Showing posts with label සාහිත්‍ය. Show all posts
Showing posts with label සාහිත්‍ය. Show all posts

Thursday, November 6, 2014

බස හැසිරවීම

       


           රටක භාෂා කීපයක් තිබිය හැක. එය ලිඛිත හෝ කථිකද , මේ දෙකම එකක් වශයෙන්ද , භාෂාව පවතින ආකාරය දැකිය හැක. අපේ භාෂාව සිංහලයි දැන් අප කතා කරන්නේ අපේ භාෂාව ගැනයි.
        සිංහල යනු අලංකාරවත් බස් රටාවකි. එය අක්ෂර වින්‍යාස හා ව්‍යාකරණ නීති තුල පවතින්නා  වූ රටාවකි. අප මේ රටාවට හුරු වන්නේ , අතීතයේදී නම්, බොහෝ විට පන්සල මුල් කර ගෙනයි. මා පිළිගන්නා ආකාරයට අතීතයේ පිරිවෙන් අද්‍යාපනය තුලින් සිංහල භාෂාව අපේ පැරණි උගතුන් නිසි ලෙස හැදෑරු බවට සාක්ෂි විද්‍යමාන වේ. එදා සිංහල භාෂාව නිසි ලෙස ඔවුන් හදාරා ඇත. 
         එහෙත් වර්තමාන පාසල් අද්‍යාපනය සිංහල ඉගැන්වීම  සදහා වැඩි උනන්දුවක් නොදක්වයි.අවශ්‍ය පොතපත නොමැතිකම ,  නිසි සුදුසුකම් ලත් ගුරුවරුන් නොමැතිකම පාසලේදී සිංහල භාෂාව සදහා ලබා දී ඇති කාලය මදිකම , උගත්කම ලත් ගුරුවරු ළමුන්ට උගන්නන්න නොදන්නා කම යන හේතු මත සිංහල භාෂාව මේ වන විට නිසි ලෙස වර්තමාන පරපුර හසුරු වන්නේ නැත.
             තවද අප භාෂාව සැදී ඇත්තේ හෙළය මුල් කර ගනිමින් හා වෙනත් විදේශීය භාෂා එකතු කර ගනිමිනි. අතීතයේද අනාගතයේද මෙබදු වෙනස් වූ භාෂා රටා තව දුරටත් එකතු වේ.එය අපට වෙනස් කල නොහැක එබැවින්, සිංහලය තව දුරටත් වෙනස් වීමට ඉඩ ඇත.      
          භාෂාවක් අවශ්‍ය වන්නේ අදහස් හා  හැගීම් ප්‍රකාශනයටය. එය පහසු ලෙස හැසිර වේ  නම්, අප සමාජයට ගැටළුවක් නැත.එහෙත් ඉතිහාසයක් ඇති අපේ රටට පැරණි බස රැකිම පිලිබද වටිනාකමක්ද  ඇත.එය වෙනමම ප්‍රශ්නයකි. ඉතිහාසගත සියළු දේ සංරක්ෂණය කරන අපට භාෂාවද සංරක්ෂණය කරගත යුතු වන්නේ, අපගේ අනන්‍යතාවය රැක ගැනීමටය. 
           සමාජ දියුණු වී, තාක්ෂණය  හා මාද්‍ය ලෝකය පුළුල් ඌවට පසු  භාෂාව වේගයෙන් වෙනස් වීම් වලට භාජනය විය. ලිඛිත භාෂාවේ වැදගත්කම අඩු වී,කථික භාෂාවද ලිඛිත වන්නට විය. 
        වයස තේරුම් නොමැති උදවිය භාෂාව හරි හැටි නොදැන, කුමක් හෝ කියවන්නට , ලියන්නට පටන්  ගත් යුගයක ආරම්භයකට සිංහළය  දැනට ප්‍රවිෂ්ඨ වී ඇත.
      ලෝකය වෙනස්වීම් වලට භාජනය වනවා සේම, මේ වෙනස්කම්ද අපට නතර කල නොහැක. මේ නිසා උපකාරක පද මෝඩ් වීමද , සන්ධිවාචකයන් ලොප් වීමද දැකගත හැක.
      භාෂාව අප සංස්කෘතියේ සංකේතය වුවද ඉස්සරහට එය එසේ නොවන්නේය. අද්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් නොකොට , භාෂාව නම් තව දුරටත් රැකියා නොහැක්කේය. නිසි බස ඉගෙන නොගැනීම හා භාවිතා නොකිරීම ගැන මතු පරපුරට දොස් නොකිය යුතුය. සුදුසු දේ නොකළහොත් සිංහළය තව දුරටත් ඉතිරි නොවන්නේය. 
           නිවැරදි බස හැසිරවීම ඇත්තෙන්ම අපට අවශ්‍යද......? ඔබේ මතයට ඉඩ.....

Saturday, July 26, 2014

ප්‍රේමයේ සත්‍ය කතාව


තාරුණ්‍ය  උද්වෙගකරය ...........
සද මඩලක්ව පිරිසිදුය ........පියකරුය ........
අහම්බයෙන් එන මේඝ වලාවන් සද මත වැටි .........
අන්ධකාරය .......අමාවක සේ .......

හොරෙන් ඉසිඹුලන සිතුවිලි ........
එක්රොක්ව පෙළගැසී ........
කතිකාවතකට පෙළහර පාන ඉල් මසේ .......
සද නම් බියකරුය .......පුරුද්දට මෙන් .......

තාරුණ්‍ය  නිසි අරමුණු නො ,ගත වූ කල 
වැලද ගත් මාවත ...... තනිව නොව උපාලිලා සමගින් ……
නිමල් ඉන්දිරා දෑත් පැටළුනේ ....?

පරාජය වූ ප්‍රේමය වැලද  ගෙන නන්නත්තාරව 
මරණයේ සුදු කොඩි නොදැන යන්නම ගිය නිමල් ....
ආපසු එයිදැයි මග බලන හුදෙකලාවූ තාරුණ්‍ය  සමගින් 
මැදිවියේ එළිපත්තට පැමිණ ආපසු හැරුන ඉන්දිරා .....
ජීවිතය කුමක්දැයි සෙවුවේ ........

තනිකම , පාළුව දරාගත නොහැකිව ..........

උද්වේගකර තාරුණ්‍ය  .......සමාජවාදය ......
හදන්න බලපු අලුත් ලෝකය ........
සියල්ල හිරුදුටු පිනි සේ .........වියකි .... ගිහිල්ල .....
ඉන්දිරා .......

අනන්‍ය  වූ කිසිවකුත් නොඉතිරව...... 

ප්‍රේමය අබියස තනිව ........ හැඩුම් ලාගෙන ආපසු එන්නේ නැති 
නිමල්ව  සොයන්නේ .......ආ මග හුන් අය හැරගිය හන්දද .....


ගුණදාස අමරසේකරගේ 'ප්‍රේමයේ සත්‍ය කතාව ' ඇසුරින් නිර්මාණය වූ නිසදැස..... තාමත් හිත් කොනේ රව් පිළිරැව් දෙන්නේ  ප්‍රේමය හා විශ්වවිද්‍යාලිය සමාජවාදයේ බිදවැටීම ම,සිතට පසක් කරලමිනි.

Saturday, July 12, 2014

ජමිලා.....


තිරුගු යායේ දුවපැන ඇවිද්ද රුවැත්තියේ ....
ගී ගයමින් ,නටමින් ....සෙවූ තාලය ......
ජමිලා ....නුඹ ජීවමානයි මගේ හිත අද්දර

විසුරුණු කෙහිරැලි  තඹවන් ..... දිගු දෑස ....
ජමිලා .....නුඹ ජීවිතය සෙවූ හැටි .....

දුක හිතෙන හැන්ද යාමයට ගුලි කරන් කදුළු බිදු ....
තාරකා අතරින් මග බලන් ස්වාමියා එනු ඇතැයි ....
ගෙවීගිය දවස් යුද්ධයට ශාප කරමින් ....

ජමිලා ..... තිරිගු යායේ හැංගි....... ... මතුවේවි .....

හද ගැහෙන රිද්මය ... අනේ .... මට ඇහුන ....
නැහුනාසේ .... සිටින්නම් මම ......

නුඹේ හිත .....  මං දන්නවා ... යන්න එපා සැගවිලා ....

නුඹ ජීවිතය හොයනකොට ........
පැටලිලා ... මං මගේ හිතට

අසම්මතය ...නුඹට සම්මත නැ ....
සත්තයි නුඹ අහිංසකයි .... එත් ....

සැගවිලා පලා යන නුඹේ රුව නොපෙනී යනකන්
මං බලන් ඉන්නම් .... නුඹට සුබ දවසක් ....




රුසියානු ජන සමාජයේ ....... අසම්මත වූ ප්‍රේම කාව්‍යක්...... මනුෂ්‍යත්වයේ .... රිද්මය තුල දෝංකාරය ....දුන් අයුරු.....

ජමිලා නුඹ වැරදිද.....?
එහෙම නැත්නම්.....
මං වැරදිද...?
අහල බලමු .....
අපි.......

Tuesday, May 6, 2014

බමර වලල්ලේ පිනුම් කාරයෝ


             බමර වලල්ල˜ සිනමා කෘතිය පසු ගිය වකවානූවේ දකුණේ භීෂනය සංකේතවත් වුවක්දැයි අතුල ලියනගේගෙන් ඇසිය යුතු ප්‍රශ්නයකි. තාත්වික ක්‍රියාදාමයන් ඇතුලත්ව නිපදවූ මෙම සිනමා සිත්තම පාතාලයේ ඇතුලාන්තය කුමක්ද යන්න නිරූපිතයි. පාතාල ලෝකයේ සිද්දි කිහිපයක් අරඹයා නිර්මාණය වුවද අපරාධ වැලක ආරම්භය සහ අවසානය දම්වැලක පුරුක් මෙන් එකිිනෙකා අතර වූ සහ සම්බන්ධතා මිත්‍රශීලිත්වය, පරිත්‍යාගය හා කළගුණ සැලකීම ඉන් ඔබ්බට වූ බලහත්කාරය මේ සියල්ල කැටිවූ සංවේදනා මනුෂ්‍යත්වය තුල වූ සෞන්දර්ය කියා පායිද? කලාත්මක චිත්‍ර පටියකට වඩා වාර්තාමය චිත්‍රපටියකට වැඩි ඉඩක් ඇති නිර්මානයක් ලෙස බමර වලල්ල˜ හැඳින්විය හැක. සිනමා කෘතියක් ලෙස සාර්ථකය.

                            පාතාල ලෝකයේ රජවරුන් කිරුළු පැලැන්දේ මේ ආකාරයටය. ලේබල් කිරීමේ සමාජ න්‍යාය, ගෝන මඩිත්තේ පොඩි එකා බිහි කලේය. ඌ ඉතා අහිංසකය. මනුෂ්‍යත්වයේ සර්ව සාධාරණය සොයන්න ගොස් ආවේගශීලී හැඟීම් මුදාහල මොහොකත පළවෙනි අපරාධය සඳහා අත්පොත් තබන්නට ඔහුට සිදුවිය. සමාජය ඔහු අපරාධකාරයකු කලේය. ඔහුගේ තාරුණ්‍ය සිරකොට තැබුවේය. අපරාධ නැමති විෂය හදාරන්නට බන්ධනාගාරය නැමති විශ්ව විද්‍යාලයට ඇතුලත් වීම සඳහා නොමිලයේ ශිෂ්‍යත්වයක් ඔහුට ලැබුනි. සියළු අධ්‍යාපන කඩ ඉම් ඉතාම සාර්ථක ලෙස හැදෑරු ඔහු උපාධියක් ලැබුවේය. අන්තර් ආශ්‍රය න්‍යාය, උප සංස්කෘතික න්‍යාය ,චර්‍යාවාදී න්‍යාය ගෝන මඩින්නේ පොඩි එකා විද්‍යාත්මකව බිහි කලේය. සියළු ශිල්පයන්හි කෙල දක්වමින් කඩු, දුනු ශිල්පද, පශ්චාත් උපාධිය ලෙස හදාරන ලදී. ඒ ඔහුගේ අධ්‍යාපනයයි. දැන් ඌ ශක්තිමත්ය.

              හිරෙන් මුදාහල තාරුණ්‍ය නැවතත් සිර කල නොහැක. ඔහු හැඟීම් බර විය. රෝග ලක්ෂණ පහල විය. ස්වභාධර්මයට විරුද්ධ වීමට ඔහුට නොහැකි විය. ඒත් ඒ හැඟීම් කාට පවසන්නද? කීප විටක් උත්සාහ කලේය. එහෙත් සිදුවූයේ කුමක්ද? නැවත වතාවක් ඔහුට ඔහුම නැතිවිය. සමාජ ආර්ථික පසුතලය නැවතත් ඔහුගේ සිතුවිලි අතරමං කරන ලදී. තාරුණ්‍ය නැවත සිරගත වන ලදී. ගෝන මඩින්නේ පොඩි එකා, දැන් ඔහුට නැතිවන්නට දෙයක් නැත. නව සමාජ රැල්ල ඔහුව ආදරයෙන් පිළිගන්නා ලදී. ජීවිතය ඔහුට නැවත ලැබුනි. ඒ විතරක් නොවේ සියළු දේ ඔහුට ලැබුනි. ඒ ඔහුට ලැබුනු දයාවන්තකම, සෙනෙහෙවන්තකම ලඟ පොඩි එකා ණය ගැති උනි.

             ඔහුගේ ඉරණම විසෙඳන මායාව ඔහු නොදත්තේය. පාතාලයේ රජවරු නිතර ගැටෙන බව ඔහු නොදත්තේය. ඒ සියල්ල ඔහුට බලා සිටින්නටත් ඒ තුලින් ණය ගෙවන්නටත් සමාජ රැල්ලේ මුදුනා වෙන්නටත් ඔහුට සිදුවුනි. පොඩි එකා දැන් අහිංසක නැත. නමුත් ඔහුගේ හිත හයයි. ඒ ඔහු මනුෂ්‍යයකු බැවිනි. ඔහු මෙහෙයවන්නේ සමාජ රැල්ලයි. අනන්‍යතාවය ඔහුට අහිමිව ඇති බව ඔහු තේරුම් ගෙන තිබුනි. සමාජ රැල්ලෙන් මිදීමට හා ඉන් ඔබ්බට යාම ඔහුට තහනම් විය. තව ණයගෙවිය යුතු ඇත. ඒ ඔහු ජීවිතය නැවත ලැබූ පාපයටය. එහෙත් ඔහු උපන් අපරාධකාරයකු නොවේ, ජීව විද්‍යාත්මක අපරාධ සාධකයද ඔහු තුල නැත. ඔහු අපරාධකාරයකු ලෙස නිර්මානය කලේ සමාජයමයි. පොඩි එකා ජීවිතය උගස් කලේය.  
            ලිංගික සූරාකෑම් පාතාලය තුල වූ එක් අත්‍යවශ්‍යය කොන්දේසියකි. රජවරුන්ට අන්තඃපුර අවශ්‍ය සේම පාතාල රාජධානියේද මෙය දක්නට ලැබුන බව බමර වලල්ලෙන් දිස්වේ. අවසානයේ සියල්ලෝම සතුටින් සිටින්නක් බව නොව සියල්ලෝම විනාශ වන බව බමර වලල්ලේ පිනුම් ගහන කෙරුම්කාරයෝ දැන සිට ඇත්ද? ස්වභාව ධර්මයා සිය නීතිය අවසානයේ අතට ගනියි. ස්වභාධර්මය නැමති අධිකරණයේ ස්වාභාවික යුක්තිය විත්ති කරුවන්ට දඩුවම් කරයි. නීතියේ මූලික සිද්ධාන්තය වඩාත් තහවුරු විය. බමර වලල්ලේ පිනුම් ගහන්නට සියළු දෙනාටම නොහැකි වන්නේ ඒ හන්දාය. එබැවින් පාතාලය මර්ධනය වන්නට විය. අතුල ලියනගේ දකින්න ඇත්තේ පාතාල ලෝකයේ පැතිකඩක්ද ? නැතහොත් ස්වාභාවික නීතිය සියල්ල විසඳන බවද ? පිළිතුර ඔබට භාරයි.

Wednesday, April 30, 2014

වහල්භාවය




              "The Narrative of the Life of Frederick Douglas," Fredrick Douglass විසින් රචිත ඉංග‍්‍රීසි භාෂිත චරිතාපදනය නීතිඥ හර්ෂි පෙරේරා විසින් පාඨකයින් හට කියවීම සදහා සිංහළ භාෂාවෙන් රචනා කරන ලදි. මෙය ශ‍්‍රී ලාංකීය පාඨකයින් හට අළුත් අත්දැකීමක් වන්නේ වහල්බාවය ශ‍්‍රී ලංකාව තුළ නොතිබුනු සංකල්පයක් බැවිනි. ඇමරිකා ඵක්සත් ජනපදය පදනමි කරගත් මෙම සංසිද්දීන් අද වන විට වියැකී ගොස් ඇත්තේ හිටපු ඇමරිකානු ජනාධිපති ඵබ‍්‍රහමි ලින්කන් මහතාගේ මැදිහත් වී තූලිනි. මේ වන විට ශ‍්‍රීලංකාව තුළ පැවතියේ වැඩවසමි යුගයයි. වහල් යුගය බටහිර සංකල්පයක් බව සිතාගත හැක්කේ සියළුම පෙරදිග රටවල් තුළ වැඩවසමි ක‍්‍රමය ක‍්‍රියාත්මක වීම නිසාය.

          ලෝකය විකාශනය විය. ප‍්‍රාග් ඵෙතිහාසික යුගයෙන් ආරමිභ වු සමාජ විකාශණයේ දෙවන අදියර වහල් යුගයයි. වහලා හා වහල් හිමියා ඵම යුගයේ වැදගත් සංකල්පයන් විය. බලය හිමි පංතිය වහල් හිමියා වු අතර බලය අහිමි පංතිය වහලා බවට පත්විය. මෙම ගැටුම බටහිර සමාජය තූල ඵවකට නිරන්තරයෙන් සිදුවිය. මෙම ගැටුමි තීවිර වීමට තවත් හේතූවක් වුයේ සුදු කළු බේදයයි. සුද්දන් හා කල්ලන් වහල් සමාජයේ ප‍්‍රබල සාධක විය. බොහෝ වහළුන් කල්ලන් විය. ඵවකට පැවැති සමාජ තත්වය මනාව නිරූපණය කරමින් වහල්බාවය Federick Douglass මෙම කෘතිය රචනා කරන ලදි. මෙය හර්ෂි පෙරේරා අපුරුවට සිංහළ භාෂාවෙන් අප පාඨකයන් වෙත ගෙනෙන්නේ සිංහල සාහිත්‍ය වංශයේ ඵක් සංදිස්්ථානයක් බවට පත් කිරීමේ අභිලාෂයෙනි. මෙය අපේ කථාව නොවුනු නමුදු අප සමාජ අභ්‍යන්තරය ඵවකට වැඩවසමි යුගයේ සිද්ධාන්ත වහල් යුගය තුළින් පිළිබිඹු වන ආකාරය වටහා ගත හැක වහල්බාවය චරිතාපදනයකි. මෙය ඹහුගේම ආත්ම කථනයයි.

         Fedrick Douglass ගේ අධිෂ්ඨානය වහල් බවෙන් මිදීමයි. ඹහු උපතින්ම වහලෙකි. මව කල්ලෙක්. පියා සුද්දෙකි. ඹහු තවත් සමාජ අසාධාරනයක ප‍්‍රථිපලයෙකි. වහළුන් බෝ කිරීමෙි ඵක් ක‍්‍රියාවක සංකේතයකි. වහල් සමාජයේ සාමාජික සංඛ්‍යාව වැඩි වුයේ කල්ලන්ගෙන් හා මේ ආකාරයට බෝ කරගත් නව සාමාජිකයන්ගෙනි. ශ‍්‍රමය පමනක් මුල් කරගත් මෙම යුගය ඉහල වටිනාකමක් ලබා ගන්නේ ශ‍්‍රමය සදහා පමනි. ඹවුන්ට වටිනුයේ මනුෂ්‍යයා නොව ශ‍්‍රම වටිනාකමයි. ඵ් සදහා ඹවුහු වහළුන් වදහිංසාවට ලක් කිරීමට තරමි පෙළඹුනේ ඹවුන්ගේ සමාජ දේශපාලනය ඵම ක‍්‍රියාවන් සාධාරණිය කල නිසාවෙනි. Fedrick Douglass ඹහු විදි අනේක දුක්ඛ දෝමනස්සයින් පෙල ගැස්සුවකි. හර්ෂි පෙරේරා ඵම සංවේදනාවන් ඵකින් ඵක ඇමිනුවේ තව දුරටත් මනුෂ්‍යත්වයේ නාමයෙනි.

           මනුෂ්‍යයා ජීවත් විය යුත්තේ සමානාත්මතාවය රජයන සමාජයක වීම ස්වාභාවික නීතියේ මුලිකාංගයකි. නමුත් ඵදා වහල් සමාජය ඵ් සියල්ල ඹවුන්ට අහිමි කරන ලදි. Fedrick Douglass ඵ් බව මනාව පැහැදිලි කලෙය. වදහිංසා වලින් ගහණ සමාජයක උපත ලැබු Fedrick Douglass වහල්භාවයෙන් මිදීමට හා කැමැති ලෙස නිදහසේ ජීවත් වීමට ලැබු පන්නරය සියළුම වහළුන්ගේ විමුක්තිදායකයා වීම මුළු මහත් පීඩිතයන්ටම සැපයු ආදර්ශයක් විය.

               හර්ෂි පෙරේරා මෙවැනි චරිතාපදනයක් පරිවර්තනය කිරීම සදහා තෝරා ගැනීම කාලීන මෙහෙවරක් බව මාගේ හැගීමයි. මන්දයත් වහල් යුගයේ නෂ්ඨාවශේෂ යමි අවස්ථාවන්හිදී අප සමාජයේද දක්නට ඇති නිසාය. ප‍්‍රාග් ඵෙතිහාසික යුගයෙන් පටන් ගත් සමාජ විකාශණය මේ වන විට පන්ති ගැටුමක් දක්වා වර්ධනය වී ඇත. සමාජය යුගයෙන් යුගය පියවර තබයි. ඵහෙත් මනුෂ්‍යයින් ගෞරවාන්චිතව ජීවත් විය යුතූය. වදහිංසාව තුරන් විය යුතූය. Fedrick Douglass මේ බව අපට මතක් කර දී ඇත. ඵබැවින් මෙවැනි කෘතින් පරීවර්ථනය කිරීම සමාජ මෙහෙවරක් බව කිවයුතු මනාය.

Monday, April 28, 2014

දෙවොන්දරා ......



ආදරය අනියත බව නුඹ මට කිව්වා ....
එත් මට ආදරය කිව්වනේ ....
කබුකි බලන්න මන් ආසයි ....නුඹ මාව කැටුව ගියා
සිතල හිමේ පිපුණු සකුරා මලක් වගේ
මගේ හිත ගැහුනා ....
දෙවොන්දරා ...ඇයි ..... නොරිකො අමතක
මන් හැමදාම නුඹ ලගින් හිටියා ....
එත් .... දෙවොන්දරා සන් .....නුඹ ......
මගේ හිත පිරිමද්දට .... තෙරුන් ගත්තේ නැ ....
ආදරේ මල් ඇතිරුවට සුවද බැලුවේ නැ
මේ නොරිකෝ ... තාම නුඹට ආදරෙයි ....
කප්පරයක් තරම් මට ආදරේ දීල ....
නුඹ යන්නම ගියා ....
මේ පාළු සොහොන් බිමේ නුඹ තනියම ....
මන් කෝම ... මගේ ආදරය දාල යන්නද ....
දෙවොන්දරා .... මගේ දෙවොන්දරා ....
මේ සිත මට දරා ගන්න බැ .....
නුඹ නැතුව මට පාළුයි .......

Saturday, April 19, 2014

විරාගික වූ අරවින්ද




        සිය ඇතුලන්තයට වී ජිවත් වූ අරවින්ද ජීවිතය කෙබදු ආකාරයට දුටුවේදැයි සිතීම සංකීර්ණය . මනුෂ්‍ය සිතුවිලි වෙනස් බැවින් , ඔහු ආස කලේ මොනවටද යන්න , ගුප්ත චරිතයකින් වටහාගත නොහැක . මේ ඔහු පිළිබද මද විවරණයකි .

'අරවින්ද උප්පත්තියෙන් ලත් උපාසකකම නොහොත් භක්තිය ඇත්තෙකි . ගිහියකු මෙන් ජිවත් වී , මියගිය එකකු වුවද , ඔහු ලං වෙන්නේ තේරගථාවෙන් ,තමාගේ අද්ධ්‍යත්මය ඍජුව හෙලිකල පැරණි තෙර කෙනෙකුට හෝ තම ගිහි ජීවිතයෙහි දුසිරිත් හෙලිකල පැරණි තවුසෙකුටය ' 

         තනිව ජිවත් වූ ඔහු අවසන තනිකමෙන්ම පෙළෙන්නට විය , කැමති කිසි දෙයකට එළිපිට කැමැත්ත ප්‍රකාශ නොකළේය . ඇතින් හිද සියලු දේ , දකින්නට පුරුදු විය , මෙය ඔහුගේ චිත්ත අභ්‍යන්තරයයි .

'...........මගේ මේ ආත්ම චරිතයෙහි අවසානය කියවන ඔබ , මා , ව්‍යවහාරය නොසලකා නුවනින් තොරව ජිවත්විමෙහි ප්‍රතිපලයක් වශයෙන් අවසානයෙහි දුක් අනුභව කල එකෙකියි සිතනු නිසැකය . මම කිසි විටෙක එසේ නොසිතුවෙමි............... '. 

       අරවින්ද දුක වින්දේය . ජීවිතය විදිනවා කියා , විදෙව්වේය . එය ඔහු දනී , එහෙත් සියල්ල ඉවසුවේ , කුමන සැනසිල්ලකටද කියා ඔහුවත් දැන සිටියේ නැත . ඔහුගේ හැගීම් වල යථාර්තවදී බවක් තුබුණේ යයි , නොසිතෙන්නේ , අවසානයේ ඔහු මියගියද , ජීවිතය අර්ථ ශුන්‍ය වීමෙනි .

' ...........මා  මේ ජීවිතය ප්‍රිය කරන්නට වුයේ , ඇ නොලැබුන නිසා නොව , ඇ නිසා මා තුල හට ගත්තේ , රාගයක්, ආලයක් නොව ආසාවට එක්වුණු අද්භූත හැගීමකි . විරාග රාගයකි........... '. 

      අරවින්ද ආදරය දැන සිටියේය . එහෙත් කිසිවක් ලංකර ගැනීමේ ආශාවක් ඔහු තුල නොවිය . රාගය , දැනිණි , එහෙත් වියුක්තව සිටීමට ඔහුගේ හැගීම් ඔහුට වඩා ප්‍රබලවිය . එනිසා සදාකල් තනිකඩව සිටින්නට සිදුවුනි .

'.............ලෝකය ගැන නොසිතා අවංකව ජිවත් වන්නට වෑයම් කරන්නා ඔවුන්ගේ නින්දා  පරිභව ඉවසිය යුතුය . නොඑසේ නම් ගතානුගතිකව ජිවත් විය යුතුය ...........'.  

     අවට ලෝකය ගැන අරවින්දට කිසිදු හැගිමක්ද නොවිය . අරවින්ද අවංක අයෙකි , එහෙත් , බෙහෙවින් ශිලාචාර ගති ඇත්තෙකු වන්නට පරිසරය බලපාන්නට ඇති බව , කතාව තුලින් විද්‍යමාන නොවිය . අරවින්ද පරාජිතයෙකු යයි , අපට පොදුවේ නිගමනය කල හැක්කේ , ඔහු ලද ජයග්‍රහණ කිසිවක් නොවූ බැවිනි . ඔහු වෙනුවෙන් ඉතිරි වූ කිසිවෙකුත් නොවුයෙනි , මේ තුල ජීව විද්‍යාත්මක සමාජ පරිණාමයක් දැකගත නොහැක . අරවින්ද සදාකල් නිහඩය ගුප්තය.....