Showing posts with label සිනමා විචාර. Show all posts
Showing posts with label සිනමා විචාර. Show all posts

Tuesday, May 6, 2014

බමර වලල්ලේ පිනුම් කාරයෝ


             බමර වලල්ල˜ සිනමා කෘතිය පසු ගිය වකවානූවේ දකුණේ භීෂනය සංකේතවත් වුවක්දැයි අතුල ලියනගේගෙන් ඇසිය යුතු ප්‍රශ්නයකි. තාත්වික ක්‍රියාදාමයන් ඇතුලත්ව නිපදවූ මෙම සිනමා සිත්තම පාතාලයේ ඇතුලාන්තය කුමක්ද යන්න නිරූපිතයි. පාතාල ලෝකයේ සිද්දි කිහිපයක් අරඹයා නිර්මාණය වුවද අපරාධ වැලක ආරම්භය සහ අවසානය දම්වැලක පුරුක් මෙන් එකිිනෙකා අතර වූ සහ සම්බන්ධතා මිත්‍රශීලිත්වය, පරිත්‍යාගය හා කළගුණ සැලකීම ඉන් ඔබ්බට වූ බලහත්කාරය මේ සියල්ල කැටිවූ සංවේදනා මනුෂ්‍යත්වය තුල වූ සෞන්දර්ය කියා පායිද? කලාත්මක චිත්‍ර පටියකට වඩා වාර්තාමය චිත්‍රපටියකට වැඩි ඉඩක් ඇති නිර්මානයක් ලෙස බමර වලල්ල˜ හැඳින්විය හැක. සිනමා කෘතියක් ලෙස සාර්ථකය.

                            පාතාල ලෝකයේ රජවරුන් කිරුළු පැලැන්දේ මේ ආකාරයටය. ලේබල් කිරීමේ සමාජ න්‍යාය, ගෝන මඩිත්තේ පොඩි එකා බිහි කලේය. ඌ ඉතා අහිංසකය. මනුෂ්‍යත්වයේ සර්ව සාධාරණය සොයන්න ගොස් ආවේගශීලී හැඟීම් මුදාහල මොහොකත පළවෙනි අපරාධය සඳහා අත්පොත් තබන්නට ඔහුට සිදුවිය. සමාජය ඔහු අපරාධකාරයකු කලේය. ඔහුගේ තාරුණ්‍ය සිරකොට තැබුවේය. අපරාධ නැමති විෂය හදාරන්නට බන්ධනාගාරය නැමති විශ්ව විද්‍යාලයට ඇතුලත් වීම සඳහා නොමිලයේ ශිෂ්‍යත්වයක් ඔහුට ලැබුනි. සියළු අධ්‍යාපන කඩ ඉම් ඉතාම සාර්ථක ලෙස හැදෑරු ඔහු උපාධියක් ලැබුවේය. අන්තර් ආශ්‍රය න්‍යාය, උප සංස්කෘතික න්‍යාය ,චර්‍යාවාදී න්‍යාය ගෝන මඩින්නේ පොඩි එකා විද්‍යාත්මකව බිහි කලේය. සියළු ශිල්පයන්හි කෙල දක්වමින් කඩු, දුනු ශිල්පද, පශ්චාත් උපාධිය ලෙස හදාරන ලදී. ඒ ඔහුගේ අධ්‍යාපනයයි. දැන් ඌ ශක්තිමත්ය.

              හිරෙන් මුදාහල තාරුණ්‍ය නැවතත් සිර කල නොහැක. ඔහු හැඟීම් බර විය. රෝග ලක්ෂණ පහල විය. ස්වභාධර්මයට විරුද්ධ වීමට ඔහුට නොහැකි විය. ඒත් ඒ හැඟීම් කාට පවසන්නද? කීප විටක් උත්සාහ කලේය. එහෙත් සිදුවූයේ කුමක්ද? නැවත වතාවක් ඔහුට ඔහුම නැතිවිය. සමාජ ආර්ථික පසුතලය නැවතත් ඔහුගේ සිතුවිලි අතරමං කරන ලදී. තාරුණ්‍ය නැවත සිරගත වන ලදී. ගෝන මඩින්නේ පොඩි එකා, දැන් ඔහුට නැතිවන්නට දෙයක් නැත. නව සමාජ රැල්ල ඔහුව ආදරයෙන් පිළිගන්නා ලදී. ජීවිතය ඔහුට නැවත ලැබුනි. ඒ විතරක් නොවේ සියළු දේ ඔහුට ලැබුනි. ඒ ඔහුට ලැබුනු දයාවන්තකම, සෙනෙහෙවන්තකම ලඟ පොඩි එකා ණය ගැති උනි.

             ඔහුගේ ඉරණම විසෙඳන මායාව ඔහු නොදත්තේය. පාතාලයේ රජවරු නිතර ගැටෙන බව ඔහු නොදත්තේය. ඒ සියල්ල ඔහුට බලා සිටින්නටත් ඒ තුලින් ණය ගෙවන්නටත් සමාජ රැල්ලේ මුදුනා වෙන්නටත් ඔහුට සිදුවුනි. පොඩි එකා දැන් අහිංසක නැත. නමුත් ඔහුගේ හිත හයයි. ඒ ඔහු මනුෂ්‍යයකු බැවිනි. ඔහු මෙහෙයවන්නේ සමාජ රැල්ලයි. අනන්‍යතාවය ඔහුට අහිමිව ඇති බව ඔහු තේරුම් ගෙන තිබුනි. සමාජ රැල්ලෙන් මිදීමට හා ඉන් ඔබ්බට යාම ඔහුට තහනම් විය. තව ණයගෙවිය යුතු ඇත. ඒ ඔහු ජීවිතය නැවත ලැබූ පාපයටය. එහෙත් ඔහු උපන් අපරාධකාරයකු නොවේ, ජීව විද්‍යාත්මක අපරාධ සාධකයද ඔහු තුල නැත. ඔහු අපරාධකාරයකු ලෙස නිර්මානය කලේ සමාජයමයි. පොඩි එකා ජීවිතය උගස් කලේය.  
            ලිංගික සූරාකෑම් පාතාලය තුල වූ එක් අත්‍යවශ්‍යය කොන්දේසියකි. රජවරුන්ට අන්තඃපුර අවශ්‍ය සේම පාතාල රාජධානියේද මෙය දක්නට ලැබුන බව බමර වලල්ලෙන් දිස්වේ. අවසානයේ සියල්ලෝම සතුටින් සිටින්නක් බව නොව සියල්ලෝම විනාශ වන බව බමර වලල්ලේ පිනුම් ගහන කෙරුම්කාරයෝ දැන සිට ඇත්ද? ස්වභාව ධර්මයා සිය නීතිය අවසානයේ අතට ගනියි. ස්වභාධර්මය නැමති අධිකරණයේ ස්වාභාවික යුක්තිය විත්ති කරුවන්ට දඩුවම් කරයි. නීතියේ මූලික සිද්ධාන්තය වඩාත් තහවුරු විය. බමර වලල්ලේ පිනුම් ගහන්නට සියළු දෙනාටම නොහැකි වන්නේ ඒ හන්දාය. එබැවින් පාතාලය මර්ධනය වන්නට විය. අතුල ලියනගේ දකින්න ඇත්තේ පාතාල ලෝකයේ පැතිකඩක්ද ? නැතහොත් ස්වාභාවික නීතිය සියල්ල විසඳන බවද ? පිළිතුර ඔබට භාරයි.

Saturday, April 19, 2014

විරාගික වූ අරවින්ද




        සිය ඇතුලන්තයට වී ජිවත් වූ අරවින්ද ජීවිතය කෙබදු ආකාරයට දුටුවේදැයි සිතීම සංකීර්ණය . මනුෂ්‍ය සිතුවිලි වෙනස් බැවින් , ඔහු ආස කලේ මොනවටද යන්න , ගුප්ත චරිතයකින් වටහාගත නොහැක . මේ ඔහු පිළිබද මද විවරණයකි .

'අරවින්ද උප්පත්තියෙන් ලත් උපාසකකම නොහොත් භක්තිය ඇත්තෙකි . ගිහියකු මෙන් ජිවත් වී , මියගිය එකකු වුවද , ඔහු ලං වෙන්නේ තේරගථාවෙන් ,තමාගේ අද්ධ්‍යත්මය ඍජුව හෙලිකල පැරණි තෙර කෙනෙකුට හෝ තම ගිහි ජීවිතයෙහි දුසිරිත් හෙලිකල පැරණි තවුසෙකුටය ' 

         තනිව ජිවත් වූ ඔහු අවසන තනිකමෙන්ම පෙළෙන්නට විය , කැමති කිසි දෙයකට එළිපිට කැමැත්ත ප්‍රකාශ නොකළේය . ඇතින් හිද සියලු දේ , දකින්නට පුරුදු විය , මෙය ඔහුගේ චිත්ත අභ්‍යන්තරයයි .

'...........මගේ මේ ආත්ම චරිතයෙහි අවසානය කියවන ඔබ , මා , ව්‍යවහාරය නොසලකා නුවනින් තොරව ජිවත්විමෙහි ප්‍රතිපලයක් වශයෙන් අවසානයෙහි දුක් අනුභව කල එකෙකියි සිතනු නිසැකය . මම කිසි විටෙක එසේ නොසිතුවෙමි............... '. 

       අරවින්ද දුක වින්දේය . ජීවිතය විදිනවා කියා , විදෙව්වේය . එය ඔහු දනී , එහෙත් සියල්ල ඉවසුවේ , කුමන සැනසිල්ලකටද කියා ඔහුවත් දැන සිටියේ නැත . ඔහුගේ හැගීම් වල යථාර්තවදී බවක් තුබුණේ යයි , නොසිතෙන්නේ , අවසානයේ ඔහු මියගියද , ජීවිතය අර්ථ ශුන්‍ය වීමෙනි .

' ...........මා  මේ ජීවිතය ප්‍රිය කරන්නට වුයේ , ඇ නොලැබුන නිසා නොව , ඇ නිසා මා තුල හට ගත්තේ , රාගයක්, ආලයක් නොව ආසාවට එක්වුණු අද්භූත හැගීමකි . විරාග රාගයකි........... '. 

      අරවින්ද ආදරය දැන සිටියේය . එහෙත් කිසිවක් ලංකර ගැනීමේ ආශාවක් ඔහු තුල නොවිය . රාගය , දැනිණි , එහෙත් වියුක්තව සිටීමට ඔහුගේ හැගීම් ඔහුට වඩා ප්‍රබලවිය . එනිසා සදාකල් තනිකඩව සිටින්නට සිදුවුනි .

'.............ලෝකය ගැන නොසිතා අවංකව ජිවත් වන්නට වෑයම් කරන්නා ඔවුන්ගේ නින්දා  පරිභව ඉවසිය යුතුය . නොඑසේ නම් ගතානුගතිකව ජිවත් විය යුතුය ...........'.  

     අවට ලෝකය ගැන අරවින්දට කිසිදු හැගිමක්ද නොවිය . අරවින්ද අවංක අයෙකි , එහෙත් , බෙහෙවින් ශිලාචාර ගති ඇත්තෙකු වන්නට පරිසරය බලපාන්නට ඇති බව , කතාව තුලින් විද්‍යමාන නොවිය . අරවින්ද පරාජිතයෙකු යයි , අපට පොදුවේ නිගමනය කල හැක්කේ , ඔහු ලද ජයග්‍රහණ කිසිවක් නොවූ බැවිනි . ඔහු වෙනුවෙන් ඉතිරි වූ කිසිවෙකුත් නොවුයෙනි , මේ තුල ජීව විද්‍යාත්මක සමාජ පරිණාමයක් දැකගත නොහැක . අරවින්ද සදාකල් නිහඩය ගුප්තය.....