඹෙී. මෙයට සමාජීය හේතූ ගණනාවක් බලපෑ ඇති බව අවධාරනය වන්නකි. සෙබළකූ ලෙස සමාජානුයෝ්ජනය ලැබු පුද්ගලයා සාමාන්‍ය සිවිල් සමාජයේ පුරවැසියෙකි. 

             යුද්ධය සමග කර ගැසු සෙබළා පහුගිය කාල වකවානුවෙි සාමාන්‍ය ජන ජීවිතයෙන් ඈත්ව සිටීම දෛවෝපගතය. ඹහුට නිවසක් පවුලක් හෝ තමාට තමාම නැති තරමට මානසික අවපීඩනයකට ලක්ව ඇති බව ඔවුන් සමග කෙරුණු සාකචිඡුා වලදී හෙලිව ගිය කරුණකි. මෙවන් පසුබිමක් තූළ වු පුද්ගලයා යොමු වු සංසිද්දීන් විග‍්‍රහ කර බැලීමෙදී මතූ වු විෂමතා යමි අවස්ථා වලදී චර්්‍යා විරෝධි විය. හදුනා ගත් චර්යාබාද මෙලෙස සටහන් කල හැක.

1. මංකොල්ලකෑමි සදහා සංවිධානය වීම.

             සෙබළ ජීවිතයේ ලබා ඇති පුහුණුවීමි උපයෝගි කොට ගෙන සංවිධානාත්මක කල්ලි හා පාතාලයේ යමි ක‍්‍රියාකාරකමි සදහා දායක වීම.

2. මිනීමැරීමි පහරදීමි ආදි අපරාධ සිදුකිරීමි 

  

        සංවිධානාත්මක කල්ලි ගැසීමෙි ප‍්‍රතිඵලයක කි‍්‍රයාකාරකමි ලෙස මෙම අපරාධ දැක්විය හැකි උවද මානසික හෙතූ කාරණ කොට ගෙනද ඵනමි මානසික අවපීඩන තත්වයන් තූළ සිදුවන ප‍්‍රකමිපන තූලින්ද මෙවැනි අපරාධ සෙබළකූ තූලින් දැකිය හැක. ඵනමි සෙබලකූ අනිවාර්‍යයෙන්ම සමබර පුද්ගලයකූ වීම අත්‍යවශ්‍ය අංගයක් උවද ඹහුගේ වටපිටාව තූලින් අසමතූලිත පුද්ගලයකූ නිර්මාණය වීමෙි හැකියාව බොහෝ විට දැකිය හැක.


3. දේශපාලනික අපරාධ සදහා පෙලඹීම

  
              මෙි වන විට බොහෝ දේශපාලන සංවිධාන වල ආරක්ෂක කටයුතූ බාරව සිටිනුයේ හිටපු සෙබළුන් විම විශේශ ලක්ෂණයකි. මෙවැනි බල අරගලයන් තූල සිදු වු බොහෝ අපරාධ ඹවුන් විසින් සිදු කරනු ලැබුවෙි නිර්ණාමිකවය. ඵම හේතූවෙන් ඇතැම් අවස්ථා වල සෙබල පුහුණුව ප‍්‍රායෝගික වුයේ දේශපාලන රාමුවෙි ක‍්‍රියාකාරකමි සදහාය.


4.ලිංගික අපරාධ සදහා නැමියාවක් දැක්වීම .  


         සෙබළු අතර ලිංගිකමය වශයෙන් සිදුවන අපරාධ බහුලව දක්නට ඇති බව මෑත කාලීන සිදු විමි දෙස බැලීමෙදි පෙනී යන්නකි. මෙහීදී සෙබළු අතර සිදු වන සමලිංගික සේවනය හේතූවෙන් සිදු වු අපරාධ නිහඩ බවින් යුක්ත වුවද අනෙකූත් ලිංගික අපරාධ සදහා වැඩි ප‍්‍රසිද්දියක් ලැබුනි. ඵනමි බාල වයස්කාර දැරියන් දුෂණය කිරීම පැහැර ගෙන යාම කාන්තාවන් දුෂණය මෙි අතූරින්   ප‍්‍රධාන   තැනැක් ගන්නා ලදි. තවදුරටත් මවුන්ගේ අවිචාරවත් සබදතා ඵනමි ගණිකා ඇසුර සමිබන්ධයෙන් මතූ වු අපරාධද මෙි අතර දක්ට ලැබුනි.

            මෙවැනි ලිංගික අපරාධ සදහා ඹවුන් තූළ වු නැමියාව සෙබලකූ නිර්මානය වු වටපිවෙන් උරුම ලද්දකි. ඉහත සදහන් කල හේතූන් යථානුභූතිව පුද්ගල මනස තූලට බලපා ඇති බැවින් මවුන්ගේ අතෘප්තිකර ආශාවන් ඔවුන් අපරාධ නැමියා ඇත්තන් වීමට බලපෑවෙි සහේතූකවය.

   

               සියළු හේතූ සැලැකිල්ලට ගැනීමෙදී සංෂිප්තව ගත හැකි ඵකම කරුණ සෙබළකූ වීමෙි ප‍්‍රාතිහාර්‍යය ජීවිතය විදින මනුෂ්‍යයින් ලෙස නොව විදවන මනුෂ්‍යය කොටිඨාශයක් ලෙස සමාජීය දේශපාලන වටපිටාව ඔවුන් බිහි කල බවයි. ඉනික්බිති සමාජීය අපරාධ සදහා පෙළඹීමෙ ප‍්‍රවනතාවය තවදුරටත් වර්ධනය වන්නේය. 


                  ලෝකයේ සියළුම සෙබල ජීවිත සදහා මෙවැනි සාමාන්‍යකරනයක් තිබීම යුද්ධ ඉතිහාසය දෙස බැලීමෙදි පැහැදිලි වන්නකි. සියළුම පාලන තන්ත‍්‍රයන් පැවැති රාජ්‍යන් ඵනමි රාජාණ්ඩු  පාලනය , සමුහාන්ඩු , හමුදා ආණ්ඩු , සමාජවාදි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන තූළින් පවා සෙබළ නැමැති පුද්ගල චරිත කාලීන අවශ්‍යතා වලට අනුගත විය. ඵබැවින් සෙබළකූ වීම පුද්ගලයකූට තවදුරටත් ප‍්‍රාතිහාර්‍යක් නොවන බව වැටහෙනු ඇත.