Showing posts with label නව නිපැයුම්. Show all posts
Showing posts with label නව නිපැයුම්. Show all posts

Monday, October 6, 2014

පියාඹන කාර් ඇවිත්







         ඉගිලෙන කාර් යනු පියාඹන පිරිසි නොවේ . ඒවා විද්‍යා ප්‍රබන්ධත් නොවේ . සත්‍ය වශයෙන්ම ඉගිලෙන්නටත් පාරේ රෝද උඩ යාමටත් හැකි, ද්විත්ව හැකියාවක් සහිත  කාර් විශේෂයකි . ඇමෙරිකාවේ මැසේව්සේට්ස් ජනපදයේ පිහිටි ටෙරාෆුජිය සමාගම මෙම නිපැයුම ඉදිරිපත් කොට ඇත . 

         මාද්‍ය පවසන්නේ මෙම රථය වෙළද පොලට ආ පසු නව මාර්ග නීති සදන්නට සිදුවන බවයි . මෙම රථයට ඉතා වේගයෙන් ගොඩ් බිමේත් අහසේත් යා හැක . රථයට ඇත්තේ ආසන දෙකකි , රෝද හතරකි , හකුලන පියාපත් යුගලකි . අත්හදා බලන අවස්ථාවේදී එය මිනිත්තු 8 කදී , අඩි 1400 ක් උඩින් පියාසර කරඇත . 

            මෙම රථයක් නිපදවීමට යන මුදල ඇමරිකානු ඩොලර් 279,000 . දැනට මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් , ගැනුම් කරුවන් 100ක් පමණ ඩොලර් 10,000ක් පමණ තැන්පත් කරඇති බව වාර්තා  වේ. ටෙරාෆුජිය සමාගම පමණක් නොව මේවන විට ඕලන්ද සමාගමකුත් 'පැල් ' නමින් පියාඹන මෝටර් රථයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ .