Showing posts with label කතන්දර. Show all posts
Showing posts with label කතන්දර. Show all posts

Saturday, June 21, 2014

ඔබ යන්න ගියා ඉගිලී.......




                      ඔබ මා හමුව ගෙවීගිය කාලය සිහිවන විට .... අනේ.... මට මගේ ආදරය ආපහු මා ගාවට ආවදෝයි සිතෙනවා. මට තාමත් ඔබව දැනෙනනවා. හීනෙන් වගේ මං ලගින් ඇවිද යන බවක් දැනෙනවා.

ඒ අතීතය සුන්දරයි.... මට මගේ වර්තමානයට වඩා, දරුවා අඩනකොට , හිත දුරක ගියත්, මගේ හිත තාමත් ඔබ එතැයි ... මග බලා සිටිනවා. අපි දෙන්නා අත් අල්ලාගෙන පියමන් කරපු හැටි.... ඇස් වලට කදුළු එනකන් හිනාවුණු හැටි....... නෝනා .... කියාගෙන මගේ පස්සෙන් වැටි මට ආදරය දීපු හැටි.... ඒ හැමදේම මට තාම මතකයි.....


              ඔබට පුළුවන් නම් මගේ කතාව අසාගෙන ඉන්න ..... මේ වගේ දුකක් කිසිම කෙනෙකුට අත් නොවේවායි ..... මං ප්‍රාර්ථනා කරනවා. ඉස්කෝලේ යන කාලේ ඉදන් අපි දෙන්නා ආදරෙන් බැදුනා,

සුදු .....

           මට එයාගේ පනටත් වඩා ආදරේ කලා. අපි දෙන්නට දෙන්නා දවසක්වත් නොදක ඉන්න බැරි තරමට අපි.... අපට ආදරය කලා. අපේ ගෙදරින් සුදුට කැමති උනේ ඔහු ගුණ යහපත් වගේම, මට හුගක් ආදරය කල නිසා. අපි දෙන්නට පුදුම තරම් නිදහසක් තිබුනේ ඒකයි


      ....... ඒත්.... දවසක් අපි අපේ කේන්දර බැලුව, බදින්න ඉන්න නිසා නිකමට වගේ බැලුව.....දෙවියනේ අහස කඩා වැටුන වගේ...... අහන්න ලැබුනේ,  සුදුට ආයුෂ අඩු බව. පොරොන්දම් බලපු මනුස්සයා කිව්වේ නම්, ඉක්මනට බබෙක් හදන්න, එතකොට ඔය අපලය ඇරිල යයි කියල. 

        
            අනේ මගේ සුදු මේ කතාව පිළිගත්තේ නෑ. ඔහු කේන්දරේ එච්චර ගණන් ගත්තෙ නෑ. මං කිව්වා අපි ඉක්මනට බබෙක් හදමු කියල. ඒත් අපිට තව වයස තියෙන නිසා ඔහු ඉක්මන් තීරණයක් ගත්තේ නෑ. කසාද බදින්න . ඔහොම සතුටින් කාලය ගතවුනා .... මට ඒ කතාවත් ටික ටික අමතක වෙලා ගියා...... 

               දවසින් දවස ගෙවුනා ..... අපි අපේ ලොවේ දුවපැන ඇවිද්දා. ආදරය කොතරම් සොදුරුද කියල හිතන තරමටම ....... 

අපිට කිසිත් බාධාවක් තිබුනේ නැ. සුදු මගේ පන වගේ මට දැනුනේ.

               දවසක් එයා , දේශපාලන රැස්වීමකට අකුරැස්සේ ගියා. මහින්ද මහත්තයාගේ රැස්වීමක් එදා තිබුනේ

         නෝනා .... , මම  හෙට උදෙන්ම අකුරැස්සේ රැස්වීමට යනවා. මං ඒක ඉවර වෙච්ච ගමන්ම ඔයාව බලන්න එන්නම්  කියල ... මට  , හාදු වැස්සක් දීල එදා හවස මගෙන් සමුගත්තේ , සදාකාලික වෙන්විමකටද කියල ඇයි ..... මට එදා හිතුනේ නැත්තේ..... දන්නවනම් මං ඔයාට එදා යන්න දෙනවද.....?

            ඔයා යන්න ගියා..... යන්නම ගියා .....ඊට පස්සෙන්ද ... මං බලන් හිටිය, ඔයා ඒවි කියල.
             එකපාරටම බයික් එකක් ගේ ළග නතර කරා. මං හිතුවේ සුදු ආව කියල. දුවල ගියේ ඒ මුණ දකින්න.

         ඒ ආවේ  ...... සුදුගේ යාලුවෙක්  ....

           අපේ අම්ම එක්ක කතාවක, අම්ම මගේ මුණ බැලුව. ඒ ඇස් වල කදුළු. මං බයවුණා.

           අම්ම කිව්වා , පුතේ ......... සුදු මහත්තය තුවාල වෙලා මාතර ඉස්පිරිතාලෙට ගෙනෙහින් කියල.

          මගේ ඇස් , නිලංකාර උනා . ඇදන්  හිටි ඇදුමෙන්ම , මං දිව්වේ මගේ සුදු බලන්න ඉස්පිරිතාලෙට.

 අකුරැස්සේ රැස්වීමට බෝම්බ ගහල හුගක් අයට තුවාලවෙලා.

 ඉස්පිරිතාලේ ඇදන් අස්සේ මං දිව්වේ පිස්සුවෙන් වගේ..... අනේ මගේ සුදු එතනත් නැ..... සමහරු මැරිලලු. එක එක්කෙනා ,කියනවා ඇහෙනවා.


             මගේ සුදු මැරිලා නැ..... මං දැක්ක ..... එයා ඔපරේෂන් කරලා, දැඩි සත්කාර ඒකකයෙ , විදුරු පෙට්ටියක් ඇතුලේ ඉන්නවා.

             අනේ .... මට එයා ලගට යන්න බැ. ඔලුව සුදුපටි වලින් ඔතලා, කකුලුත් ඔතලා. මට ලගට යන්න දුන්නෙ නැ. මං කැ ගහල ඇඩුව. මගේ අසරණයා මෙහෙම ඉන්නවා බලන්න මට බැ. දවස  ගානේ ගෙවිල සතියක්ම ගෙවුන. ඒත් එයාට සිහියක් නැ. තාමත් විදුරු පෙට්ටියේ.


          කෑමක්, බිමක් නැතිව මාත් ඔහේ හිටියා. මගේ සුදු ඇස් අරිනකම් බලන් හිටිය. 

      ආදරේ උනුවෙලා.... ලේ කදුළු වෙලා .... ගලා යනවා..... මටත් නොදනිම. මං මේ තරම් ආදරේ කරපු, මගේ සුදු වේදනාවෙන් ඉන්නවා දකිනකොට, මගේ හිත මං කොහොමද හදා ගන්නේ...... 


[එක් සත්‍ය කතාවක් ]


මතු සම්බන්ධයි........

Thursday, March 27, 2014

'' 90 දශකයේ ප්‍රේමයක් ''



            මම O/L වලට  පන්ති ගියේ ඉගෙන ගන්නමද මන්ද , කියල මට නම් දැන් හිතෙනවා . එකක් ගෙදරින් නිදහස නැතිකම , අනික යන්නම් වාලේ යාම . ඉතින් , අපේ පන්තියේ ගොඩක් දෙනකුට ප්‍රේමවන්තයනුත් හිටිය . ඒ ගොල්ලන් ලියුම් ලියනවා , ලියුම් කියවනවා , අපි එක්ක විස්තර කතා කරනවා . අනේ ඉතින් අපිත් කටවල් ඇරන් , උඩ බලන් සුරංගනා කතා අහන්න වගේ අහගෙන ඉන්නවා . දැන් වගේ නෙමේනේ , ආදර කතාවක් අහන්න එක්කෝ නවකතා පොතක් කියවන්න ඕන . නැත්නම් චිත්‍රපටියක් බලන්න ගෙදරින් එක්ක යනකම් ඉන්න ඕන . 

         ඔහොම ඉන්නකොට කොල්ලෙක් නැති අඩුව මට දැනුනේ වයසේ වැරද්දටද , නැත්නම් යාලුවෝ ඔක්කොටම ප්‍රේමවන්තයින් හිටිය නිසාද කියල මට තේරුනේ නැ . ඒත් , දැන්නම් දන්නවා , මේ ඔක්කොටම වඩා පරිසර සාධකය බලපාපු බව , මන් ඉතින් ලස්සනම නැ , ඒත් ටිකක් පෙනුමයි . ඊට වඩා පාසල්වියේ කැපී පෙනන දස්සකම් තිබුන නිසා , පිරිමි ළමයිනුත් මන් දිහා බැලුව . ඔන්න ... කොල්ලෙක් මං දිහා බලනවා , මං ගැන ටිකක් උනන්දුයි වගේ . මාත් බැලුව , හොරෙන් ...හොරෙන් මෙන්න එයා මට ලියුමක් එවල යාලුවෙකුගේ අතේ . 

        බයෙන් ... බයෙන් ලියුම අතට අරන් එකසයිස් පොතක කවරේ අස්සේ දාගෙන ගැහි ගැහි ගෙදර අරන් ගියා . ලියුම එලියට ගන්නත් බයයි , කවුරු හරි දකී කියල . පැය ගානක් පොත අස්සේ තිබිල , ගෙදර කට්ටිය අඩුවෙනකම් ඉදල , ටොයිලට් එකට අරගෙන ගිහින් ලියුම දහ සැරයක් විතර කියෙව්වා . හිතට මොකද්දෝ වෙනවා වගේ , ඒ වුනාට මේකට හා කියන්න බයයි මට , ඔහොම දව ගානක් ගිහින් , මෙන්න දන්නෙම නැතුව මාත් ලියුමක් ලියනවා , මාත් ඔයාට ආදරේ කියල , උත්තර ඇරිය , එදා ඉදන් කොල්ල බය නැතුව මං දිහා බැලුව , 

         දැන් අපි ආදරය කරනවනේ , දිගටම පොත් ගණන් ලියුම් ලිව්වා . එයාගේ පන්තියේ සටහන් , මගේ මුතු අකුරින් පිළිවෙලට ලියනවා . වරද්දන්නෙ නැතුව පන්ති ගියා . එයාව දකින්න පුළුවන් මට පන්තියේදී විතරයි . පන්ති ගියාට කිසිම දෙයක් ඉගෙන ගත්තේ නම් නැ . ඔලුවේ තිබුනේ එයා විතරමයි , වාසනාවට මොනවා හරි දන්න නිසා , විභාග අසමත් උනෙත් නැ . ලාවට ගොඩ දාගත්ත . මේ සම්බන්ධෙ ගෙදරට ආරංචි වෙලා , අපේ ගෙදරින් යුද්ධ ප්‍රකාශ කලා . අපට ඒගොල්ලන් ගැලපෙන්නේ නෑලු . හරියට ගම පෙරළියේ නන්දට උනදේ මටත් උනේ . 

            ඒත් අපි හොරෙන් ආදරේ කරා , ප්‍රශ්න ආව , අපට , ලියුම ලිවුවා ඇති වෙන්න , හම්බ උනේ නැ , දවස් ගණන් . ඔහොම ඉන්නකොට අපි ටික ටික ඇත් වෙනවා වගේ දැනුන , එයාට දැන් මාව අමතකයි වගේ ,  ලියුනුත් එවන්නේ නැ . මටනම් ගොඩක් දුක හිතුන , ඒ මගේ ප්‍රථම ප්‍රේමය නිසා . මම හිතෙන විදියට ගෙවල් වල අකමැත්ත නිසා , එයා මගෙන් ඇත් වෙන්න හිතන්න ඇති , අදටත් මං හරි හේතුව දන්නේ නැ . මගේ ලියුම් එයා අපහු ගෙනත් දුන්න . එයාගේ ඒවත් මන් අපහු දුන්න . අපේ ප්‍රේමය අවසන් කියල මං දැනගත්ත .