සිහින මන්දිරය
මලින් මල එකතු කරන් ........
මල් අහුරක් දෝතට ගෙන ....
පැතුවේ පුංචි පැතුමක් විතරයි මං ............
ගලින් ගල එකතු කරන් හැදුවේ ...
මං මගේ සිහින මන්දිරේ
ඔයත් එක්ක කුඩු වෙන්න නෙමේ.......
මට හිතට නිවනක් ඕන නිසා......
හතර වටින් .... වට කරන් ....
කන්දක් වගේ උසට
සිමා මායිම් තැනුවේ .....
මං මගේ පාඩුවේම ඉන්නයි......
පොකුරු පොකුරු ...... මල් පිපෙන්න .......
සමනල් හීනයක් ........ මගේ නෙතු අග රඳව ගන්න
මගේ සිහින මන්දිරේ...... මං විතරයි තනියම ......
එන්න එපා කවුරුත් .....
සිහිනෙන් නම් කමක් නෑ.. හැබැහින් නම් තනියෙන් ඉන්න හිතන්න එපා.. :)
ReplyDeleteඅන්තිමට කොහොම ඉන්න වෙයිද කියන්න බෑනේ..... මිතුර.....
Deleteබොහෝම කලකිරීමෙන් වගේ...
ReplyDeleteකලකිරීමක් නෑ.... මනෝ..... යථාර්තයක් වෙන්න පුළුවන් සිතුවිල්ලක් ....
Deleteටික කාලෙකට කමක් නැහැ. එතකොට ජීවිතාබෝධය පුළුල් වෙනවා.
ReplyDeleteඔව්.... තුමනි.... අපිට අනිත් අය ඉන්නවා කියල හිතුවට අපි තනියෙන් ඉදල තියෙන්නේ.
Deleteකාලෙකට ඔහොම වෙනවා...... හැබැයි ටික කාලෙකට විතරයි...
ReplyDeleteකුරුටු අත්දැකීමෙන් වගේ කතා කරන්නේ නේ..... බලමු
Deleteගලින් ගල එකතු කරන් හැදුවේ ...
ReplyDeleteමං මගේ සිහින මන්දිරේ
ඔයත් එක්ක කුඩු වෙන්න නෙමේ.......
ඔය විචාරකලා කියලා තියෙන්නෙ අත්දැකීමෙන්ම වෙන්න ඇතිනෙ. ඒනිසා මන් කට පියාගන්නම්. ඔය උඩ දැම්මේ මේ කවියෙ මගේ හිත ගිය තැනක්.
ඔව්.... මිතුර ..... ඔයා ජීවිතය අනිත් පැත්තට දකින කෙනෙක් ..... ඒක හරි...... නැත්නම් ලියවෙන්න ඕන සම්මතය මේකනේ....
Deleteගලින් ගල එකතු කරන් හැදුවේ ...
මං මගේ සිහින මන්දිරේ
ඔයත් එක්ක කුඩු වෙන්න .....
හරිනේ ....
This comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
Deleteහීනෙන්.. තනියෙන්...
ReplyDeleteජ ය වේ වා !!!
හීනෙන් නෙමේ අනේ හැබැහින් ..... සි.ජේ.
Deleteසිහින මන්දිරේට කොහොමත් අවසර නැතුව කාටත් එන්නත් බෑ අවොත් ඉතින් ඒත් හිත යටින් දුන්නු අවසරෙකට තමා :)
ReplyDeleteනියමය් කවිය
ශගියෝ හිත යටින් අවසර දුන කියල කොහොමද දැන ගන්නේ ?
Deleteතනියම ඉන්න එක තමයි සැනසීම..
ReplyDeleteමටත් එහෙම හිතුනා දිනේෂ් ....
Deleteතනිකම හුදකලාව හරිම සුන්දරයි මිහිරියි,
ReplyDeleteමං ඒකට ආසයි නලින් අයියේ
Deleteඅපේ ජීවිත වලට එක එක කාලෙට එක එක අය ඇවිත් යනවා. හොඳ සහ දුක්බර මතකයනුත් ඉතිරි කරල යනවා. හැබැයි ඔහොම කාලෙ ගිහිං ගිහිං කවුරු හරි නවතියි. එතකං ඔන්න ඔහෙ තනියෙන් ඉන්න නිහිංසා ;).
ReplyDeleteලස්සනයි
ජය වේවා!!!
මතකයන් විතරයි සිහින මන්දිරේ ඉතිරි වෙන්නේ මනා
Deleteඅපේ සිහින මන්දිර තව කෙනෙක් නිසා කුඩු වෙන්න තියෙන ඉඩ වැඩියි නිහිංසෝ
ReplyDeleteඒ නිසා කවුරුවත් වැද්ද ගන්නෙ නැති එක හොඳයි සිහින මන්දිරේට
ලස්සනයි ජයවේවා!
වර්ණ ....... තුන්වෙනි පාර්ශව හැමදාම අහිත කරයි .....
Deleteලස්සනයි නිහිංසා.......
ReplyDeleteස්තුතියි...... මිත්ර
Delete