Showing posts with label චරිත. Show all posts
Showing posts with label චරිත. Show all posts

Thursday, April 7, 2016

ඇය .... නම් වුවාය ...


සුරඟන අවදියක්  පසු නොකළ බව ඇය වරෙක කිවාය .... සමනල  තටු වල පාට හොයනවා වෙනුවට, ඇය ජීවිතය ගෙට ගැසූ  බව ඇගේම සටහන් තුල කියැවුනි ..... 
සොදුරු රුවක් හිමි නොවුනද ... ඇය ... වශීකෘත චරිතයක් වූ බව මගේ නිගමනයයි . රුපය  සහ පුද්ගල අසක්තභාවය අතර සම්බන්ධතාවය මෙහෙම වන්නට ඇතැයි මම සිතමි . නැතහොත් ..... අඩු වැඩි වූ .... ලිංගික පිළිඹිබුවක් ඇය තුල උපතින්ම ඇතැයි සිතමි. 
කාන්තාව ස්වභාවයෙන්ම අවදානම් චරිතයක් යයි ... සමාජ මතයක් පවතියි .... ඇය ඇත්තෙන්ම පිරිමින්ට වඩා, අවදානම් වන්නේ කුමන නිර්ණායක මතද ...? යන්න ගැටළුවක් . ස්ත්‍රී පුරුෂභාවය තවමත් සමාජ ගැටළුවක්ව ඇති බව මේ අනුව පෙනේ. 



කාන්තාව සමතැන් ඉල්ලති . සමාජය මේ කියමන දෙස වපර ඇහෙන් බලයි. යථාර්තය නම් ... පිරිමියා මග හරින සියළු වගකීම් ... ඉටු කිරීමට සිදු වෙන්නේ නැවත කන්තාවටමය. එතකොට මේ සමතැන කාන්තාව වෙත ඉබේම පැවරිලාය. දෙන්න අකමැති ... ඉබේ පැවරෙන මේ කටයුත්ත දෙස බලන සමාජය අනුකම්පා දෑසින්ම .... මේ ශක්තිමත් කාන්තාවගෙන් යමක් ඉල්ලයි . ඒ ලිංගික ආරාධනාවන්ය.
අසම සම වූ මෙවැනි කාන්තා  චරිත සමාජය තුල බිහි වෙන්නේ ... ඉහත ක්‍රියාවලියේ ප්‍රතිපල මත යයි මට සිතේ. 
ඇය සියළු දේ දරන්නිය. මහ මෙරක් තරමට නොසැලී සිටින්නීය. නමුත් ජිවත් වන්නට සිදු වන්නේ මේ කුහක සමාජය තුලමය. 
ඇය බොහෝ දේ කලාය. අන් කාන්තාවන් නොකළ දේ කලාය. මේ ඇගේ ශක්තියද ...? සමාජ වෛරයද ...? නැතහොත් බටහිර අනුකරණයද ...? යන්න තවමත් සිතා ගත නොහැක. 



මේ සියල්ල කරන්න තරම් ඈ තුල වූ ප්‍රබල ආත්ම ශක්තියට අප ගරු කල යුතුය. ජීවිතය දිය කරන කාන්තාවන් ඇති මේ සමාජය තුල ... ඇය සියළු හැගීම් විවරණය වූ කැඩපතකි. 
ඇය යමක් කරයි ... වෙනස ඇය කරන දේ අන් අය  නොකිරිමයි .  කාන්තාව තුල වෙනස් වූ යමක් කරන්න සමාජ බියක් ඇත . ඇයට මේ කිසිත් ගානක් නැත. 
වරෙක ඇය සමාජය ඉදිරියේ නිර්වස්ත්‍ර විය. ඒ නිරුපන අවශ්‍යතාවයටය. සිය සැමියා වෙත සෘජු වාග් ප්‍රහාර එල්ල කලාය. ඒ බිද වැටුණු සිය විවාහය සාධාරණියකරණය  කරන්නටය. එම හේතුවෙන් ඇය තනි වුවා යයි කිසිවිටක නොකිවාය. ඒ කිසිවකට ඔහු (ස්වාමි පුරුෂයා ) පිළිතුරු නොබැන්ද හේතුවද කිසිවකු නොදනි.



වරින් වර මුහුණු පොතේ ඇයගේ වෙනස්ම චායාරුප පලවිය. මේවා ඇය විසින්ම පලකරනු ලැබූ ඒවාය . විවිධ චායාරුප පලවන මුහුණු පොතේ මෙවැනි නිරුපන ගෝලීයකරණයට අනුව සාමාන්‍ය වේ. එහෙත් .... ලංකා සමාජය තුල කතා බහට ලක්වූ ... පෙරළිකාර නිරුපනයන්ය. 
ඇය මේවා කැමැත්තෙන්ම කරන්නේ ඇයිදැයි .... නොතේරෙන්නේ .... මේ හැසිරීම් තුල වූ යම් රැඩිකල්භාවයක් සහිත යමක් දැනෙන නිසාවෙනි. මේ සටහන ඇය පිළිබද විවේචනයක් නොව . කාන්තාව තේරුම් ගැනීමට දරන උත්සාහයක් පමණක්ම වේ. 
මෙවැනි හැසිරීම් කාන්තාව  තුල ස්වභාවයෙන්ම නැතයිද  සිතිය නොහැක.  සමහර කාන්තාවන් අප්‍රසිද්ධියේ  පමණක් රගන මෙවැනි භූමිකාවන් මේ සමාජය තුලම  ඇත. 



බටහිර සමාජයේ ප්‍රසිද්ධ කාන්තා චරිත සිය නිරුවත  පෙන්වීමට කැමතිය. විවිධ හැඩතල ඔස්සේ සිය ශරීර අවයව මාධ්‍යට නිකුත් කර ඇත. විවිධ කෝණ රූ ගත කර ඇත. එහි වරදක් ඇති බවක් කවුරුන්වත් මෙතෙක් කියා නොමැත. 
මෙවැනි ස්වභාවික හැසිරීම්.... අන් අයට පෙන්වීමට කැමැත්තක් සියලු කාන්තාවන් තුල ඇතැයි මා අනුමාන කරන්නෙමි. එහෙත් විලි බිය නමැති සංකල්පය ලංකා සමාජයේ මුල් බැස ගෙන ඇති හෙයින් .... ප්‍රසිද්ධියේ කවුරුත් මේවා නොකරති. 
ඇය හරිද ......... අපි වැරදි'දැයි නොදනිමි. 
වරෙක සිය පන්හිද අතට ගත ඇය ..... විවෘත ලෝකයට ඇගේ තතු ලියන්නට වුවාය. උඩු යටිකුරු ප්‍රකාශ කුරුටු ගෑවාය. පොත මාර්කට් විය .... ඇයද ඒ සමග මාකර්ට් වූ බව .... සමහරු කියන්නට වුනි. 
ප්‍රසිද්ධියේ නිරුවත් වීම, ප්‍රදර්ශනකාමය  යයි සමහරු හදුන්වති ... මෙය යම් විදියක  සුළු මානසික රෝගයක් යයි , තවත් සමහරු පවසති ... එහෙත් .... එය ... සාමාන්‍ය තත්වයට ලග  යයි මට සිතේ ..... 
ඇය නිරුපනයේ යෙදේ .... එහෙත් ඇය නිරුපිකවක්ද ..... නොවුවාය .... එසේ නම් ඇය කවුද ...? 
මවක් ලෙස යුතුකම්ද ඉටු කරයි .... දු,වරුම දෙදෙනෙක් සිටින බව මගේ මතකයේ ඇත . ඇයගේ නිරුපන මුල් කාලයේ අන්දෝලත්මක වන විට ඇය ගුරුවරු ලවා , දරුවන් ආවරණය කලාය. 
මේ ඇගේ මා  දුටු මනෝභාවයන්ය ....... ඇය නොව ඇගේ මනෝභාවයන් පමණක් මෙලෙස සටහන් කරනුයේ පුද්ගල චර්යාවන් විනිවිද දකින්නටය ......

Saturday, October 11, 2014

රාණිගේ ලෝකය

රාණි.......
නෝනා.......


අහිංසක දෑස් දිගු  කරන්...... වරෙක ඇය බලන්නීය....... උදේ පාන්දරට විදියට බැස කියක් හරි හොයන්නෙ ....ඇය ජීවිතය ජිවත් කරන්නටය..... වැසිකිලි සංකීර්ණයේ නවාතැන් ගත්තේ ඇයට උන්හිටි තැනක්, නැති නිසාවෙනි..... 


පළමු සැමියා හා විවාහකය. , එහෙත් ඔහු ඇය හැර  ගොසින්ය. දෙවැන්නත් හැර ගොහින්ය. පුතෙක් සිටි..... ඔහු හිතුවක්කාරයෙකි. මවට ඌ ගැන කැක්කුමක් ඇතත්, ඌට එසේ නැත, වරෙක මවට ඔළුව පැලෙන්න පොල්ලකින් ගසා ඇත්තේය. තවත් වරෙක අත මිරිකා කඩා ඇත්තේය. මේ මොහුගේ හැටිය. ඉතින්....... රාණි. සියල්ල ඉවසා ඉස්පිරිතාලේ දවස් දෙක තුනක් ඉදල ...... ඉන්න බැ කියල හිතුනම ටිකට් බලෙන් කපා ගෙන නැවතත් පාරටම යන්නීය. කියක් හරි හොයා ගත්තම පුතාටත් මොනවා හරි ගොහින් දෙයි. ඒ ඇගේ හැටිය. පුතු සමග කවදාවත් තරහ නොගන්නිය.


වරෙක ඇය මට මෙසේ කීවාය.


නෝනා...... පුතා ගැනු ළමයෙක් එක්ක යාළුයි. ඒකි හොද නැ....වෙන කොල්ලොත් එක්කත් යනවා. 
මං ඕක .......කරන්න එපා කිව්ව, මු අහන්නේ නෑනේ. 
ඒකි පස්සෙන්ම යනවා ...... දැන් ඒකිත් එක්ක ඉන්නේ.


කිහිප දිනකින් ඇය මට නැවත මෙසේ කියන්නීය.

නෝනා...... මං කිව්ව .... ඌට .... කතරගම කාලෙන් පස්සේ අරකිව බන්දල දෙන්නම්...... එතකන් කීයක් හරි හොයා ගන්නකම් ඉන්න කියල ......


මාස දෙක, තුනක් .... ගියා.....



නෝනා....... අරකිට දැන් ළමයෙක්ද කොහෙද හම්බ වෙන්න ඇවිල්ල, මාස දෙකයිලු.....ඒකි පුතත් එක්ක රණ්ඩු වෙනවලු...... 



වෙන කොල්ලොත් එක්කත් යනවලු....... 



නෝනා...... අරකි......ඉස්පිරිතාලේ නතර කරගෙන , අර හම්බ වෙන්න ඉන්න ළමයට මොකද්ද වෙලාලු. 



ආයෙත් දවසක 

පුතා එක්ක තරහ වෙලා ඒකි වෙන එකෙක් එක්ක ගිහින්...... පුතා ගැහැව්වා කියල ආරන්චියි....



නෝනා ......... පුතා...... දැන් අරකිගේ නංගිත් එක්ක යාළු වෙලා..... හැබැයි..... ඒකි නම් අක්කට වඩා හොදයි...... මං කැමතියි.... ඒකිට නම්.....



 ඇගේ දුක.... සැප...... වරෙක  සියල්ල මා වෙත කියන්නීය........ 



කොන්ඩේ පීරා පාට පාට මල් ගසා, කොන්ඩ කටු ගසා, පාට පාට සාරි අදින්න රාණි හරිම කැමතියි....... හැබැයි...... තරහ ගිය දින වලට කොන්ඩෙත් නොපිරා..... අවදි උනා විගසින් පාරට බහින්නේ , කුණු හරුප දෙක තුනකුත් කියා ගෙනය. 



දින ගානකින් ඇය ආවේ නැ...... මං ඇහුව ඇයි......?



නෝනා .....මං ඉස්පිරිතාලේ ඉදල ඊයේ ආවේ....... පුතා මට ගහල. බෙහෙත් ගන්න ගියාම නතර වෙන්න කිව්ව. 



මං භූමිතෙල් බිව්වා..... නෝනා........ තවත් දිනක කියන්නීය.....



මේ ඇගේ හැටිය. ඈ.... ගැන ......නෑයෝ ගැන තවත් වරෙක කියන්නීය.



ඊයේ මල ගෙදරක ගියා .... නෝනා......මල්ලිගේ දුව කොල්ලෙක් එක්ක යාළු වෙලා..... අම්මට අහු උනා. කියල ..... ඒකි කදුරු ඇට කාල මැරිලා....



තවත් දිනක ඇය කියන්නේ..... 



අදත් මල ගෙදරක් නෝනා...... අපේ...... නැන්දගේ දුගේ දුව...... ළමයෙක් හම්බ වෙන්න ගිහින්...... මරුන. අපි එහේ ගියා......



මේ රානිගේ ලෝකයයි....... මේවා අසන්න කෙනෙක් නැත. එහෙත්, මේ සියල්ල ඇය මවෙත පවසයි...... 



දවස පුරාම ඇයට වැඩ නැත. කාගේ හරි කුලී වැඩක් කරදී සියක්, දෙසීයක්. කෑම පිගානක් හොයා ගත්තොත් ඇයට ඇති.....සමහරු වැඩ අරන්.... සල්ලි නොදෙන අවස්ථාත් ඇත. එදාටත් .... නඩුව මටය. 



කෑම ටිකක් හම්බ උනාම එකෙන් ටිකක් කා ඉතිරි ටික පුතාට හරි, ඒගොල්ලන්ගේ බබෙක් ලැබෙන්න ඉන්න කාට හරි ගෙනියන්න .....රාණි ඔතා ගනී. මේ ඇගේ සිරිතය. වරෙක ඇය ..... ඇයට වඩා ..... අනිත් අය ගැන සිතන්නිය.  දුක් ගන්නීය.



සවස් කාලය තමයි, ඇගේ විනෝදජනක කාලය මොකද ..... අර හම්බ කරපු සල්ලි වලින් කාලක් ගසා සුර් වී..... සින්දුවක් කියා නටන්නේ එවිටය.... මේකට වෙලාවකට ඇය බස් ස්ටෑන්ඩ් එක තෝරා ගනී...... ඇගේ නැටිල්ලට , එතන ඉන්න කොල්ලෝ කුරුට්ටන් .... කුමක් හෝ කියා ඇයව අවුස්සා ගනී....... අන්තිමට ඈ .....ශුද්ධ සිංහල ඉවර කර ..... ඇදිවත ද උනා දමා. ඔවුන් පසුපස දිව යයි...... 



ඇ ...... බෙහෙවින් කළුයි..... එනිසා  කොල්ලන් ඇයව හදුන්වන්නේ   කාක් .... යන අනවර්ථ නමෙන් . කාක්....... කි.... විගස ඇය ආවේස වේ. 



එවිට ඇය..... පොලිසියට කුදලාගෙන යයි....... ප්‍රසිද්ධ ස්ථානයක බිමත්ව අශෝභන ලෙස හැසිරීමේ වරදට , ඇයට උසාවි යන්නටත්.... හිර ගෙදර යන්නටත් සිදුවේ. මේ ඇගේ ජීවිතයයි.

රාණි හිත හොද එකියකි. ඇය කෙදිනකවත්, හොරකම් කරන්නේ වත්..... වෙනත් දුසිරිත් වල දෙන්නෙත් නැත. ඔවුන්ගේ.....ලෝකයේදී, ඇගේ වෙනස එයයි...... ඇය කරන එකම වරද, හවසට පොඩ්ඩක් ...... තොල ගා ගන්න එකය. 

දිනක්.... ඇගෙන් තව නඩුවකි.

නෝනා....... බලන්න නෝනා....... මං පෝන් එකක් ඉස්සුවා කියල , අරුන් මාව පොලිසියට අල්ලලා දෙන්න හදනවා......

එදින වැසිකිලි සංකීර්ණයේ කාල ගෝට්ටියකි. එතන නිදා හුන්..... වෙනත් නොදන්නා කෙනෙකුගේ පෝන් එකක් , ඔහු නිදි අතර නැති වී ඇත. ගත්  එකකු නැත. ඔවුන් රාණිව ඒකට අල්ලා ගෙන ඇත. ඒත්...... ඇය ගත් බවට සාක්ෂි කිසිත් නැති බැවින්, පැමිණිල්ලකුත් නැත.

මං ආයේ යන්නේ නැ නෝනා එතනට ....... උන් මගේ රෙදිත් විසි කරලා.....

දවස් දෙක තුනක් යනකොට නැවතත් රාණි වැසිකිලි සංකිර්නයේම ලැගුම් ගනී. තරහ උන් යාළුවී ඇත. 

රාණිගේ ලෝකය, අපේ ලෝකයට වඩා වෙනස්ය. ඔවුන්ට අනන්‍ය වූ උප සංස්කෘතියක් ඇත. ජිවන රටාවක්, හැසිරීම් රටාවක් ඇත. එකම දීපයක ජිවත් වන මොවුන් අපට වඩා වෙනස් වුනේ කෙසේද යන්න මං කල්පනා කලා. 

ඇය ද්‍රවිඩ එකියකි. ඇය හා අපි වෙන් උන සීමාව මේකද කියලත් හිතෙනවා, හේතුව නම් නොතේරේ. ඒත්..... ඇගේ අව්‍යාජත්වයට මං ඇළුම් කලෙමි. ඇය මට දක්වන බැදියාව , වරෙක සිත පාරවන්නකි. වරෙක ඇය සමහර ප්‍රශ්න වලට මුහුණ දුන් ආකාරය බලපුවම , දැඩි ප්‍රතිපත්ති මත කටයුතු කිරීම, අප තරමටම සාමාන්‍යය. 

එසේ නම් රාණි..... ඇයි අපට වඩා වෙනස්.......අපේ පරම්පරාව තරමට ඇයගේ පරම්පරාවද ගමන් කර ඇත. එකම සමාජ සාධක වලටම්  මුහුණ දී ඇත. ජාතින් අතින් වෙනස් වූ පලියට , ඇයි රාණි වෙනස්.....?  


Sunday, August 10, 2014

අපේ කාලයේ සහෝදරයෙක්

        


         නිමල් පුංචි කාලේ ඉදන්ම ඉගෙන ගන්න දස්සයා . ඒත් ආර්ථික අමාරුකම් මැද්දේ අම්මගේ තාත්තගේ ගොවිතැන් වලට උදව් වී, කීය කීය හරි හොයා ගෙන පොත් අරන් ඉස්කෝලේ ගියා. හතේ අටේ පන්තියට එනකොට දකුණේ භිෂණය පටන් ගත්තේ නිමල්ලගේ අද්‍යාපනයටද කන කොකා හඩවමිනි . 
     මෙතක් ඔහු ආ ගමන් මග වෙනස් කරමින්, යන්න උනේ සමාජ සංශෝධන ව්‍යාපාරයේ පෙරටුගාමී චරිතයකට පන පොවමින්. ජාතියේ විමුක්තිය පිණිසය. සැබෑ දේශප්‍රේමියකුගේ වගකීම රට හා ජාතිය රැකිම බව, නිමල්ට පිළිගන්නට සිදුවුනි. පාසල් අද්‍යාපනය ඒ වන විටත් අවසන්ව නොතිබුනත්, ඔහු රට රැකීමේ භාරදුර කාර්යට අත තිබ්බේ සිය ජීවිතය පරදුවට තබමිනි. 
      ඔහු පෙරමුණේම ගියේය. සටන් ව්‍යාපාර දියත් කළේය. ඔහුගේම සමකාලීනයන් ආරක්ෂක අංශ අතින් අතුරුදහන් වෙද්දී, මළමිනී හන්දි ගානේ දැවී යද්දී, ඔහු ආයුධ සන්නද්ධ විය. පොලිසියට, හමුදාවට කට්ටි පනිමින් , වන වැදුනේ සිය ආරක්ෂාව පතාය. 
       හිරිමල් වියේ එළිපත්තේ සිට සුන්දර සිහින දකිනවා වෙනුවට , මරණය දකිමින්...බියෙන් සැකෙන් කාලය ගෙව්වේය. ඔහුගේ මිතුරන් බොහොමයක් හා ව්‍යාපාරයේ සාමාජිකයන් කිහිප දෙනෙකු  අතුරුදහන් වෙද්දී, නිමල්ගේ දිවි රැකුණේ පුරුවේ වාසනාවකටද කියල අපට සිතුනත්, ඔහු නම් සිතුවේ, මෙලෙස දිවි රැකුණේ කරුමයට බවය. 
       දකුණේ එක් ප්‍රසිද්ධ ගම්මානයක ජිවත් වූ ඔහු..... දේශප්‍රේමී වීරයකු ලෙස අවට ගම දනව් වෙතද..... නිමල් යන නම ප්‍රචලිත විය. ගෝනි බිල්ලෝ මග හරිමින්, දවලට නොපෙනී.... රැට පෙනී .... නොපෙනී..... සටන්  කරමින් ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් නිමල් ඇප කැප වෙද්දී..... කාලයාගේ ඇවෑමෙන් භිෂණය ක්‍රම ක්‍රමයෙන් ගිලිහෙන්නට විය. වල් වැදුණු නිමල්..... නිවසට එන විට , ඔහුගේ අනාගතයද වල් වැදී ඇති බව, ඒ වන විටත්  දැන නොසිටින්නට ඇත. 
      අඩපනව තිබු නිමල්ගේ පාසල් අද්‍යාපනය නැවත පටන් ගත්තේ, ගෙදරින් බැනුම් අහන්නට බැරිකම නිසාවෙනි. සාමාන්‍ය පෙළ, සමත්ව සිටි නිමල් උසස් පෙළද ඉහලින් සමත් වුයේ විශ්ව විද්‍යාලයට යාමට ලකුණක් මදි වීමෙනි. 
        එතකින් අද්‍යාපනය හමාර කරමින්, රැකියා සදහා නිමල් ඉල්ලුම්පත් දමන්න උත්සාහ ගත්තේ, තව දුරටත් ගෙදරට බරක් නොවන්නටය. විටක , සම්මුඛ පරීක්ෂණ සදහා කැදවිණි. එහෙත්, පොලිස් වාර්තාව නිමල් සම්බන්ධයෙන් , හොද එකක් නොවූ බැවින්, එතනින් එහාට යන්න නිමල්ට නොපුළුවන් විය. JVP කාරයා යන නමින් නිමල් හංවඩු ගැහුනේ, ගමේ ප්‍රසිද්ධ චරිතයක් වූ බැවින් හා, ඔහුගේ දේශප්‍රේමියත්වයට ගරු කිරීමක් වශයෙනි. ඉතින් ඔහු කොතෙක් ඉගෙන ගත්තත් කෝ ආණ්ඩුවේ රස්සාවක්? 
          මේ කිසි දෙයකින් වැඩක් නැති බව දැනගත් , නිමල් උරුමයෙන් හම්බ වෙලා තිබුණු කුඹුරට බැස්සේ ජිවත් වීමේ මහා සටන දැන් ඔහු අභිමුවේ ඇති නිසාවෙනි. කුඹුරු නියගයට අහුවී... අස්වැන්න අඩු වෙන්නට පටන් ගත්  විට ඔහුට දෙවියන් සිහි උනේ. මින් ඉදිරියට කුමක් කරන්නදැයි, සිතමිනි..... ඔහු කසාද බැන්දේය. ළමයින් හැදුවේය, දැන් ඔහුට කියා පවුලක් ඇත.පවුල නඩත්තු කිරීම යුතුකම වන්නේය....
          නිමල් නම් වූ දේශප්‍රේමියා, ගමේ වීරයා, අළුත් රැකියාවක් සොයා ගත්තේය. පවුලක් නඩත්තු කිරීමේ මහා බාරදුර කටයුත්තට සරිලන රැකියාව ඔහු තෝරා ගත්තේය. 
       නිමල් බුරු පිටියේ ගණන්කාරයකු වුයේ, දේශප්‍රේමයේ අනුහසින් යයි ගමේ උන් කියයි. ඔහු දැන් මුදලට බුරු ගස්සවයි, ගමේ හා ඒ අවට මල ගෙවල් වැරද්දුවේ නැත. ඒ හැම එකටම සහභාගි වුයේ, නීතියේ රැකවරණ ලැබෙන නිසාවෙනි. දැන් නිමල් JVP නිමල් නොව, බුරු නිමල්ය. ගමේ අය ඔහුව හදුන් වන්නේ එලෙසිනි, තවමත් ඔහු වීරයෙකි, හේතුව, ගමේ කාට හරි අතමාරුවක් ඕන වුන විට පිහිට වන්නේ නිමල්ය. ඒ යහතින් සල්ලි ඇති නිසාය. 
      මට ඔහු හමු උනි, ඒ අවුරුද්දට මුදල් ඔට්ටුවට බුරු ගසා පොලිස් අත්අඩංගුවට පත් වූ නිසාය. ඔහුගේ කතාව මා ඉදිරියේ, පෙළගැස්වුයේ ඔහුගේම  දැසට කදුලක් එක් කරවමිනි. මා ඇහුවේ එක ප්‍රශ්නයයි, ඔහුගෙන්, ඇයි.... දැන්වත් රස්සාවක් කරන්නේ නැත්තේ ඕන තරම් JVP කරපු අය රස්සාවල් කරනවනේ,
          මේ ඔහුගේ පිළිතුරයි, .....
      මං ගියා මගේ සුදුසුකම් වලට රස්සාවක් බලන්න මන්ත්‍රීතුමාගේ ගෙදර, අයදුම්පත දීල යන්න කිව්ව, පස්සේ දන්වන්නම් කියල. මට ආරංචි වුණා එතන හිටපු අය කිව්වලු ඔය JVP කාරයෙක්, මොන රස්සාද කියලා. ඉතින්, මට කවුද රස්සා දෙන්නේ ....? 
       නිමල්ගේ චරිතය සමාජය  විසින් මේ වන විට ලේබල් කර හමාරය. ඒකට පිළිතුරක් ලෙස ඔහු නැවතත්, සමාජ විරෝධී චර්යාවක නියැලී සිටි . අද දවස ගත කලද , හෙට අවිනිශ්චිතය, එහෙත්, දරු පවුල නඩත්තු කරන්නට නම් ඔහුට, හෙටත් බුරුවො ගැස්සවීමට සිදුවේ.  
     වරද කොතනද....? නිමල්ගේද...? අපේද....? 

Wednesday, July 2, 2014

ජිනාදරියේ.....

       


                පාට තවරා එක එක වෙස් ගත්තද, නුඹත් , අපේම කාලයේ ගැහැනියක් . ලෝකය සරුව පිත්තල වුවත් සත්‍යවාදීනියක් සේ පෙනී සිටින්නට ඇයි නුඹ අදහස් කලේ , කියලා නම් අපට හිතා ගන්න බැ. ජීවිතය ...... යථාර්තය ...... මොනවට පැහැදිලි කලත් ඇත්ත පිළිනොගන්නා ලෝකයට , නුඹේ ඇත්තෙන් වැඩක් නැතුවාසේය. නුඹට ගරහන ලෝකය නුඹේ පසුපසම කවදා හෝ එතැයි ..... දැනට අප සිතන්නම්. 
             අප්‍රසන්න වූ ජිවත විවරණයක යෙදෙන නුඹ ගැන සිතුවොත් ඒ සියල්ල වර්තමාන සමාජයට අනුව සාමාන්‍ය යයි, කිව හැක. එහෙත් එය අභව්‍ය ගනයේ සිදුවීමක් ලෙස දෘෂ්ඨිවාදීන් තීරණය කරන්නේ ලංකා සමාජයේ සිදුවූ පලවෙනි සිදුවීම ..... ජිනාදරිගේ සිදුවීම යයි යන සිතිවිල්ලකට අනුවය. තත්‍ය ලෝකය තුල වූ සාමාන්‍ය ක්‍රියා, අසම්භාව්‍යක් කරන්නට කිසිවෙකුටත් නොහැක. මන්ද ජිනාදරිලා තවත් හිදින බව මතක් කලයුතු මනාය. ඔවුන් සියළු දෙනාම  තමන්ගේ කතාව ලිව්වේ නිහඩවම කදුළු වලිනි. ඒවා කවුරුවත් වැඩිපුර දැන ගිටියේද නැත . වෙනස එයයි. 


            
           කුඩා කල සිටම ලිංගික අපයෝජනයට ලක්වීම, අඩු සැලකිල්ල, දරිද්‍රතාවය යන , මේ සියළු කරුණු එක්තැන් වූ විට, ළමා ලෝකය බිද වැටීමකට ලක්වීම නතර කල නොහැක. එදා කියා ගන්නට බැරිවූ ඒ කතාව අද ලෝකයට කෑගසා කිව්වේ , අනෙක් දරුවන්ටත් අද මේදේම , සිදු වෙතයි ඇයට සිතෙන්නට ඇති වූ නිසා වන්නට පුළුවන. 
               ජිනාදරිගේ ලෝකය සුන්දර වුයේ නැත. නොකියවූ පොතක් වැනි වූ ඇගේ මුහුණේ වූ ඒ ....භයානක හැගීම් ඇය, එකිනෙක විවරණය කරන්නීය. ඉකිගසන ඒ සිතුවිලි කොතරම් භයංකාර වුවාද යන්න හැගෙන්නේ , ඇගේ ජිවිත කතාවට බයවූ නිවටයන් ඇයව විවේචනය කරන නිසාවෙනි. සුන්දරයි කියා සිතු සියල්ල බිද වැටෙන ඇගේ ජීවිතය තවමත් බිද වැටෙමින් තිබෙනවායි ඔබට සිතෙන්නට පුළුවන. 
         නැත...... ඇය ශක්තිමත්ව සිටින්නීය. ඇගේ දුවරුන් දෙදෙනා ඉදිරියේ, ඇය ගහක් ගලක් මෙන් නිසොල්මන්ය. 
             පාට තැවරු ලෝකයේ ජිවත් වෙන්න ඇය අපට පුර්වාදර්ශ සපයන්නිය. ලෝකය රගමඩලක් බව ඇය වටහා ගෙන අවසානය. එබැවින් ලෝකය ඉදිරියේ නිරුවත් වෙන්න ඇය, බිය නොවුවාය. ලෝකයා ඇයට ගල් ගැසුවද, ඇය නිහඩය. තනි තටුවෙන් පියාඹන්න නොහැකි බව ඇය දනී. එහෙත්, ඇය හුදෙකලාය. ජිවිත මංපෙතේ හමුවූ අත් වැලත් ගිලිහි අවසානය. සියල්ල පන්හිදට ගොනුකර අකුරෙන් අකුර ඇය අමුණන්නට විය. කදුළු වල බරට වඩා, ජිවන බර ඇයව හෙම්බත් කරයි. එහෙත් ඇය ප්‍රබලය, පරාජය කල නොහැක කිසිවෙකුටත්. 
             ජිවිත පන්නරය ඇයව ඉදිරියට ගෙන යනවා. ඇය සිනාසේ ...... ඒ සිනාවේ..... ආත්මාර්ථකාමිත්වයක් නොමැත. ලෝකය උඩු යටිකුරු නොකර දෙපයින් සිට ගෙන ඇය ..... ලෝකයට කැ ගහල කියන්නේ හෙට...... නුඹටත් මේ ටික වෙන්න පුළුවන් පරිස්සම් වෙයන්.....  ඒ ඇගේ 'පුනුරුක්තියයි '


Saturday, June 28, 2014

කිඹුල් කෙල්ල




        ඇමෙරිකාවේ ෆ්ලොරීඩාවේ උපන් ඇෂ්ලි ලෝරන්ස් නිර්භීත කෙල්ලක් බව බය නැතුව කිඹුල්ලු අල්ලපු නිසා අද වන විට ලෝක ප්‍රසිද්ධ වෙලා . ඇය ෆ්ලොරිඩවේම අද්‍යාපනය ලත් අතර , කුඩා කල සිටම සතුන් හා සෙල්ලම් කිරීමට ඇල්මක් දැක්විය . ඇෂ්ලි මේ වන විට හැකියාව වගේම සිය රැකියාවද කිඹුල්ලු ඇල්ලීම කරගති . දැනට ඇය වසර පහක සිට ෆ්ලොරීඩාවේ  ජාතික උද්‍යානයේ කිඹුල්ලු ඇල්ලීම සිදු කරනු ලබයි . පිරිමින් හා එම රැකියාව කරන එකම කාන්තාවද ඇයයි . මේ වන විට ඇයට අවුරුදු 25 ක් විතර ඇති .

       ඇය මෙම  කටයුත්තේදී කිම්බුල්ලුන්ගේ කට ගැන සැලකිලිමත් වේ . දැනට ෆ්ලොරීඩාවේ තැන් තැන් වල අස්ථාන ගත වෙලා ඉන්න කිඹුල්ලු අල්ලලා වතුරට මුදා හැරීම කරයි ප්‍රදේශවාසීන් කියන්නේ මේ රස්සාව මෙයාගේ ඇගේම තියන එකක් බවයි ඇෂ්ලි පවසන්නේ සත්තුන්ගේ භාෂාව තමන්ට තේරෙන බවයි .ඒ හන්ද අනතුරක් නොවන බව ඇය පවසයි .

       ඇෂ්ලි මේ රස්සාවට ගොඩක් කැමතියි . සතාව මෙල්ල කර ගත්තම සතා එක්ක ගොඩක් දගලන්න ඕන නැතිලු . සත්තුන්ගේ හැසිරීම් රටාව ඇයට මේ වන විට හොදටම පුරුදුයි . වෙන රැකියාවක් ගැන නම් හිතන්නෙත් නැතිලු . ෆ්ලොරීඩාවේ කිඹුල්ලු මිලියන ගානක් වැවු ගංගා වල ජිවත් වන අතර , සත්තු ගොඩට ඒම නිසා මිනිසුන්ගේ මෙන්ම සතුන්ගේ ජිවිත වලටද තර්ජනයක් වෙන නිසා , ඇෂ්ලි මේ කටයුත්තට වඩාම කැමති වෙලා .

     මෙවන් නිර්භීත කෙල්ලන් හා සත්තුන්ට ආදරය දක්වන පරිසරහිතකාමියන් සිටීම ලෝකෙට යහපතක්ය .ඇය සතු සුවිශේෂී හැකියාවට හා ඒ සදහා ඇති ඇල්ම අගය කල යුත්තකි ..

Friday, June 20, 2014

දෑත අහිමි ජෙසිකා




        දෑත නැතුව ජීවිතය ජයගත් තරුණියක් අපට හමුවිය . සිය දයිවයට දොස් තබනවා වෙනුවට තමන්ට කල හැකිදේ මොනවද හදුනාගෙන ඇය ජිවිත යාත්‍රාව තනියම පදවන්නේ දෑත තිබෙන සියලු දෙනාටම ආදර්ශයක් වෙමිනි , ලංකාවේ කෙනෙකු වුණා නම් මේ වනවිට එක්කෝ පාරේ හිගමන් යදියි , නැත්නම් නිවාසෙක අනුන් මත යැපේ . මේ ජෙසිකා කොක්ස්ගේ කතාවයි . ඇය ජිවත් වන්නේ ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රදේශයේයි .


ඇය මේ වනවිට ගිනස් වාර්තා කීපයකටම හිමිකම් කියන්නීය . දෑත අහිමි ලොව පළමු ගුවන් නියමුවරිය ඇයයි , ටයිකොන්ඩෝ කළුපටි ශුරිය , දිය යට කිමිදෙන්නිය ඇයයි . මේ වනවිට ඇය මනෝවිද්‍යා උපාධිධාරිනියකි ,  වර්තමානයේ පෞරුෂ  සංවර්ධන වැඩමුළු වල ප්‍රධාන දේශිකාව ලෙස වැඩසටහන් මෙහෙයවයි, මේ වනවිට රටවල් 18ක් පුරා ඇය දේශන පවත්වා ඇත  .





            වසර තුනක් ගුවන්යානා පදවන්නියක් ලෙස පුහුණුවෙන් පසු ලියාපදිංචිය ලැබුවාය . ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ කළුපටි දෙකකට හිමිකම්ද ලැබුවාය . ඇයට වාහන පැදවීමේ බලපත්‍රයද ඇත . ඇයට මිනිත්තුවක් තුල වචන 25 ක්  පරිඝනක ගත කිරීමේ හැකියාව ඇත . 2012 වසරේදී ඇය ' මෝස්ට් ඇස්පිරෙෂනල් වුමන් ඉන් ද වර්ල්ඩ් ' යන සම්මානයෙන් පිදුම් ලැබිය .

Sunday, June 1, 2014

ජෝන් එෆ් , කෙනඩි මියගියමුත් මතකයේ බැදුණු අතීතය







                 තරුණ ඇමරිකන් ජනාධිපතිවරයකු වූ ජෝන් කෙනඩි මියගොස් වසර 50ක් ගත වුවද ,ඇමරිකානුවන් ඔහුව සිහිකරන්නේ දැඩි කම්පාවෙන් යුක්තවයි . ප්‍රසිද්ධ පෙළපාලියකදී ඔහුව ඝාතනය විය . එදත් දේශපාලනය අද වගේම වෙන්න ඇතැයි සිතමි . ඒත් වෙඩි වැදී සිටියදී ප්‍රතිකාර ගත් පාර්ක්ලන්ඩ් රෝහල හා ඔහු සිටි හදිසි අනතුරු කාමරය නම් කාලයක් යනතුරු යම් ගවුරවනිය වටිනාකමකින් යුක්ත ස්ථානයක් බවට පත්විය . ඒ ඔහු ජනතාව පිළිගත් නායකයකු වූ නිසාවෙනි . 

        එහෙත් පාර්ක්ලන්ඩ් රෝහලේ හදිසි අනතුරු කාමරයට පසුගිය දිනවල සිදුවුයේ කුමක්දැයි ලොවට හෙළි කරන්නට සිදුවුණා . මේ වනවිට ඒ කාමරය කුඩා කැබලි වලට කඩා , පෙට්ටි වල අසුරා පොලව යට ගබඩාවක තැන්පත් කර ඇති බව දැනගන්නට ලැබුන .
පාර්ක්ලන්ඩ් රෝහලේ එම කාමරය 1972දී කඩා ඉවත් කරද , සමරු පලකයක් එදා හිදී නිලධාරීන් සාදවා තිබෙනවා . මෙම කාමරය කඩන අවස්ථාවේ රෝහලේ එක් සේවකයෙක් මෙය දැක චායාරුප ගතකොට ඇත . 

         මෙම තීරණය ගැනීමට පෙර අදාල බලධාරීන් රජය සමග බොහෝ සාකච්චා කලද , ඔවුන්ට උවමනාවී ඇත්තේ , නොසුදුසු දේවල් ඉවත් කිරීමයි . මේවා මුදලට විකිනීමට වලක්විමටත් , කෙනඩි පවුලේ අයගේ සිත් රිදවීම් වැලක්වීමටත් ඔවුන්ට අවශ්‍යවී තිබෙනවා . රජය රෝහලට උපදෙස් දී ඇත්තේ , මාද්‍යට පවසන ලෙස ,කෙනඩි පුස්තකාලයට ඒවා ලබාදුන් බව . 

       15 වසරක් , මේවා ෆොර්ට් වර්ත් ප්‍රදේශයේ ගබඩා කර තිබු අතර , දැනට මෙම කොටස් , වසර 19 කට පසු , කැන්සාස් ප්‍රාන්තයේ බිම් මහලක තැන්පත් කර තිබෙනවා . එහෙත් එහි තිබු ගිලන් ඇද , එක්ස් කිරණ උපකරණය අතුරුදන්ව ඇත . ලෝක නායකයකුගේ වටිනකමක අවසානය හා මතක සැමරුම් , මතු පපුරට අවශ්‍ය නොවන බව මෙමගින් ඇමෙරිකානුවන් ලෝකයට නොදැනුවත්වම පවසා ඇත .

Monday, May 12, 2014

පොප් ගායිකා මැඩෝනාගේ අමිහිරි මතකය

                 ලෝකප්‍රකට පොප් ගායිකා මැඩෝනාගේ අමිහිරි අතීත මතකයන් ප්‍රථම වරට ජනමාද්‍ය ඉදිරියේ ඇය විසින් හෙළි කරන ලදී . ඇය මේ වන විට 55 හැවිරිදිය . ලෝකයේම ජනාදරයට පත්වුවද , ඇයටත් , ඇගේ අතීතය වේදනාකාරී වී ඇති බව ඇගේ ප්‍රකාශයෙන් හෙළිවිය . ලෝකයටම රහසක් කරගත් මේ සිදුවීම පිළිබද විචාරීමේදී පෙනී යන්නේ , ඇයද ලිංගික කෘරකම් සදහා මුහුණ දී ඇති ආකාරයයි . එය අද , ඊයේ කියා වෙනසක් නැතිවම කාන්තාව මුහුණදුන් තත්වයම  බව පෙනේ . සැම සාර්ථක ගැහැනියක්ම , අතීත පපොච්චාරණයන්හිදී දී තමන්ට විදින්න සිදුවූ , ලිංගික අඩන්තේට්ටම් ගැන ඉතාම වේදනාවෙන් පවසා ඇත  . සමහර විටක ජීවිතය දිනන්න ඇය ලැබූ පන්නරයද මෙයට හේතුවක් වන්නට ඇතැයි අපට සිතේ .  
               මැඩෝනා නිව්යෝක් නුවරදී , ක්ෂේශ්ත්‍රයට පැමිණි මුල් යුගයේ දී , වයස 19දි , පිහියක් අතින් ගත් පුද්ගලයකු විසින් ,පැහැරගෙන ගොස් වහලයක් මතදී දුෂණයට ලක්කල  බව කියා සිටි . 

...............මගේ කාමරය තිබුනේ තුන්වෙනි මහලේ , මං කාමරයට යන සැම මොහොතකදීම මට මේ සිදුවීම මතක් වෙන්න ගත්තා . එම සිදුවීමෙන් වසර 20කට පස්සේ මං ජීවත්වීමේ අරුත සොයන්න පටන් ගත්තේ , අද්යාත්මික ජීවිතයකට හුරු වෙමින් බව පවසයි ............ 

        ..............මගේ කුඩා කාලයේදී මම අපයෝජනයට ලක්වුනත් , අසරණ ළමුන් වෙනුවෙන් පෙනී සිටියා . ඒ හන්ද මාව , ළමුන් පැහැරගෙන යන , ළමා ජාවාරමේ යෙදෙන අයෙක් බවට චෝදනා කළා . ඒ වගේම මගේ සිපවැලද ගැනීම් දර්ශන වලදී , මාද්‍ය එයත් විවේචනය කලා . මම දරුවන් හදා වඩා ගන්නේ , ඔවුන්ට සේවාවක් කරන්න ,................

         ඒත් .... එයත් මාද්‍ය විවේචන වලට ලක්වුවට,  පසු නොබසින බව මැඩෝනා කියයි . මේ ඇගේ ජිවිත යථාර්තය බව , ප්‍රථම වරට කරන ලද ප්‍රසිද්ධ හෙළිදරව්වකින් අපට දැන ගන්නට ලැබුණි .  

Wednesday, April 30, 2014

වහල්භාවය




              "The Narrative of the Life of Frederick Douglas," Fredrick Douglass විසින් රචිත ඉංග‍්‍රීසි භාෂිත චරිතාපදනය නීතිඥ හර්ෂි පෙරේරා විසින් පාඨකයින් හට කියවීම සදහා සිංහළ භාෂාවෙන් රචනා කරන ලදි. මෙය ශ‍්‍රී ලාංකීය පාඨකයින් හට අළුත් අත්දැකීමක් වන්නේ වහල්බාවය ශ‍්‍රී ලංකාව තුළ නොතිබුනු සංකල්පයක් බැවිනි. ඇමරිකා ඵක්සත් ජනපදය පදනමි කරගත් මෙම සංසිද්දීන් අද වන විට වියැකී ගොස් ඇත්තේ හිටපු ඇමරිකානු ජනාධිපති ඵබ‍්‍රහමි ලින්කන් මහතාගේ මැදිහත් වී තූලිනි. මේ වන විට ශ‍්‍රීලංකාව තුළ පැවතියේ වැඩවසමි යුගයයි. වහල් යුගය බටහිර සංකල්පයක් බව සිතාගත හැක්කේ සියළුම පෙරදිග රටවල් තුළ වැඩවසමි ක‍්‍රමය ක‍්‍රියාත්මක වීම නිසාය.

          ලෝකය විකාශනය විය. ප‍්‍රාග් ඵෙතිහාසික යුගයෙන් ආරමිභ වු සමාජ විකාශණයේ දෙවන අදියර වහල් යුගයයි. වහලා හා වහල් හිමියා ඵම යුගයේ වැදගත් සංකල්පයන් විය. බලය හිමි පංතිය වහල් හිමියා වු අතර බලය අහිමි පංතිය වහලා බවට පත්විය. මෙම ගැටුම බටහිර සමාජය තූල ඵවකට නිරන්තරයෙන් සිදුවිය. මෙම ගැටුමි තීවිර වීමට තවත් හේතූවක් වුයේ සුදු කළු බේදයයි. සුද්දන් හා කල්ලන් වහල් සමාජයේ ප‍්‍රබල සාධක විය. බොහෝ වහළුන් කල්ලන් විය. ඵවකට පැවැති සමාජ තත්වය මනාව නිරූපණය කරමින් වහල්බාවය Federick Douglass මෙම කෘතිය රචනා කරන ලදි. මෙය හර්ෂි පෙරේරා අපුරුවට සිංහළ භාෂාවෙන් අප පාඨකයන් වෙත ගෙනෙන්නේ සිංහල සාහිත්‍ය වංශයේ ඵක් සංදිස්්ථානයක් බවට පත් කිරීමේ අභිලාෂයෙනි. මෙය අපේ කථාව නොවුනු නමුදු අප සමාජ අභ්‍යන්තරය ඵවකට වැඩවසමි යුගයේ සිද්ධාන්ත වහල් යුගය තුළින් පිළිබිඹු වන ආකාරය වටහා ගත හැක වහල්බාවය චරිතාපදනයකි. මෙය ඹහුගේම ආත්ම කථනයයි.

         Fedrick Douglass ගේ අධිෂ්ඨානය වහල් බවෙන් මිදීමයි. ඹහු උපතින්ම වහලෙකි. මව කල්ලෙක්. පියා සුද්දෙකි. ඹහු තවත් සමාජ අසාධාරනයක ප‍්‍රථිපලයෙකි. වහළුන් බෝ කිරීමෙි ඵක් ක‍්‍රියාවක සංකේතයකි. වහල් සමාජයේ සාමාජික සංඛ්‍යාව වැඩි වුයේ කල්ලන්ගෙන් හා මේ ආකාරයට බෝ කරගත් නව සාමාජිකයන්ගෙනි. ශ‍්‍රමය පමනක් මුල් කරගත් මෙම යුගය ඉහල වටිනාකමක් ලබා ගන්නේ ශ‍්‍රමය සදහා පමනි. ඹවුන්ට වටිනුයේ මනුෂ්‍යයා නොව ශ‍්‍රම වටිනාකමයි. ඵ් සදහා ඹවුහු වහළුන් වදහිංසාවට ලක් කිරීමට තරමි පෙළඹුනේ ඹවුන්ගේ සමාජ දේශපාලනය ඵම ක‍්‍රියාවන් සාධාරණිය කල නිසාවෙනි. Fedrick Douglass ඹහු විදි අනේක දුක්ඛ දෝමනස්සයින් පෙල ගැස්සුවකි. හර්ෂි පෙරේරා ඵම සංවේදනාවන් ඵකින් ඵක ඇමිනුවේ තව දුරටත් මනුෂ්‍යත්වයේ නාමයෙනි.

           මනුෂ්‍යයා ජීවත් විය යුත්තේ සමානාත්මතාවය රජයන සමාජයක වීම ස්වාභාවික නීතියේ මුලිකාංගයකි. නමුත් ඵදා වහල් සමාජය ඵ් සියල්ල ඹවුන්ට අහිමි කරන ලදි. Fedrick Douglass ඵ් බව මනාව පැහැදිලි කලෙය. වදහිංසා වලින් ගහණ සමාජයක උපත ලැබු Fedrick Douglass වහල්භාවයෙන් මිදීමට හා කැමැති ලෙස නිදහසේ ජීවත් වීමට ලැබු පන්නරය සියළුම වහළුන්ගේ විමුක්තිදායකයා වීම මුළු මහත් පීඩිතයන්ටම සැපයු ආදර්ශයක් විය.

               හර්ෂි පෙරේරා මෙවැනි චරිතාපදනයක් පරිවර්තනය කිරීම සදහා තෝරා ගැනීම කාලීන මෙහෙවරක් බව මාගේ හැගීමයි. මන්දයත් වහල් යුගයේ නෂ්ඨාවශේෂ යමි අවස්ථාවන්හිදී අප සමාජයේද දක්නට ඇති නිසාය. ප‍්‍රාග් ඵෙතිහාසික යුගයෙන් පටන් ගත් සමාජ විකාශණය මේ වන විට පන්ති ගැටුමක් දක්වා වර්ධනය වී ඇත. සමාජය යුගයෙන් යුගය පියවර තබයි. ඵහෙත් මනුෂ්‍යයින් ගෞරවාන්චිතව ජීවත් විය යුතූය. වදහිංසාව තුරන් විය යුතූය. Fedrick Douglass මේ බව අපට මතක් කර දී ඇත. ඵබැවින් මෙවැනි කෘතින් පරීවර්ථනය කිරීම සමාජ මෙහෙවරක් බව කිවයුතු මනාය.

Friday, April 25, 2014

රණශුර කුමාරියගේ වෙස් පෙරලීම (Warrior Princess )



            ක්‍රිස් යනු ඇමෙරිකානු රණශුර නේවි  සීල් භටයෙකි . නේවි සීල් යන වචනය ලොව ප්‍රසිද්ධියට පත්වුයේ , දරුණුතම ත්‍රස්තවාදියෙකු වූ බිල් ලාඩන් තුරන් කිරීමට සම්මාදම් වූ ඇමෙරිකානු නාවික හමුදා ඛණ්ඩයක් වූ නිසාය . මුහුදේ ,ගුවනේ ,ගොඩබිමේ එකසේ දස්කම්පාන , සුවිශාල පිළිගැනීමක් මෙම හමුදා භටයින්ට ලැබී ඇත . 
ඔවුන්ගේ දස්කම් ගැන මෙලෙස කතා වුවද , විසි වසරක් මෙම අනු ඛණ්ඩයේ සේවය කොට විශ්‍රාම ගිය යකාටවත් බයනැති පිරිමියකු , ලිංග විපර්යාසයකට බදුන්වී ඇති බව හෙළිදරවු වීමෙන් නේවි සීල් ඇතුළු භටපිරිස් පමණක් නොව , පෙන්ටගනය ඇතුළු ඇමෙරිකානු බලධාරීන් පුදුමයට පත්ව සිටි . 

             ඔහු දැක්වූ දස්කම් සදහා ලෝකඩ තරුවක් (Bronze Star), දම්පැහ හදවතක් (Purple Heart) ඇතුළු සම්මාන දිනාගත් අභීත රණවිරුවාගේ සිරුර තුල ගැහැනියක සැගවී සිටියාදැයි , කෙලෙස සිතන්නද, ක්‍රිස් බෙක් නමින් සිටි නේවි සීල් භටයා , දැන් ක්‍රිස්ටීන් බෙක් බව කියා සිටින්නීය . එදා ඇගලු පිරිමි ඇදුම් වෙනුවට කාන්තා ඇදුම් ඇද වරලස දිගට වවා , දෙකම්පුල් රෝස පැහැයෙන් ප්‍රමුදිතව සිටින්නීය . ක්‍රිස් නේවි සීල් මෙහෙයුම් සදහා දායක වෙද්දීත් , ලිංග විපර්යාසයට බදුන් වෙමින් සිටි බව ප්‍රකාශ කලේ , රණශුර කුමාරිය නමින් ලියවූ තම  චරිත කතාව ප්‍රකාශයට පත් කිරීමෙනි . නේවි සීල් භාටයකුව සිට ලිංග විපර්යාස වෙද්දී , විදි අභ්‍යන්තර ගැටුම් හා මුහුණ දුන් වේදනාවන් , සවිස්තරව රණශුර කුමාරිය කෘතිය සම කතුවරිය වන ඇන් ස්පෙක්හර්ඩ් හට කියා ඇත .

           ක්‍රිස් පවසන්නේ ළමා කාලයේ සිටම ගැහැණු ලක්ෂණ ඔහුට තිබු බවය . ඒත් එදා පසුබිම තුල එය ලොවට හෙළිකරන්නට නොහැක . එය රහසක් ලෙස තබාගෙන යුද්ධ අභ්‍යාස වල කරට කර යෙදී ඇත . ලිංගික අවශ්‍යතා ගැන සිතන්නටද කාර්යබහුල වූ නිසා වෙලාවක් නොවිය . ඔහු දැන් විශ්‍රාම ලබා , මේවන විට සම්පුර්ණයෙන්ම කාන්තාවක් වීමට හෝමෝන ප්‍රතිකාර වලට ලක්ව සිටින්නීය , ඉදිරියේදී ශල්‍යකර්මයකටද මුහුණ දීමට ඇත . ඇය අද සතුටින් දවස ගෙවයි .

Tuesday, April 22, 2014

විරූප උන සුරූපී



 



          ලස්සන වෙන්න තරුණියන් ආසයි , ඒත් ලස්සන වෙන්න ගිහින් එක එක ක්‍රම භාවිතා කරන්න හොද නැ කියල මේ ගොල්ලන් හිතන්නේ නැත්තේ ඇයි ? මෙහෙම ලස්සන වෙන්න ගියපු කොරියානු මෝස්‌තර නිරුපිකාවක් වන මීයකු හට වෙච්ච දේ , අනිත් අයටත් හොද පාඩමක් .

          ඇය රූමත් තරුණියක් ඒත් , සම මෘදු කරගන්න ,ය අමුතු ප්‍රතිකර්මයක් අත්හදා බලා තිබුණා . ඇය විසින් සිලිකන් හා පොල්තෙල් මිශ්‍ර කොටගෙන මුහුණට එන්නත් කරන්න පටන් අරන් තියෙන්නේ වයස 28දී , එම හේතුවෙන් සම සියුමැලි වෙද්දී , ඇය මේක දිගටම කරගෙන ගිහින් , නමුත් මුහුණ ක්‍රමයෙන් එල්ලා වැටෙන්න පටන් ගත් නිසා ,ඇය වයිද්‍ය ප්‍රතිකාර සදහා යොමුවෙලා තිබුණා .

වයිද්යවරුන් විසින් මුහුණෙන් සිලිකන් ග්‍රෑම් 60ක පමණ ප්‍රමාණයක් පොල්තෙල් සමග ඉවත් කර තිබුණා . ඇගේ බෙල්ල ප්‍රදේශයෙනුත් 200ග්‍රෑම් පමණ ඉවත්කර තිබුණා . මේ අතර ඇය සැත්කම් 10කට පමණ යොමු කර තිබුණා . ඒත් තිබුන ලස්සන පෙනුම නම් ආපහු ගන්න බැරි උනා . මෙම අවාසනාවන්ත  තත්වය ගැන හැමෝම දුක් උනා , එරට වැසියෝ මේ වියදම් සදහා මුදලින් පවා ආධාර කලා . 

වයිද්යවරුන්ගේ මතය වුයේ තව දුරටත් මුහුණ සැත්කම් කිරීම සදහා යෝග්‍ය නොවන බවයි . ඉහලම තාක්ෂනය යෙදුවද නැවත මුහුණ යථා තත්වයට ගන්න බැරිඋනා . වයිද්යවරුන් ඇයව ප්‍රශ්න කරනු ලැබුවා . පසුව ඔවුන්ගේ නිගමනය මත ,ඇයව මානසික වයිද්‍ය ප්‍රතිකාර සදහා යොමු කරනු ලැබුවා . මින් ඉදිරියට වයිද්‍ය උපදේශයකින් තොරව කිසිම , රුප ලාවන්‍ය කටයුත්තක් නොකල යුතු බව සියලුම කාන්තාවන් දැනුවත් විය යුතුය .