Thursday, December 17, 2015
කෝ මගේ සාලිය කුමරාණෝ ....
කප්පරක් ... පැතුම් පිරුවේ බුදු සාදු ළග ..
මං ..... නුඹ දුන්නු මල් පුදලා .....
දිගුහසක් .... බලං හිටියෙ දිය පාමුල ....
නුඹ .... එනකන් ..... සසර සැරිතරණට ..
බව ... සිය ගණන් සැරිසරා ... මං ... නුඹ ....
ජාති ජාතිත් මුණ ගැසුනා .... සංසාරේ පුරුද්දට
මනෝමය පුරාවත .. දිනෙන් දින ලියවුනේ ....
ප්‍රේමනීය ... මතක සටහන් සුවහසක් ලියලමින්....
සුදු ඇතුරු සයනයක ... උඩ බැලිව ... හිස්ම හිස් සුසුමක
පා කර හැරියේ .... මගේ සිනිදු උවමන් .... නුඹ සනසන්න
පාවෙන ... සුසුමින් දින ගණන් බලන් හිටියේ ....
දෑස් ඉමට නුඹ වත දකින තුරු ..... පෙර පුරුදු විලස ....
කවුරුත් නෑ මං ලග .... රිසි සේ වදනක් දොඩන්න ....
දිගු සිලින්ජර් .... පාට පාට පෙති .... මගේ සුව විමසන විට
කෝ ... දැන් ...පෙර සේ ... බවෙන් බවේ .... මා ළග උන්නු
සුපෙම්වත් ... මාගේ පෙම්බර .... සාලිය කුමරාණෝ ........ ?
Labels:
මගේ කවි
Subscribe to:
Post Comments (Atom)
මේ තිත් පේලිත් එක්ක හරි අමාරුයි කවිය ගැට ගහගන්න.. මට නං කියවන එක එපා උනා..
ReplyDeleteඒ තිත් මොකද දන්නවද ...? brake කරලා කියවන්න දාල තියෙන්නේ ...
Deleteවිරහව,බලාපොරොත්තුව,සුසුම
ReplyDeleteඋරුමය ....කරුමය හා බල්සපොරෝත්තුව ....
Deleteසංජීව මෙන්ඩිස් එල ද බ්‍රා මෙන්ඩා ආගියඅතක් නැත
ReplyDeleteබොල්ණයක් ලෙස කපාහැරියානම් අංක 1ද
නැවතමුදල් පියවාගත්තේනම් අංක 2ද
ණයට නොදුන්නානම් අංක3ද
තවමත් මුදල් නොලැබුනානම් අංක 4ද
e l b හිස්තැනක් අදාල අංකය යොදා 1919 send කර වටිනා ජංගියක් දිනාගන්න
පෙරුම්පුරාලා ගත්තේ බුදු බව
ReplyDeleteකියාල දෙන්නට සසර නිසරු බව
මේ අය තාමත් බුදු පාමුල වැඳ
සසරේ ලව් එක ඉල්ලන මේ කව
බුදුන් වැදලා love එකට ආශීර්වාද ඉල්ලන එක ලාංකීය පුරුද්දනේ ඉයන් ...
Deleteසාලියලා අශෝකමාලලා හරි අඩුයි මේ කාලේ, ප්‍රේමය වෙනුවෙන් රජකම නෙමේ ඉතා සුළු කැපකිරීමක් කරන්නවත් කැමති නැහැ.නමුත් ඒ අතරෙ ඉතාම ලස්සනට ආදරය කරන ආදරවන්තයෝ ඉන්නවා.
ReplyDeleteආදරය නොදන්නා කම නිසා තමයි.... මේ ඉරණම .. මිතුරේ ...
Deleteලස්සනයි නිහිංසෝ...
ReplyDeleteතව පාරක් කියවලා ගී ආරට සාරාංශ කළා නම් ගීතයකට ගන්න තිබුණා..
ජයවේ නිහිංසා
ස්තුතියි .... වර්ණ ... ගී ආර ලිව්වේ නෑ .... කතාවක් කියන්නයි ඕන උනේ .. සත්‍ය කතාවක්
Deleteආදරය තවමත් තරුණයි ඔයාගේ
ReplyDeleteමාත් තාම තරුනයිනේ චන්දන ...
Deleteහරිම ලස්සනයි නිහිංසා.............
ReplyDeleteස්තුතියි කුරුටු ...
Delete
ReplyDeleteකෝ මගේ සාලිය කුමරාණෝ ...
මේ ඉන්නවෝ.....
අ ....ඔයාද ...?
Deleteඅාදරය කියන්නේ බොහෝමත්ම වෙලාවට දැඩි ආත්මාර්ථකාමී හැඟීමක්. අපි පුදන තරම් ආදරයක් හෝ ඊට වඩා වැඩි ආදරයක් අපි අනෙකා වෙතින් බලාපොරොත්තු වෙනවා. ගැහැණියක් නම් නිරතුරුවම තමා ආදරය කරන පුද්ගලයාගෙන් අවධානය රැකවරණය ආදරය පතනවා. ඒ තරම් මුලාවක් තවත් තියේද නේද. හැමදාම ඔයාගේ නිර්මාණවල දකින හිස් බව, තනිකම මේ හැඟීම් තුල කැටවුන මායාව අදත් අපුරුවට ගැබ්වෙලා තියෙනවා. හරිම ලස්සනයි.
ReplyDelete-සුජීවා -
ස්තුතියි ... සුජීව .... ආදරය තුල මේ සියලු සංකීර්ණ හැගීම් ගැබ්ව තිබෙනවා ..විදවන ආදරය අපට තාමත් ඕන ...
Deletewoow harima lassanayi ;)
ReplyDeletethanks dear....
Deleteඔන්න මමත් මේ පැත්තට ආවා.
ReplyDeleteගොඩක් ලස්සනයි නිහිංසා..
පෙම්බරියේ . . .
ReplyDeleteකවුරුත් නෑ මං ලග .... රිසි සේ වදනක් දොඩන්න ....