සේවකයන්ගෙන් වැඩි කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමේ අරමුණෙන් කරන ලද අපුරු පර්යේෂණයක ප්‍රථිපල මේ වන විට Bold Italic ලබා ඇත. ඇමෙරිකාවේ සිලිකොන් වැලි'හි Bold Italic ආයතනයේ සේවයකයන් නිරුවතින් , යොදා ගෙන මසක පමණ කාලයක් මේ අත්හදා බැලීම කර ඇත. මසක් අවසානයේදී සේවකයන්ගේ චිත්ත ශක්තිය පුදුමාකාර අන්දමින් ඉහල ගිය බවත්, සමාගමේ පලදායිතාවද සිඝ්‍රයෙන් ඉහල ගිය බවත් මේ අනුව වාර්තා වේ.
සිලිකන් වැලි හි බොහෝ කාර්යාල වල සේවකයින් සෑම දිනකම කාර්යාලයට ඒම වෙනුවට නිවසේ සිට කිරීමට, තමාට පවරන ලද වැඩ කොටස් ඉතාම නිර්මාණශීලිව හා ඉතාම වේගයෙන් සිදු කරන බව සාමාන්‍ය මතයක්ව පැවතුනි .

ඉන් අනතුරුව එහි සේවකයින්ට ලැබුන උපදෙස් මත, සැවොම නිරුවතින් කාර්යාලයට පැමිණ , චකිතියෙන් හා කුහුලෙන් සිය වැඩ කටයුතු ආරම්භ කිරීම කොට ඇත. සේවකයින් නිරුවත් වීම පැකිලීමෙන් සිදු කරද , කාර්යාලීය චයරුප ශිල්පියා නිරුවත් වීම ප්‍රතික්ෂේප කර ඇත.
එහෙත් සේවකයින් පැය කීපයක් යන තෙක් බලවත් නොසන්සුන් භාවයෙන් කටයුතු කොට පසුව යථා තත්වයට පැමිණ ඇත. දින දෙක , තුන පසුවන විට සියල්ල යථා පරිදි ඔවුන්ට දැනෙන්න පටන් ගත් බව පවසා ඇත. පසුව , ඔවුන් සිත් පුරා සතුටින් හා ගැඹුරු හැගීමකින් කටයුතු කල බවත් පවසා ඇත.
මෙයට හේතුව ලෙස , ශාරීරික ලිහිල්භාවය හේතු කොට ගෙන ඔවුනගේ ලිංගික අවයවයන් සිරවී නොතියබිදී , පලදායිතාව වේගයෙන් ඉහල යෑම දැනෙන බව පවසා ඇත.
නිරුවතින් වැඩ කිරීමේදී ලාභ වැඩි වූ අතර කාර්යාලීය උණුසුම මදක් වැඩි කර ගැනීමට තරමක වියදමක් දැරූ බවද වාර්තා වේ. මෙම අත්හදා බැලීමට හේතු වූ නිරුවත පිළිබද මුල්ම මතය නිකුත් කරන ලද්දේ තම සමාගම විසින් නොව , ව්‍යාපාරික මනෝ විද්වතෙකු වන ඩේවිඩ් ටේලර් විසින් බව ඔවුන් වැඩි දුරටත් පවසා ඇත.
සටහන අවසානයේ මා හට වැටහී ගිය කරුණ නම්, දඩයම් යුගයේ නිරුවත ප්‍රශ්නයක් නොවූ අපේ ආදිවාසීන් මොන තරම් නිර්මාණ බිහි කලාද හා කෙතරම් කාර්යක්ෂම වුවාද යන්නයි.
මාත් මේ ගැන පෝස්ටුවක් දැම්මත් ඊට එතරම් සහයෝගයක් ලැබුනෙ නෑ. නිරුවත් ලෝකයක් යන්න ප්‍රායෝගික නැහැ. නමුත් කාර්යක්ෂ්මතාව මොකක් වුනත්
ReplyDeleteරෙදි වලට යන වියදම ඉතිරිවීම
අලුත් පැෂන් අතර අතරමංවීමක් නැතිවීම
සිරුරට නිසි වාතාශ්‍රය ලැබීම
ලිංගිකත්වය ගැන ඇති කුතුහලය නැතිවීම
එහි අතුරුඵලයක් ලෙස කාමරෝග නැතිවී යාම
ලිංගික අතවර සහ කාන්තා හිංසනය නැතිවී යාම
සංස්කෘතික අනන්‍යතා අහෝසිවී එකම මානව සංහතියක් බිහිවීම
එහි ප්‍රතිඵලයක් ලෙස යුද්ධ නැතිවී යාම
ආගමික අන්තවාදය අහෝසිවීම
යනාදිය සිදුවිය හැකියි.
අමතක වුනා මේක සමානාත්මතාවයටත් අපූරුයි. මවාගත්ත ලෝක බිද වැටෙනවා. පුහු නම්බුව ,මාන්නෙ, තරාතිරම් ඔක්කොම ඉවරයි.
Deleteසියල්ල වෙනස් වී යථාර්තය එලියට එන මොහොතක් ......මිතුර මේක නම්.....ඔබ කියන විදියට .... කාර්යක්ෂමතාවයට වඩා අනෙක් හැම දේම ලභාදායකයි..... නේද....?
DeleteFerdi Mokul විසින් නේපාලයේ සිදු වූ භූමිකම්පාව සම්බන්ධව එකතු කර ඇති වීඩියෝව බලන්න. එහි 3.28 ස්ථානයේ සිට ඉදිරියට මෝටර් සයිකලයක නැගී සිටින ගැහැනු ළමයි දෙදෙනාගේ ( වීඩියෝවේ දකුනු පස ) දෙතන සහ රහසඟ මිරිකමින් , පාරේ සිටින මිනිසුන් තුන් දෙනෙකු අතවර කරන හැටි ඔබ කිසිවෙක් දුටුවාද?
Deleteවීඩියෝ කරු එම දසුනින් කැමරාව ඉවත් කර ගත්තත්,ඉදිරියෙන් ඇති මෝටර් සයිකලය පිටත් වී ගියත් ගැහැණු ලමුන් දෙදෙනාට යාමට ඉඩ දුන් බවක් පෙනුනේද නැත.එම තිරිසන් ක්‍රියාව දිගටම සිදුවන්නට ඇත.
ඔයා ඒ වීඩියෝ එකේ line එක දැම්මනම් තමයි හොද.....
Deleteලංකාවේ නම් අනිවා කාර්යක්ෂම තාවය අන්තිම පහලට යනවා , ඔය පරීක්ශනේ ප්‍රතිපල වල අනික් පැත්ත තමා ලංකාවේ නම් ලැබෙන්නේ
ReplyDeleteඉවාන්.....ඔව්.... ලංකාවේ සිද්ද වෙන්නේ මේකේ අනිත් පැත්ත තමා. මොකද ලංකාව පෙරදිග රටක්...... මේ දේවල් එකවර ඔරොත්තු දෙන්නේ නෑ.
Deleteසදාචාර සම්පන්නකමක් නැති, ලිංගිකත්වය විකුණන ආයනයකට නම් ගැළපේවි. ඒත් වෙලාවකට ඒ ක්‍රෙම් හොදයි කියලත් හිතෙනව අද පාරෙ තොටේ දකින දේවල් දැක්කම. මොකද ඔක්කොම නිරුවත් නම්
ReplyDeleteවැව්..... ඒක ඇත්ත..... ඒත්.... මේ පර්යේෂණයක ප්‍රතිපලයක් විතරය්. මතක නේ අර මැලේෂියන් එයාර් ලයින් එකක් මේ විදියට .... ගුවන් සේවිකාවන් යොදල ලබපු පාඩු නැති කර ගත්ත විදිය. කාන්තා සංවිධාන මේවට විරුද්ධයි.....ලිංගිකත්වය විකුනනවා කියල,
Deleteකාන්තා සංවිධාන පමණක්ම නෙමේයි ලංකාවෙනම් නොසිතු විරු පෙරළියක් සිදුවේවි
Deleteගෑනු කැමති උනාද දන්නෑ වරක වැල වෙලා පේනවට? එතකොට පිරිමි කොහොම කැමති උනාද දන්නෑ එතෙක් මෙතෙක් දීපු පොර ටෝක් නිකම්ම මී පැටියෙක් වගේ ඉන්නව පෙන්නන්න... මම හිටියනම් අනිවා වැඩට එන්නේ නෑ.. ලෙඩකට නෙවෙයි.. සනීපෙට. හැක්. (අප්‍රේල් පළවෙනිදනම් ඔහොම ෆේක් නිවස් එකක් කැරකුණා නිව්ස් රෝල් වල..)
ReplyDeleteමම කිව්වෙත් ඒක තමා සමානාත්මතාවයට හොදයි. පොරත්වය පුහු නම්බුව, මාන්නෙ තරාතිරම් ඔක්කොම ඉවරයි. මවාගත්ත ලෝක බිදවැටෙනවා.
Deleteමිතුර ඔය ප්රශ්නය නම්..... වයස ඉක්මවූ අයට බලපානවා, නැතිනම්...... ඔයා කියන විදියේ යටත් බලපානවා. දැනට මෙපමණයි වාර්තා වෙලා තියෙන්නේ, ඉදිරියේදී බලමු, ....
Deleteඅප්පා අපේ ඔපිසියටත් ප්රෝපොසල් එක දාලා බලන්න ඕනා
ReplyDeleteදාල බලන්නකෝ....... මැලේ .... ප්‍රගතියක් තියනවද කියල
Deleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.............................................අපි පරක්කු වැඩියි ළමයෝ.
ReplyDeleteමට තේරුණා.....විචාරකතුමනි...
Deleteමේකෙන් සාර්ථක ප්‍රථිපල පෙන්නුවත් අපේ රටට ගැලපෙයිද කියන එක ප්‍රශ්නයක් නේද?
ReplyDeleteමනා ...... මේක තව කාලයකටවත් ........ අපේ රටට ගැලපෙන්නේ නැ.
Deleteදණ්ඩ නීති සංග්‍රහයට බලපාන වරදක් වෙනවා. චෝදනාව
' ප්‍රසිද්ධ ස්ථානයක අශෝභන ලෙස හැසිරීම ' නඩුත් දාල දඩත් ගහල, හිරෙත් යන්න වෙන වැඩක්.
ලංකාවේ වගේ උනානම් ඵලදායිතාව කෝම වෙතත් වෙලාවට රස්සාවට පැමිණිම, අවම නිවාඩු ගැනීම අතින් නම් දියුණුවක් තියේවි..
ReplyDeleteඔව්..... දිනේෂ්...... පැමිණීම ඉතා හොද වෙයි...... ඒ වගේම අන්තර්ජාලයේ සැරිසරන එකත් අඩුවෙයි නේ........
Deleteඅපේ රටේත් නම් ඇරයුමක් තිබුනා නිරුවත් සමාජයකට බැඳෙන්න කියලා.....
ReplyDeleteමේ යාළුවා....... අපි ඒ ගැන දන්නේ නැ..... මොකද්ද ඒ සමාජේ කියල විස්තර සහිත article එකක් ලියන්න
Deleteඅඩේ අපේ ඔෆිස් එකේ උන් නම් එක පයින් කැමති වෙයි වැඩේට..
ReplyDeleteඅද තමයි මේ පැත්තට ආවේ... නියමයි!! ජය වේවා!!
ආවට ස්තුතියි...... මහේෂ්.......
Deleteoffice එකේ අය කැමතිද කියල ඉස්සෙල්ල අහල එන්නකෝ....
විශේෂයෙන් girls ලව
ලංකාවට බොහොම හොඳ ආදර්ශයක්.
ReplyDeleteඅපේ ලොකු ලොක්කෝ ඔය තැන් වලත් කරක්ගහල ඕකත් ලංකාවට හඳුන්වා නොදෙයි කියලනම් කියන්න බැහැ.
උන් රටකට ගියොත් එහෙ තියෙන ඕන කුණු ගොඩක් මෙහෙ ගෙනත් අතාරිනවා.
එත් මේ වගේ දේවල් ගෙනාවට නම් එක පයින්ම අපි කැමතියි.
ඔක්කොම එපා කියද්දී මේ ක්‍රමය, ඔයාට විතරක් කැමති ඇයි දෙයියෝ.....මේක ආදර්ශයක් වෙන්නේ කොහොමද....?
Deleteමොනවා උනත්, මතකනේ පෙම් උයන් සංකල්පෙටත් එපා කියපු රටේ මේකට ඉඩ දෙයිද....? අපෝ නෑ.... නැ....
චී චී..... මට නං අප්පිරියයි. සදාචාරය ආදී මගුලක් නිසා නෙවේ...... මේ වාගේ දාඩිය දාන අල ගෙඩි බේරෙන එවුන් ඉන්න රටකට මේවගේ දෙයක් කලොත්? සංසාරෙ කලකිරෙයි.
ReplyDeleteඔව්...... රාජ් අයියේ....... ඔවා හැමෝටම පෙන්නන්න පුලුවන්ද......? නළු, නිළියන්ගේ විකාර වගේ..... නේද...?
Deleteමේ කපේට ඕක ලංකාවෙ නං කරන්න වෙන්නෙ නෑ!! අැයි වදේ, දණ්ඩ නීති සංග්‍රහය පවා වෙනස් කරන්න එපැයි මේ වගේ දෙයක් ටෙස්ට් කරලා බලන්න වුණත්!!
ReplyDeleteහැබැයි පුහු පොරටෝක්, පොෂ් (වෙන්න පොෂ්) අැඳුම් පැළඳුම්, පුහු අාටෝප වාද-භේද සියල්ලම අහෝසි වෙලා යන නිසා, ඒවා ගැන ඕපදූප කියවන්න වෙන්නෙ නෑ නෙ. එතකොට ඒ වෙලාවත් වැඩකට ගන්න පුළුවං වෙයි!! එතකොට කොහොමත් කාර්යක්ෂමතාවය ඉහලයන එක අහන්න දෙයක් නෑ ඉතිං!!! ^_^ ^_^ ^_^
ඔව්.... ගයාන්..... සමානාත්මතාවය නිසා..... කාර්යක්ෂමතාවය ඉහල ගියත්, ලංකාවේ මේ ක්‍රමයට කවදාවත් ඉඩක් නැ.
Deleteඅපි ඕවා ගැන කලින් කතා කරා අනේ..
ReplyDeletehttp://deshakaya.blogspot.com/2013/12/nudity-naturism-etc.html
ඉන්න බලන්න දේශක තුමනි, මං පහු ගිය කාලේ, blog එක පැත්තේ ආවේ නැ, අධික වැඩ නිසා,
ReplyDelete