ලෝක උරුමයක් ලෙස සැලකිය හැකි , හම්බන්තොට දිස්ත්‍රික්කයේ , සුරියවැව ප්‍රදේශයේ පිහිටි , පොකුනුගල යෝගාශ්‍රමය ජනතාවට , අහිමි වන ලකුණු ඇති බව නායක හිමියෝ පවසති . මේ එතුමාගේ කතාවයි ...
01 . අක්කර අටක් පමණ වන මේ භුමිය වන සංරක්ෂිතයට අයිති බව , වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
02 . මෙහි පෞරාණික නටඹුන් ලක්ෂණ ඇති බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
03 . මහවැලි අධිකාරියද විටක හිමිකම් කියයි .
මට තේරෙන්නේ නෑ. මේ ශුද්ධ භුමිය අයිති මින් කුමන දෙපාර්තමේන්තුවටද? අධිකාරියටද ...? කියල
වසර 40 ක පමණ පැරණි ඉදිකිරීම් ඇති , මේ භුමිය, නවීකරණය නොවූ පන්සලකි, ආරන්‍යකි. පෝයට සැදැහැවතුන් සිල් ගනිති .... පැරණි මිනිසා විසින් නිර්මාණය කරන ලද සරල ගෘහ නිර්මාණ ශිල්පය පමණක් දක්නට ඇති මේ සිද්ධස්ථානය වෙනස්ම තැනකි. මා මෙම නිර්මාණ , පැරණි මිනිසාගේ ගෘහ නිර්මාණ ශිල්පය ලෙස දැක්වුවත් , මේ නිර්මාණ සියල්ල නායක හාමුදුරුවන්ගේය . මැටි හා කළු ගල් ගල් මුසු කොට තැනුවකි. ඇවිදින විට පයට පැ ගෙන පොල් කොළ පැදුරු , අමුතු සුවයක් ගතට දනවයි.
ස්වභාවික සුළං රැලි වන පෙත දිගේ පාව විත් ගත දැවටෙන කොට .... පුදුමාකාර සිසිලසක් මනසට දැනේ . විහාර මන්දිරය .... හරහා දිස්වෙන මනහර පරිසරය .... නෙතට රසදුනකි. ජීවිතය විදින්න පුළුවන් කළා කෘතියක් තරම් නිරවුල් හැගීමක් නිරාමිස ප්‍රීතියක් මා අත්වින්දෙමි, ඒ හෝරා කීපය තුල ... විටින් විට නැගෙන මොනර නාදය .... ගරු ගාම්භීර ගන්ටාවක හඩ මතක් කර දෙමින් වරින් වර නාද දෙයි.
පොකුණුගල යෝගාශ්‍රමය .. හිස මත්තෙන් පිහිටි ස්වභාවික පොකුණු නිර්මාණය , රජ කාලේ තැනුණු, අනුරපුර, පොළොන්නරු නිර්මාණ සිහියට නංවයි. ඒ අසබඩ පිහිටි නායක හිමියන්ගේ වතුර පිරිපහදු ටැංකි නිර්මාණය , මෙරට ඉංජිනේරුවන්ගේ තාක්ෂනය හා සම කල නොහැකි බව දකින්නේනෙකුට සිතේ.
නායක හිමිපාණෝ එතුමා ගෙයින් ගෙට දනට වඩින්නෙකි, අල්ප ආහාරයෙන් වැජඹේ. නමුත් දැන් වයස්ගතය .එතුමන් සමග මා කතා කලෙමි. බැතිමතුන් සමගද කතා කලෙමි. බැතිමතුන් ඉදිරියේ ප්‍රශ්නයක් ඉතිරිව ඇත. එතුමන්ගෙන් පසු මේ ශුද්ධ භූමියට කුමක් සිදුවේද යන්නයි.
භුමිය පිළිබද නිරවුල් හිමිකමක් නැති, ඔප්පුවක් නැති , අයිති වෙනත් විහාර දෙපොලක්ද නොමැති මේ අරණ්‍ය අඩවිය ඉදිරියේදීත් බෞද්ධ බැතිමතුන් යනෙන තැනක් වේද යන්නයි.
හිමියන්, මේ පොදු දේපල රැක ගැනීමට මහා විර්යක් දරති. නීතියේ ප්‍රතිපාදන සොයති . එහෙත් එතුමන් වෙත කිසිදු දේශපාලන බල අධිකාරියක් නොමැති බැවින් නිරන්තරයෙන් නිලධාරීන්ගෙන් ප්‍රතික්ෂේප වේ.
එසේ නම් අප කුමක් කරමුද ...? කුමක් කල යුතුද යන්න සෙවීමට මා ඔබට මේ සටහන පිරිනමමි.
ජයසේන ජයකොඩිගේ අරලිය මල් ආරාමය මට සිහියට නැගෙන්නේ හා මා ඒ තුල ජිවත් වන්නේ , මේ භුමියෙත් නායක හිමියන්ගෙත් සමාගමෙනි. ඔහු මෙහි පැමිණියාදැයි වරෙක සිතේ.
මදුනාගල කියන්නෙත් මේ ආශ්‍රමයටද?
ReplyDeleteනැහැ මහේෂ් .... මදුනාගල තියෙන්නේ සුරියවැව වෙනම පැත්තක , හම්බන්තොට දිසාවට පොකුනුගල තියෙන්නේ ... ක්‍රිකට් ground එක පැත්තේ , හැබැයි ට්‍රිප් යන විදියට එතනට යන්න බෑ. සුදු ඇදන් විතරයි යන්න පුළුවන්
Deleteඑක ලිගින් යන ආරමනේ ඒකයි මං හිතුවේ දෙකම එකක් කියලා
Deleteතොරතුරු වලට ස්තුතියි. දවසක යන්න ඕන ඒ පැත්තේ
මං හිතන්නේ ඉඩමේ නීත්‍යානුකූල අයිතිය තියෙන්නේ මහවැලි අධිකාරියට වෙන්න ඕන. ඹය පැත්තේ ගොඩක් ඉඩම් තියෙන්නේ මහවැලිය යටතේ.කැලයක් තිබෙන නිසා වන සංරක්ෂණ දෙපාර්ථමේන්තුව ඒ ගැන සැලකිලිමත් වෙනවා ඇති. පෞරාණික නටඹුුන් සහ තොරතුරු ඇති නිසාවෙන් පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුව පවරාගන්නට සැරසෙනවා ඇති!.
ReplyDeleteමොනව උනත් මේ ආරණ්‍ය වහන්න කාටවත් බෑ.. ඒක හින්දා හිත හදාගෙන ලබන පාරත් දානේ අරගෙන යමු ඔන්න ඔහේ..
ජ ය වේ වා !!!
ඔයා ගිහින් තියනවද සි.ජේ. එතනට ..? ඔයත් මේ අරණ්‍ය ගැන දන්නවා නම් මොනවා හරි කියන්න, මන් මේ ගැන දකින විදියට වඩා වෙනස් නම් ...
Deleteවිදානේ මේ වගේ වෙලාවට මොනවද කරන්නට අැහැකි කියලත් කියලා දෙනුමැන........... ඒක පන්සලේ අයිතිය ගැන අැති ගැටලුවට හොද සහයෝගයක් වේවි........
Deleteපූජා ඔප්පුවකින්වත් අයිතිය තහවුරු කරන්න බැරිනම් කරන්න දෙයක් නැහැ.
ReplyDeleteඇනෝ ... කොහොමද පුජා ඔප්පුවකට යන්නේ ...? මෙතනට අවශ්‍ය ක්‍රමවේදය මොකද්ද ? නායක හාමුදුරුවෝ අදුනන ලොකු මිනිස්සු නෑ .
Deleteහොද සහයෝගයක් නිහිංසා........... බලමු උදව්වක් ගන්න
ReplyDeleteකොහොම කරන්නද ... කුරුටු ..?
Deleteවිහාරස්ථානයක් ඉදිකර තිබු පමනින් ඒකේ අයිතිය නම් දෙන්නේ නෑ.සාමාන්‍ය ක්‍රමවේදය තමයි ඕනම විහාරස්ථානයක් අදාලා නිකායික පාර්ශවයක ලියාපදිංචි කරන්න ඕන.ඒ සදහා බුද්ධ සාසන අමාත්‍යංශයට අදාල ලියකියවිලි ඉදිරිපත් කරන්න ඕන.ඒවා කරන්න පිරිසිදු ඔප්පුවක් තියෙන්න ඕන.කියන විදියට මේ විහාරස්ථානයේ තියෙන්නේ ඔප්පුව ගැන ගැටලුවක්.පුරාවිද්‍යාවට අයිති නම් වැඩේ ටිකක් අමාරු වෙනවා.දැනට කරන්න තියෙන්නේ දිසාපතිතුමා මුනගැහිලා අදාල උපදෙස් ගන්න එක.
ReplyDeleteමනෝ ... ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ ...
Deleteවසර 30 ක පමණ ඉතිහාසයක් තියනවා . මේ හාමුදුරුවන්ට කිසිම නිකායක් නෑ.එහෙම නිකායකට බැදෙන්න කැමතිත් නෑ. සුරියවැව බෝ යට ස්ථිර ඔප්පු නෑ. තියෙන්නේ පදිංචි උන නිසා ලැබිච්ච බලපත්‍ර පමණයි තාම. ප්‍රාදේශීය ලේකම් නම් මේ හාමුදුරුවන්ට කැමති නෑ. මොකද අනෙක් පන්සල් ආකෘතියේ නොමැති නිසා ... ඉතින් මේ ගැන කුමක් කරන්නද ....?
ඒත් නිහිංසා එතන ගැටලුවක් තියනවා.පැවිදි කරනකොට නිකායක් යටතේ තමයි පැවැදි වෙන්න වෙන්නේ.අනික උපසම්පදාවේදි ආචාර්ය උපාධ්‍යාය දෙන්නට අත්සන් කරන්න ඕනනේ.බුද්ධසාසන අමාත්‍යංශයේ ලියාපදිංචි වෙනකොටයි ID එක හදනකොටයි මේ නිකායික ලියකියවිලි අංගසම්පූර්ණව තියෙන්න ඕන.නැත්නම් පැවිදිබවේ නිත්‍යානූකූල බව ගැන ප්‍රශ්නයක් මතු වෙනවා.හැම භීක්ෂුවක්ම යම්කිසි පාර්ශවයකට අදාලව ලියාපදිංචි වී සිටිය යුතුයි.තමන් වැඩ ඉන්න විහාරස්ථාන ලියාපදිංචියේදිත් මේ නිකායික සම්බන්ධතාවය අත්‍යාවශ්‍යමයි.මේ ගැන අනපනත් තියනවා විහාර දේවාලගම් පනතට අනුව.
Deleteනිහිංසා, මනෝ ඉතා පැහැදිලිව සියල්ල සඳහන් කරලා තියනවා. මම හිතන්නේ නැහැ, මෙය බෞද්ධ විහාරයක් කියා නම් කල පමණින්, මේ භූමියට අයිතියක් ලැබෙයි කියා. මේ හාමුදුරුවන්ට නිකායක් නැත්නම්, මහන වුනේ කොහොමද? ගුරු හාමුදුරුවරු කවුද? භික්ෂු හැඳුනුම්පතක් තිබේද? මේ කරුණු සනාථ කල නොහැකිනම්, භික්ෂුභාවය පිළිගන්නෙත් නැහැ නීතිය ඉදිරියේ.
Deleteමං හාමුදුරුවන්ගේන් ඒ දේවල් ගැන ප්‍රශ්න කලේ නැ. ... ඒ වුනාට ඒ දේවල් තියනවද නැද්ද කියල මං සටහන් කරලා තියන්නම් . විචාරකතුමනි.
Deleteප්‍රශ්න නොකළේ ... මං කාලයක ඉදන් දන්නා තරමින් ... සිල්වත් ..භික්ෂුවක්...අනිත් භික්ෂුන්ට වඩා මිනිසුන්ට සමීප පැවිද්දෙක්, කහ පැහැති චිවරධාරියෙක් ...
පොකුණුගල පිං බිම ගැන උනන්දු වෙන කාට කාටත් පිං. නිකාය ප්රිශ්න පැවිදි බිමේ ප්රඩශ්න මේ කිසිවක් නිවන් දකින්නවත් පිං කරන්නවත් කිසිම බාධාවක් නෑ. නිදහසට පමණයි බාධා. උතුම් වු පැවිදි බව සිලයකින් තොරව පවති ද වර්තමානය ඔබට බාරයි. කළ යුත්තේ ධර්මානූකූල වූ ජිවිත පරිහරණයට රජය සහය වීමයි.
Deleteපැවිද්ද පිළිබඳව ලොවටම ප්ර ශ්න තියෙනවා. නමුත් තමන්ගේ ආගම උතුම් කොට සලකා ක්රි.යා කිරීම මනුෂ්ය ගතියයි. නිවන් දකින්නනම් බුදුන් වහන්සේ දේශනා කළ ධර්ම විනය ආරක්ෂා කළ යුතුයි. ප්රා තිමෝක්ෂ සංවර සිලය, ඉන්ද්රීටය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්රයත්ය සංනිශ්රිකත සිලය ආරක්ෂා කළ යුතුයි. මෙසේ ආරක්ෂා කිරිමට භික්ෂුන් වහන්සේලා හැසිරිය යුතුයි. එය ප්රුශ්නයක් කර ගත යුතු නැත. ප්රාතිපත්ති රකින්න කැමති අය අනගාරික පැවිද්දෙන් පැවිදි වෙන්න පුළුවන් කිසිම බාධාවක් නෑ. ලාභ කීර්ති ලබන්න නොව නිවන් පිණිස පිළිවෙත් පිරිමට බුදු සසුන බැබළවීමට පනත් මගින් සහය මිස හානියක් නොවිය යුතුයි. අනගාරික ධරිමපාලතුමයි බුද්ධගයාව බේරගත්තේ ඔය කිසිම පැවිදි අයෙකු නොවෙයි. දැනට ඇති ප්රයශ්න බේරා ගැනීමට නිවරදි වැඳුම හෝ බුද්ධ ප්රරතිපත්ථි දැන ගැනීමට හිමියන් හමු වීම කාට කාටත් යහපතක් වනු ඇත.
බුද්ධ භුමි ඔප්පු සන්නස් පත්ර ය සහ මහවැලි අධිකාරියේ ඇඹිලිපිටිය කළමණාකාර ඉඩම් හා ඉඩම් අතපත් කිරිම් වලව විශේෂ බල ප්රඔදේශයේ 1984.05.23 දින ලිපිය තිලවක ධජ ( thilawaka dhaja ) fb ගිණුමේ පල කර ඇත.
This comment has been removed by a blog administrator.
DeleteThis comment has been removed by a blog administrator.
Deleteමනෝ කියල තියෙන දේ හැර වෙනත් දෙයක්මමත් මේ ගැනකියන්නදන්නෙ නෑ..
ReplyDeleteදැනට ලංකාවෙ තියෙන නීතිය අනුව නිකායකට නොමැති හෙවත් උපාධ්‍යන් වහන්සේ ලා නොමැති භික්ෂූන් හුදු චීවරධාරීන් පමණයි
එය ආධ්‍යාත්මික ගැටලුවක් නෙවී වර්තමාන ය වන විට ලංකාවේ පවතින තත්වය අනුව ගොඩ නැගි නෛතික ගැටලුවක්
මහේෂ් ... මේ හාමුදුරුවන් මහණදම් පුරනවා, මිනිස්සුන්ට මග පෙන්වනවා ඇරුනම මේ දේවල් ගැන උනන්දු නෑ. ඒක තමා මේ ගැටලුවට මුල අන්තිමේදී .... වෙන්නේ මොකද්ද දන්නවද .... මෙතන තියන ගල් තලාව කඩන්න කව්රු හරි ගල් කොරියක් දාවි., නිදන් වස්තු ටික තව කවුරු හරි උස්සාව් . මේ භුමිය හමුදුදෘවන්ගෙන් පස්සේ පාළු කනත්තක් වෙයි.... ඒකයි මට දුක, මෙතන ඉන්න සත්ති ටිකට ගහ,කොළ වලට දෙවියන්ගේම පිහිටයි ....
Deleteමෙච්චර කාලයකට පස්සේ ගැටළු සහගත තත්වයක් ආව එකයි අවුල.
ReplyDeleteඉස්සර මේවට නීති තිබුනේ නැනේ ... දිනේෂ් ... දැන් අනිත් යට මේ ස්ථාන වල ආර්ථික වටිනාකම මතුවෙලා. ඒකයි... හාමුදුරුවන් සිද්දස්ථානය රක ගන්න උත්සහ දරන්නේ.
ReplyDeleteඔන්න ඔහේ අත ඇරල දාන්ඩ කියන්ඩ දැං පන්සල් වැඩක් නැ
ReplyDeleteපන්සල නෙමේ බං වැදගත් ... ඒ ස්ථානය විතරයි හදිසියක් උනොත් යන්න තියන .
Deleteහිත නිවෙන ගත නිවෙන ගිහින් බලහංකො