Monday, December 12, 2016

දෙවන බස හා රාජ්‍ය සේවය


අපගේ දෙවන බස , දමිල බස බව මේ වනවිට ලොකු කුඩා හැමෝම දනිති. එහෙත් , කුමන බසක් හෝ තෝරා  ගැනීමේ අයිතිය අප සතු වේ. පළමු බස සිංහළ වීම ශ්‍රී ලාංකිකයින්ට උරුම වුවකි . එහෙත් දෙවන , නිත්‍යානුකුලව....  ශ්‍රී ලාංකිකයින්ට උරුම කර වුවකි. වරදක් නැත. එහෙත් නැත්තෙමත් නැති බව .... මට අනුව ... හැගී යන්නකි. ජාතිවාදී හැගීමක්එ නොව , එය  මගේ දෝෂයක්ද මන්දා . 

පාසල් අධ්‍යාපනය තුල , පළමු වසරේ සිට දමිළ බස, මේ වන විට විෂයක් ලෙස  උගන්වයි. එය සිංහළ මාධ්‍යයේ විෂය නිර්දේශයට  අනුකුල වුවකි. එයද කම් නැත. 

එහෙත් ගැටළුව .... උසස් පෙළ සමත්ව , විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් නිම කොට ඇති අයවලුන්ට, 2007 වර්ෂයෙන් පසු රාජ්‍ය සේවයට ඇතුලත් වීමේදී හෝ උසස් වීම් ලැබීමේදී , වසර පහක් ඇතුලත  සමත් වන්නට ඇති රාජ්‍ය භාෂා දමිළ විභාගයයි. 


දමිළ අකුරක් වත් නොදත් සිංහළුන්ට මෙය උගතෝකෝටික ගැටළුවකි. දමිළ  මුල සිට ඉගෙනීමට නැවතත් සිදුව ඇත.  මෙය වර්තමාන රාජ්‍ය සේවයට අනිවාර්ය වුවකි. 

දමිළ නොදත් සිංහළුන්ට අඩුම ගනනේ ඉංග්‍රීසි බසවත් කැමති අයට තෝරා ගැනීමේ අයිතිය දුන්නා නම් , බාසා දෙකක් දැන  ගැනීමේ දෝෂය දුරු වේ. එහෙත් ඇයි මේ දමිළ ... සියළු දෙනාටම අනිවාර්ය කර ඇත්තේ.

ටියුෂන් මාෆියාව ..... දමිළ විෂයද ගිලගෙන ඇති බව මේ අනුව බලන, ඔබට පෙනෙන්නට ඕනේ. ළමුන්ට පමණක් නොව ළමුන්ගේ අම්මා තාත්තාද දරුවන් එක්ක  දමිළ පන්ති වල උගනිමේ සංස්කෘතිය ලංකාව තුල මේ වන විට ආරම්භ කර ඇත. මෙවැනි ටියුෂන් පංතියක් ලගට ගොස් බැලුවහොත් , බඩ දරු අම්මලාද .... මේ රැල්ලේ පාවෙන, පීඩාකාරීම කොට්ඨාශය වී ඇති බව පෙනේ. මන්ද වසර පහක් ඇතුලත දමිළ අවශ්‍යතාවය සපුරාලුයේ නැතිනම් වැටුප් වර්ධකය අහිමි වන බැවිනි.

අවුරුද්දක් , මාස හයක් වැනි කාලයක ඉතාම ඉක්මනින් මේ විෂය හදාරන්නට පෙළඹෙන  හා උගන්වන දෙකොට්ඨාශයම යම් තරමක මායාවක දැවටී ඇතැයි මට සිතේ. මෙය පීඩාකාරී තත්වයක් බව බැලු බැල්මට පෙනේ. මෙතරම් කෙටි කලකින් පුළුවන්ද භාෂාවක් ඉගෙන ගන්න....?

රාජ්‍ය බාසා විභාගය හා සාමාන්‍ය පෙළ විභාගය මේ සදහා මාද්‍ය වෙමින් , විභාග අක්‍රමිකතා වලටද මග පෙන්වීමකටද  , මේ අනුව මග පෑදේ. මේ තුල නිවැරදි ප්‍රතිපත්තියක්වත්  නැති බව විමර්ශනයේදී දැක ගත හැකිය. 

මෙය වෙනත් හැගීමකින් ලියුවක් නොව , සිදුව ඇති පිඩාව හා බාහිර ගැටළු නිසා ලියුවක් බව කරුණාවෙන් සලකන්න. 

   

Saturday, November 12, 2016

නුඹ සහ හිරු .... මමත් සඳුත් වල්මත්ව .....


සඳ එතුණු අදුරු රැලින්  ...... සඳ සීතලව ගැහෙන බව 
ඇයි හිරුට  නොම දැනුනේ  .......
දෑස් විදහා .... සඳ  දෙස බිදුවක් .... ඇයි හිරු නොබලන්නේ ....?
සඳ තනියම ...... හිරු නොමැතිව ........

සුසුමින් සුසුම හෙළන  විට ..... දු,කදුළු  සිතල බව 
ඇයි නුඹට නොම දැනුනේ ........
මට නුඹ .... දුර වැඩිද මන්දා ..... ඇයි ම,දෙස නොබලන්නේ ...?
මම තනියම ...... නුඹ නොමැතිව ........

සඳ තනියම ..... මම තනියම ..... කව්රුත් නෑ .....අප තනියට 
හිරු දන්නේ නෑ ....... නුඹ දන්නේ නෑ .... 
සඳ මෙන් මමත් ..... හිරුත් ... නුඹත් ....... සොයන වග ....
මේ අනන්ත රාත්‍රියේ ..... හුදකලාව ......

Saturday, October 1, 2016

නපුරු කුමාරි ....


සියල්ල දත් යයි .....  පෙළහර පාන ...... දුසිතැතියේ ....
පණවමින් නීති පකාර .... ලෝකෝත්තර පරිධියට .....
දෙමින් විධාන ...... නො .....සන්යමයෙන්....රුදුව ....
හංගා ගත් හිත යට .... ගිණි සිළුව දල්වමින් .......
යොමා දෙඇස් ........ හරිනු මැන .... විපරිත ... භූත .... නොදක්ව .....

නුඹට  නුඹ පමණය ...... අපමණ දනන් පිරි භුමියේ .....
නොදක්ව ..... බණ .... නුඹේ .... නුඹට පමණක් රිසි ....
වනන්නට ....... අපට නොරිසි ......  නුඹේ සැඩ
කෙටියෙන් දික්වූ ..... කාලය ..... අපට ... මද පමණය .... 
   

Tuesday, August 16, 2016

ධිවර කර්මාන්තය ආශ්‍රිත මත් ද්‍රව්‍ය භාවිතය


මත් ද්‍රව්‍ය සම්බන්ධ ගැටළු රාශියක් ධිවර කර්මාන්තය ආශ්‍රිතව පැන නැගී ඇති බව මේ වන විට සමීක්ෂණ වලින් හෙළිව ඇත. පහුගිය දිනක හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක් ... ධිවර වරායක සංචාරය කිරීමට . මා හට අවස්ථාව ලැබුණි . වරාය පරිශ්‍රයෙන් ඇතුළු වූ විගස එක යායට රළ මත  පෙළ ගැසී ඇති , බෝට්ටු දුටු විට අමුතු චමත්කාරයක් මා අත්වින්දද . බෙහෙවින් සුන්දර දසුනක් මගේ නෙතට ඇතුළු වුවද ... විගසම දැනුනු දුක නම් , පළමු පියවර මා තබා ඇත්තේ ... දැවී ගිය සිගරට් කොටයක් මතට නිසාය.  ... ඉබේම , බිම බැලීමි. එහෙත්..... ඒ සමග ඉබාගාතේ විසිරි ගිය තවත් සිගරට් කොට හා සිගරට් පැකට්ටු , හිස් ලයිටර් දුටු විට සිගරට් දුමින් පිරි ගිය හෝරාවන් මෙහි ඇති බව , සිතට දැනුනි.  අවස්ථාව නම් වරාය  ජන ශුන්‍ය වූ වේලාවකි. එබැවින් කලබලකාරී වාතාවරණයක් දක්නට නොවිය . උදැසනම දවසේ බෝට්ටු සමග  , වෙරළට විත්, සිය කාරිය අවසන්ව , බොහෝ ධිවරයින් නික්ම ගොස් තිබුණි .




මා සමග  ආ පිරිස සමග තව ටිකක් ඉදිරියට ඇදුනි . ගොඩට ඇද දා තිබු බෝට්ටු අස්සෙන් අප සක්මන් කළෙමු. අව් රශ්මිය ඒ වන විට තදින් වැටි ඇත. වැල්ල ගිනියම්ව ... රත්ව ඇත. තැනින් තැන බෝට්ටු අස්සේ සෙවනට පත්ව, වැල්ල මත  වැතිර සිටින උන් කිහිප දෙනෙකි. උන් ඔහේ නීදති. තව තැනක ගසකට මැදිව ඇද ඇති බෝට්ටුවක දැල් ලිහන හතර පස් දෙනෙකි. මුවගේ සිගරට් දල්වා  මහන්සිය නිවා ගන්නා සෙයක් ඔවුන් දක්වති. තව තැනක බිම පැදුරක් එලාගෙන ඕම්බි බලන පිරිසක් හා ඔවුන්ට අත්වැල් සපයන දෙතුන් දෙනෙකි.ඔවුන් අතරද දුම්වැටි හා කාලේ බෝතල් කීපයකි . නිදහසේ තම සතුට භුක්ති විදිති ...


මේ සියල්ල දහවල් දහය පහු වන විට , දැක බලා ගත හැක. බෝට්ටු අස්සේ නිදා උන් කිහිප දෙනා පුරුද්දෙන් අදුනාගත හැක. පෙර හෙරොයින් සම්බන්ධ වැරදි ඇත්තවුන්ය. 
සිතා ගත හැක. වැල්ලේ සිටින හෙරොයින් බොන බොහෝ අය පොලිස් අත්අඩංගුවට පත්වන්නේ , මෙහෙම සිටින විටදී බැව් මා  දැන  උනෙමි. ලග නැතත්... ලග තිබුනා වැනිය .හේතුව. හෙරොයින්  සදහා වැල්ලේ ඔවුන් නම් දරා ඇත්තේ කුඩ්ඩෝ  ලෙසය . මෙවැනි කුඩ්ඩන්ට නින්ද ගොස් ඇත්ද  ... නැතහොත් පියවි සිහිය අත හැර ඇත්තේදැයි ... මෙවන් මොහොතක සිතාගත නොහැක.



වැල්ල දිගේ තව  ටිකක් ඇවිද්දෙමි. මුහුද අද්දරට වන්නට බියර් බෝතල්, අරක්කු බෝතල් හා සෝඩා  බෝතල් ගෝනියකට එකතු කල හැකි තරම්ය .  හවසට වැල්ල නන්නත්තාර වන්නට විචිත්‍රව ඇතැයි සිතිය හැක. හිරු බැස ගියද ... සඳ නැගුනද සමහරු  ගෙදර නොයති ... දැනගත් පරිදි හවසට වැල්ලද්දර ධීවරයන්ගේ විවෘත වූ  විනෝද සමාජයකි . 

වෙරළ දිගේ අවුත් , වරායට පිවිසුනෙමු. නැංගුරම් දාගත් බෝට්ටු අස්සෙන් ඇදුනෙමු. නානා නම් ගත් හා පින්තුර සහිත බෝට්ටු අලංකාරව පින්තාරු කර ඇත. එක් වරම දුටුවේ ලෝක ප්‍රසිද්ධ ගායකයකුගේ රුවකි. ඔහු බොබ් මාලේ නම් වේ. ඔහුගේ පින්තුරයට ධීවරයෝ කැමැත්තක් දක්වති යයි දුටු විට සිතේ. නමුත් එය එසේ විය හැකිද ...? ඔහුට ධිවර කර්මාන්තය හා සම්බන්ධ කමක් ඇතැයිද  සිතිය නොහැක. බොබ් මාලේ ප්‍රසිද්ධ ... සුද්දන්ට එරෙහි කළු ජාතික ව්‍යාපාරයට සහය දැක වූ ගායකයකු වුවද අසා ඇති පරිදී මත් ද්‍රව්‍ය එනම් ..... ගංජා භාවිතය සදහා නම් දැරූවෙකි.  මම හරිද මන්දා ....

මතකයි වරක් . මත්ද්‍රව්‍ය භාවිතා කරණ ධිවර කාර්මිකයකු කි.....  කතාවක් ...... මුහුදට යනකොට අපි සිගරට් බන්ඩල් එකයි. ගංජා මිටි හත අටකුයි. හෙරොයින් ටිකකුයි අරන් යනවා . දවස් ගණන් අපට නිකන් ඉන්න බෑ. හිතලයි.... පාලුවයි වෙලාවකට දරා ගන්න බෑ. මාළු රස්සාවේ හැටි ඔහොම තමා . 

බහුදින යාත්‍රා වල යන ධිවර කාර්මිකයින්ට පමණක් මෙය අදාල වේ.


හැම ධිවර  කර්මිකයෙක්ම මෙලෙස නැතැයිද කිව හැක. පාන්දරට මුහුදට ගොස් දවාලට අත් දිගට ඇද ..... රජයේ රස්සාවට යන ධිවර කර්මිකයන්ද අප දැක ඇත. ඔවුන් සාමාන්‍ය පරිදි ජිවත් වේ. අරක්කු  පමණක් ඉද හිට පානය කරති.  නුවන ඇත්තෝද ....? නුවන නැත්තොද ධිවර කාර්මිකයින්  අතර සිටින බව මේ අනුව හිතා ගත හැක.  ....

ධිවර කර්මාන්තය හා  මත් උවදුර අතර ඇති සම්බන්ධතාවය අප මෙලෙස දුටිමු . සාක්ෂාත් කර ගතිමු. 

වරෙක අපි ඔවුන් ගෙන් මෙලෙස ඇසුවෙමු ... මේක නතර කරන්න බැරිද ...?  පොලිසියෙන් ඔයගොල්ලෝ නිතර අල්ලනවනේ. 

 එහෙනම් ආණ්ඩුවට කියල  .. අපට බොන්න පුවන් නිදහස් තැනක් හදල දෙන්නකෝ .... 

පෙම් කරන්න .. පෙම් උද්‍යාන සංකල්පයත් ආ  .... අප රටේ අරක්කු උද්‍යාන සංකල්පයත් ඒදෝයි  සැක සිතේ. 

ධිවර කර්මාන්තය පාරම්පරික එකකි ... එහෙත්.... මෙවන් ව්‍යවසනයක් එදා තිබුනිදෝයි.... කොහේවත් ලියල තිබුනා මතක නැත....බොහෝ වෙහෙසකාරී රස්සාවක් බව දැන හිටියා වගේම ජිවිත අනතුරු  වැඩියි ..... බුදු දහමට අනුව මාළු මරණ එක පව්කාර රස්සාවක්ලු . ඒත්...මාළු මුදලාලිලාගේ පොහොසත්කම මේ ඔක්කොටම වඩා වටිනවාලු ....

හොද නරක දෙකම ඇතැයි සමාජය මනින මේ රස්සාවට ඇයි මේ මත්ද්‍රව්‍ය භාවිතය ... ධිවර ජනතාව නැමති ..ඒ උප සංස්කෘතියේ අද වන විට අනිවාර්ය අංගයක් වී ඇති මත් ද්‍රව්‍ය භාවිතය හන්දා .... මේ රස්සාවත් හෙට වන විට අනතුරේ ඇත.

අප ධිවර කර්මාන්තය  දන්නා කාලය එන විට .. බිලා ඇවිත් ... කුණුහරුප කියන .. ගෙදර ගැනිට ගහන .... සිද්දීන් සිනමාවේ තිබුනා මතකය. 
  • අරක්කු කියන්නේ ජොලි පානයක්ද ...?
  • බිව්වම මහන්සිය අඩු වෙනවද ...?
  • තනිකම පාළුව නැති වෙනවද ...? 
හෙරොයින් බිව්වම .... ලස්සන හීන  පේනවද ...? පාවෙන්න පුළුවන්ද ...? සමහරු කියනවා ඇගට ශක්තිය ලැබෙනවලු වැඩ කරන්න . මේ ඔක්කොම ඇත්ත කියා කොහොමද අපි  පිලිගන්නේ ...?

මේ දේවල් ලියන්නේ යමක් කමක් තේරෙන අයට මිසක් ... පාසල් යන දරුවන්ට නොවේ....මාධ්‍ය භාවිතය ,  මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අප පරිස්සම් වෙන්න ඕනෑ. මත්ද්‍රවය නිවාරණ දැනුවත් කිරීම් හුදෙක්... මතින් ඈත් කිරීම පිණිස මිස ..... ලං කිරීමට කරන බන්ධනයක් නොවේ. 

කාලෙකට පස්සේ .... මාසයක් තිස්සේ කඩින් කඩ ලියුවක් .... පැවති .... අධික කාර්ය බහුලත්වය blog එකෙන් මාව ටිකක් ඈත් කළා..... 







Thursday, April 7, 2016

ඇය .... නම් වුවාය ...


සුරඟන අවදියක්  පසු නොකළ බව ඇය වරෙක කිවාය .... සමනල  තටු වල පාට හොයනවා වෙනුවට, ඇය ජීවිතය ගෙට ගැසූ  බව ඇගේම සටහන් තුල කියැවුනි ..... 
සොදුරු රුවක් හිමි නොවුනද ... ඇය ... වශීකෘත චරිතයක් වූ බව මගේ නිගමනයයි . රුපය  සහ පුද්ගල අසක්තභාවය අතර සම්බන්ධතාවය මෙහෙම වන්නට ඇතැයි මම සිතමි . නැතහොත් ..... අඩු වැඩි වූ .... ලිංගික පිළිඹිබුවක් ඇය තුල උපතින්ම ඇතැයි සිතමි. 
කාන්තාව ස්වභාවයෙන්ම අවදානම් චරිතයක් යයි ... සමාජ මතයක් පවතියි .... ඇය ඇත්තෙන්ම පිරිමින්ට වඩා, අවදානම් වන්නේ කුමන නිර්ණායක මතද ...? යන්න ගැටළුවක් . ස්ත්‍රී පුරුෂභාවය තවමත් සමාජ ගැටළුවක්ව ඇති බව මේ අනුව පෙනේ. 



කාන්තාව සමතැන් ඉල්ලති . සමාජය මේ කියමන දෙස වපර ඇහෙන් බලයි. යථාර්තය නම් ... පිරිමියා මග හරින සියළු වගකීම් ... ඉටු කිරීමට සිදු වෙන්නේ නැවත කන්තාවටමය. එතකොට මේ සමතැන කාන්තාව වෙත ඉබේම පැවරිලාය. දෙන්න අකමැති ... ඉබේ පැවරෙන මේ කටයුත්ත දෙස බලන සමාජය අනුකම්පා දෑසින්ම .... මේ ශක්තිමත් කාන්තාවගෙන් යමක් ඉල්ලයි . ඒ ලිංගික ආරාධනාවන්ය.
අසම සම වූ මෙවැනි කාන්තා  චරිත සමාජය තුල බිහි වෙන්නේ ... ඉහත ක්‍රියාවලියේ ප්‍රතිපල මත යයි මට සිතේ. 
ඇය සියළු දේ දරන්නිය. මහ මෙරක් තරමට නොසැලී සිටින්නීය. නමුත් ජිවත් වන්නට සිදු වන්නේ මේ කුහක සමාජය තුලමය. 
ඇය බොහෝ දේ කලාය. අන් කාන්තාවන් නොකළ දේ කලාය. මේ ඇගේ ශක්තියද ...? සමාජ වෛරයද ...? නැතහොත් බටහිර අනුකරණයද ...? යන්න තවමත් සිතා ගත නොහැක. 



මේ සියල්ල කරන්න තරම් ඈ තුල වූ ප්‍රබල ආත්ම ශක්තියට අප ගරු කල යුතුය. ජීවිතය දිය කරන කාන්තාවන් ඇති මේ සමාජය තුල ... ඇය සියළු හැගීම් විවරණය වූ කැඩපතකි. 
ඇය යමක් කරයි ... වෙනස ඇය කරන දේ අන් අය  නොකිරිමයි .  කාන්තාව තුල වෙනස් වූ යමක් කරන්න සමාජ බියක් ඇත . ඇයට මේ කිසිත් ගානක් නැත. 
වරෙක ඇය සමාජය ඉදිරියේ නිර්වස්ත්‍ර විය. ඒ නිරුපන අවශ්‍යතාවයටය. සිය සැමියා වෙත සෘජු වාග් ප්‍රහාර එල්ල කලාය. ඒ බිද වැටුණු සිය විවාහය සාධාරණියකරණය  කරන්නටය. එම හේතුවෙන් ඇය තනි වුවා යයි කිසිවිටක නොකිවාය. ඒ කිසිවකට ඔහු (ස්වාමි පුරුෂයා ) පිළිතුරු නොබැන්ද හේතුවද කිසිවකු නොදනි.



වරින් වර මුහුණු පොතේ ඇයගේ වෙනස්ම චායාරුප පලවිය. මේවා ඇය විසින්ම පලකරනු ලැබූ ඒවාය . විවිධ චායාරුප පලවන මුහුණු පොතේ මෙවැනි නිරුපන ගෝලීයකරණයට අනුව සාමාන්‍ය වේ. එහෙත් .... ලංකා සමාජය තුල කතා බහට ලක්වූ ... පෙරළිකාර නිරුපනයන්ය. 
ඇය මේවා කැමැත්තෙන්ම කරන්නේ ඇයිදැයි .... නොතේරෙන්නේ .... මේ හැසිරීම් තුල වූ යම් රැඩිකල්භාවයක් සහිත යමක් දැනෙන නිසාවෙනි. මේ සටහන ඇය පිළිබද විවේචනයක් නොව . කාන්තාව තේරුම් ගැනීමට දරන උත්සාහයක් පමණක්ම වේ. 
මෙවැනි හැසිරීම් කාන්තාව  තුල ස්වභාවයෙන්ම නැතයිද  සිතිය නොහැක.  සමහර කාන්තාවන් අප්‍රසිද්ධියේ  පමණක් රගන මෙවැනි භූමිකාවන් මේ සමාජය තුලම  ඇත. 



බටහිර සමාජයේ ප්‍රසිද්ධ කාන්තා චරිත සිය නිරුවත  පෙන්වීමට කැමතිය. විවිධ හැඩතල ඔස්සේ සිය ශරීර අවයව මාධ්‍යට නිකුත් කර ඇත. විවිධ කෝණ රූ ගත කර ඇත. එහි වරදක් ඇති බවක් කවුරුන්වත් මෙතෙක් කියා නොමැත. 
මෙවැනි ස්වභාවික හැසිරීම්.... අන් අයට පෙන්වීමට කැමැත්තක් සියලු කාන්තාවන් තුල ඇතැයි මා අනුමාන කරන්නෙමි. එහෙත් විලි බිය නමැති සංකල්පය ලංකා සමාජයේ මුල් බැස ගෙන ඇති හෙයින් .... ප්‍රසිද්ධියේ කවුරුත් මේවා නොකරති. 
ඇය හරිද ......... අපි වැරදි'දැයි නොදනිමි. 
වරෙක සිය පන්හිද අතට ගත ඇය ..... විවෘත ලෝකයට ඇගේ තතු ලියන්නට වුවාය. උඩු යටිකුරු ප්‍රකාශ කුරුටු ගෑවාය. පොත මාර්කට් විය .... ඇයද ඒ සමග මාකර්ට් වූ බව .... සමහරු කියන්නට වුනි. 
ප්‍රසිද්ධියේ නිරුවත් වීම, ප්‍රදර්ශනකාමය  යයි සමහරු හදුන්වති ... මෙය යම් විදියක  සුළු මානසික රෝගයක් යයි , තවත් සමහරු පවසති ... එහෙත් .... එය ... සාමාන්‍ය තත්වයට ලග  යයි මට සිතේ ..... 
ඇය නිරුපනයේ යෙදේ .... එහෙත් ඇය නිරුපිකවක්ද ..... නොවුවාය .... එසේ නම් ඇය කවුද ...? 
මවක් ලෙස යුතුකම්ද ඉටු කරයි .... දු,වරුම දෙදෙනෙක් සිටින බව මගේ මතකයේ ඇත . ඇයගේ නිරුපන මුල් කාලයේ අන්දෝලත්මක වන විට ඇය ගුරුවරු ලවා , දරුවන් ආවරණය කලාය. 
මේ ඇගේ මා  දුටු මනෝභාවයන්ය ....... ඇය නොව ඇගේ මනෝභාවයන් පමණක් මෙලෙස සටහන් කරනුයේ පුද්ගල චර්යාවන් විනිවිද දකින්නටය ......

Friday, April 1, 2016

ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුවේ සමාජ සත්කාර ..







මාතර ප්‍රජා  විශෝධන ප්‍රාදේශීය කාර්යාලයෙන්  එක් සමාජ සත්කාරයක් මෙලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතයි ... 

ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුවේ අරමුණු හා  දැක්ම පිළිබද මෙලෙස සටහන් තබමි.

මා පෙර ලිපි කීපයක ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව හා එහි කාර්ය භාරය ගැන සටහන් තබා ඇත . 

Tuesday, March 29, 2016


රුධිර බිඳුවකින්  ඉපැදුනු   ආදරය 
මහා මෙරක් තරමට අකුරු වූ ආදරය
හිරු දැවී   ගිනි  බිදී හද දැවුණු ආදරය .
සඳ සිසිල උතුර වූ නුඹ මගේ ආදරය 

Thursday, March 3, 2016

බන්ධනාගාරය තුල මාද්‍ය භාවිතය



බන්ධනාගාරය තුල මාද්‍ය භාවිතා වනවා කිව්වම ඔබ පුදුම වෙන්න ඇති නේද ...? ඔබ නොදන්නවාට මාද්‍ය භාවිතය බොහොම හොදින් තියන තැනක් බන්ධනාගාරය කියන්නේ . 

එක් වරම සිහියට එන්නේ ඔබට ජංගම දුරකථන භාවිතය නේද ...? එය නීති විරෝධී පරිහරණයක්. එසේ නොවන මාද්‍ය භාවිතය කුමක් නම් වේද ...? ලිපි ලිවිම ....? මෙයත් සිමා සහිත අවසරයක් තියන කටයුත්තක්.   ලිපි ලැබීම හා යැවීම ....පරීක්ෂාවක් මතයි සිදු කරන්නේ  

බන්ධනාගාරය තුල ලබා දෙන සැම පහසුකමකටම සිමා තියෙනවා කියල ඔබ දන්නවද ....? ඔව්.... සමහර පහසුකම් තීරණය වෙන්නේ .... වරදකරුගේ ක්‍රියා කලාපය මත. මේවා වරප්‍රසාද ..... ඔහු ලබන 

අතීතයේ සිටම බන්ධනාගාර තුල .... මේ ක්‍රම තිබුනා , 


පොත්පත් හා පත්තර කියවීම තවත් ප්‍රබල මාද්‍ය භාවිතයක් ....  බන්ධනාගාර සුභසාධන අංශය  මගින් මේ කටයුත්ත පාලනය කෙරුනා .

බන්ධනාගාර තුල පුස්තකාල තියනවා කියල ඔබ දන්නවද ...? කියවීමේ ශාලා නැතත් , සිර කුටිය තුලට රැගෙන ගොස් බැලීමේ හැකියාව , පොත් කියවන්න කැමති ඕනෑම රැදවියකුට තියනවා. 

මට කියන්න ඕන උනේ ......  බන්ධනාගාරය තුල තුල සිදුවන පොත්පත් පරිශිලනයයි. 
හිරකාරයින්ට මොන පොත්ද කියල ඔබට සිතෙන්න පුළුවන්.....


සිරකරුවන් යනු ... සියුම් බුද්ධි මහිමයක් ඇති පුද්ගලයින් බව ඔබ දන්නවද ...? මට නම් ඔවුන් විශේෂයි. 

Add caption


සිරකරුවන්ගේ දක්ෂතා මා කොතෙකුත් දැක තිබෙනවා. මේ ශක්තිය සදහා මං හිතන්නේ ... ඔවුන්ගේ උගත්කම, සමාජ වටපිටාව, ලබා ඇති වෙනත් පුහුණු (අනියම් හෝ නියම් ) හෝ පෙර ආත්ම වලදී ලබා ඇති හැකියාවන් මේ සදහා බලපාන්න ඇත කියායි. 

යම් හැකියාවක් ඇති සිරකරුවකු ගොඩ නැංවීමට අපට බොහෝ දේ කල හැකියි. එයින් එක කටයුත්තක් තමයි ..... පොත්පත් පරිශීලනයට ඔහුව යොමු කිරීම . 

බන්ධනාගාරය තුල පුස්තකාල වල තියන පොත් හෝ පිටතින් ගෙන්වගෙන දියහැකි පොත් හෝ සිරකරුවන්ට පරිශීලනයට දිය හැකි නම් ඔවුන් යම් තරමකට වෙනස් කිරීමට හැකියාවක් ඇති බව මා දනී. 

බන්ධනාගාර පුස්තකාල වලට පොත් ලැබෙන්නේ පරිත්‍යාගශීලීන්ගෙන් , රාජ්‍ය නොවන සංවිධාන මගින් හෝ යම් ප්‍රමාණයක් රජය මගිනි . 


පෙරදී නම් මොනවා හෝ පොතක් ලැබුණි. එහෙත් මේ වන විට වැදගත් යයි හැගෙන අද්යාත්මික සංවර්ධනයක් ලැබිය හැකි පොත් හා ධනාත්මක චින්තනය ලබා දිය හැකි වර්ගයේ පොත් වැඩිමනක් ලබා දී ඇත. මෙයට අමතරව තාරුණ්‍යයේ ... සිරකරුවන් හට කියවිය හැකි ආදර කතා ආදියද බන්ධනාගාරය තුල බහුලව භාවිතා වේ ...

අද්යාත්මික සංවර්ධනය සදහා නොයෙක් ආගම් පොත්ද .... කුරානය , බයිබලය ඇතුළු.... බුද්ධාගම් පොත්ද .... භික්ෂුන් වහන්සේලා විසින් රචිත , ඒ වගේම , දයා රෝහණ ගේ ධනාත්මක සංකල්ප ඇතුලත් පොත්ද ...... තාරුණ්‍යයේ  ගත්කරු යයි හදුන්වන .... සුජීව ප්‍රසන්නආරච්චි , චන්දී කොඩිකාරගේ පොත්ද ..... බන්ධනාගාරය තුල ජනප්‍රිය වේ. 

මෙයට අමතරව පෞද්ගලිකව ලග තබා ගෙන ඇති බෝධි පුජා පොත්, බයිබලය , වෙනත් වන්දනා පොත් ... බහුලව පරිහරණය කරන බවක් පෙනේ. 

තවද .... හැගීම් අවුස්සන සුළු ... කාම රචනා අඩංගු පොත් කියවීම, බැලීම බන්ධනාගාරය තුල තහනම් වුවද .... කෙසේ හෝ ඒවා ද පරිශීලනය වන බව ... යම් යම් අවස්ථා වල වාට්ටු පර්ක්ෂාවේදී හෙළිවී ඇත. මේවා අමුත්තන් බැලීමේ අවස්ථාවේදී කෙසේ හෝ හොරෙන් ගත් බවක් තමයි දැන  ගන්න ලැබුනේ. 

ඉහත කාරනා සියල්ල ගෙන බැලීමේදී පෙනී යන්නේ සිරකරුවන් මාද්‍ය භාවිතයට ඉතා කැමැත්තක් දක්වන බවයි... එසේ නම් පොත්පත් පරිශීලනය සදහා වැඩි ඉඩක් හා අවස්ථා ලබා දෙන්නේ නම් ...සිරකරුවා සැබවින්ම වෙනස් කල හැක. 

රජය හා අනෙකුත් සමාජ සුභ සාධක  ආයතන මේ සදහා මැදිහත් විය යුතුය . ඒ සදහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කල යුතුය . 


  1. .ලබා දිය යුත්තේ කුමන පොත්ද ....?
  2. ලබා දියයුතු ආදර්ශමත් චරිතාපදන මොනවද ...?
  3. අන්තර්ජාතික අත්දැකීම් ලැබිය හැක්කේ කෙසේද ...?
  4. රස වින්දන හා සාහිත්‍ය රසාස්වාදය ලබා ගත්ත හැක්කේ කුමන පොත් වලින්ද ...?                    
 යන්න වර්ග කරගෙන ලබා ගත හැකි පොත් සංඛ්‍යාව වැඩි කර ගත යුතුය. 

බන්ධනාගාරය තුල පොත්පත් පරිශීලනය කරමින් .... පොත් ලියු කතුවරයෝද සිටියහ . තවමත් ... මා දන්නා තරමින් එක් ඇමතිවරයෙක් පොත් ගණනාවක් ලියන්න ..... කාලය ලබා ගත්තේ සිය .... සිර දඩුවම් විදි කාලයෙනි.

තවත් එක්තරා ප්‍රසිද්ධ නඩුවක චුදිතයෙක් කේන්දර බලන්න ඉගන ගත්තේ .... බන්ධනාගාරය තුලට ගෙන්වා ගත් සාත්තර පොත්, ජෝතිෂය පොත් හා යන්ත්‍ර මන්ත්‍ර කිරීමේ මුලාශ්‍ර වලිනි. මේ වන විට   ඔහුගේ  ජීවනෝපාය කේන්ද්‍ර බැලීම හා යන්ත්‍ර දැමීමයි. 

සිරකරුවත් මනුෂ්‍යයෙකි කියන සංකල්පය වඩාත් කුළු ගැන්වීමට නම්, මෙවැනි විකල්ප ක්‍රම භාවිත කිරීම සුදුසු යයි මට හැගේ. සිරකරුවා සමාජගත වීමේදී ....  පොත්පත් භාවිතය ඔහුගේ ඉදිරි ගමන සකස් කිරීමට පිටුවහලක් වන බව මේ අනුව පෙනේ. 

දියුණු රට වල පවා , පොත්පත් පරිශීලනය සිරකරුවාට අනිවාර්ය කර ඇත්තේ ... සිරකරු මනස පුනුරුත්තාපනය කල හැකි ප්‍රබල මාධ්‍යක් වන බැවිනි. 

Friday, February 26, 2016

මාලෝ ..... මාළු ... මාලෝ .....


සුනිල් සුපුරුදු පරිදි ......... මුස්ලිම් විදිය හරහා සිය මාළු බයිසිකලය පැදගෙන ආවේය .  බයිසිකලය නතර කරනවාත් සමග පිටුපසින් ලුහුබැද ආ ට්‍රැෆික් බයිසිකලය ඉදිරියෙන් හරස් කර නතර කරවුයේ මහා මෙහෙයුමක් කරන විලාසෙනි. 
ඇස් කරකවල බලපුවම ... බොඳ මිදුම් අතරින් දුටුවේ, පොලිස් ඇදුමින් සැරසුණු මහත්තුරු දෙන්නෙක් ...

මාළු ගන්න ආවද මන්දා .....

අරිනවා පෙට්ටිය .... හ්ම්.... ඉක්මනට ....

බුදු අම්මෝ ....
මේ මාළු ගන්න නම් නෙමේ, මේ උන්දලා ....ඇවිල්ල ඉන්නේ  .... 

හ්ම්..... අරිනවා ඉකමනට ...
මේ මොනවද ..... ගන්නවා එලියට ....

අනේ බුදු මහත්තයෝ ..... ඇගේ අමාරුවට ගෙදර ගිහින් බොන්න ගත්ත අරක්කු කාල ඔය .....

බොරු කියන්න එපා මනුස්සයෝ .... තමුන් අරක්කු විකුනනවා නේද ....? 
අනේ බුදු මහත්තයෝ ..... මං විකුනන්නේ මාළු විතරයි ..... මේ බලන්න ඉතුරු කුරියෝ  .....
තෝර පැටියෙක් හා ලින්නෝ දෙතුන් දෙනෙක් ... පෙට්ටිය අතරින් එබිකම් පාන්නට විය. 
සර්ධා ... හෝටලයේ මුදලාලි එලියට පැන්නේ .... මේ පොලිස් ගෝරනාඩුව ඇහුනු හන්දා  ....

අනේ මහත්තයෝ ..... මේ අපිට  මාළු දෙන මනුස්සයා .... 

මං අරක්කු ටිකක් බිව්ව තමයි මහත්තයෝ .... අරක්කු  විකුනන්නේ නෑ.... බුදුම්පල්ල .....

කිව්වා .... කිව්ව ...... අහන්නේ නෑ..... 

එනවා ...... 
ගන්නවා බයිසිකලය පොලිසියට ... හ්ම් ..... පදිනවා දැන් .... 
හ්ම් ..... ඉක්මන් කරනවා .... 

මං කාට කියන්නද දෙයියෝ ...... මං  අරක්කු විකුනන්නේ නෑ කියල .....
බයිසිකලය පොලිසිය මිදුලේ තිබුන ගහට හේත්තු කරලා .... මං පඩි දෙකතුනයි නැග්ගේ ......
ඇදගෙන ගියේ ..... මගේ කමිස කරෙන් අල්ලගෙන ...

 යනවා ඇතුලට කියල .... මාව තල්ලු කරලා දැම්මේ .... මං ..... මහා මැරයෙක් ගානට දාලා ........ අනේ අහිංසක මට .... වෙච්ච දේ ... ඉතුරු මාළු ටිකත් අරන් ගෙදර එනකන් උන්දැ අරහේ බලං ඉන්නවා .... බත ලිපේ තියා ගන්න බැරුව ..... පොඩි උන් ඉස්කෝලේ ගිහින් ආපුවම කන්නේ මොනවයි දැන් ......
අර මාළු ටික අරහේ කුණු වෙනව  .... මට කියට යන්න දෙයිද දන්නේ නෑ.  ..... බඩගිනිත් එක්ක ... තාම උදේට කෑවෙත් නෑ.....
 දැන් පැය කියක් ගියාද .....
 අනේ මහත්තයෝ .... මට වතුර තිබහයි .... වතුර ටිකක් දෙන්න ...... තොල කට වේලිලා .....
මාව මොකට .....  මේ කුඩුවේ දැම්මද මන්දා ......

මෙතන ඉන්න බෑ හුජ්ජා ගදයි.....  මොකා චු දාලද  දන්නේ නැ. 
දැන් කිය උනාද මට කන්නත් නෑ.... බොන්නත්  නැ...... බඩගින්නේ ඉන්න බැරියෝ .....

මුන්ට ඇහෙනනවද මන්දා .... මං කියන දේවල් ...... අම්මපා .....

කළුවර වැටීගෙන එනකොට ..... ආයෙත් මාව කුඩුවෙන් එලියට ගත්තා .... මොන මොනවදෝ ..... පොත් වල කුරුටු ගෑවා .... 

අත්සන් කරපිය මෙතන ......

මං අකුරු දන්නේ නෑ මහත්තයෝ .....

උඹ .... වැස්සකටවත් ඉස්කෝලේ ගියේ නැද්ද ...? 

ගියා මහත්තයෝ .... දෙකටද කොහෙද ...? ඒත් අකුරු බෑ මට .....

ආ ..... ඇගිල්ල තියපිය මෙතන ..... හ්ම්.....

දම්පාට පෙට්ටියකින් ගත්තු , සායම් ටිකක් මගේ ඇගිල්ලේ උලලා . අර ලියපු කොලේ උඩින් තියල තද කරා .... මට තරු විසි උනා. 

හ්ම් .... නැගපන් ජීප් එකට තව ගමනක් යන්න තියනවා උඹත් එක්ක ....

ජීප් එකේ තව කොල්ලෝ දෙන්නෙකුත් හිටියා ..... කොට කලිසන් ඇදපු ... උන් දෙන්න දැකල පුරුදුයි මට ..... හරියට නිච්චියක් නෑ. 

බැහැපල්ලා .... බැහැපල්ලා .... 
හිටගනින් පේලියට ........

කාගේදෝ ගෙදරකට අර උස පොලිස්කාරය ... ගිහින් , .... එක පාරටම අඩියක් පොලවේ ගැහුවේ  නැතා .....  
මාව ගැස්සිලා ගියා සද්දෙට 

මරක්කලගේ සොමිපාල ........ 

පස්සෙන් හිටිය පොලිස්කාරය මාව තල්ලු කලා  ගේ අස්සට ..... වැටෙන්න ගිහින් අනු නවයෙන් මං බේරුනේ .... 

ඔලුව පහතට කරගෙන මොනවදෝ ලියනවා කළු කෝට්  ඇදගත්ත මහත්තයෙක් . 
රජයේ අනුමත අරක්කු මුදලට විකිණීම  ..... තමුන් වැරදිකරුද ..... නිවැරදිකරුද ......? කියනවා බලන්න 

මහත්තයෝ .... ඒ ....... මං  බොන්න ගත්ත අරක්කු කාල ... බුදුම්පා..... 

පෙර වැරදි තියනවද ....?
නැත ස්වාමිනි .....

රුපියල් දෙදාහක් දඩ ......

රුපියල් දෙදාහක්  ....? කොයින්ද මට ..... මාළු විකුණලා ගත්තෙත් රුපියල් අටසීයයි ..... ඒකත් මාව කුඩුවට තල්ලු කරද්දී අර උන්දා ගත්තා . 

ආයෙත් අර කොල්ලෝ දෙන්නත් එක්ක මාව ජීප් එකේ දා ගත්තා .... ගියා එක පිම්මට .... හිර ගෙදර මහ ගේට්ටුවෙන් ඇතුලට ....

මාව හිරේ  දාන්නයි හදන්නේ .......  සල්ලි නෑ කියල ..... අනේ මගේ දරු පවුල උන් බඩගින්නේ ....

ගලවනවා .... ඇදන් ආපු සුට් එක ..... ඇද ගන්නවා මේක  ..... හ්ම් ....

සිර දඩුවම .... මාසයයි .....

L- 3542  - මරක්කලගේ සොමිපාල 

මාළු විකුනන්න ගියපු මට නොම්මරයක් හම්බ උනේ ඔහොමයි .....



දවස් 23 කට විතර පස්සේ මං ගෙදර ආවා ..... බයිසිකලේ නම් පොලිසියේ ගැරේජ් එකේ තිබිල මං අරන් අවා..... ඒත් ....  මාළු කපන පිහි දෙක ..... ඒකට වෙච්ච දෙයක් නෑ.....

මං කොහොමද ආයෙත් රස්සාව කරන්නේ ....? 



















Friday, January 29, 2016

ශුද්ධ භුමි.... බුද්ධ භුමි ....


     මට හිතුනා තව දුරටත් , පොකුනුගල , භුමිය    ගැන ලියන්න , හිතන්න හා පර්යේෂණ කරන්න .

 නැවතත් මා එහි ගියෙමි. හමු වූ බොහෝ අය  සමග කතා කලෙමි. එලෙස මම මගේ  මෙහෙයුම දියත් කරන  විට , JCB මැෂින් ඔපරේටර් තරංග හමු විය . ඔහු දින ගණනක් තමන් සේවය කල  JCB රථය රැගෙන විත් , ලදු කැලෑ මැදින් වැටුණු පාර එලි කර බැතිමතුන්ට,  සිද්ධස්ථානය වෙත ඒමේ අපහසුකම ඔහු විසින් දුරු කර ඇත .  ඇයි  එලෙස දුෂ්කර ක්‍රියාවක් කලේ, රථය , ඔහු වැඩ කල එක වුවද , බැතිමතුන්ද දායක වෙමින්, තෙල් ගසා දී, ඇති බව මා හට දන ගන්නට ලැබුණි. 

එහෙත් පාර එලෙස සෑදුවද .... වැස්සක් වැටුනු විට හෝදා  පාළුවී යාමේ අවදානමක් ඇති බව පෙනෙන්නට තිබේ. මේ පාර වල් රජයෙන් නම් හදා දෙන්නේ නැත. ඒ සදහා මැදිහත් වන්නට කෙනෙකුත්ද නැත. තරංගගේ උත්සාහය විශිෂ්ට උවද ... ප්‍රතිපලදායක වන්නේ පාරට තාර දැමීමෙනි.  
මෙම  චායාරුප සහිත නිර්මාණය,  තරංගගේ නිර්මාණයක් .... ඔහුගේ අරමුණ වෙනුවෙන් තැනුවක් ....
මේ යෝගශ්‍රමයට යන පාර, තාර දමා කාපට් කර ගන්නවාමයි .... කියා ඔහු දැඩිව කියයි. 


නැවතත් මා යෝගශ්‍රමය වෙත හැරුණි ....

"දැහැමි පුද්ගලයන්  වන අප, මුල සිට නිවැරදිව වැදුම් පිදුම්  ඉගෙන ගෙන, තිසරණ ගරුත්වයෙන් ජීවිතය සාර්ථක  කර ගැනීම නිවැරදි වන්දනාවකට පිටුවහලක්" වන බව කියමින් , පොකුනුගල යෝගාශ්‍රමයේ, එහි ආරම්භක හිමි නවදගල අනගාරික ධම්මික හිමියන් විසින් බැතිමතුන් සදහා වැදුම් පිදුම් පුරුදු පුහුණු කරති . 




" ඇති කල්හිත්  නැති කල්හිත් අපේ පරමාර්ථය නිවන් පිණිස පිළිවෙත් පිරීමය" මේ බැතිමතුන්ගේ සිතුවිලිය. 

මට පෙනෙන්නේ ඔවුන් සදහා ඇත්තේ බුදුන් කාලයේ ඇති ප්‍රර්ථනාවන්මය . මේ භුමිය වෙත ගොස් බැලුවොත්.... ඔබට එය වැටහේවි. මේ ..... මා සිතන දේවල් නොව දකින..... අත්විදින දේවල්ය. 

 ස්වාභාවික පරිසරය සහිත පුජා භුමිය ආරක්ෂා කර ගැනීම,  විශේෂ වගකීමක් හැටියට සැලකීමට  සැදැහැවතුන්  කැපවී ඇත. ඔවුන්, එම පරිසරය නිරතුරුව ආරක්ෂා කරයි.

 ලංකාවේ නොයෙක් මානයෙන් බෞද්ධයන් පැමිණෙති. අනුරාධපුර සිට සෑම මසකම පොහෝ දින සිල් සමාදන් වීමට පැමිණෙන, රණසිංහ වේද මහතා ඇතුළු පිරිසද , නුවර සිට එන මාලනි පෙරේරා  මව්තුමිය ඇතුළු පිරිසද, මහියංගනයේ සිට එන පොඩි මැනිකේ ඇතුළු පිරිසද , කොළඹ සිට එන ආතර්  පෙරේරා ඇතුළු පිරිසද , සුරියවැව ගමේ සැදැහැවත් පිරිසද,  මේ කාර්යට එක සිතින් කැපව ඇත.  



යෝගාශ්‍රම විවේකාගාරය වෙත මා ගියෙමි. 

දැනට නිත්‍යානුකුල අයිතියක් නැති, සිද්ධස්ථානයක් ලෙස කොහෙවත් ලියාපදිංචිව නැති , මේ භුමිය , බුද්ධ භුමි පුජා ඔප්පු සන්නස්  පත්‍රය මගින් හිමියන්ගේ භාරකාරත්වය, ප්‍රතිපත්තියක් වශයෙන් රැගෙන යාම සදහා ඔවුන් දැඩිව  අධිෂ්ට්ඨාන කර ඇති අතර මේ පුජා භුමියේ අයිතිය බැතිමතුන් වෙත පවරා ගැනීමට ඔවුන් කටයුතු කරති. 

මා පෙර ලිපියේ සදහන් කර ඇති, මේ පුජා භුමියේ අයිතිය  පිළිබද කරනාවේදී ඔවුන් මට කිවේ , මේ කටයුත්ත පුජා භුමි ඔප්පුවකින් කල හැකි බවයි, ලංකාවේ සමහර සිද්ධස්ථාන වෙතද මෙවැනි පැවරීම් කර ඇති බවයි. නිකායක් හෝ භික්ෂු හැදුනුම්පත් මේ සදහා නිත්‍යානුකුල කිරීමට අවශ්‍ය නොවන බවයි. මේ කාරණාව ,  හරිද කියා මේ කියවන ඔබ මට කියන්න 

ගුරු හාමුදුරුනමක් හෝ , නිකායක් නැතිව  අනගාරිකව පැවිදිවීම බෞද්ධාගමට තහනම්ද ...? එතකොට සිල්වත් නැත්ද ..... ශිලයේ අඩුවක් තියනවද ...? මාගේ පෙර ලිපියේ කමෙන්ටු එක්ක බැලුවම මටත් ගැටළුවක් ....? 
මේ කමෙන්ටු ගැනත්.... මා ඔවුන් සමග තර්ක කලෙමි.... 



මනෝ මන්දිර ...... මේ ගැන කරුණු ඔබ දන්නවද ...? මේ ගැන සොයා බලන්න මේ භුමිය වෙත යන්න හැකියාවක් ඔබට ඇත්ද ...? 

භුමිය, වැදුම් පිදුම්, වත් පිළිවෙත් ... මේ සියල්ල මා වෙත අමුතු හැගීම් දනවයි ....

මේ සියල්ල  මා මිට පෙර අසා ඇත්තේ ... බුද්ධ කාලයේ ඇති පොත් පත් වලිනි ....
මා දුටු .... සියලු දර්ශන පැරණි බෞද්ධ චිත්‍රපට වලට සමාන ....  දර්ශනයන්ය ....



මේ පෙර ලිපියේ ලින්ක් එක  http://nihinsa777.blogspot.com/2016/01/blog-post.html


Tuesday, January 26, 2016

හිමිකමත් අහිමි වන සිද්ධස්ථානයක්



ලෝක උරුමයක් ලෙස සැලකිය හැකි ,  හම්බන්තොට දිස්ත්‍රික්කයේ , සුරියවැව ප්‍රදේශයේ පිහිටි , පොකුනුගල යෝගාශ්‍රමය ජනතාවට ,  අහිමි වන ලකුණු ඇති බව නායක හිමියෝ පවසති . මේ එතුමාගේ කතාවයි ...

01 . අක්කර අටක් පමණ වන මේ භුමිය වන සංරක්ෂිතයට අයිති බව , වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
02 . මෙහි පෞරාණික නටඹුන් ලක්ෂණ ඇති බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
03  . මහවැලි අධිකාරියද විටක හිමිකම් කියයි  .

මට තේරෙන්නේ නෑ. මේ ශුද්ධ භුමිය අයිති මින්  කුමන දෙපාර්තමේන්තුවටද? අධිකාරියටද ...? කියල 

වසර 40 ක පමණ පැරණි ඉදිකිරීම් ඇති , මේ භුමිය, නවීකරණය නොවූ පන්සලකි, ආරන්‍යකි. පෝයට සැදැහැවතුන් සිල් ගනිති .... පැරණි මිනිසා විසින් නිර්මාණය කරන ලද සරල ගෘහ නිර්මාණ ශිල්පය පමණක් දක්නට ඇති මේ සිද්ධස්ථානය වෙනස්ම තැනකි. මා මෙම නිර්මාණ , පැරණි මිනිසාගේ   ගෘහ නිර්මාණ ශිල්පය ලෙස දැක්වුවත් , මේ නිර්මාණ සියල්ල නායක හාමුදුරුවන්ගේය . මැටි හා කළු ගල් ගල් මුසු කොට තැනුවකි. ඇවිදින විට පයට පැ ගෙන පොල්  කොළ පැදුරු , අමුතු සුවයක් ගතට දනවයි. 

ස්වභාවික සුළං රැලි වන පෙත දිගේ පාව විත් ගත දැවටෙන කොට ....  පුදුමාකාර සිසිලසක් මනසට දැනේ . විහාර මන්දිරය .... හරහා දිස්වෙන මනහර පරිසරය .... නෙතට රසදුනකි. ජීවිතය විදින්න පුළුවන් කළා කෘතියක් තරම් නිරවුල් හැගීමක් නිරාමිස ප්‍රීතියක් මා අත්වින්දෙමි, ඒ හෝරා කීපය තුල ... විටින් විට නැගෙන මොනර නාදය .... ගරු ගාම්භීර ගන්ටාවක  හඩ මතක් කර දෙමින් වරින් වර නාද දෙයි. 
    පොකුණුගල යෝගාශ්‍රමය .. හිස මත්තෙන් පිහිටි ස්වභාවික පොකුණු නිර්මාණය , රජ කාලේ තැනුණු, අනුරපුර, පොළොන්නරු නිර්මාණ සිහියට නංවයි. ඒ අසබඩ පිහිටි නායක හිමියන්ගේ වතුර පිරිපහදු ටැංකි නිර්මාණය , මෙරට ඉංජිනේරුවන්ගේ තාක්ෂනය හා සම කල නොහැකි බව දකින්නේනෙකුට සිතේ.  
නායක හිමිපාණෝ  එතුමා ගෙයින් ගෙට දනට වඩින්නෙකි, අල්ප ආහාරයෙන් වැජඹේ. නමුත් දැන් වයස්ගතය .එතුමන් සමග මා කතා කලෙමි. බැතිමතුන් සමගද කතා කලෙමි.  බැතිමතුන් ඉදිරියේ ප්‍රශ්නයක් ඉතිරිව ඇත. එතුමන්ගෙන් පසු මේ ශුද්ධ භූමියට කුමක් සිදුවේද යන්නයි. 
භුමිය පිළිබද නිරවුල් හිමිකමක් නැති, ඔප්පුවක් නැති , අයිති වෙනත් විහාර දෙපොලක්ද නොමැති මේ අරණ්‍ය අඩවිය ඉදිරියේදීත් බෞද්ධ බැතිමතුන් යනෙන තැනක් වේද යන්නයි. 
හිමියන්, මේ පොදු දේපල රැක ගැනීමට මහා විර්යක් දරති. නීතියේ ප්‍රතිපාදන සොයති . එහෙත් එතුමන් වෙත කිසිදු දේශපාලන බල අධිකාරියක් නොමැති බැවින් නිරන්තරයෙන් නිලධාරීන්ගෙන් ප්‍රතික්ෂේප වේ. 
එසේ නම් අප කුමක් කරමුද ...? කුමක් කල යුතුද යන්න සෙවීමට මා ඔබට මේ සටහන පිරිනමමි. 

ජයසේන ජයකොඩිගේ අරලිය මල් ආරාමය මට සිහියට නැගෙන්නේ හා මා ඒ තුල ජිවත් වන්නේ , මේ භුමියෙත්  නායක හිමියන්ගෙත්  සමාගමෙනි. ඔහු මෙහි පැමිණියාදැයි වරෙක සිතේ. 

පොකුනුගල යෝගාශ්‍රමය වෙත , මා කල පෙර චාරිකාවක සම්බන්ධතාවය සටහන් කරමි.

http://nihinsa777.blogspot.com/2014/04/blog-post_8689.html